Saturday, March 29, 2014

අවසන් බුද්ධ වචනය

මට කවියක් හම්බ වුනා.... මට හිතුනා මේ කවියටම මාත් කවි ටිකක් එකතු කරොත් හොදයි කියලා....


ඇයි ආනන්ද ඔබ ඔය හැටි         අඩන්නේ

හැඩුවට කවුද ලොව නොමැරී      සිටින්නේ

මරණය සමගමය මිනිසා             උපන්නේ

බුදු වුන දා ඉදන් මම මෙය           කියන්නේ

 ---------------------------------------------------------------------------------------------------------------------------

අප්පමාදෝ අමත පදන්
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තානමීයන්ති
යේ පමත්තා යතා මතා

සසරේ නිසරු බව ඔබ හොද හැටි        උගත්ත
තේරම ලොවේ පවතින සැම දේ       ඇත්ත
පැවසුවේ මම තුන් ලොව පවතින      සත්ත
ආනන්දයනි සිතන්න මේ දේ            මත්ත


ඇතිවන සැමදේම නැතිවී             යන්නේය
උපදින විටම මරනය පසු             එන්නේය
ඉක්මන් වෙන තරමට සුව            එන්නේය
සසරෙන් එතරට යා හැකි             වන්නේය.

දුක් කරදර පොදි බැදගෙන අපි       සැවොම
සසරේ සැරි සරන හේතුව              දන්නේද
එක හේතුවයි මා කිවුවේ               සැමදාම
තණ්හාවය එය මතකෙට           එන්නේද

මගේ පිරිනිවන දුක ගෙන        එන්නේනම්
ඔබ එය අවබෝධ කර ගත       හැක්කේනම්
ඔබ හට දුක දැන ගන්නට             පුළුවන්නම්
අවබෝධය කර ගන්න ආනන්ද       දැන්නම්

ආනන්දයනි ඔබ මතකේ           පවතින්නේ
ධර්මය හොදින් අවබෝධය       කරගන්නේ
කිව්වට වැඩක් නෑ එය සැම        විට දන්නේ
අවබෝධය තමයි මම  වැඩදායී        වන්නේ

                                                                                                                ගිමන් නිවන නම්තෙර

Wednesday, March 26, 2014

සවුසිරියෙන් ඉතිරේවා..


මහනෙල් මල් පෙති විලසට
ඇගේ මුහුණේ දිදුලයි නෙත
සද මඩලක් පරදන ලෙස
ඈ පෙනේවි හද විල මැද

ලොව සරනා මද පවනේ
ගැටෙයි නිබද ඇගේ වරලේ
විහිදෙන මෘදු කෙහෙරැල්ලේ
සුවය ලදිමි මා සිතුසේ

චන්ඩ කිරණ හිරැ අඹරේ
කඩා හැලෙන රෑස් දහරේ
හෙළනු එපා හිරු රැස් කැන්
සියුමැලි ඇගේ වත කමලට

කිසිදින ඇය යනෙනා මග
හෙළනු එපා බාදක රැස
ඇය පතනා විසලට සැම
ඉටු වේවා නිබද සැවොම

සතුට සපිරි අනාගතේ
ඉසුරු නිබද පැතිරේවා
ඒ ඉසුරින් ඇගේ ලොවම
සවුසිරියෙන් ඉතිරේවා...


                              ගිමන් නිවන නිම්තෙර....

Monday, March 24, 2014

කිරිල්ලිය


කිරිල්ලියක් පියාවිදා
සැරි සැරීය ගුවන පුරා
කිරිල්ලිගේ ගමන බිමන
තාලය හද බැදුනි පුරා

ලස්සන අත්තටු සලමින්
ලස්සන ගී මිමිණවීය
මටත් හොරෙන් හදේ කොනක
සිතුවිල්ලක් පැන නැගීය

කදු මුදුනක කුඩු තනා
කෑම සොයා මෙහි එන්නා
කෑම රැගෙන ආපසු එන
අටියෙන් පියඹා යන්නා

කිරිල්ලි මගේම කරගන්න
සැරසුනි දිනකදි සතුටින
කිරිල්ලි මහ හඩක් නගා
කෑ ගසලා මෙලෙස කීය

මා අතහැර දමන් සගය
මට ඇත හිමි කරුවෙකු සොද
සැකයක් නෑ ඒ ගැන මට
යන්නට දෙනු මැනවි මෙමට..
                                                                                             
                                                                                              ගිමන් නිවන නිම්තෙර

මනෝ පුබ්බංගමා ධම්මා




මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්තේන
භාසතිවා කරෝතිවා
තතෝ නං සුඛමන්චේති
චයාව අනපායිනී
                                යමක වග්ගය 2 ගාථාව

කෙනෙකුගේ සෙවනැල්ල මෙන් පසු පස එන්නේ
කුලසය පමණි මහණෙනි එය දැන ගන්නේ
අප කල පිනත් එලෙසයි අප හමු වන්නේ
කුසලය අපේ ජීවිතයම බබලන්නේ

මනසෙන් සිතා අප කරනා හොද සැමදේම
අයත් වෙනවා මේ කුසලෙට සැමදාම
සසරෙහි ගමන කෙටි කරනා අප සැවොම
කරනට ඕනේ පින් පමණක් සැමදාම

මට්ටකුන්ඩලිය දෙව්ලොව ඉපදෙන්ට
චුතිසිත තමයි මුල් වුනේ එහි ඉපදෙන්ට
මිනිසුන් කරන කියනා දෙය අන්තිමට
සිහියට නැගෙනවා මහණෙනි දැනගන්ට
                           
                                       ගිමන් නිවන නිම්තෙර

Sunday, March 23, 2014

අක්කොච්ඡි මං අවධි මං


අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති
වේරං තේසං න සම්මති
                           ෴යමක වග්ගය 3 ගාථාව෴

වෛරය සංසිදුවනා බෙහෙතයි කියන්නේ
මහණෙනි සියළු දෙය අතහැර අප යන්නේ
අල්ලාගෙන සිටිනා විට දුක් බෝ වන්නේ
කවදාවත් සසරේ ගැලවීමක් නොම දන්නේ

මට බැන්නේය ගැසුවේයැයි කියමිනනේ
වෛරය පසුපසින් ඇයි ඔබ එළවන්නේ
අනෙකා එක්ක වෛරය බැදුනොත් වන්නේ
ආපසු සසරේ සැරිසරන්නමයි වන්නේ

මෙත් සිත පතුරුවා ලෝතලයටම සිතින්
කලයුතු දේ ඒකයි අප සැවොම අතින්
වෛරය අතහැරලා සහයෝගයෙන් නිතින්
සසරෙහි සැපත අත්කරගනු මහණ සොදින්

                         ගිමන් නිවන නිම්තෙර



මනෝ පුබ්බංගමා ධම්මා


මනෝ පුබ්බංගමා ධම්මා 
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං දුක්ඛමංවේතී
චක්කංච වහතෝ පදං
                                   යමක වග්ගය 1 ගාථාව

අපමණ දුකකි ගොනකුට විදිනට වන්නේ
උගේ වේදනාවෙන් ගත වේහෙසී දියවන්නේ
බර වැඩි කියා අත් හරින්න බැරි වන්නේ
බැරිබර තියන් කසයෙන් ගුටි කෑමට වන්නේ

ගොනෙකුගේ පසුපසින් එන්නා රිය සක මෙන්
අප කරනා පවු පලදේ නොමසු ලෙසින්
දුක් විපාක ලැබ සසරෙහි සරන ලෙසින්
ඉන්නට වේය මහණෙනි දුක් මිසු විලසින්

මහණෙනි මේ වචනය ගැන සිතමින්නේ
පව් කරමින් සසරෙහි නොම සරන්නේ
පමා නොවී  සසරින් එතරට යන්නේ
මාවත මෙයයි ඔබටත් එය හැකිවන්නේ...

                                                              ගිමන් නිවන නිම්තෙර

Thursday, March 20, 2014

ආදර වන්නම්

නුවන් දෙනුවන්
ලවන් හසකැන්
තනයි ලෝකය මනරම්

හසන් දෙලවන්
රුවන් කැල්මෙන්
නගයි සවනත සැනසුම්

අගුන් පුල්වන්
සදුන් ගල්වන්
කරයි හදවත සොරකම්

මලයි කැකුළයි
නටුයි බඹරුයි
නටයි ආදර වන්නම්....

ගිමන් නිවන නිම්තෙර 


Wednesday, March 19, 2014

අකුරු සතර....ගැන ෆීලින්... LOVE


අපට අපි කැමති දේ හම්බ වෙන්නේ බොහෝම අඩුවෙන්.. ඒත් අපි අපේ ජීවිතයට වෛර කරන්න හොද නෑ.. මොකද අපිට මේ හම්බ වෙලා තියෙන ජීවිතය ගොඩාක් වටිනවා.. මම මෙහෙම එකපාරට කියන්න විශේෂ හේතුවක් හින්දා.. ඒක මේ ලිපිය කියන් යද්දි හම්බ වෙයි...

මට මේ ලගදිම ෆීල් වුනා සින්දුවක්...

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස 
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්


අහලත් ඇතිනේ.. මට ළගදී ෆීල් වුන සින්දුවක්.. ලස්සන අරුතක් නේ...  කොච්චර කොල්ලෝ කෙල්ලෝ හිටියත් හිතට වදින.. මොකක් දෝ කියා ගන්න බැරි මේව්වා එහෙකින් හිත හිර කරනවා.. (මේක අපි හැමෝටම පොදුයිනේ..නෑ වගේ ඉන්න එපා)

ඒ ෆිලින් එක කොච්චරද කිව්වොත් අනේ මන්දා... සෙනෙහස.. ආදරය .. වචන අරුත සොයන මට්ටමට පෙළබෙනවානේ.. අපිට ඇතිවන මේ විපර්යාසය වචනාර්ථ දෙන්න බොහොම අසීරුයි.. මොකද සිංහල ශබ්ද කෝෂයෙත් වචන හොයා ගන්න බෑනේ.. මම කලින් ලිපියකදීති කිව්වා ආදරෙයි කියන්නේ මොකක්ද කියලා .
එක එක්කෙනා නිර්වචනය කරනවා එක එක විදිහට.. 

කෙල්ලෝ ගැන අදහස් ටිකක් මගේ යාළුවන්ගේ තියරිය අනුව කියන්නද...
නම් ගම් කියන්නේ නැතිව කියන්නම්කෝ ටිකක්...

අපි යාළු උනොත් අක්කේ එක්කෝ ඒකිට කොල්ලෙක් ඉන්නවා..එක්කෝ වයස වැඩියි.. (මේක කියපු එකා නම් දැන් මට බනීද දන්නේ නෑ,)

අනේ බං බොක්කෙන්ම කරත් බං කෙල්ලෝ විශ්වාස කරන්න බෑ...

අපෝ කතා කරන්න එපා .. ඔය සබජෙක්ට් එකද.. 

ඉතින් මේ අදහස් මැද මගේ යෙහලියෝ කියන අදහසත් කියන්න එපායේ නැත්තම් කිසි බැලන්ස් එකක් නෑනේ..

කොල්ලෝ ගොඩක් අවස්ථාවාදීන්

අනේ නෑ එයාලා ගොඩාක් හොදයි..

විශ්වාස කරන්න බැරි අය.. 

ආපෝ.... මේ...

හරි මම මේ කියාගෙන එන තැනක් තියෙනවා .... පොඩ්ඩක් ඉන්න... මම කියන්නම්...
ආදරය කියනනේ මොකක්ද.. මම නම් හිතන්නේ අනෙකාගේ සතුට වෙනුවෙන් අනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන්.. අනෙකාගේ  ආත්ම ගරුත්වය වෙනුවෙන්... කැප කිරීම් කරන්න පුළුවන් වීම.. මම දකින විදිහට ආදරය.. නියම ආදරය කියන තුල මමත්වය කියන දේ නැති කරන්න ඕනේ.. මමත්වය තියෙනවා නම් එතන අත්මාර්ථකාමීත්වයක් තියෙනවා... සමහරුන්ගේ අර්ත දැක්වීම් තියෙනවා.. තමන්ට ආදරේ වෙන්න ඕනේ.. එතකොට තමයි ඒකා අනික් අයට ආදරේ වෙන්නේ කියලා... ඒත් මම දකින විදිහට මේක යම් ආත්මාර්තකාමීත්වයක් ගැබ් වෙච්ච අදහසක්.. මොකද මම ගැන හිතන තාක්කල් අනෙකා ගැන හිතන්න තියෙන සීමාව අඩු වෙනවා..

ආදරයේ විවිධ කැප කිරීම් කරන්න පුලුවන් වෙන්න ඕනේනේ.. ඒක නියම විදිහට ආදරය කරන අය නම් දන්නවා... මොකද මම දැකලා තියෙන බොහෝ ආදරයන් කෙලවර වෙන්නේත් මේ ආත්මාර්තයට ගිහින්..


නියම ආදරය තුල සිදුවන දේ අනෙකාගේ සතුටට තැනක් දෙන්න ඕනේ..එච්චරයි.. මේක ජීවිතයට එකතු කර ගන්න.. නියම ආදරයෙන් ඔබේ ජීවිතය සුන්දර කරගන්න .. එකිනෙකා මෙලෙස සිතා අනෙකා වෙනුවෙන් කටයුතු කර ජීවිතය සුන්දර කර ගන්න...


ගිමන් නිවන නිම්තෙර පැතුම.. වාසනාවන්ත ජීවිතයක් ඔබට....

මුවැත්තිය


සීතල දිය පහරක්
ගැලුනි දෙගොඩ තලා
දිය බොන්නට
පැමිණි
මුවැත්තියක්
දැක හොරා

මීදුම් ඝණ වලාවක්
වැසිනි කදු පුරා
වැසි දිය
හෙලුණි
නියගයක්
බිද මරා

විහිදුනි මල් සුවදක්
වට හාත්පස පුරා
නැවුම් සුවදට
පිරිනි
හදවතට
සැනසුමක්
ගෙන හොරා

හිනහුනෙමි දවසක්
මදහස නගා
නැවුම් හැගුමට
ඇසුනි
දෙසවනට
මිහිරක්
සුව නුරා..

ගිමන් නිවන නිම්තෙර

Saturday, March 1, 2014

ෆේස්බුක් තහනම්.......facebook stoped ..


හිතට වදින පද්‍යයක් හම්බ වුනා .. මේක තිබ්බේ.. ලීලානන්ද ගමාච්චි අනුවර්තනය කල ආතතිය අපි දැවෙමුද? නිවෙමුද? පොතේ... කියවලාම බලන්නකෝ.. එහෙනම්...

තුති වේවා නො ලැබුණාට
මා රිසි වන හැම දෙයක්ම
ඒ විදියට නුණා නනම්
ඉදිරි බලන්නේ කුමටද?

තුති වේවා යම් කරුණක්
ඉගෙන ගන්න නො ලැබුණාට
ඒ විදියට නුණා නම්
ඉගෙන ගන්නේ දැන් කුමටද?

තුති වේවා ජීවිතයෙහි
අගහිග යුග පැමිණියාට
ඒ විදියට නූණා නම්
දියුණු වෙන්න වැඩ කරයිද?

තුති වේවා මට නොයෙකුත් 
සීමාවන් පැවැතුණාට
ඒ විදියට නුණා නම්
නැගී සිටින්නේ කොහොමද?

තුති වේවා ජීවිතයෙහි 
අභියෝගම එළැඹුණාට
ඒ විදියට නූණා නම්,
සවිය එඩිය මට ලැබෙයිද?

තුති වේවා මගේ අතින්
නොයෙක් වැරදි සිදු වුණාට
ඒ විදියට නුණා නම්
වටිනා පාඩම් ලැබෙයිද?

තුති වේවා මට වෙහෙසක්
සිත් තැවුලක් ඇති වුනාට
ඒ විදියට නුණා නම්
තැනක් දරන්නේ කුමටද?

තුති වේවා කියා කියමු
හරි ගිය විට ජය ලද විට
නියම සතුට ඇති වන්නට
වැරැදුමටත් තුති කළ විට....


මම මේ කවිය දැම්මේ තවත් ලොකු බලාපොරොත්තුවක් එක්ක... මේ දවස් වල එක එකා එල්ලෙනවා... මොකද කියලා හොයලා බැලුවම ගුරුතුමා මොනවා හරි කියලා.. එක්කෝ කාඩ් එකක් දාගන්න සල්ලි ඉල්ලුවාම ඒක දීලා නෑ,..මේ පොඩි පොඩි ප්‍රශ්න... වලට... 

මේක ඉතින් තව තව කොයි කොයි දේවල් හින්දා කොර ගයිද දන්නේ නෑ...  ඉතින් මේක මාධ්‍යය වලට ජීවිතය ගැට ගහගන්න පාවිච්චි කොරණවා... නාට්‍යයක් විදිහට රග පාලා පෙන්නනවා.. දැන් මාධ්‍ය මාර සේවයක් කරන්නේ.. මොකද දැන් පපුවේ අමාරුව හැදිලා වගේ කතා කරනවා.. ෆේස්බුක් තහනම් කරන එක හොදයිද නරකයිද කියලා....

මේ අය එල්ලිලා මැරෙන්න එකම හේතුව මේ ෆේස්බුක් කියන එක නෙවෙයිලු.... ඒක තමයිලු... ෆේස්බුක් හෙනහුරෙක්ලු.. යකෙක්ලු.. කුම්භාණ්ඩයෙක්ලු... ෆේස්බුක් තවත් එක් බිල්ලකි ගනීලු.. එක එක වාද බයිලා....

මෙතන වෙන්නේ මේ වගේ සිද්දියක්නේ... ඔයාලාට පිහියක් දෙනවා කවුරු හරි... ඔයා ඒ පිහියෙන් 
  • ලස්සන නිර්මාණයක් කරනවා...
  • එක්කෝ පාන් කපනවා..
  • එක්කෝ පලතුරක් කපලා යාළුවන්ටත් බෙදලා දෙනවා...
  • එක්කෝ කගේ හරි අතක් පයක් කපලා දානවා...
  • නැත්තම් කෙනෙක්ව මරණවා

ඉතින් සමහරක් .. දකින්නේ... අන්තිම කරුණු දෙක.. මේ වගේ අදහසක් කියනවා.. මහාචාර්යවරු දර්ශන විෂය හදාරණ මහා පණ්ඩිතයෝ මෙහෙම අදහස් දෙනවා මාධ්‍යය හරහා....  මේක පිහියේ වරදක්.. පිහිය අපි මේ රටින් අයින් කරලා දාන්න ඕනේ.. පිහිය මෙහෙමයි.  පිහිය අනාදිමත් කාලේ ඉදන්ම මිනිස්සු මරන්න භාවිතා කරලා තියෙනවා.. පිහියේ කැපෙන පැත්තක් තියෙනවා..ඉතින් මේ පිහිය කියන්නේ සුදුසු නැති දෙයක්.. පිහිය මේ රටින් තහනම් කොරන්න ඕනේ.....

මේක හරියට මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නවා වගේ වැඩක් නේ.. ෆේස්බුක් හදන්න පරමාර්ථය මොකක්ද. විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතියක් විදිහට තමයි මාක් සුකර්බර්ග් මේ නිර්මාණය කරන්නේ..ඉතින් ..  අද වන විට ලෝකයේ බොහෝ රටවල ෆේස් බුක් කියන එක අංක එකේ ජාලය වෙලා තියෙනවා...

මම තව දෙයක් මතක් කරන්නම්කෝ.. ඉස්සර ලංකාවේ පුද්ගල සාරධර්ම .. සාධුචර්යාව.. සදාචාරාත්මක බව.. ගුණ ගරුක බව.. මේ හැමදෙයක්ම තිබ්බානේ.. මොකද ලාංකීය ජනතාව ආගම දහම එක්ක බැදී තිබ්බ නිසා.. මේ විවෘත ආර්ථික රටාවත් සමග මිනිසා කාර්යය බහුල වීම නිසාම මිනිසා ආගම දහමින් ඇත් වෙනවා..වෙන මොකක්වත් නිසා නෙවේ.. විවෘත ආර්ථික රටාවත් සමග තරගකාරීත්වයක් බිහිවීම නිසා.. මිනිසා.. පුළුවන් තරම් උත්සහ ගන්නේ මුදල් උපයා ගැනීමටනේ.. 

උදාහරණයක් කියන්නම්කෝ... පාසලේදී අධ්‍යාපනය පරමාර්ථ මොනවාද කොහොමද.. දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය.. දැනුම ගන්නවා.. ඒකෙන් සිතන්න පුරුදු වෙනවා... සිතලා පසුව තමන්ගේ කුසලතාවයන් වැඩිදියුණු කරගන්නවානේ.... මේකේ කිසිම වැරුද්දක් නෑ. මොකද මමත් මේ ලිපිය කියවන ඔබත් .. පාසලෙන් දැනුම ලබා ගත්ත අයනේ... ගැටළුව තිබෙන්නේ  විෂය රාමුව තුල දැනුම ලෙස දෙන්නේ මොනවාද.... කියන එකනේ.... නේද... ? 

සිංහල.... ගත්තොත්.. (රසාස්වාදය... ව්‍යාකරණ..)සෞන්දර්යය.. බුද්ධ ධර්මය.. ක්‍රිස්තියානි ධර්මය.. ඉස්ලාම් ධර්මය. හින්දු ධර්මය.. මේ වගේ විෂයන් උගන්නනවානේ.. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්නේ.. ඉතින් මේවායෙන් පුද්ගලයාගේ චෛතසික හැදෙනවා කියලා... 

හිතලා බලන්න.. බුද්ධ ධර්මය.. එහෙම නැත්තම් බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයයන් ඉගෙන ගනිද්දි එකක් තමයි... විෂයය තෝරාගන්නා ප්‍රතිශතය අඩු වීම...
විෂයය ඉගෙන ගැනීමේ පරමාර්ථය විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ගැනීම...

වගේ දේවල්නේ.. ඉතින් මේයින් සෙතක් වෙනවාද.. පුද්ගලයාගේ ආකල්ප හැදෙනවාද... නෑනේ... ගිරව් වගේ කටපාඩම් කරනවා.. මැෂින් වගේ ලියනවා... ඉගැන්වීමේදීත් ගුරුවරයා බොහෝ දුරට උත්සහ ගන්නේ ඔහුට හමුවන කාල සීමාව තුල කෙසේ හෝ විෂය කරුණු ළමයාට කියා දීම.. විභාගය සදහා සූදානම් කරවීම.. 


අතීතයේ අධ්‍යාපනය ලබා දුනනේ මේ තරග කාරීත්වයෙන් නෙවෙයිනේ.. පන්සල පදනම් කරගෙන  බෞද්ධ පරිසරය තුල... සකස්කඩයේ සිට  බුත්සරණ ... අමාවතුර.. වැනි පොත් පත් දක්වාත්... සංස්කෘත පාලි භාෂාවන්... ඊට අමතරව... ගුණධර්ම ... හැදියාව.. වැනි දෑත්... ජීවිතයට එකතු කරා... ඉතින් ඒකාලේ මිනිස්සු වෙනස මොකක්ද... රොබට් නොක්ස් වගේ අයය. අතීතයේ සිටි සුදු පාලකයෝ.. ලංකාවේ මිනිස්සුන්ගේ ආගංතුක සත්කාර.. එකමුතුකම... වැනි ගුණදහම් ගැන උදම් අනලා තියෙනවා...මොකද පුද්ගලයා සංවර්ධනය කිරීම තුලින් රටේ කිර්තිනාමය ආරක්ෂා වෙනවා කියලා... ඒ කාලේ හිටපු උදවිය පිළිගෙන තියෙනවා...

අනික ඒ කාලේ හිතන්න අනතුරක් වුණා කියලා... ඉතින් හැමෝම එක මිනිහෙක් මැරුණම කොච්චර දුක් වෙනවාද... සමහර විට මාස ගණනක් ඒ ගැන කතා වෙනවා.. ඒ වගේ අය දෙයක් නොවෙන තැනට වග බලා ගන්නවා... මිනිස් ජීවිතය කියන්නේ.. වටිනාම සම්පතක් කියලයි හිතුවේ.. ඉතින් කාගෙවත් ප්‍රාණයකට හානි කරන්න මිනිස්සු බය වුණා.. අපාය ගාමී වෙයි කියලා.. කල දේවල් තමන් පස්සෙන් එනවයි කියලා. හිතලා....

ඒත් දැන් මෙහෙමයි.. ස්ථානයේ සිදුවු අනතුරකින් පුද්ගලයන් 50කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇත.. මෙයට හේතුව රියදුරාගේ නොසැලකිලිමත්කමයි.. පුදේශවාසීහු කුපිතවී බස් රථයට අලාභ කර රියදුරාට පහර දුන් අතර  ඔහු  දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයේ සිටි...

ඒක අහන අපේ අය කතාවෙන්නේ මෙහෙමයි..
මේ ඇහුණද කුමුදු... බස්  එකක් හැප්පිලයි කියන්නේ... 
 නෑ.... මේ කීයක් මැරිලද... ගොඩක් තුවාල වෙලාද...ඔය බස් ඩ්‍රයිවල්ලා මරලාම දාන්න ඕනේ...
ඒකනේ මම හිටියනම් දෙනවා ඕකටත් මැරෙන්න...

ඔන්න ඔහොමයි කතාව... මේ තැනට සමාජය පතුවූයේ ඇයි... මරණය කියන්නේ සාමාන්‍ය කරනය වෙලා... ඒකයි.. නිතර නිතර මැරුණ දේවල්.. මරණ දේවල්.. ඇහිලා ඇහිලා මිනිසුන්ගේ යටි හිතේ ඒක දැන් අර පතෝල කරලක් කඩන්නා වගේ දෙයක් කියලයි හිතන්නේ...

මේකට මනෝ විද්‍යාවේ සමාජ ඉගැනුම් න්‍යායේ කියන්නේ පුද්ගලයේ කුඩාකාලයේ ඉගෙන ගන්නේ තමා අවට පරිසරයෙන් ලබා ගන්නා උත්තේජයන් වලින් කියලා.. සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ මනෝ විශ්ලේෂණ වාදයෙන් .. පුද්ගලයාගේ පෞර්ෂත්වය ගොඩ නැගෙන්නේ කුඩා කල ලබන අත්දැකීම් අනුව කියලා.. එහිදී ඔහු ලබන අත්දැකීම් ... යටි සිතේ තැම්පත්වීම සිදුවෙනවා කියලයි...

ඉතින් මෙහෙම ගත්තොත් පොඩි කාලේ ඉදන් දැන් ළමයින් වැඩිපුර ගැවසෙන්නේ කොහේද... රෑපවාහිනි  ඉස්සරහානේ.. ඉතින් පොඩි එකෙක් අද ප්‍රවෘත්ති ඇහැව්වොත් මොනවද බලන්න තියෙන්නේ... මරාගත්ත එව්වා.. දූෂණය කරපු එව්වා.. එල්ලිලා මැරිච්ච එව්වා... කෝච්චියට පැනපු එව්වා... ගගට පැනපු එව්වා.... හොරකම් කරපු එව්වා..(ඒ මදිවට සිසිටීවිත් දලා දැන් පෙන්නනවා හොරකම් කරද්දි වැරදිච්ච එව්වා.. එතකොට ඊළග හොරකම කරද්දී ඊට වඩා හොද විදිහකට කොරත හැකිනේ...)  ඉතින් පොඩි එකා මෙව්වා බලලා බලලා උස් මහත් වෙද්දි .. හිතල බලන්න..  සියදිවි නසා ගන්න එක සාමාන්‍ය කරණය වෙලා නැද්ද කියලා.. දූෂණය කරන එව්වා සාමාන්‍ය කරණ වෙලා නැද්ද කියලා...

මේ හැම දේටම මුල.. මාධ්‍යය වෙනස් වීම .. වැඩිය ඕනේ නෑ .. ඔයාලාම බලන්න දැනට අවුරුදු 12 කට 13 කට කලින්.. ගිය කතාවකුයි දැන් කතාවකුයි.. කලින් ගිය කතාවල තියෙන්නේ මොකක් හරි ආදර්ශයක්... ජීවිතයට යමක් එකතු කරගන්න.. පළිගු මැණිකේ.. දූ දරුවෝ... වගේ එව්වා.. දැන් කතාවලා තියෙන්නේ.. හැමදේම පවුල් ආරවුල් අරු කෙල්ලට කැමතියි.. ඒකා කොච්චරවත් බලන්නේ කෙල්ලෙක් දාගන්න එක.. ඒක තමයි උගේ තියෙන අරමුණ ඌට රස්සාවක්. කරන්න.. දෙමාපියන්ට සලකන්න.. එව්වා නෙවෙයි.. ජීවිතයේ වැදගත්ම දේ කියලා හිතන්නේ පරස්තාව.. කෙල්ලොත් එහෙමයි.. මොකෙක් හරි බයියෙක් එක්ක එල්ලෙන්නමයි හදන්නේ.. ඒකී ඊට වඩා හපන් ඌ හින්දා අනික් යාළුවොත් එක්ක මරාගන්නවා.. හැමවෙලේම ගෙදර ප්‍රශ්නයක්.. ඉතින් එක්කෝ අම්මා මූණ එල්ලගෙන නැත්තම් තාත්තා මූණ එල්ලගෙන්.. එහෙම නැත්තම් දරුවෝ මූණ එල්ලගෙන... මෙකේ සතුටක් සැනසුමක් කියලා නාමයක් නෑ,. හැමවෙලේම කුපට ගිනි ඇවුළුනා වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා.. විතරයි වැඩේ.. ඒ මදිවට ඒවා අවුරුදු 2 ක 3න ඇදෙනවා චුයින්ගම් වගේ....


මේකයි වෙනස් වෙන්න ඕනේ.. මේකෙන් ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ මොනවාද.. කෙල්ලෙක් දාගනින්.. කොහොම හරි කෙල්ල උස්සපන්.. ගෙදරින් කැමති නෑ කිව්වොත් එක්කෝ පැනල පලයං නැත්තම්... මැරියං..
ඒ මදිවට එක එක අට මගල් පැයවල්.. ගෙදරට ඇවිත් තෑගිත් දෙනවා.. අපේ එවුන් රෙද්ද උස්සන් ඉන්නේ මුං එනකම්.. මොකද මේ.. තෑගි ගන්න..  අර අමුම අමු ජරා රෙද්දවල් ඔළුවේ දාගන්නවා.. ඊට පස්සේ පවුල් වල ගැටළු.. මිනිහාට හොර ගෑනියක් ඉන්නවා.. ගෑනිට හොර මිනිහෙක් ඉන්නවා.. කියලා සැකේ මොකද මේකට හේතුව.. අර කතාවෙත් මෙහෙම දෙයක් වුණානේ... ඒකීත් ඒකත් මේ වගේම වෙන සම්බන්ධයක පැටළුනානේ.. කියලා. පටන් ගන්නවා ගහ මරා ගන්න...

අද කාලේ 6 වසරෙන් පටන් ගන්නේ කොල්ලෝ කෙල්ලෝ ලව් කරන්න.. උන් හිතන්නේ අනේ මට කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා.. ඌ ඉගෙන ගන්නේ නෑ, අර කතා වල ප්‍රධාන නළුවා නිලිය කරනවා වගේ ලව් කොරන්න ඕනේ කියලා. ලව් කොරනවා..

ඉතින් මේ මාධ්‍යය කාරයෝ බලන්නේ තමන්ගේ මාධ්‍යය ජනප්‍රිය  කොරලා සල්ලි හම්බ කොරන්න.. උන්ට වැඩක් නෑ රටට හෙන ගහලා ගියත්.. හැම මාධ්‍යයක් ම නෙවෙයි දැන් බහුතරයක් මාධ්‍යය මේ ගොඩට වැටිලා තියෙන්නේ...

ඔය තව පැත්තක්....

තව දෙයක් තමයි.. ළමයාට දඩුවම කරන එක නතර කරලා තියෙන එක... මානව හිමිකම්.. අර රෙද්ද මේ රෙද්ද.. හැමදේම.. දැන් ගුරුවරයා දඩුවමක් දුන්නොත් හවස් වෙද්දි ගුරුවරයා දණ ගහන්න වෙනවා.. මොකද තාත්තා අම්මා රෙද්ද උස්සන් ඇවිත් දඩුවම් කොරනවා.. ගුරුවරයාට.. එහෙම නැත්තම් ගුරුවරයා උසාවි .. මොකද ළමයාට ගහපු වරදට... දැන් කියන්නේ දඩුවම් කරන එක මානසික වදයක් කියලා...

ඉස්සර දඩුවම තිබ්බේ නැද්ද.. ඉස්සර දඩුවම් කරපු නිසා තමයි දැනු අපේ සීයලා.. අච්චිලා.. තාත්තලා අම්මලා.. (අවුරුදු 45, 50  පැණපු අය) චර්යාව පෝෂණය වෙලා තියෙන්නේ. ලැජ්ජාව බය කියලා දෙයක් තියෙන්නේ....

මනෝ විද්‍යාවේ තියෙනවා පුද්ගලයෙක්ගේ යම් පුරුද්දක් දැක්වීමේදී ඒ ක වැඩි දියුණු කිරීමට යම් යම් දේ කිරීමට අවශ්‍යයි කියලා.. ඒකට කියන්නේ අගය කරන්න ඕනේ. හොද වැඩක් කරාම ඒක අගය කරන්නයි... නරක චර්යාවක් දැක්වුවාම ඒකට දඩුවමක් මාර්ගයෙන් (මානසික හෝ කායික) ඒක වලකා ලීම මගින් චර්යාව වෙනස් කල හැකි බවයි.. කුඩා කාලයේ සිටම යම් හොද වැඩක් කල විට අගය කරලා නරක වැඩක් කල විට දඩුවම් කරලා චර්යාව හදන එකෙන් පොඩි කාලේ ඉදන් ළමයාගේ මානසිකව නරක වැඩ කරන එක ඈත් වෙනවා... ඉස්සර කතාවකට කියන්නේ හැදි නොගා හදන හොද්දයි.. නොගහා හදන ළමයයි එක සමානයි කියලා... මේවා ඉස්සර කිව්වේ කට කහනවාට නෙවෙයි...

අවසාන වශයෙන් මේ කියපු කරුණු හොදින් අවබෝධ කර ගෙන සමාජ කතිකාවතක් ගොඩ නගන්න.. මොකද දන්නවාද... අපි පුද්ගලයාගේ චෛතසික හදනවානම්  අපරාද අවම කර ගන්න වෙන්නේ.. ෆේස්බුක් තහනම් කරොත් සමාජයේ තරුණ තරුණියෝ වෙන වෙන මාර්ග වලින් ඕවට යයි.. කුපිත වෙයි.. කලකිරෙයි..
කරන්න ඕනේ අපි පුද්ගල චෛතසිකය ගුණාත්මක කරමු.. මාධ්‍යය මීට වඩා කාරුණික ප්‍රතිපත්තියක් අනුගමණය කරලා තමාගේ බඩ වියත නෙවෙයි.. පුද්ගලයාගේ සංවර්ධනය උදෙසා කැප වෙලා වැඩ කරමු...

ආපහු අපි හැකිතාක් කුමන හෝ ආගමක්.. ආගම යනු බෙදීමට ඇති දෙයක් නොවේ.. පුද්ගල සංවර්ධයට තියෙන දෙයක්.. කුමන ආගමකින් හෝ කරන්නේ පුද්ගලයාගේ යහපැවැත්ම නගා සිටුවීමනේ.. තමන්ගේ ආගම දහම හොදින් අවබෝද කරගෙන හික්මෙලා... අපි වගේම අන් අයගේ දියුණුවත් නගා සිටුවන්න කටයුතු කරමු.


මාවරලේ භද්දිය හිමි... Ven Mawaralle Baddiya Thero

මීට මාස දෙක තුනකට කලින් මට යාළුවෙක් මෙහෙම කිව්වයි කියන්නකෝ... මේ උඹේ ගිමන් නිවන නිම්තෙර බ්ලෝග් එක නිවන් කිව්වට ඒක බැලුවාම පත්තුවෙනවානේ බං කියලා... හි හි.. මට පස්සේ තමයි මීටර් උනේ යාළුවා කිව්වේ මොකක්ද කියලා... 

සබ්බ දානං ධම්ම දානං ජිනාති..
සියළු දාන වලට වඩා ධර්ම දානය උතුම්...

හරි කමක් නෑ.. බලමුකෝ ඉදිරියට ලිපි ටිකක් නිවෙන්න දාන්න... හරි... අද මම ආවා බණ ටිකක් අරං බණ කිව්වාම කස්ටිය ඔළුවේ අත ගහගයිද දන්නේ නෑ, ඇයි  ලංකාවේ තරම් බණ අහන, බණ කියන, බණ කියවන... රටක් මේ ලෝකයේ කොහේවත් නැතිව ඇති.. උදේ ඉදන් හවස් වෙනකම්.. නැ නෑ... රෑ එළි වෙනකම්ම අපේ රටේ බණ පිරිත් .... ප්‍රචාරය වෙනවානේ... ඒත් මේ හැම එකම වෙලාවකට අර මුනින් අතට හරවපු කලේකට වතුර වක්කරනවා වගේ තමයි ... මොකද ලංකාවේ සිදුවෙන දේවල් දැක්කම එහෙම නොහිතුනොත් පුදුමයි.. කොහොමෙන් කොහොම වෙතත්... අද මම ප්‍රථම වතාවට මේ බොලග් එකට මාවරැල්ලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනා මාලාවක් ගෙනවා... එහෙනම් හොදට මේ කියන කරුණු අහගන්න.. ඇහැව්වට විතරක් මදී.. මේ හැම දෙයක්ම ක්‍රියාවට නංවන්න ඕනේ.. එතකොටයි අපිට  ඒ බණවලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ...

අනික තව දෙයක්... නිකන් ගිරව් වගේ පිරිත් අණං මණං කිව්වට වැඩක් නෑ... ඒ පිරිත් වල අර්ථය තේරුම් අරන් ජීවිතයට යමක් එකතු කර ගන්න ඒකයි මම දකින ... පිරිත් වලින් ඉටුවන... සෙත

මෙහෙම කිව්වයි කියලා බොලව් පිරිත් කියන එකේ සෙතක් නෑ කියලා වරදවා හිතනවා නෙවෙයි...  පිරිත් කීමෙන් ජල අංශු වෙනස් වන බව විද්‍යාවෙන් සනාථ කරලා තියෙනවානේ.. මෙතනින් ගිහින් බලන කෙනෙක් බලලා.. ඒ ගැනත් අවබෝධයක් ගන්නකෝ.. එහෙනම්... බුදු සරණයි .. බණ අහලා ජීවිතයට යම් දෙයක් එකතු කර ගන්නකෝ....

  • බෞද්ධයා නාලිකාවේ ප්‍රචාරය වු ධර්ම දේශනයක්

  • ග්‍රිසියේ ඇතැන්ස් නුවර දී දේශනා කල ධර්ම දේශනයක්...
  • ටි එන් එල් රෑපවාහිනියේ ප්‍රචාරය වු ධර්ම දේශනයක්...

  • නිර්වාණ සමාධි කියන යු ටියුබ් චැනලයේ ප්‍රචාරය කල ධර්ම දේශනයක්..


  •  වොෂින්ටන් හී දේශනා කල ධර්ම දේශනයක්....
  •  2014 01 31 නිර්වාණ සමාධි හි ප්‍රචාරය කල ධර්ම දේශණයක්.

  • සිරස රෑපවාහිනි සේවයේ ප්‍රචාරය කළ ධර්ම දේශනා


 

  •  2012 අවුරුද්දෙහි දේශනා කල ධර්ම දේශනයක්....

  •  නිර්වාණ සමාධි යු ටියුබ් චැනලයේ ප්‍රචාරය කරන ලද ධර්ම දේශනයක්...


  • බෞද්ධයා රෑපවාහිනි සේවයේ ප්‍රචාරය කරන ලද ධර්ම දේශනයක්..

 


බුදු සරණයි සැමටම......