Wednesday, September 26, 2012

හුරු සිනහා සිතින් ඔබ ඉන්නවානම්



දන්නෙම නැතිව කරුවලත් වැටුනා.. මට නොදෑනීම කාලය ගෙවුන ඉක්මන.. මම පැය 3කට වැඩිය කල්පනාවේ ඉදලනේ.ලෝචනා සමග මා සිටියේ සුන්දර කතා බහකය.. හදීසියේ නොනවත්වා ඇසුනු සීනු නාදයෙන් තිගැස්සුනු මම කළුවරේම අත පත ගා කාමරයේ බල්බය දැල්වා දොර ළගට ගියේ  හිතේ වෛරයද කැටි කරගෙනය.ඒ මාගේ හා ලොචනාගේ ලෝකය සුනු විසුනු කල බැවිනි....

ගෙදර කවුද............. සුපුරුදු හඩකින් පවසා.. නැවත දොරට ගැසීය..


පොඩ්ඩක් ඉන්න... මම එනවා... තවමත් මගේ පියවි සිහිය පැමිණි නොතිබු බැවින් සෙමින් ගොස් දොර අගුළු ඇර අවේලාවේ පැමිණි අමුත්තා කවුද කියා බැලුවෙමි...

ලෝචනා ඔයා............................

ඔවු තීක්ෂණ මම ............ මම මේ හදීසියේ අවේ............

එන්න ඇතුළට ඇවිල්ලාම කතා කරමු..හැඩි දැඩි සිරුරකින් යුත් අවු 25 කට නොවැඩි තරුණයකු සමග ලෝචනා මේ වෙලාවේ පැමීණිම මට අදහා ගන්නට නොහැකි විය.......

ඉතින් ලෝචනා වාඩි වෙන්න........ මම මේ පොඩ්ඩක් හාන්සි වෙලා හිටියේ...... අද දවසම වැඩ කරලා මහන්සි නිසා පොඩ්ඩක් නින්ද ගියා....... ඇයි ලෝචනා මේ වේලාවේ......හැඩි දැඩි පුරුෂයාගේ මුහුණ දෙස බැලූ මම පැවසූවෙමි.

තීක්ෂණ අද ආවේ මගේ වෙඩින් එක ගැන කියලා යන්න....... මේ මම බදින්න ඉන්න කෙනා........ සුමේධ....තරුණයා දෙස හැරුණු ලෝචනා මට ඔහු හදුන්වා දුන්නාය..

එහෙමද සන්තෝසයි........ හමුවීම සතුටක් සුමේධ......... මම තීක්ෂණ....... ලෝචනා පොඩි කාලේ ඉදන් දන්න කෙනෙක්...... මගේ සහෝදරියක් වගේ ....... ලෝචනාට හරියනවා කියන්නේ ඒක මගේ සතුටක්........... හදීසියේ පැවසූ වදන් නිසා කැළඹුණු මම දුක හිතේ තියාගෙනම .............

ලෝචනා  තීක්ෂණ ගැන කියලා තියෙනවා...........

හ්ම් සෑහෙන කාලයක් තිස්සේ අපි හොදින් අදුනනවා............. ලෝචනා මොනවා හරි බොනවාද.......

නෑ එපා තීක්ෂණ අපිට ඉක්මනට යන්න ඔනේ. අපි මේ වෙඩින් කිට් එක තෝරන්න නුවරට යන ගමන් ආවේ... තව වැඩ ගොඩාක් තියෙනවා. තව සතියයිනේ වෙඩින් එකට..... එහෙනම් තීක්ෂණ මෙන්න කාඩ් එක.... අනිවාර්යෙන්ම එදාට එන්න  ඕනේ...... මොකද මගේ හොදම යාළුවා ඔයා නිසා........ 

අනිවාර්යෙන්ම මම එනවා..... ලෝචනා........... 

එහෙම් උදවුවක් ඕනේ නම් මට කියන්න. කරන්නම්.... 

අනේ තෑන්ක්ස් තීක්ෂණ ඔයා එදාට එන්නකෝ..... 

එහෙනම් අපි යනවා... වැඩ ගොඩාක් තියෙනවා.එහෙනම් තීක්ෂණ අපි යනවා. අනිවාර්යෙන්ම එදාට එන්න...

හොදයි සුමේධ...... මම අනිවාර්යෙන්ම එනවා.....

සුමේධ හා ලෝචනා බයික් එකේ නොපෙනී යන තෙක් බලා සිටි මම ලෝචනා දුන් කාඩ් එක දිග ඇරියේ හිතේ දුකකිනි.....මටත් නොදැනීම මගේ දෑසට නැගුණු කදුළක් ගලා විත් කෙමෙන් බිමට පතිත විය.මම ඇදෙහි හාන්සි වි... වෙඩින් කාඩ් එක දෙස ඕනෑකමින් බැළුවෙමි..

ඇයට මෙතරම් ඉක්මනට මාව අමතක කිරීමට හැකිවීම මටත් පුදුමයකි.. එයට  ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ ඇයගේ මව දැඩි අසනීප තත්වයේ පවතින බැවිනි.කුමක් වුවත්. තවමත් මම ඇයට පෙම් බැදි බැව් මට තේරිණි.. කුඩා කාලයේ ගත කල ආකාරය චිත්‍රපටයක් සේ  මැවී පෙනෙන්නට විය.. 

ලෝචනා උසස් පෙළ සමත් වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගිය පසු මම ඇයගෙන් ඈත් වන්නට විය.. හිතේ තිබුනු ආදරය කොතෙක් ඇයට කී මුත් එයට අවස්ථාවක් මගේ ආදරය පවත්වා ගෙන යන්නට අවස්ථාවක් නොවුනේ ඇයගේ දෙමාපියන්  මට අකමැති වූ බැවිණි..ඇය දැන් උපාධිය හදාරා  රැකියා අපේක්ෂිත වු ඇය. ගෙදරින් සොයා දුන් පුද්ගලයකු හා නිතර දෙවේලේ එහා මෙහා යන බව  මට දැන ගන්නට ලැබිණේ මීට මාස 2කට පෙරය..

නමුත් ඇය මට පැවසූවේද නැත.....ඇය මට මෙය හෙළි කිරීමට උත්සහ නොදැරුවේ මන්දැයි තවමත් මට තේරෙන්නේ නැත.. කෙසේ වෙතත් අද වන තුරු මම ඇයට පවතින ආදරය අඩුවක් නොකළේ ඇයට මම මුළු හදවතින්ම ආදරය කරන බැවිණි..කෙසේ වෙතත් මම ඇයට වෛර නොකරමි.. මට ඇයගේ ආදරය නොලැබුණත් ... ඇය සතුටින්  සිටිනවා දකින්නට මම පෙළඹුනෙමි..දින දෙක තුන ගෙවී ගියේ ඇයගේ මතක සටහන් අනුවය....... මම  වැඩට ගොස් නැවත ගෙදර පැමිණ මුහුණ කට සෝදා ගුවන් විදුලි යන්ත්‍රය දමා පොතක් බැලීමට  එළියේ වු පුටුවෙහි වාඩි වුනෙමි..අළුත් ගී වාදනය වන වැඩසටහනේ අද අළුතින් ම හදුන්වා දෙන ගිතයක් වාදනය වන්නට විය.

මගේ හීනයේ ළග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ  දැවටෙන්නට මගේ උණුහුම මදි විදෝ
ආදරේ මටනම් ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම් ඇයි කදුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දග කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුනු හැටි මා මෙතරම්
හිත හඩන තරම් 
ඔබ දන්නවානම් 
තව කදුලු දිදී දවන් නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගේ හීනයේ......

නොමියෙන මල් මතක පෙති 
එක එක බිද දැමුව හැටි
නෙතු අග තෙත රැදුන නිතී
මගේ වරදම වෙන්න ඇති.
හුරු සිනහා සිතින් 
ඔබ ඉන්නවානම්
තව කදුලු කතා පවසන්නෑ
මේ කදුලු මගේ දැන් දුක නෑ

මගේ හීනයේ ලග ඉන්නට

එහි වූ වචන ඛන්ඩයකට මගේ සිත බැදිනි....... හුරු සිනහා සිතින් ඔබ ඉන්නවානම් තව කදුලු කතා පවසන්නෑ.. ....... .ඇත්ත ඇය සතුටින් සිටින විට මගේ දුක පහවේ.මක්නිසාද යත් මම බලාපොරොත්තු වන්නේ ද ඇයගේම සතුට බැවිනි.. කෙසේ වෙතත් ගීතය මගේ ජීවිත කතාව නියෝජනය කරන බැව් මට දැනෙන්නට විය.. මම ඇය කෙරේ බැදී ආදරය මත සදා අමතක නොකරමි......... මේ දුක තිබූ මුත් ඇයට මෙය පෙන්වන්නට උත්සහ නොකලේ එයින් ඇය දුකට පත්වේය යන බියෙනි..


කෙසේ නමුත් මම ඇයගේ මංගල උත්සවයට සහභාගී වි ඇයගේ යුග දිවියට මුළු හදින්ම සුභ පැතුවෙමි.. නමුත් හදේ කොනක කොතැනක හෝ ඇය ගේ සුන්දර වූ මතක සටහන් සමුදායක් තැන්පත් වී හදවත පාරන බැවින් මගේ දිවියේ  ඇය කෙරේ ආදරය දවසින් දවස  ක්ෂය නොවනු ඇත.................ඇයගේ සතුට මගේද සතුටයි....


රංගමධූ

3 comments:

  1. ම්ම්ම්.. හොඳ ලිපි ටිකක්.. එත් කමෙන්ට් කරන්න නම් ටිකක් කරදරයි වගේ..වෙරිෆිකේෂන් නිසා..

    ReplyDelete
  2. ස්තූතියි.. ඔබ‍ගේ අදහස් දැක්මට........

    ReplyDelete
  3. මරේ මරු

    ReplyDelete