add

add

Saturday, September 8, 2012

ගලන ගගකි ජීවිතේ.............




හෝලට් එකෙන් හෝල්ට්
එකට
මරු වෙවි
හති ඇර ඇර
දන ගාගෙන
බඩ ගාගෙන
දෙපය යොදා මහ කදු නැග
යන්නේ කොයි දෙසටද
කියා නොදන්නා
මම.......
කදු මුදුනක් වැනි යමකට
නැග බැලුවෙමි
ලෝකය දෙස......
සුන්දර මුත් පිට පෙනුමට
යටින් පෙනේ පොඩි පොඩියට
කෑ ගසනා මිනිසුන් රැළ
උන් කියනා දේ කුමක්ද
හඩ ඇසුනා යාන්තමට
දියව් දියව් අපිට දියව්
අපේ වැටුප අපිට දියව්
ඇසේ මට මර හඩ දී කෑ ගසනා
ඒ ගොර හඩ
තව තැනක පිහි ඇනුමකි
දෙදෙනෙකු හට මරණය දී

තවත් තැනක‍
පොඩි කෙල්ලක
අනාගතය ඉල්ලමින්
සිගමන් යදී
ලෝකයෙන්....

සමාජයේ  අතු ගංගා
වැටෙන තැනත්
මටද පෙනිනි
එතැන සිටපු
උතුමන් ටික
තම දිවි දී බේරාගයි
මිනිසුන් ටික
වැටෙන්නට නොදී මූදට
බේරුණු අය පිළිම තනයි
අර මිනිසුන් වදී පුදයි

ඒ අය කළ සේවාවත්
අගය කරයි. හොදම කියයි
මිය ගිය පසු උතුමන් ටික
අමතක වෙයි කළ කී දෑ

ටික කළකින් නැවත ඔවුන් සමාජයේ ගංගාවේ
පීණා යයි පෙර පරිදිම
ගලන ගගක ජීවිතේ
කිය කිය මහ උජාරුවට..........
                                          
රංග මධු

No comments:

Post a Comment