Tuesday, October 30, 2012

මුදල් මාරුකරමුද ?:::::::::::::::::::::


ඔබට කවුරු හරි ඇවිත් කිව්වොත් අනේ මම කවදාවත් ඔයා මේ වගේ වැඩක් කරයි කියලා විස්වාස කරන්නේ නෑ කියලා... ඔයාට මොනවා හිතෙයිද ?
හ්ම්.......................
ඔබ හිතයි අනිවාර්යෙන්ම මම මොකක්ද කරලා තියෙන වරද කියලා.. ඒ එක්කම ඔබට හිතෙයි මේ මිනිහට පිස්සු කියලා.. සමහර වෙලාවට බයවෙයි...මොකක්ද මේ මනුෂ්‍යා කියන්නේ කියලා....ඔන්න මේ වගේ සිද්ධියක් මගේ යාළුවෙක්ට ළගදි සිද්ධ වුණා ... මිනිහා මොකක්දෝ හුටපටයකට පැටලිලා අනුනවයෙන් ජාමේ බේර ගත්තේ... ඔන් ඉතින් එහෙම කියද්දි ඔයාලා හිතෙනවා ඇති මෙක ලියන මමත් ඒ වගේ ඇති කියලා... මේන් වැන්දා මම ඕවට නෑ.
මම මේ කිව්වේ පොඩි සිද්ධීයක්... ඉතින් සමහර වෙලාවට පරිගණකය භාවිතා කරද්දි අපි හිතන විදිහට එහි පහසුකම් සපයා නෑ,. මම අදහස් කළේ මුදල් වර්ගය දිනය පෙන්වන විදිහ වගේ දේවල්..... ඉතින් අපි මේ අය අපට කැමති විදිහට හාදා ගන්න ඕනේ... නැත්නම් ඒ මිනිස්සු නිකන් වැඩකට ගන්න බැරි වෙනවානේ... ඉතින් අද කියලා දෙන්න යන්නේ මේ පරිගණකය භාවිතා කරද්දි කොහොමද මේ අපේ රටට ගැළපෙන විදිහට මුදල් වර්ග ඒහෙම වෙනස් කර ගන්නේ.....

අපි දැන් මේ XP මෙහෙයුම් පද්ධතියේ ගොඩාක් දේවල් කතා කරලා තියෙනවානේ. අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ අළුත් දෙයක් කියලා දෙන්න.. ඒ කියන්නේ පරිගණකය භාවිතා කරන  ආධුනිකයන්ට වැදගත් වන දෙයක්. අපි කතා කලානේ ඩෙස්ක්ටෝප් කියන්නේ මොකක්ද කියලා..

ආ ඔවු නේ ......

හරි ඉතින් අද ඒ ගැන කතා කරන්න නෙවෙයි අද හදන්නේ .. මේ මෙහෙයුම් පද්ධතියේ පාලක මැදිරිය සතු තවත්  එක් සුවිචයක් ගැන තමයි කියන්න යන්නෙ. පාලක මැදිරිය කියලා මම අදහස් කළේ Control Panel එක ගැන... හොදයි මේකේ යම් යම් දෙවල් අපි කතා කරලා තියෙනවා... අද අපි කතා කරන්න යන්නේ පරිගණකයේ භාෂාව හෝ මුදල් වර්ගය හෝ.. දිනය පෙන්වන ආකාරය ගැන හෝ.... අංක පෙන්වන එක වෙනස් කරන අයුරු ගැන කියලා දෙන්න...මේකට අපි භාවිතා කරන්නේ Regional and Languages කියන විධානය . 

Tuesday, October 9, 2012

ගුරුවරයා........................

ලොව රදා පවතින සාධක අතර අධ්‍යාපනය නැමති සාධකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලොව ඉදිරියට ගමන් කරන්නේ කිසියම් පැරණි දැනුමක් උකහා ගෙන එයින්  නවමුකරණයක් බිහිවීම තුලිනි.. ලෝක ගුරු දිනය නිමා වී දැනට දවස් 2ක් ගෙවී ගියත් මේ ලිපිය ලියන්නට සිතුනේ.. රැල්ලක් ලෙස ඔක්තොබර් 06 දිනට ලිපි රැසක් දැමා සෙසු දිනයන් හීදි ගුරුවරයා පිළිබදව කිසිදු කතාවක් නොකරන බැවිනි...... 

Wednesday, September 26, 2012

හුරු සිනහා සිතින් ඔබ ඉන්නවානම්



දන්නෙම නැතිව කරුවලත් වැටුනා.. මට නොදෑනීම කාලය ගෙවුන ඉක්මන.. මම පැය 3කට වැඩිය කල්පනාවේ ඉදලනේ.ලෝචනා සමග මා සිටියේ සුන්දර කතා බහකය.. හදීසියේ නොනවත්වා ඇසුනු සීනු නාදයෙන් තිගැස්සුනු මම කළුවරේම අත පත ගා කාමරයේ බල්බය දැල්වා දොර ළගට ගියේ  හිතේ වෛරයද කැටි කරගෙනය.ඒ මාගේ හා ලොචනාගේ ලෝකය සුනු විසුනු කල බැවිනි....

ගෙදර කවුද............. සුපුරුදු හඩකින් පවසා.. නැවත දොරට ගැසීය..

Tuesday, September 25, 2012

ඔයාගේ RAM එක ගැන දන්නවාද ?

ඔයාගේ RAM කීයද?.............මගේ එක 512............. මගේ නම් 1Gb/2Gb

නිතර දෙවේලේ පරිගණකය භාවිතා කරද්දි ඇහෙන වාක්‍ය අතර ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් තමයි මේ..... එහෙම කීවට මේකේන් වෙන කාර්යය දන්නේ බොහෝම ටිකදෙනයි. අද ලිපිය වෙන් වන්නේ මෙන්න මේ RAM එක පිළිබදවයි...

Tuesday, September 18, 2012

අපි නොදන්න Processor (02)

කලින් ලිපයේදී අපි කතා කළා මේ Processor පිළිබදව.. අද අපි කතා කරන්න යන්නේ මේ Processor පරිගණකයට සවි කිරීම කෙසේ සිදු කළ යුතුද.. මෙයට අවශ්‍ය උපාංග මොනවාද කියලා.. බලමු අද ලිපියෙන් ඒ ගැන...

දැන් අපි දන්නවා Processor වර්ග මොනවාද කියලා.. ඒකේ විස්තරත් අපි යම්තාක් දුරට දන්නවා.දැන් යම් තරමක දැනුමක් Processor පිළිබදව තිබෙනවා. හරි අපි දැන් බලන්නේ මේ Processor පරිගණකයට සවි කරන්නේ කෙසේද කියලා...

Sunday, September 16, 2012

'''''''''''''''''අපි නොදන්න Processor''''''''''''


පොරොන්දුවක් උණාම ඒක ඉටු කරන්න ඔනේ කියලා පොඩි කාලේ ඉදලාම ගුරුවරු, දෙමාපියන් කියලා දුන්නා. ඉතින් අද ලිපියෙන් යන්නේ මේ පොරොන්දුවක් ඉටු කරන්න.මම කලින් දවසක ලිපියකින් කිව්වා පරිගණකයේ කොටස් පිළිබදව.. කතා කරනවා කියලා.. පරිගණකයක් යනු කුමක්ද? කියන ලිපියෙදි තමයි මම පොරොන්දු උනේ.සමාවෙන්න ටිකක් කල් ගියාට....

ඉතින් අපි දැනට  කතා කරලා තියෙනවා.මොනවාද ආදාන, සැකසුම්, ප්‍රතිදාන උපාංගයන් කියාලා. (මොකා මොකා...... එහෙම එකක් කතා කළේ නෑනේ ඒ ලිපියේ..) ඇයි අපි කතා කලා අනේ....... ආදාන උපාංග - Input Device , සැකසුම් - processing Device , ප්‍රතිදාන - output Device,….කියලා....( හරි හරි කතා කරානේ.)

Wednesday, September 12, 2012

පරිගණක වර්ග කරන්න ඔබට පුළුවන්ද....?



අම්මෝ දවස් ‍ගෙවිලා යන්නේ මාර වේගෙන්.. කාලය කියන්නේ බොහෝ හිග දෙයක් කියාලා හිතනකොට නිකන් පිස්සු වගේ.කාලය යනු රත්තරන් වගේ කීවට මට ඒක පිළිගන්න බෑ මොකද රත්තරන් සල්ලි දීලා හරි ගන්න පුළුවන් ඒත් කාලය එහෙම ගන්න බෑනේ.

Tuesday, September 11, 2012

ඔබගේ කුණු කූඩයටත් කැමති නමක් දාගන්න..

අපි එක එක්කෙනාට නම් තියනවානේ.අපි සමහර අයට එයාගේ නමින් කතා කරන්නේ නෑ නේ. ඒ අයට අනුවර්ථ නාම දානවා.. සමහර අනුවර්ථ නාම ප්‍රසිද්ධියේ කියන්නත් බෑ. මොකද ඒවා ඒ තරම් දරුණුයි. ඉතින් අපි භාවිතා කරන දේවල් අපේ කියලා හදුන්වන්න අපි ඒවාට නම් දාන‍වානේ. අපිට බැරිද පරිගණකයේ කුණු කූඩයට අපිට කැමති නමක් දාගන්න. 

ඔව් අපිට පුළුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න‍කෝ.(මේකට හතුරෙකුගේ නමක් උණත් දාත හැකි.)   ‍ඔයාලත් උත්සහ කරලා බලන්න.පොඩි වෙනසකටත් එක්ක.

Sunday, September 9, 2012

ඔයාත් උත්සහ ගන්නකෝ චිත්‍ර කාරයෙක් වෙන්න.


අද ලිපියෙන් පොඩි‍ වෙනසක් කරනවා. කාලෙකින් හොද Software එකක් දෙන්න බැරි උණ නිසා.. අද දෙනවා.Software එකක්. බලන්නකෝ.අපි කවුරුත් ආසයිනේ චිත්‍ර අදින්න.ඉතින් පාටක් ගත්තොත් හරි මොකක් හරි පැන්සලක්  හරි පෑනක් හරි ගත්තොත් හරි අපි කරන්නේ ‍අපිට හැකි පමණින් මොකක් හරි චිත්‍රයක් අදින එකනේ... ඉතින් ඔය වැඩේ අපි පරිගණකයෙන් කරන්න තිබුණොත් කොහොමද. ඔයාලත් උත්සහ කරලා බලන්න. පරිගණකයෙන් චිත්‍ර අදින්න.
ඕකට ඉතින් වෙන සොෆ්ට්වෙයා ඕනේ නෑනේ Paint තියෙනවානේ කියලා කට්ටිය කියයි. ඊට වඩා මේ මෘදුකාංගයෙන් බලන්න ඔයාලා ඇදලා පහසුවෙන් අලංකාර චිත්‍ර නිර්මාණය කර ගන්න බැරිද කියලා..

නම: ArtRage.Studio.Pro.v3.0.7. retail-FOSI
ප්‍රමාණය: 66.86 MB 
reg code number : 8UJJU-KPUGK-FMAL6-28JEV-WYAA6  

මෙතනින් ගන්න.....

Saturday, September 8, 2012

ගලන ගගකි ජීවිතේ.............




හෝලට් එකෙන් හෝල්ට්
එකට
මරු වෙවි
හති ඇර ඇර
දන ගාගෙන
බඩ ගාගෙන
දෙපය යොදා මහ කදු නැග
යන්නේ කොයි දෙසටද
කියා නොදන්නා
මම.......
කදු මුදුනක් වැනි යමකට
නැග බැලුවෙමි
ලෝකය දෙස......
සුන්දර මුත් පිට පෙනුමට
යටින් පෙනේ පොඩි පොඩියට
කෑ ගසනා මිනිසුන් රැළ
උන් කියනා දේ කුමක්ද
හඩ ඇසුනා යාන්තමට
දියව් දියව් අපිට දියව්
අපේ වැටුප අපිට දියව්
ඇසේ මට මර හඩ දී කෑ ගසනා
ඒ ගොර හඩ
තව තැනක පිහි ඇනුමකි
දෙදෙනෙකු හට මරණය දී

තවත් තැනක‍
පොඩි කෙල්ලක
අනාගතය ඉල්ලමින්
සිගමන් යදී
ලෝකයෙන්....

සමාජයේ  අතු ගංගා
වැටෙන තැනත්
මටද පෙනිනි
එතැන සිටපු
උතුමන් ටික
තම දිවි දී බේරාගයි
මිනිසුන් ටික
වැටෙන්නට නොදී මූදට
බේරුණු අය පිළිම තනයි
අර මිනිසුන් වදී පුදයි

ඒ අය කළ සේවාවත්
අගය කරයි. හොදම කියයි
මිය ගිය පසු උතුමන් ටික
අමතක වෙයි කළ කී දෑ

ටික කළකින් නැවත ඔවුන් සමාජයේ ගංගාවේ
පීණා යයි පෙර පරිදිම
ගලන ගගක ජීවිතේ
කිය කිය මහ උජාරුවට..........
                                          
රංග මධු

පරිගණකයක් යනු කුමක්ද ? ‍What is a Computer



අෆොයි දන්න දේවල්මනනේ කතා කරන්නේ මූ………..කියලා හිතෙනවා ඇති.කමක් නෑ බලමුකෝ.. අපි දන්න දෙයින් නොදන්න දේවල් සොයා යමු........ හැමෝම න්‍යායාත්මකව පරිගණකය පිළිබද දන්නේ නෑනේ.හැමෝම කතා කරන්නේ පරිගණකයේ සංකීර්ණ දේවල්.. ඒත් නිම්තෙර බලන්නේ කවුරුත් අවධානය නොකරන කුඩා දේවල් පිලිබද කරුණු ඉදිරිපත් කිරීමයි.කොහොම වෙතත් බලමුකෝ ඒ ගැන....අද කියන්න යන්නේ පරිගණකය කියන්නේ මොකක්ද කියලා.....මං ඔයාගෙන් ඒ ප්‍රශ්නය අහනවා...... පරිගණකය කියන්නේ මොකක්ද?

හ්ම් ........... පරිගණකය කියන්නේ Computer එකටනේ...... 

හරි  Computer කියන්නේ.......

Computer කියන්නේ බං පරිගණකයටනේ උඹට ඒකවත් තේරෙන්නේ නැද්ද?...

Thursday, September 6, 2012

පරිගණක පරම්පරා.....................

සෑම කෙනෙකුටම වාගේ තමන්ට අදාල පරම්පරාවක් තියනවානේ.සමහරු පරම්පරාව ගැන කතා කරන්න අකමැත.. අනේ මහලොකු පරම්පරාව... කියා පරම්පරාව ගැන කතා කරද්දී කියනවානේ ඒ අය.. තවත් අය උජාරුව ‍ඇද බානවානේ. මගේ පරම්පරාව මෙහෙමයි මෙහෙමයි... බ්ලා බ්ලා බ්ලා ..... එවා අහනවා තියා එ පැත්තට යන්නවත් හිතෙන්නේ නෑ.. මොන මගුලක්ද. උගේ පම්පෝරිය බං.. කියලා අපි වගේ පංපෝරියෝ ආශ්‍රයෙන් ඈති කරනවානේ...
එහෙම එකෙක් කට ඇරිය ගමන් අපි කියන්නේ ආං අරු නයි අරිනවා .. කියලානේ.. එක්කො ඌ කතාව නතර කරනවා. නැත්නම් හොදවයින් ලුණු ඇඹුල් ඇතිව හොදට පරම්පරාවම හැදිගාගන්නවා....... 

පරිගණක ඉතිහාසයෙන් බිදක්... (3)

ටැබියුලේටින් යන්ත්‍රය


1980 දී ඇමරිකානු ජන සංගණන නිළධාරියකු වූ හර්මන් හොලේරිත් නැමති ජන සංගණන නිළධාරියා විසින් නිපදවන්නට යෙදුන යන්ත්‍රය ටැබියුලේටින් යන්ත්‍රය මගින් විසින් එකළ අවුරුදු අටක කාලයක් වැයවෙන ජන සංගණන කටයුතු ඉතා ඉක්මනින් සිදු කර ගැනීමට හැකිවිය...මෙහි පැවතුනේ ජෝෂප් ජැකුවාඩ්ගේ සිදුරු පත් සංකල්පයයි..

Wednesday, September 5, 2012

෴......මොහොතකට ඔබ ඔබ වන්න....෴

කිසිවෙක් කිසිවක් කීවාට 
කිසිවෙක් කිසිවක් ලීවාට
කිසිවෙක් කිසිවකට පෙළඹුවාට
ඔබ ඔබෙන් අසන්න
එය සත්‍ය වශයෙන්ම
ඔබට ගැලපෙනවාද 
ඔබට එය වැදගත්ද
ඔබේ දියුණට හේතු වෙනවාද
එයින් ලෝකෙට
වැඩක් වෙනවාද
තීරණය අරගන්න
එවිට ඔබ ඔබවන්න
වරක් නොව
දසවරක්
නිවැරදිද එය කියා
සොයා ගෙන දොස් වැරදි..
නිදොස් නම් ඒ සැම
නිරත වන්න ඒ දෙය...
එවිට ඔබ නිදහස්ය
ඔබගේ හද නිදහස්ය
කරන කරනා 
දේම 
හරියනවා නිසකෙන්ම.
අහිංසක ඉල්ලීම
මොහොතකට ඔබ ඔබ වන්න.
                         රංගමධු

Tuesday, September 4, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්.....(2)

Difference Engine & Analytical Engine


1801 දී ප්‍රංශ ජාතික රෙදි වියන්නෙකු වූ ජෝශප් ජැකුවාඩ් (Joseph Jacquard) විසින් යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී.මෙහි විශේෂත්වය වූයේ මෙහි සිදුරු සහිත කාඩ්පත් භාවිතා කරමින් රෙදිවල විවිධාකාරයේ රටා මැවීමට හැකිවීමයි. මෙම නිර්මාණය ගුරුකොට ගත් චාර්ල්ස් බාබේජ් නම් ඉංග්‍රිසි ජාතික ගණිතඥයා විසින් 1833දී ඇනලිටිකල් යන්ත්‍රයක් නිපදවිය.කෙසේ නමුදු මෙය සාර්ථක කරගන්නට නොහැකිවිය. එයට හේතුව වූයේ එකල තිබූ දැනුම ප්‍රමාණවත් ඔහුගේ නිර්මාණය සදහා ප්‍රමාණවත් නොවීමයි.

Access ඉගෙන ගන්න අමාරුද? (2)

පෙර ලිපියේ සදහන් කළ පරිදි අප දැන් දන්නවා මොකක්ද  දත්ත කියන්නේ මොකක්ද තොරතුරු කියන්නේ හා කුමක් සදහාද  Access මෘදුකාංගය භාවිතා කරන්නේ කියා. හරි එසේ නම් ඒ Access මෘදුකාංගය භාවිතයට ඉගෙන ගැනීමට  පෙර එය ඉගෙන ගැනීමට පදනම සකසා ගත යුතුය.... 

අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ DBMS හෙවත් Database Manage System  පිළිබදවයි.................

මුලින්ම බලමු මොකක්ද Database එකක් කියනනේ කියලා.......

Sunday, September 2, 2012

Access ඉගෙන ගන්න එක අමාරුද ?

එක් හිතවත් සහෝදරයෙක්ගේ ඉල්ලීමක් ඉටුකිරීමට තමයි මේ ලිපි පෙළ පටන් ගන්නේ...
මෙම ලිපි මාලාවත් මා කතා  කිරීමට බලාපොරොත්තු වන්නේ office package එකේ Access මෘදුකාංගය ගැනයි.... අද ලිපියෙන් අපි දැන ගමු මේ Access මෘදුකාංගය භාවිතා කිරීම ‍පිළිබදව.......

Saturday, September 1, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්... (1)


අප අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක ඉතිහාසය පිළිබදවයි.. අපටද වසර දහස් ගණනකට එහා විහිදී ගිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇත.අතීතයේ ජීවත් වූ විවිධ වු පුද්ගලයන්ගේ කැපකිරීම් මත වර්තමානය පෝෂණය වී පවතී..ඒ වු විශිෂ්ඨ පුද්ගලයන් අතින් නිමවු පරිගණකය අද වන විට ඉතා දියුණු තත්වයක පවතී.

පරිගණකය වනාහි වර්තමානයේ අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇත. වර්තමානය විශ්ව ගම්මානයක් ලෙස හදුන්වන්නේද මේ පරිගණකයත් සමග බැදුණු තාක්ෂණික දියුණුව නිසාය.ලෝකයේ කොතනක වුවදු සිදුවන සිදුවීමක් තත්පර කිපයකින් ලෝකයේ අනෙක් පස සිටින පුද්ගලයකුට සියසින්ම දැක ගැනීමට හැකියාව ලැබී ඇත්තේද, ඕනෑම දෙයක් ගෙදරටම ගෙන්වා ගැනීමද.,වෙනත් රටක සිටින විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම දක්වා වූ එකී මෙකී නොකී හැම අවශ්‍යතාවයක්ම සපුරා ගැනීමට මෙම තාක්ෂණය මහත් පිටිවහලක් වී තිබේ.වර්තමාණයෙහි පරිගණකය භාවිතා නොවන ක්ෂේත්‍රයක් සොයා ගැනීමට අපහසුය. එය එතරම්ම දියුණුවට හේතු කාරණා රාශියකි.අපි එය ඉදිරි ලිපි ඔස්සේ සොයා බලමු. අද මේ ලිපිය පෙළි ඔස්සේ සාකච්ඡාවට බදුන් කරෙනුයේ පරිගණකයේ ඉතිහාසය පිළිබදවයි.. 

Saturday, August 25, 2012

ඔබේ ලෝකය වෙනස් කරන්න,ඔබේ වචන වෙනස් කර ගන්න.................


වචන කියන්නෙ බං දෙපැත්ත කැපෙන පිහියක් වගේ , පොඩ්ඩක් පරිස්සමින්....පාවිච්චි කරපන්... නැත්තං උඹට වෙන්නේ ඒ කෙල්ලත් නැති කරගන්න.... ළගදි දවසක මම බස් එකේ යද්දි සහෝදරයෝ දෙන්නෙක් කතා කර කර ඉන්න අතරේ ඇහුණ එක් වදගත් වාක්‍යයක් මගේ හිත ගත්තා.. ඉතින් මම කල්පනා කරලා බැලුවේ ඒ කතාවේ ඇත්ත නැත්ත....ඉතින් මම  හිතුවා වචන භාවිතය ගැන වැදගත්කම ගැන පොඩි ලිපියක් දාන්ඩ කියලා... මොකද මේක ගිමන් නිවන නිම්තෙරක්නේ.. හිතේ තියන විඩාව නිවා ගන්න මෙතනට ගොඩවෙන මගේ යාළුවන්ට ජීවිතය ජය ගන්න මොනවා හරි වැදගත් දෙයක් දෙන්න ඕනේ නිසා...

Wednesday, August 22, 2012

අපිට බැරිද Screensaver දා ගන්න.....


හොදයි යහළුවනේ අද ටිකක් දිග ලිපියක් දාන්න හිතුවා.. අද කියලා දෙන්න යන්නේ තවත් අළුත් දෙයක්. ඒ තමයි කොහොමද අපි Screensavers දාගන්නේ කියලා... මෙය පොඩි දෙයක් උනාට මේ ලිපිය කියවලා මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්න කියලා මම සුහද ආරාධනාවක් කරනවා....හරි එහෙනම් යමු ඒ වැඩේට ...

Tuesday, August 21, 2012

කුඩා ළමයකු ලෙස............

මා හට ආසයි 
ඇවිදින්න 
ලොකු මිනිස්සු වගේ
ඉතින් මේ පොඩි
අත්පා තබා
මට හැකි 
අයුරින් නැගිට්ටෙමි දැඩි සිතින්
කුඩා ළමයකු ලෙස
ශරීරය වාත්තු කරන් 
තැබුවෙමි 
පියවරක් 
ඉදිරියට

Sunday, August 19, 2012

කදුළකට පැමිණෙන්නට ඉඩදෙන්න......


අනුනගේ දුකකදී
කදුළුවලට
පැමිණෙන්න
ඉඩ දෙන්න...........
එපා එය වලකන්න..........
මක් නිසාද යත්
ඒ කදුළට
හැකියි
අප දුක් වන බව ඔවුන්ට කියා පාන්න
ඒයින් අපට
අනුකම්පාව දිනා ගන්නට නොව
අප ඔවුන් ගැන
හදවතින්ම
දුක්වන බව
ඔවුන්ට හගවන්නට
ඔබත්
කදුළකට පැමිණෙන්නට ඉඩදෙන්න......
                                     රංගමධු

Saturday, August 18, 2012

සැකය..........

හැම දෙනාම
හිතට එන හැම දෙයක්ම
වචනයට හරවන්නට
උත්සහ දැරූමුත්
සැක සහිත යමක්
ඇත..... 
එනම් 
ඒ සිතට එන 
සිතිවිලි වලට  
කියන නියම වචන 
අරුතයන්ගෙන් හදුන්වන්නේ  
ඒ සිතිවිල්ලිමද යන වග.................. 
මොහොතක් සිතන්න..... 
                                   රංගමධූ

මද සිනහව



රිදුම්දෙන ගල් තැළුම්
නිසා ඇතිවන වේදනාව
පරයා පැමිණි
ඇය ගැන සිතිවිල්ල
වේදනාව යටපත් කර ඩිංගිත්තකට
ගෙනදෙයි සැහැල්ලුවක් ඒය
නැවත නැගිටින්නට
වේදනාව බිදගෙන...........
මොහොතකට දැනේ ජීවත් වන බව මේ ලොව
මද සිනාවක් නැගේ මුවගට
දෑත් දිරිමත් වේ ආනාගතය ගැන
සිහිවී
නොදැනේ එවිට
ඒ වේදනා ව තැබුණු වග

රංග මධු

Wednesday, August 15, 2012

Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නා ක්‍රම...........



ආයුබොවන්...... අදත් මම හිතුවා ආධුනිකයන් සදහා තවත් ලිපියක් දානඩ ඕනේ කියලා..... අද බලමු කොහොමද Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නේ කියලා...... මේකට ක්‍රම කිහිපයක් තියනවා......
එහෙනම් බලමුකෝ කොහොමද කියලා මේ වැඩේ කරන්නේ.......

Tuesday, August 14, 2012

සමාජේයි අපියි...............


ආයුබෝවන් යාළුවනේ අද නිම්තෙර බ්ලොග් එකෙන් පොඩි කතාවක් කියන්ඩ හිතුවා.. මේ කතාව පොඩි උණාට එකේ තියෙන අර්ථය නම් ගොඩාක් ලොකු එකක්. හරි අපි කතාව කියවලාම බලමුකෝ මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා..
   එක කැළයක මහ විශාල ගහක් යට තිබුණා වලිකුකුළු කූඩුවක්..

Saturday, August 11, 2012

මාළුවන් නොවේද අප



මට මේ සමාජයේ ඇති දේ පේන කොට පුංචි දුකක් දැනෙනවා..‍ මොකද කොන්දක් කෙළින් තියාන වැඩක් කරන්න ගියාම කොහොම හරි කොහෙන් හරි කොන්ද කඩලා දානවා..බොහොම අමාරුවෙන් ඉනිමගක් හදන් උඩට යන්ඩ හදන මිනිහගේ ඉනිමගට පයන් ගහනවා..මේවා දැක්කහම පුංචි දුකක් නොවේ ලොකු දුකක් දැනෙනවා..

Thursday, August 9, 2012

windows xp එකෙහි Desktop එක පිළිබදව

මොකක්ද මේ Desktop කියන්නේ.. හරි අපි අද ඉගෙන ගමු මොකක්ද මේ ඩෙස්ක්ටොප් එක කියන්නේ කියලා....

Wednesday, August 8, 2012

වින්ඩෝස් xp හී දිනය වේලාව වෙනස් කරමු....(1)


අද අපි යන්නේ XP මෙහෙයුම් පද්ධතියෙහි විවීධ කාර්යයන් සිදුකර ගන්නේ කොහොමද කියලා... ඒ කියන්නේ මූලික දේවල්....

අපි අද බලමු‍ කොහොමද ‍දිනය හා වේලාව වෙනස් කර ගන්නේ කියලා......

Tuesday, August 7, 2012

Windows 7 මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකය Format කිරීම..


හරි අද මම කියා දෙන්න යන්නේ කොහොමද පරිගණකය‍ට Windows 7 මෙහෙයුම් පද්ධතිය දමා ගන්නේ කියාලා.......ඔබට අවශ්‍ය වන Windows 7 හා DVD එක DVD ඩ්‍රයිව් එක යන අංග දෙක සම්පූර්ණ කරගන්න... දැන් අපි යන්නේ පරිගණකයට Windows 7 දාගැනීමටයි.. 

Friday, August 3, 2012

සදක් සේ මා ඔබට දැල්වෙන්නම්.......


රන්දික ඔයා දන්නවාද.... මම ඔයා හම්බෙන්ඩ කලින් දැනන් හිටියා ඔයා කවදා හරි මට මුණ ගැහෙනවා කියලා....
දින ගණනක් නිදිවරා ඇස්දෙක පියවීගෙන එද්දී නැගුණු ඒ ආදරනීය වචන පෙළට මට ඇහැරිණ.මම කල්පනා කළේ ඒ වචන ටික ගැන... සමුදුනි මේක කියන්න ඇත්තේ හිතේ දුකට වෙන්ඩ ඇති...

Thursday, August 2, 2012

Windows XP වලින් Computer එක Format කරමු (අවසාන කොටස)...........

පෙර ලිපි වලට
Network Settings Install වීම ඇරඹෙනවා....මෙහිදී දෙවතාවක් කරන්න.එවිට Default Settings ලබාගන්න පුළුවන්

Windows XP වලින් Computer එක Format කරමු 3...........

Partition Create කරන හැටි දැන් දන්නවානේ .......... දැන් කරන්න ඕනේ OS XP Files තියාගන්න ඕන Partition එක තෝරන එක.... හරි අපි සාමාන්‍යයෙන් OS එක දාන්නේ C එකටනේ. C තෝරලා Enter press කරන්න.