Friday, July 4, 2014

ආදරය තුල දයාව......

මම මේක කලින් ලිපියකදී කතා කරා ... ආදරය තුළ ආරක්ෂාව.... හරි බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලලා මේ ලිපිය කියවන්න...... නැත්තම් කරකලා අතහැරියා වගේ වෙයි..



කලින් ලිපියේ කතා කර දේ අනුව බොහෝ ම ටිකයි මම ආරක්ෂාව ගැන කිව්වේ.. හැබැයි ඒ ටික  ඇති ජීවිතය හදාගන්නවානම්.. ආරක්ෂාව .... ඔයාලාට මතක ඇති මම කලින් ලිපියේ දැම්ම වීඩියෝ එක ඒක ඉන්දියාවේ ඉන්ෂුරන්ස් කොම්පැනියක ඇඩ් එකක්.. ඒ ඇඩ් එක ඔයාලා බැලුවානම් ඔයාලාට තේරෙයි මොකක්ද ආරක්ෂාව කියලා.. ඒකේ තියෙනවා නියම ආරක්ෂාව ... එකේ විදිහට අනෙකා වෙනුවෙන් කැප වෙන්නේ අඩබෙර ගහලා නෙවෙයි..

ඔයාලා දකින්න ඇති... (දැක්කේ නැත්තම් පහල වීඩියෝ එක බලන්න...)




ඒක තමයි හරි ආදරය.. අපි හැමදේම අනෙකා වෙනුවෙන් කැප කරන්න ඔනේ.. සාමාන්‍යයෙන් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ අනෙකාගේ යුතුකම් හරියට කලොත් තමයි... ඒ විදිහට බැලුවොත් ඔය පවුල් ප්‍රශ්න ඇතිවෙයි කියලා කියන්න පුළුවන්ද....?

හරි ඔය කිව්ව දේවල් ඔක්කොම කියලා ඉවර කලේ ආරක්ෂාවට . ... ඊළගට එන්නේ දයාව.. කියන එක.. දයාව කියන දේ....දයාව කියන්නේ දයාව කියන්නේ කිසිම ආගම් භේදයෙන්, වයස් භේදයෙන්, වර්ණ භේදයෙන් තොරව කළ යුතු අනෙකා කෙරෙහි දක්වන ඇල්ම... (ඒහෙම කියලා මේ ලිපිය කියවන අය.. වයස් භේදය කියන දේ අරගෙන .. පොඩි එවුන්ට දයාව පාන්න යයිද දන්නේ නෑ.. එහෙමනම් කරන්න එපා...)

කමක් නෑ මම මෙහෙම කියන්නම්කෝ දයාව අපි හැම දෙනාටම ඕනේ.. හිතන්න මෙහෙම එක පවල්ක් වුනාම... ස්වාමිපුරුෂයා සහ භාර්යාව අපි ඕක තේරෙන සිංහලෙන් කිව්වොත් හස්බන්ඩ් ඇන් වයිෆ්නේ.... ඔය දෙන්නා අතරේ එක එක කාල ගෝට්ටි ඇතිවෙනවානේ...

මේ ගොඩාක් දුරට හේතුව ඔය දෙන්නා අතර කිසි දායාවක් නැති කම.. එකිනෙකා රුස්සන්නේ නෑ,. හැබැයි බදින්න කලින් වාද බයිලා ගොඩාක් අතහරිනවා... බැන්දට පස්සේ ඒ කිසි දෙයක් නෑ.. බදින්න කලින් ලුණුයි බතුයි හරි කාලා ඉන්න හැකි කිව්වට පස්සේ දවස් වෙද්දි හොද්දට ලුණු මදි උනත් කෑ ගහනවා.. ඒක තමයි වැඩේ.. අනික සමාජෙට පෙන්නන්නේ මාර බෝධිසත්වයි කියලා.. හැබැයි ඒ කිසි දෙයක් ගෙදරට නෑ.. ගෙදර ඉන්නේ කාලි යක්ෂණියයි... ආලවක යකයි වගේ.. (ඒ උදාහරනේ ගත්තට දෙන්නා ඒ දෙන්නා කසාද බැදලා එහෙම නෑ )

ඔන්න ඉතින් පස්සේ ඇවිත් අඩලා දොඩලා ඩිවොස් වෙනවා.. ඒ වෙනකොට හැමෝම කියන කතාන්දරය තමයි මට වැරදුනා.. මේකා මම හිතන් හිටපු කෙනා නෙවෙයි. මෙයා බදින්න කලින් හරී හොදයි... බැන්දට පස්සේ මාර විදිහට වෙනස් උනේ... මම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....    වගේ පොදු ගුණාකාරයට දාන්න පුළුවන් දේවල්..

මම නම් කියන්නේ ඔය බැන්දට පස්සේ තමයි හරි කෙනා ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කෙනාගේ හැව ගැලවෙන්නේ බැදලා අවුරුද්දක් දෙකක් ගතවුනාම තමයි..අනේ අපිනම් එහෙම නෑ කියලා දැන් ලිපිය කියවන අය හිතනවා ... ඒක මම දන්නවා... ඔයාලා එහෙම නොවෙන්න පුළුවන්.. ඒත් බහුතරයක්ට මේ දේ තමයි වෙන්නේ.... අන්තිමේදි මොනවා  කරන්නද කියලාත් හිතෙනවානේ....

ඔය දේ කියද්දි මට මේ ළගදි දෙරණ රේඩියෝ එකේ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ  වැඩසටහනේ හොද සින්දුවක් හදුන්වලා දුන්නා.. මේ සින්දුව අපි කවුරුත් අහලා තිබුණට ඒ වචන අපි වැඩිය හිත්නනේ නෑනේ.. (හැබැයි දැන් බහුතරයක් සින්දුවල වචන වල කිසිම අර්තයක් නෑ)  හැබැයි මේ ගීතයේ වචන හොදට බලන්න .. අහලා බලන්න...

ඔයාලාට තේරුම් ගන්න පුළුවන් විවිධ වූ චරිත මේ ලෝකයේ ඉන්නවා කියලා..
මම මේහෙම මේ ගීතය ගැන නිර්වචනයක් කරන්නම්....

රෑ 9 ට 10ට විතර එක හස්බන්ඩ් කෙනෙක් වයිෆ්ව ගෙයින් එලියට දාලා දොරවහනවා.. වයිෆ් ඉන්නේ එලියේ තනියම.. කණා මැදිරි එලි මේ වයීෆ්ට පේනවා... හැබැයි වයිෆ් මේ ගැන කම්පා වෙන්නේ නෑ... මේ වයිෆ් කියන්නේ මම ඔයාට ආදරේ කලේ මේ  හැම දෙයක්ම දැනගෙන ..... මෙහෙම දෙයක් වෙයි කියලා මම දන්නාව......

තවත් ඇය කියනවා.. අර ගැටුම් මේ ගැටුම් බත ඉදෙනකම් විතරයි.. මේ අඩන ඒවා රෑ එළි වෙනකම් විතරයි තියෙන්නේ.... මේ හැමදෙයක් ගැනම මම දන්නවා ..මම මේ හැම දෙයක්ම හොදට හිතලා බලලා තමයි ඔබව තෝර ගත්තේ කියලා.. අන්න ඒ දේයට ඇය කියන්නේ ආදරේ කියලා....

ඇහැට කණට දකින දේවල් .. හැමදේයක්ම කරන්නේ කිසිම හිතේ කහටක් නැතිව... ඒ හැම දෙයක්ම විසදගන්නේ පස්සේ අත් බැදගෙන... මේ හැමදෙයක්ම අපි දෙන්නට දෙන්නා ආදරේ නිසා කරන දේවල්..


ඔන්න පද පෙළ

 කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
බය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන්නේ නෑ ඕවාට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්
......
අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
ඔය හැඬුම් ඒ දෙඩුම් රෑ එළිවෙනකොට ඉවරයි
තෝරගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
හරිම සරලව කිවුවොතින් නම් ඔබට මං හරි ආදරෙයි

ඔය නුවන් මේ සවන් අහන දකිනා ඒවා
හොද හිතින් එක හිතින් කරන කියනා දේවල්
විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
පැහැදිලිව තව කිවුවොතින් නම් අපිට අපි හරි ආදරෙයි..

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
මා හැඬෙව්වට ඔබේ දඟ වැඩ
එපා වෙන්නේ නම් නෑ මට නම්
තිගැස්සෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්



සින්දුව හොදට අහන්නකෝ මෙන්න ලින්ක් එකකුත් දැම්මා...




මේ සින්දුවේන් මම පිටු ගණන් කියන්න ඕනේ දේ කෙටි කරා.. මේ සින්දුවෙන් ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා... ඒ තමයි මේ හිම දේටම විසදුම .. හැම දෙයක් ගැනම හරියට විසදුම... ඒ විසදුම කියන්නේ කලින් හොදට හොයලා බලලා තමයි කෙනාව තෝර
ගන්න ඕනේ...

තවත් විස්තර පසුවට කරන්නම්..  නැත්තම් මේ ලිපිය කියවන්නත් කම්මැලි හිතෙයි...අද ලිපිය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේද දන්නේ නෑ,. හැබැයි මම කියන්න තියෙන දේ නොකියා හිටියෝත් ඒක වැරදියි... ඒ හින්දා ... ආරක්ෂාව කියන දේත්... දයාව කියන දේත්.. හැමදේම.. අනෙක් කෙනාට ලබා දුන්නෝත් ඒ අය හැමදෙනාම ඔබව කවදාවත් අමතක කරන්නේ නැතිවෙයි.. කවදාවත් ඔබව දාලා යන්නේ නැතිවෙයි.. කවදාවත් ඔබත් එක්ක ගැටුම් ඇතිකරගෙන හිත් අමනාපකම් කර ගන්නේ නැතිවෙයි.....එහෙනම් යාළුවනේ අදට මම නවතිනවා... අයෙත් දවසක් මේ සම්බන්ධයෙන් ලිපියක්

දාන්නම්. ඔයාලා හැම දෙනෙක්ටම .. ජය වේවා... හැමදාම සතුට සපිරේවා....

No comments:

Post a Comment