Saturday, September 8, 2012

පරිගණකයක් යනු කුමක්ද ? ‍What is a Computer



අෆොයි දන්න දේවල්මනනේ කතා කරන්නේ මූ………..කියලා හිතෙනවා ඇති.කමක් නෑ බලමුකෝ.. අපි දන්න දෙයින් නොදන්න දේවල් සොයා යමු........ හැමෝම න්‍යායාත්මකව පරිගණකය පිළිබද දන්නේ නෑනේ.හැමෝම කතා කරන්නේ පරිගණකයේ සංකීර්ණ දේවල්.. ඒත් නිම්තෙර බලන්නේ කවුරුත් අවධානය නොකරන කුඩා දේවල් පිලිබද කරුණු ඉදිරිපත් කිරීමයි.කොහොම වෙතත් බලමුකෝ ඒ ගැන....අද කියන්න යන්නේ පරිගණකය කියන්නේ මොකක්ද කියලා.....මං ඔයාගෙන් ඒ ප්‍රශ්නය අහනවා...... පරිගණකය කියන්නේ මොකක්ද?

හ්ම් ........... පරිගණකය කියන්නේ Computer එකටනේ...... 

හරි  Computer කියන්නේ.......

Computer කියන්නේ බං පරිගණකයටනේ උඹට ඒකවත් තේරෙන්නේ නැද්ද?...

විහිළුවක් උනාට පරිගණක භාවිතා කරන අයගෙන් බොහෝමයක් හරියාකාරව අර්ථකතනයක් දෙන්න අපෝසත්වන මාතෘකාවක් තමයි මේ.

අපි මොකක් හරි දෙයක් ඉගෙන ගනිද්දී ඒකේ පොඩිම තැන ඉදන්ම පටන් ගන්න ඕනේ...... ඒ න්‍යායන් එහෙම නැත්තම් අත්තිවාරම හරියට දාගත්තොත් අපිට පුළුවන් තට්ටු සියගානක උණතත් ගොඩනැගිල්ලක් ඉදිකරන්න ඒ අත්තිවාරම උඩ........ හොදයි අපි හරියට ශක්තිමත් අත්තිවාරම දාගමුකෝ........ ඊට පස්සේ අපි යං ගොඩනැගිල්ල හදන්න.......

කවුරුත් දන්නවා පරිගණකය ගැන. පරිගණකය කින්නේ මේවගේ දෙයක් කියන්න අදහසක් හැමෝගෙම ඔළුවේ තියනවානේ... ඒ අදහස වචන වලට පෙරළිමේ ගැටළුක් තමයි තියෙන්නේ.. හරි බලමු මොකක්ද පරිගණකය කියන්නේ කියලා.

සරලව කිවොත් පරිගණකයක් කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන විද්‍යුත් යන්ත්‍රයකටයි.මේක මම තව දුරටත් පැහැදිලි කරන්නම්කෝ.අපි පරිගණකයට ඇතුල් කරන්නේ දත්තයන්නේ.ඒ සමගම අප පරිගණකයට උපදෙස් ලබා දෙන්නත් ඕනේනේ.. මෙන්න මේ දත්ත හා උපදෙස් අනුව මේවා කිසියම් ක්‍රියාවලියකට පසු තොරතුරු පිටතට ලබා දෙන යන්ත්‍රයක් පරිගණකයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.
තේරුණාද?..........

තේරෙන්නේ කොහොමද මම දත්ත කියන්නේ මොකකද? තොරතුරු කියන්නේ මොනවාද කියලා දන්නේ නෑනේ.....

හරි මේක මම කලින් ලිපියක දැම්මා දත්ත යනු කුමක්ද? තොරතුරු කියන්නේ මොකක්ද කියලා.. මේ ලිපිය කියවලා ඉන්නකෝ. Access ඉගෙන ගන්න අමාරුද ? එක පොඩ්ඩක් කියවාල එන්න..

දැන් තේරෙනවා ඇතිනේ නේද?

මේ ක්‍රියාවලිය මම පොඩි රූපයකින් දාන්නම්කෝ.........
මම මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න බලන්නම්කෝ.උදාහරණයක් ගන්නම්.ඒ තමයි මනුෂ්පයේක්... ඈ ඒ මොකාද....... ? මිනිහෙක් අනේ.....මිනිහෙක්...
මිනිහාත් පරිගණකයට සමාන කරන්න පුලුවන්....ඒත් බෑ.. මම පස්සේ බැරි ඇයි කියලා කියන්නම්.... යම් යම් දත්ත ගන්නවා.... ඒ කොහෙන්ද?
හරි බලමු.. ඇසෙන් මොනවාද ගන්නේ රූප......... ඒ දත්තයක්....... කන් දෙකෙන් ගන්නේ...... ශබ්දයක්.... ඒත් දත්තයක්........ නාසයෙන් ගන්නේ.......... ගද සුවද........... ඒත් දත්තයක්........ දිවෙන් ගන්නේ...... රස ...... ඒකත් දත්තයක්............... සමෙන් ගන්නේ........... ස්පර්ශය..... ආ අන්න ඒකත් දත්තයක්........ තේරුණාද............
පරිගණකයේත් මේ කාර්යය කර ගැනීම සදහා තිබෙන උපකරණ වලට අපි කියන්නේ දත්ත ඇතුලත් කිරීමේ උපාංග (Input Device) කියලා........... මොනවාද ඒ උපාංග

  • Key Board
  •  Mouse 
  • Microphone
  • Web Camera
  • Scanner
  • Light Pen
  • Bar Code Reader

මේ දත්ත ගත්තාට විතරක් මදි මිනිහා ඒවා විශ්ලේෂණය කරනවානේ... ඒ දත්ත හදුනා ගන්නවා..... විවිධ ප්‍රතිචාර දැක්වීමට කලින් යම් කාර්යයක් සිද්ධ වෙනවානේ. අන්න ඒ ක්‍රියාවලීන්ට උදවු වෙන උපාංගයක් තියනවානේ.. මොනවාද ඒ...... මොළය.... ස්නායු පද්ධතිය... මේවා හැමොටම තියනවානේ...... (මේක භාවිතයේ ගැටළුවක් තමයි තියෙන්නේ. නේද. සමහර අයගේ මොළය , බ්‍රෑන්ඩ්නිව්...... කෝටි ගානකට විකුණත හැකි........ පාවිච්චී කරලාම නෑ. )හරි අමතර මාතෘකාවෙන් පිට පැන්නා.




පරිගණකයේත් තියනවා මේ දත්ත හා උපදෙස් ඇතුල් කර පසු ඒවා විශ්ලේෂණය කරන ක්‍රියාවලියක්.. අන්න ඒ ක්‍රියාවලිය හදුන්වන්නේ Processing කියලා..... මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන සෑම උපාංගයක්ම අපි Processing  Device කියලා හදුන්වන්නේ......
 මොනවාද ඒ....... 
  • Microprocessor
  •  VGA Card/Sound Card
  • RAM
  • Modem
  • TV/Radio/Network Card
  • Mother Board
ඉතින් මේ දත්ත මිනිසා ලබා ගෙන ඒවා තොරතුරු බවට පත් කර ගන්නවානේ.. මේ ක්‍රියාවලීන්ගෙන් පසු තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පිටතට ලබා  දෙනවා... විවිධ ප්‍රතිචාර මගින් ..... කටින් ශබ්ද ලෙස..... ඉරියව් මගින්.... තව තව ගොඩාක් තැන් තියෙනවා... ඒවා දන්නවා ඇතිනේ..... ශරීරයෙන් පිටතට දමන තැන්... ඕන් මං වැරදි දෙයක් කීවේ නෑ.. ඔයාලයි හිනා උනේ.......

පරිගණකයේත් මේ තොරතුරු පිටතට ලබා දෙන උපාංග හදුන්වන්නේ Output Device කියලා. බලමු මොනවාද කියලා...... 
  • Monitor (Stranded Output Device)
  • Printer
  • Speaker
  • C.C.V.P (Computer Connecting Video Projector/ Multimedia Projector) 
දැන් තේරෙනවානේ මේ උපාංග ටික......
හොදයි බලමු... තව වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකක්ද?
පොඩ්ඩක් ඉන්නකෝ කියන්නම්....  ඒ තමයි සමහර දේවල් අපි මතක තබා ගන්නවානේ..... හරි මෙහෙම කියමුකෝ බලන්න... අපි වර්තමානය තුල ජීවත් වෙනවාවනේ.. 
ඔව් ඒක ඇත්ත..
ඉතින් අපි විවිධ ඉන්ද්‍රියන්ගෙන් ගන්න දත්තයන් ටිකක් වෙලා මතක තියා ගන්නවානේ...... ඒ කියන්නේ උඩු සිතේ. මේ මතකය තාවකාලිකයි. හිතන්ඩකෝ.. ඔයා බස් එකට නැංගා කියලා. ඔයා ඉදගන්නවා වීදුරුවක් ළග.... බස් එක යද්දී ඔයාට විවිධ රූප පේනවානේ. ඔයාට ඒ රූප දැක්ක ගමන් එක එක සිතුවිල පහළ වෙනවා. සමහර ඒවා හොද ඒවා........ සමහර ඒවා නරක ඒවා... නෑ වගේ ඉන්න එපා. අපි මනුෂ්‍යයෝනේ ඒවා කාටත් පොදුයි....... හරි මම කියන්න හැදුවේ... ඔයා රූප කියන දත්තයන් ගන්නා විට ක්ෂණිකයෙන් ඒවා අදුන ගන්නවා.. ඒ කියන්නේ Processing වෙනවා.. ඉතින් මේ දත්තයන් මතක තියෙන්නේ ඉතා කෙටි කාලක්නේ. සමහර වෙලාවට ඔයා ගමන ඉවර වෙලා බස් එකෙන් බහිද්දී කිසිදෙයක් මත නෑ.... ඒ තමයි තාවකාලික මතකය. සමහර දේවල් ඔයාට මතකයි.. මොකද ඔයා උවමනාවෙන් ඒ පිළිබද අවධානයෙන් බලපු හින්දා.... ඒ කියන්නේ සමහර දත්ත ඔබ තැන්පත් කරගෙන තියෙනවා.
ඉතින් පරිගනකයෙත් ඒ ප්‍රධාන කොටස් දෙක තියෙනවා. මේකට කියන්නේ Storage Device කියලා...... තේරුණා නේද...
පරිගණකයේ තියෙන තාවකාලික මතකය තමයි.. RAM (Random Access Memory) මේකේ විශේෂත්වය වන්නේ අප පරිගණකයේ වැඩ කරන අවස්ථාවල දත්ත තැන්පත් කර ගන්නේ  මෙම උපාංගයේ නිසා. විදුලිය විසන්ධි කර පසු මෙහි මතකය මැකී යනවා. Primery Storage Device එක ලෙස හදුන්වන්නෙත් මේකම තමා.... ඉතින් මේ  සමහර දේවල් අපි තැන්පත් කරනවානේ පසුව ගන්න . ඒවා තමයි. Hard Drive එක.
මේ හැම එකක්ම අපි පොදුවේ හදුන්වන්නේ Storage Device කියලා..... තේරුණා නේද... ?
මීට අමතරව අපි සමහර දේවල් තැන්පත් කරන තැන් තියෙනවානේ. පොත් පත් වල....... වර්ථමානයේ දුරකථන වල.... සමහර වෙලාවට තවකෙනෙකුට මතක තියා ගන්න කියලාත් කියනවානේ........ ඒ වගේ තමයි පරිගණකයෙත් ඉහත සදහන් කළ ආකාර දෙකට අමතරව තව දේවල් තියෙනවා. ඒ තමයි
  • CD (Compact Disk) නම්‍ය තැටි.. DVD
  • Flash Drives( Pens)
  • External Hard Disk
ඒවායින් කීපයක්...... ඔන්න අද කතා කළේ පරිගණකයේ මූලික දේවල් ටිකක්. ඊළග ලිපියෙන් බලමු පරිගනකය පද්ධතියේ  ප්‍රධාන පාර්ශවයන් 3 මොනවාද කියලා... 
එහෙනම් සුභ දවසක් වේවා...........

1 comment: