Monday, July 21, 2014

කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

කසාදය කියන්නේ මොකක්ද.... කියන එකට විවිධ වූ පිළිතුරු ලබා දීමට පුළුවන්...  මම ටිකක් කියන්නද? ඔබේ උත්තරෙත් මේ අතර තියෙනවාද කියලා බලන්න...

කසාදය කියන්නේ අමු අඹයක් වගේ ... කන්නේ නැති මිනිහාගේ කටට කෙළ උණනවා.. උනත් ..කන මිනිහාතමයි ඒකේ ඇඹුල දන්නේ...

කසාදය කියන්නේ වගකීම් ගොඩක්...

කසාදයද... කසාදය කියන්නේ  වටිනා දෙයක්...

මේලෙස හෝ මේ ආසන්නයේ යන උත්තර තිබෙන්නට පුලුවන....

කෙසේ නමුත් කසාදය කියන්නේ මිනිසුන් පරිණාමය වීමේදී සංස්කෘතික වශයෙන් ගොඩනගාගත් සාධකයක්... අපි පසු ලිපි වලින් මේ කසාදය හෙවත් විවාහය පිළිබද විස්තරව කතා කරමු... මේ ලිපිය ආරම්භක ලිපිය ලෙස යොදන ලිපියක්....

මේ අපේ ගීතයට වටිනා නිර්මාණ රැසක් කල ප්‍රේම කීර්තිද අල්විස් රචකයා දැකපු විදිහ.. හොදයිද කියලා බලන්න... 

මේකෙදී යාළුවෙක් කසාද බදිනවා.. ඉතින් අනික් යාළුවෝ විසින් අර මනමාලයාට(තමාගේ යහළුවාට) විවාහය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නේ මේ විදිහට...


එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...

ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න

“මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්

 ඔය සින්දුවට වර්තමානයේ යාළුවෝ ටිකක් මෙහෙම නැටුවාලු...


අපි ඊළග ලිපියෙන් කතා කරමු.. විවාහය ගැන.. අදට ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා..... !

1 comment:

  1. අහ් නියමයි.. කාලෙකට උඩදි මේක බ්ලොග් අවකාශයේ ජනප්‍රියම ගීතයක්...

    අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete