Friday, July 18, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (6 වන කොටස)

මගේ දැක්ම තුල පුද්ගල ස්වීයත්වය

පුද්ගලයන් ගත් කල විවිධ වු ස්වීයත්වදාරීන් සිටිති. පුද්ගලයෙකුට පුද්ගලයෙකු 100% සමාන කිරීමට බොහෝ සේ අසීරු වුවත් යම්තාක් දුරට පුද්ගලයන් වෙන් කර හ`දුනා ගැනීමට හැකිය.

වර්තමානය තුළ පුද්ගල ස්වීයත්වය විවිධ මානයන් ඔස්සේ සංකීර්ණ වු ගති ලක්ෂණ සමූහයකින් සමන්වීත වු සංකල්පයකි. මෙහිදී කුඩා දරුවන් , යෞවනයන්, මැදි වියේ පසු වන්නන් හා මහල්ලන් අතර වු මේ කියන්නාවු ස්වීයත්වය මම දන්නා පරිදි විග‍්‍රහ කිරීමට උත්සහ දරමි.
 
දරුවන්

 
වෛද්‍ය විද්‍යාව මත දරුවකු මවගේ කුස තුල සිටියදී මවගේ චර්යාව හා මානසික ශක්තීන් පිළිබ`ද අවබෝධයක් ලබා ගනී. යන මතය පිළිගනී. මෙයින් අප ඒකල හා වර්තමානය පිළිබ`ද සංසන්දනය තුලින් අවබෝධයක් ලබා ගනීමු.

20 වන සියවසෙහි ජීවත් වු දරුවන් හා 21 වන සියවසෙහි ජීවත් වන දරුවන් අතර සැබෑ වෙනසක් පවති. එය කුමක්ද ? මෙයට සමාජ පරිවර්තන බොහෝසේ බලපා ඇත.

කුමක්ද මේ සමාජ පරිවර්තනය යනු. අතීතයේ ලංකාවෙහි පැවතී දරුවකු ලැබීමට සිටියදී ගන්නා ලද ආහාර රටාව, ගති පැවතුම්. ඇ`දුම් පැළදීම්, කතා බහ, දරුවන් ලැබීමට සිටිනා වු මවට දක්වන ගෞරවය  සැබෑ වෙනසකි.

එනම් දරුවකු ලැබීමට සිටින බව දැනගත් පසු ඇයගේ සැමියා, දෙමාපියන්, නෑදැයන් ඇයව මහත් වු කරුණාවෙන් යුක්තව රැුක බලා ගනී. මේ රැකවරණය තුළ ඇයගේ ජීවන රටාවද, ඇ`දුම් පැළදුම් රටාවද, ආහාර රටාවද, කතා බහද බොහෝ සේ සුමට සරල හා දරුවාගේ සුව පහසුව මත පදනම් වී තිබිණි. 

තවද ආගමික පරිසරයක් මත මව ජීවත් වේ. පින් දහම් කිරීම ස`දහාත් යහපත් වු සිතිවිලි නිරන්තරයෙන් පසුවෙති.  පසුව දරුවා ලැබීමෙන් පසු ඇය විසින් දරුවා හට මාතෘ ස්නේහය උපරිමයෙන් දක්වන අතර දරුවාට මව් කිරි ලබාදීමද ඒත් සම`ගම ඇයගේ උණුසුමද ලබා දීමද සිදුකරයි. 

සාහිත්‍ය සම`ග දරුවා මෑත් නොකර ඇය විසින් දරු නැළවිලි ගී මගින් දරුවාගේ නිර්මාණාත්මක හැකියාව හා දරුවාගේ සිතිවිලි ,සංවේදී බව, අගය කිරීම වැනි වු ගුණාංගද වර්ධනය කෙරිණි. මෙම නිසා එකල මිනිසුන් සංවේදී නිර්මාණාත්මක හැකියාවන් බහුල පිරිසක් ලෙස හැදින් විය හැකිය. 

වර්තමානයෙහි මේවා සම්පූණයෙන්ම වෙනස් මගක් ගනී. කුඩා දරුවා පිළිසි`ද ගත් මොහෝතේ පටන් මව ඇයගේ ශරීරය පිළිබ`ද උනන්දු වෙයි. ආහාර පාන පාලනයකින් තොරව ලබා ගන්නා අතර රැුකියාවක් කරන්නියක් නම් නිතර දෙවේලේ ප‍්‍රශ්න සමූහයකට මැදී වි ජීවත් වන්නීය. ආගමික පරිසරයෙන් බැහැරව හුදෙක් විනෝදය ස`දහා පමනක් ඇය තුළ කැමැත්ත දක්වයි.

දරුවන් ලැබුණ පසු එම දරුවාට මව් කිරී දීමද අවම කරන ඔවුන් දරුවා සාදා ගැනීමට සේවිකාවකට බාර දෙයි. තවද දරු නැළවිලි ගී වෙනුවට සීඩි තැටි සංගීතය දරුවාට ඇසෙන්නට සලස්වයි. දරුවා සම`ග එක්ව කාලය ගෙවා දැමීමට ඇයට කිසිසේත්ම වේලාවක් නැත. ඇයට අවශ්‍ය තම ශරීරයෙහි හැඩය ගැන හෝ තම රැුකියාව පමණකි. මෙලෙසින් බිහිවන දරුවා තුල නිර්මාණාත්මක හැකියාව. කරුණාව , දයාවද ,අන් අයට සැලකීම , උදවු උපකාර දක්වන බව මිත‍්‍රශීලිත්වය ඉතා පහළ මට්ටමක පවතී. 

වර්තමානයෙහි කුඩා දරුවන් පෝෂණය වන්නේ දෙමාපිය පරිසරය මත නොවේ.රූපවාහිනි මාධ්‍යය මෙයට ප‍්‍රබල බලපෑමක් එල්ල කර ඇත. සෑම කුඩා දරුවකු තුළම වර්තමානයේ වීරවරයන් වන්නේ තම පියා නොව කාඞ්බොඞ් වීරයන්ය. උදාහරණ ලෙස බෙන් 10, ස්පයිඩර් මෑන්, වැනි මන:කල්පිත වු චරිතයන්ය. මෙයින් ඔවුන්ගේ හැසිරීම් තුලද දැකිය හැකිය. පෙර පාසල් වල අධ්‍යාපනය ලබනා කුඩා දරුවන් තුල වර්තමානය වන විට පාලනය කල නොහැකි වු ප‍්‍රයෝගකාරී චර්යාවන් රැුසක් ඇතිවී ඇත. මෙයින් ගම්‍ය වන්නේ වර්තමානය තුල දරුවා ජීවත් වන්නේ ආක‍්‍රමණශීලි වු ලෙස බවය. සෑම කුඩා දරුවකුම වාගේ තම පොත් කවරයෙහි, එසේ නැත්නම් පැන්සල් පෙට්ටියෙහි මෙම වීරයන්ගෙන් පුරවා පවතී. 

මෙලෙසින් පිරිමි දරුවා හැඩ ගැසෙන අතර ගැහැණු දරුවන් කැමැත්ත පල කරන්නේ බොළ`ද වු නාට්‍යයන් කෙරෙහිය. ආදරය , යෞවනත්වය ,ලිංගිකත්වය වැන්නේ සමන් විත මෙම නාට්‍යය ගැහැනු දරුවාගේ සිත් දිනා ගනී. උදාහරණ ලෙස සුජාත දියණ, අභීත දියණි, පබා, බො`ද මීදුම් වැනි ටෙලි නාට්‍යය මත ඇයගේ චරිතය ගොඩ නැගේ. මම පසුව පැහැදිලි කිරීමට යන සමාජ පීඩනයන්ටද මෙම ලක්ෂණ ද තව දුරටත් පැහැදිලි කිරීමට බලාපොරෙත්තු වෙමි.

මෙම නිසා ගැහැනු ළමුන් කුඩා කලම ආදර සම්බන්ධතා වලට පෙළඹේ. ගැහැණු ළමුන් පමණක් නොව පිරිමි ළමුන්ද මේ කියන්නා වු කරුණට අදාල වේ. එකල පැවතී උසස් පෙළ ආදරය වර්තමානයේ ශිෂ්‍යත්ව ආදරයට විතැන් වී ඇත. මෙය සත්‍යයකි. වර්තමාන සමාජයේහි පවතින නව ප‍්‍රවණතාවයන්ය.

තවද වර්තමානයෙහි පවතින ළමා අපචාර සීග‍්‍ර ලෙස වර්ධනය වී ඇත. මත්ද්‍රව්‍යය වලට පෙළඹ වීම වැනි වු කරුණු හේතුවෙන් ළමා පරපුර දුසිරිත් වලින් ගහන වු සුන්දර නොවු අසුන්දර ළමා කාලයක් උරුමකම් කීමට සිදු වී ඇත.

යෞවනයන්

 
දරුවන් ලබන්නා වු අත්දැකීම් අනාගතයෙහි පෞර්ෂත්වයට බලපාන බව න්‍යාය තුලින් ස්වීයත්වය යන ලිපියෙහි සදහන් කර ඇත. වර්තමාන යෞවනත්වය ආදරය, ලිංගිකත්වය, සමාජ ශීලිත්වය වැනි කරුණු කාරණා ඔස්සේ විතැන් වී ඇත. 

යෞවනත්වයට පත්වන්නේ කවරදාද අන්න එතැන් සිට ඔහු හෝ ඇය පෙළඹෙන්නේ තම අනාගතය , රැුකියාව පිළිබ`ද නොව තම ආශාවන් ඉටු කර ගැනීමටය. සමස්ථයම එලෙසය කියා හංවඩු ගැසීමට නොහැකි නමුත් වර්තමාන යෞවන පරපුරෙන් 95%කම මෙම තත්වය දැක ගත හැකිය.


මැදිවියෙහි පුද්ගලයන්

මෙකල පවතින සාධක නම් ශාරීරික දුබලතාවන්ට හා ලෙඩ රෝගයන්ට පත්වීමය.අනෙක් අතෙන් තම දරු දැරියන්ගේ අනාගතය පිළිබ`දවත් ඔවුන්ගේ දරුවන් දැක ගැනීමේ ආශාවත් තම දරුවන්ගේ සතුටත් මොවු බලාපොරොත්තු වේ. මේවා තුලට ඔවුන්ගේ පෞරුෂත්වය ගොඩනැගේ. ශාරිරික දුබලතා ඔස්සේ මානසික දුබලතාවයනට පත් විය හැක. ලෙඩ රෝග ස`දහා බියද මෙහිදී පෞර්ෂය ස`දහා බලපායි.

මහල්ලන්

 
මේ කාලය තුල ඔවුන් පතන්නේ තමාට තමාගේ දරුවන් සලකාවී යන මානසික තත්වයයි. නමුත් මෙය සිදුවන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. වර්ථමානයේ පවතින ආර්ථික රටාවත් සම`ග පුද්ගලයන් මෙසේ පෙළඹෙන බව කිව මනාය. නමුත් මුලදී පැවසූ පරිදි තම දෙමාපියනට සැලකු පරිදි තම දරුවන් දැක ආදර්ශයට ගත් බව ඔවුන්ට වැටහෙන්නේ එවිටය. මක්නිසාද යත් තම දරුවන්ගේ චිත්තය ගොඩ නැගෙන්නේ තම දෙමාපියන්ගේ කි‍්‍රයා කලාපය මතය. 

තවද මරණය ස`දහාද මොවුන් බිය වෙති. තමා සතු සියල්ල නැතිවේය යන බිය නිසාද මොවුන් මානසිකව ඇද වැටිම සිදුවේ.

මේ කරුනු නිසාත් ආගමික වපසරිය තුල පවතින විශ්වාස ඇදහිලි, මත ඔවුන් මේ භවයේ කළ කී දැ සිහිවීමද පෞරුෂත්වයට බලපායි. මා මේ පිළිබ`ද සමාජ පීඩනය තුල පෞරුෂත්වය යන පරිච්ෙඡ්දයෙහි සවිස්තරව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. 

මෙලෙසින් ඛන්ඩනය සිදුකලේ අවබෝධ කර ගැනීමේ පහසුවටය. සමස්ථයක් ලෙස පුද්ගල ස්වීයත්වය පිලීබ`ද ඉහත දැක්වූ න්‍යායන් සම`ග ගත් කල යම් අදහසක් ගත හැකි අතර තවද එය සාදක සහිතව ඔප්පු කළ හැක.

එහෙනම් ඔබට ජය වේවා....!

No comments:

Post a Comment