Thursday, September 6, 2012

පරිගණක පරම්පරා.....................

සෑම කෙනෙකුටම වාගේ තමන්ට අදාල පරම්පරාවක් තියනවානේ.සමහරු පරම්පරාව ගැන කතා කරන්න අකමැත.. අනේ මහලොකු පරම්පරාව... කියා පරම්පරාව ගැන කතා කරද්දී කියනවානේ ඒ අය.. තවත් අය උජාරුව ‍ඇද බානවානේ. මගේ පරම්පරාව මෙහෙමයි මෙහෙමයි... බ්ලා බ්ලා බ්ලා ..... එවා අහනවා තියා එ පැත්තට යන්නවත් හිතෙන්නේ නෑ.. මොන මගුලක්ද. උගේ පම්පෝරිය බං.. කියලා අපි වගේ පංපෝරියෝ ආශ්‍රයෙන් ඈති කරනවානේ...
එහෙම එකෙක් කට ඇරිය ගමන් අපි කියන්නේ ආං අරු නයි අරිනවා .. කියලානේ.. එක්කො ඌ කතාව නතර කරනවා. නැත්නම් හොදවයින් ලුණු ඇඹුල් ඇතිව හොදට පරම්පරාවම හැදිගාගන්නවා....... 


මම දැන් කියන්න යන්නේ ඒ පරම්පරාවක් ගැන නෙවේ.. මම අද කියන්න යන්නේ අද කාලයේ නැතිවම බැරි පරිගණකයේ පරම්පරාවයි.. මෙය ඉතා රසවත් කතාවක්.අද තියෙන පරිගණකයට පැමීණීමට පෙර සිට පරිගණකය පසුකර ආ පරම්පරා ගැන තොරතුරු ටිකක් කියන්න කියලා හිතුවා........ මේකට ගොඩාක් ලොකු පරම්පරාවක් නෑ

මේකේ පරම්පරා පහක් තියෙනවානේ.. අද ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන.
  1. පළමු පරිගණක පරම්පරාව (First Generation Computers)
  2. දෙවන පරිගණක පරම්පරාව (Second Generation Computers)
  3. තුන්වන පරිගණක පරම්පරාව (Third Generation Computers)
  4. හතරවන පරිගණක පරම්පරාව (Forth Generation Computers)
  5. පස්වන පරිගණක පරම්පරා (Fifth Generation Computers)

අපේ පරම්පරාව ගැන මතක තියාගන්න සෑහෙන අමාරුයිනේ.. ඒත් මේ පරම්පරාව පිළිබද මතක තියා ගන්න එක මාර ලේසි.. මොකද හොදවෙලාවට මේකේ වාසගම් එහෙම නෑනේ.. එක,දෙක,තුන,හතර,පහ කියලා මතක තියා ගත්තානම් හරි.. ඉතින් මෙකේ අත්තා, මුත්තා, කිත්තා, කවුද කියලා හදුන ගන්න ඕනෙනේ..

පළමු පරිගණක පරම්පරාව (First Generation Computers) (1939-1954)...... 

ඒ කියන්නේ දැන් පවතින පරිගණකයේ කිත්තා හිටපු කාලය... ඒ එක්දාස් නවසිය බර ගණන් වල...හොදයි කවුද මේ නත්තා..... ඒ තමයි රික්තක නළ (Vacuum tube) . 


මම කලින් ලිපියේ කීවා වගේ පොඩ්ඩක් විස්තර හොයා ගමු. මෙහි අඩුපාඩු වශයෙන් අධික ලෙස විදුලිය වැයවිමත් විශාල ඉඩ ප්‍රමාණයක් වැය වීමත් හදුන්වා දිය හැක.තවද අධික උෂ්ණත්වය නිසා මෙම රික්තක නල දැවීයාමත් නිතර නිතර මෙම නළ මාරු කරන්නට වීමත් ප්‍රධාන අඩුපාඩුය.

  • 1937 දී ජෝන් වී ඇටනසොෆ් (John V. Atanasoff) විසින් ප‍්‍රථම සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිගණකය (digital electronic computer)සැළසුම් කළේ මෙ නළ යොදාගෙන..

  • 1934 ඇටනසොෆ් සහ ක්ලිෆර්ඞ් බෙරී (Atanasoff and Clifford Berry) අර්ධ වශයෙන් නිම කළ ABC  පරිගණකයේ තිබුණෙත් මේ රික්තක නළ.

  • 1944 නාවික හමුදාව සඳහා "ASCC හෙවත්  Mark 1"නම් වූ යාන්ත‍්‍රික පරිගණකය(Mechanical computer)හොවර්ඞ් අයිකන් (Howard Aiken) විසින් වැඩි දියුණු කරන ලදි.

  • 1945 ENIAC  පරිගණකය නනිර්මාණය කළේද මේ නළ භාවිතා කරගෙනයි

  • 1948 Harvard Mark iii ලෙස නම්කළ  රික්ත ටියුබ් 5000 ක් යොදා  ඉලෙක්ට්‍රොනික පරිගණකය (Howard Aiken) හොවර්ඞ් අයිකන් නැවත අළුත්වැඩියා කිරීමත්. වැදගත් මංසංදී කීපයකි.

දෙවන පරිගණක පරම්පරාව (Second Generation Computers) (1954 - 1959)...

ඒ කියන්නේ මුත්තා.. කවුද ඒ...... නෑ නෑ බයවෙන්න එපා එක තමයි ට්‍රාන්ස්සිස්ටර් (Transistor).  

මෙක හොයා ගත්තේ ඒ කියන්නේ නිපදවූයේ බෙල් විද්‍යාගාරයේ විලියම් ෂොක්ලේ (Willian Shockley), ජෝන් බාඩීන් (John Bardeen ) සහ  වොල්ටර් බ්‍රාට්‍රේන් (Walter Brarttain)යන අය විසිනි...මෙ නිසාම ඔවුන් 1956 භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය..

මෙම ට්‍රාන්සිස්ටරය ප්‍රමාණයෙන් කුඩා වූ අතර එය දෙවන පරම්පරාව නිපදවිය. දෙවන පරම්පරාවේ පරිගණකයෙන් තත්පරක් තුළදී ගණිත කර්ම 2000,000ත් 250,000 අතර ප්‍රමාණයක් විසදිය හැකිය. අඩු විදුලි බලයක් භාවිතා වීමත් පුමාණයෙන් කුඩා වීමත් නිසා දෙවන පරම්පරාවේ පරිගණක වල දක්නට තිබූ ප්‍රධාන ලක්ෂණයන්ය.

තුන්වන පරිගණක පරම්පරාව.( Third Generation Computers) (1959 - 1971)...

මීළග පරම්පරා ව ඒ කියන්නේ අත්තාගේ පරම්පරාව.. ඒ කියන්නේ පරිගණකයට Integrated Circuits භාවිතා කිරීම මෙයා ගැන නම් ඔයාලා හැමෝම අහලා ඇති .. මොකද ‍අපේ භාවිතයේ තියෙන්නේ IC කියලානේ.. මේකට අපේ සිංහල භාෂාවෙන් කියන්නේ සමෝධානිත පරිපථ එහෙම නැත්නම් අනුකලිත පරිපථ කියලා.. අම්මෝ... දිවත් උළුක් වෙනවා. 
 මේ පරම්පරාවේ ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ පරිගණකයට දත්ත ඇතුළු කරන්න යතුරු පුවරුවක් හා දර්ශකය (Key Board & Monitor ) භාවිතා කිරීමයි. මුල් කාලයේ පරිගණක වල IC  අඩු ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් තිබූ අතර මේවා හැදින්වූයේ SSI(Small Scale Integration) කියාය. 

පසුව මේවා වැඩිදියුණු කරණ ලදී . මේවා පිළිවෙලින්

MSI( Medium Scale Integration)
LSI( Large Scale Integration)
VLSI( Very Large Scale Integration)
ULSI ( Ultra Large Scale Integration)   ලෙස වැඩිදියුණ කිරීමෙන් පසු නම් කරන් ලදී.

හතරවන පරිගණක පරම්පරාව (Forth Generation Computers) (1971 පසුව අද දක්වා) .......

දැන් කියන්න  යන්නේ වර්තමාණ පරම්පරාව ගැන... මේ පරම්පරාවේ තිබෙන්නේ මයික්‍රොප්‍රොසෙසර් (Microprocessor) යි. දැනට මම ලින්ක්  එකක් දාන්නම් පසුව මම එය වෙනත් ලිපියකින් විස්තර කරන්නම්කෝ.මේන්න ලින්ක් එක
 
පස්වන පරිගණක පරම්පරාව ( Fifth Generation Computers)

මෙය අනාගතයේ පැමි‍ණෙන පරම්පරාවයි.මෙයට කියන්නේ කෘත්‍රිම බුද්ධියයි. artificial intelligence ලෙස හදුන්වනවා.. දැනටමත් මෙයට ගැළපෙන පරිගණක පැමිණ පවතී.අනාගත‍ ලෝකයේ පවතින තාක්ෂණය මෙලෙස පස්වන පරිගණක පරම්පරා ලෙස හදුන්වනු ‍ලැබේ.. ‍

මට මතක් වුණා Film එකක්  IROBOT. මේ කෘත්‍රිම බුද්ධිය පිළිබද කියවෙන ඉතාමත් ලස්සන  Film..හොයාන බලන්නකෝ...............

අදට ඇති...... එහෙනම් ජයවේවා..........

No comments:

Post a Comment