Tuesday, January 6, 2015

මේ අවුරුද්දේ.... මොනවාද කරන්නේ.........


සුභ අලුත් අවුරුද්දක් වේවා.. හැමෝටම .. 2015 අවුරුද්දට පළවෙනි ලිපිය දාන්න තමයි බැලුවේ....මේ අවුරුද්ද ආරම්භයේදීම සිදුවූ යම් යම් සිද්ධි නිසා... මේ ලිපිය කොහොම හරි දාන්න ඕනේ කියලා හිතුවා..  අළුත් අවුරුද්දේ අපේ යාළුවන්ට දෙන හොදම තෑග්ග කියලා හිතල නමෝ විත්තියෙන් හැමදේනාටම සෙතක් වෙන්න කියලා ලිපිය මේ විදිහට පොස්ට් කරනවා.....


අපට ආගමික ජීවිතයේදී උගන්වන දෙයක් තමයි.. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුෂ්කර දෙයක් කියලා... හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්....  අපි මනුෂ්‍යයන් ලෙස ඉපදෙන්න කොපමණ පින් දහම් කරන්න ඕනේද?.. ඇයි අපි මේ වටින මනෂ්‍ය ජීවිතය නිකරුනේ විනාශ කරගන්නේ...
මෙහෙම කියද්දි හිතෙනවා ඇති මූ අවුරුද්ද පටන් ගද්දීම බණක් අහල මේ පෝස්ට් එක ලියනවා ඇති කියලා... නෑ මේක වෙන සිද්ධියක්...  මම අද කියන්නේ යාළුවනේ මත්ද්‍රව්‍ය භාවිතයේ ආධිනව ගැන.... ඔබත් නැත්නම් ඔබගේ යහළුවන් මේ මත්ද්‍රව්‍යයට පෙළඹිලා ඉන්නවානම් මේ අවුරුද්දේ අධිෂ්ඨාන කර ගන්න කොහොම හරි මේ මත් රකුසා පරාජය කරනවා කියලා ..  ඒක ඔයාලාගේ ජීවිත වලට නව එළියක් ගෙනදෙයි...  ඇත්තටම මත් ද්‍රව්‍ය භාවිතා කිරීම වර්තමානය වන විට සාමාන්‍යකරණය වෙලා තියෙනවා.. පොඩී වයස් වල ඉදලාම මේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහී වෙලා තියෙනවා..  මත් ද්‍රව්‍ය භාවිතා කරනවා කියන්නේ ලොකු කමක් නෙවෙයි.. සමාජයේ හොද තැනක් ලැබෙන්නේ නෑ,.. සිදුවන්නේ පාඩුම තමයි.. තමන්ටත් සමාජයටත් සිදුවන්නේ පාඩුවක්ම තමයි..

මත් වෙනවා කියන්නේ මොකක්ද?  

මත්වීමෙන් තාවකාලිකව ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වෙනවා... එවිට පුද්ගලයා පාලනයකින් තොරවෙනවා.... ව්‍යාජ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා ... මේ නිසා සිතෙහි පාලනයෙන් පුද්ගලයා ඈත් වෙනවා.....

ගිහියන්ගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාවෙත් බුද්ධ  ධර්මයේ බොහෝ තැන්වලදී අපට දක්නට ලැබෙන දෙයක් තමයි.. මත්ද්‍රව්‍ය භාවිතය පිරිහීමට හේතුවෙනවා කියන එක.... ඒත් කණගාටුව ලංකාවේ වැඩි පුරම මත්ද්‍රව්‍ය වලට යොමුවෙලා තියෙන්නේ බෞද්ධ ජනතාව ...

ඇයි බොන්නේ කියලා බොන අයගෙන ඇහුවොත් විවිධ  මොනවද හම්බවෙන පිළිතුරු...
  
  •   අද ගොඩක් මහන්සි වුණා....
  •   අරූට දෙකක් කතා කරන්න  ෂොට් එකක් දානවා...
  •  කාලෙකින් සෙට් වුණේ ඉතින් මෙහෙම නොකර පුළුවන්ද?
  •   යකෝ කොල්ලෙක් වුණාම බොන්න එපැයි....
  •  මට අද ලොකු ප්‍රශ්නයක්.. ඒක නැති කරගන්න බොනවා...


ඔන්න ඔය වගේ ඒ අයට සාධාරණ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිත කරනවා....  වැඩිහිටි අයත් තරුණ අයත් පුරුදු වෙලා ඉන්නවා මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න....  ඇත්තටම මේ අය බොන්නේ ඇයි... මේකට විවිධ වු හේතූන් තියෙනවා.. ඒ අතර ප්‍රධාන වු හේතූන් ටිකක් හදුනගන්න පුළුවන්...

  • තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති වීම ....
  • ගැටළු වලට මුහුණ දීමට ආත්ම ශක්තියක් නැති වීම..
  • සමාජයෙන් එල්ලවන බලපෑම මත (යහළු යෙහෙළියන් නිසා) මත්පැන් මත්ද්‍රව්‍ය වලට පෙළඹීම....
  • පවුල් පරිසරය , ආගමික පරිසරය, මත මත්ද්‍රව්‍ය වලට පෙළඹීම
  • මත්පැන් පානය මත් ද්‍රව්‍ය පිළිබදව රූපවාහිනී  වැනි ජනමාධ්‍ය ඔස්සේ මවා ඇති ප්‍රතිරූපය නිසා....
තවත් විවිධ වු කාරනා තියෙන්න පුළුවන්...  

මත්පැන් භාවිතයෙන් මොනවද අපිට හම්බවෙන්නේ... බොන අය නම් කියන්නේ බිව්වහම මාර ෆන් කියලානේ... ඒ අයට නොපෙනෙන අපට පෙනෙන දේ මොනවද?

  • ·         ධනය හානි වීම..
  • ·         ගැටළු අධික වීම...
  • ·         ශරීර සෞඛ්‍ය පිරිහීම...
  • ·         සමාජයෙන් විවිධ වූ නින්දා උපහාස අපහාස වලට ලක්වීම..
  • ·         විවිධ වූ විෂම චර්යාවන් සිදු කිරීම..
  • ·         සිතීමේ ශක්තිය දුර්වල වීම...
මේ කියන කරුණු කාරනා සියල්ල මත් වතුර භාවිතය නිසා හමුවන දේවල්....

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අනිෂ්ඨ විපාක කොටස් තුනක් යටතේ කතා කරන්න පුළුවන්..  
  • ·         ශාරීරික බලපෑම
  • ·         මානසික බලපෑම
  • ·         සමාජයීය බලපෑම
දුම් පානයෙන් සිදුවන විපාක ගැන මම කියන්න යන්නේ නෑ.. දැන් සිගරට් පෙට්ටි වල රූපමය අවවාද ඇතුලත් කරලා තියෙනවා.. මේවා දැම්මයි කියලා අපේ අය මේවා නොබී ඉදීද.. මම අවවාද දෙන්නේ නෑ.. මේ විඩියෝ එක බලලා හිතන්න කොහොමද මේ සිගරට් භාවිතයෙන් අපේ පෙනහළු වලට ඇතිවන අහිතකර බලපෑම කියලා....

 

මේ ලිපිය දැකලා එක්කෙනෙක් හරි මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙනවා නම් ඒක මට වටිනවා...
මත් වතුර බීවාමත් මේ ටිකම තමයි...  වටිනා මනුෂ්‍ය ජීවිතය නිකරුනේ විනාශ කරගන්නේ ඇයි... මත් වතුර පානය නිසා මුඛ පිළිකා, අක්මාවේ පිළිකා.. ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා , වකුගඩු පිලිකා....  ලිංගික බෙලහීනතා රෝග , මානසික ව්‍යාධි වගේ නොසිතූ තරම් කරදර රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා....


වර්තමානයේ බොහෝ අපරාධ වලට මුල මේ මත් ද්‍රව්‍ය භාවිතා විමයි.. 

මිනිසුන් විදිහට අපිට හිතන්න පුළුවන්.. මේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සිතීමේ ශක්තිය දුර්වල වෙනවා .. ඒ වෙලාවට තමාගේ අම්මා තාත්තා දුව පුතා අදුනා ගන්න බැරිවෙනවා.. දූෂණ, මිනී මැරීම්.. වගේ දේවල් සිදු කරන්න මේ ටික ඇති.. 

එදා මෙදා තුර ජීවිත කීයක් බිලි ගන්නවාද? මත් උවදුර නැති කරමු.. ලස්සනට ජීවිතය ගෙවමු.. මත් ද්‍රව්‍ය වලට යන මුදල අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න.. හොද දේවල් වලට යොදවන්න.. පවුලේ සමගිය ඇති කරගන්න.. දරුවන් සමග විනෝද වෙන්න.. එවිටයි සැබෑ මනුෂ්‍යකු වන්නේ.. 

මොහොතක් සිතන්න ... පිළිකාවක් සෑදුනොත් මොනවා වෙයිද? එකක් තමාට එය මානසික වදයක්.. තමාගේ බිරිදට දරුවන්ට , නෑදෑ හිත මිතුරන්ට මේක ලොකූ බලපෑමක්.. ඇයි මේ දේ හිතන්නේ නැත්තේ.. තාවකාලික සතුටකට වහවැටිලා මුළු ජීවිතයේම විනාශ කර ගන්නේ ඇයි...?

මගේ යාළුවන්ගෙන් එකම ඉල්ලීමක් කරන්න කැමති.. තමන්ගේ යාළුවන් ඉන්නවා නම් මත්ද්‍රව්‍ය භාවිත කරන කොහොම හරි ඒ උගුලෙන් ගලව උත්සහ ගන්න සැබෑ යාළුවෙක් නම් මත් ද්‍රව්‍ය වලට යාළුවන් පොළඹ ගන්නේ නැතිව ඉන්න එක වැදගත්.. මොකද හොදම යාළුවා මත් ද්‍රව්‍ය වලට පොළඹවා ගන්නේ යාළුවාගේ හොදකට නම් නෙවෙයි.. මීට වැඩිය ලිපිය දික් කරන්නේ නෑ,. . 

හැමෝටම ජය වේවා....

4 comments:

  1. වැදගත් ලිපියක්.. ඒත් ඉතින් කොච්චර දැනුවත් කලත් පුරුද්ද අත් අරින්න බැරි මිනිස්සුන්ව නම් ඉතින් වෙනස් කරනවා බොරු..

    ReplyDelete
  2. ඒක ඇත්ත... සහෝ... එක්කෙනෙක් හරි යහමගට ආවොත් තමයි සතුට... ස්තූතියි අදහස් දැක්වීමට

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා
    මේව දැකල වෙනස් කරන්න පුලුව්න් නං කකුතුව කෙලිං යවන්නත් පුලුවං
    ;බොන එකා ලොවෙත් බොලන
    නොබොන එකෙක් බොන උංට දේසනයක් දෙන්න ගියොත්
    ඌත් බෙබෙක් වෙනව

    ReplyDelete
  4. මහේෂ සහෝදරයා කතාවනම් ඇත්ත.. බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete