Saturday, August 25, 2012

ඔබේ ලෝකය වෙනස් කරන්න,ඔබේ වචන වෙනස් කර ගන්න.................


වචන කියන්නෙ බං දෙපැත්ත කැපෙන පිහියක් වගේ , පොඩ්ඩක් පරිස්සමින්....පාවිච්චි කරපන්... නැත්තං උඹට වෙන්නේ ඒ කෙල්ලත් නැති කරගන්න.... ළගදි දවසක මම බස් එකේ යද්දි සහෝදරයෝ දෙන්නෙක් කතා කර කර ඉන්න අතරේ ඇහුණ එක් වදගත් වාක්‍යයක් මගේ හිත ගත්තා.. ඉතින් මම කල්පනා කරලා බැලුවේ ඒ කතාවේ ඇත්ත නැත්ත....ඉතින් මම  හිතුවා වචන භාවිතය ගැන වැදගත්කම ගැන පොඩි ලිපියක් දාන්ඩ කියලා... මොකද මේක ගිමන් නිවන නිම්තෙරක්නේ.. හිතේ තියන විඩාව නිවා ගන්න මෙතනට ගොඩවෙන මගේ යාළුවන්ට ජීවිතය ජය ගන්න මොනවා හරි වැදගත් දෙයක් දෙන්න ඕනේ නිසා...

Wednesday, August 22, 2012

අපිට බැරිද Screensaver දා ගන්න.....


හොදයි යහළුවනේ අද ටිකක් දිග ලිපියක් දාන්න හිතුවා.. අද කියලා දෙන්න යන්නේ තවත් අළුත් දෙයක්. ඒ තමයි කොහොමද අපි Screensavers දාගන්නේ කියලා... මෙය පොඩි දෙයක් උනාට මේ ලිපිය කියවලා මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්න කියලා මම සුහද ආරාධනාවක් කරනවා....හරි එහෙනම් යමු ඒ වැඩේට ...

Tuesday, August 21, 2012

කුඩා ළමයකු ලෙස............

මා හට ආසයි 
ඇවිදින්න 
ලොකු මිනිස්සු වගේ
ඉතින් මේ පොඩි
අත්පා තබා
මට හැකි 
අයුරින් නැගිට්ටෙමි දැඩි සිතින්
කුඩා ළමයකු ලෙස
ශරීරය වාත්තු කරන් 
තැබුවෙමි 
පියවරක් 
ඉදිරියට

Sunday, August 19, 2012

කදුළකට පැමිණෙන්නට ඉඩදෙන්න......


අනුනගේ දුකකදී
කදුළුවලට
පැමිණෙන්න
ඉඩ දෙන්න...........
එපා එය වලකන්න..........
මක් නිසාද යත්
ඒ කදුළට
හැකියි
අප දුක් වන බව ඔවුන්ට කියා පාන්න
ඒයින් අපට
අනුකම්පාව දිනා ගන්නට නොව
අප ඔවුන් ගැන
හදවතින්ම
දුක්වන බව
ඔවුන්ට හගවන්නට
ඔබත්
කදුළකට පැමිණෙන්නට ඉඩදෙන්න......
                                     රංගමධු

Saturday, August 18, 2012

සැකය..........

හැම දෙනාම
හිතට එන හැම දෙයක්ම
වචනයට හරවන්නට
උත්සහ දැරූමුත්
සැක සහිත යමක්
ඇත..... 
එනම් 
ඒ සිතට එන 
සිතිවිලි වලට  
කියන නියම වචන 
අරුතයන්ගෙන් හදුන්වන්නේ  
ඒ සිතිවිල්ලිමද යන වග.................. 
මොහොතක් සිතන්න..... 
                                   රංගමධූ

මද සිනහව



රිදුම්දෙන ගල් තැළුම්
නිසා ඇතිවන වේදනාව
පරයා පැමිණි
ඇය ගැන සිතිවිල්ල
වේදනාව යටපත් කර ඩිංගිත්තකට
ගෙනදෙයි සැහැල්ලුවක් ඒය
නැවත නැගිටින්නට
වේදනාව බිදගෙන...........
මොහොතකට දැනේ ජීවත් වන බව මේ ලොව
මද සිනාවක් නැගේ මුවගට
දෑත් දිරිමත් වේ ආනාගතය ගැන
සිහිවී
නොදැනේ එවිට
ඒ වේදනා ව තැබුණු වග

රංග මධු

Wednesday, August 15, 2012

Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නා ක්‍රම...........



ආයුබොවන්...... අදත් මම හිතුවා ආධුනිකයන් සදහා තවත් ලිපියක් දානඩ ඕනේ කියලා..... අද බලමු කොහොමද Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නේ කියලා...... මේකට ක්‍රම කිහිපයක් තියනවා......
එහෙනම් බලමුකෝ කොහොමද කියලා මේ වැඩේ කරන්නේ.......

Tuesday, August 14, 2012

සමාජේයි අපියි...............


ආයුබෝවන් යාළුවනේ අද නිම්තෙර බ්ලොග් එකෙන් පොඩි කතාවක් කියන්ඩ හිතුවා.. මේ කතාව පොඩි උණාට එකේ තියෙන අර්ථය නම් ගොඩාක් ලොකු එකක්. හරි අපි කතාව කියවලාම බලමුකෝ මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා..
   එක කැළයක මහ විශාල ගහක් යට තිබුණා වලිකුකුළු කූඩුවක්..

Saturday, August 11, 2012

මාළුවන් නොවේද අප



මට මේ සමාජයේ ඇති දේ පේන කොට පුංචි දුකක් දැනෙනවා..‍ මොකද කොන්දක් කෙළින් තියාන වැඩක් කරන්න ගියාම කොහොම හරි කොහෙන් හරි කොන්ද කඩලා දානවා..බොහොම අමාරුවෙන් ඉනිමගක් හදන් උඩට යන්ඩ හදන මිනිහගේ ඉනිමගට පයන් ගහනවා..මේවා දැක්කහම පුංචි දුකක් නොවේ ලොකු දුකක් දැනෙනවා..

Thursday, August 9, 2012

windows xp එකෙහි Desktop එක පිළිබදව

මොකක්ද මේ Desktop කියන්නේ.. හරි අපි අද ඉගෙන ගමු මොකක්ද මේ ඩෙස්ක්ටොප් එක කියන්නේ කියලා....

Wednesday, August 8, 2012

වින්ඩෝස් xp හී දිනය වේලාව වෙනස් කරමු....(1)


අද අපි යන්නේ XP මෙහෙයුම් පද්ධතියෙහි විවීධ කාර්යයන් සිදුකර ගන්නේ කොහොමද කියලා... ඒ කියන්නේ මූලික දේවල්....

අපි අද බලමු‍ කොහොමද ‍දිනය හා වේලාව වෙනස් කර ගන්නේ කියලා......

Tuesday, August 7, 2012

Windows 7 මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකය Format කිරීම..


හරි අද මම කියා දෙන්න යන්නේ කොහොමද පරිගණකය‍ට Windows 7 මෙහෙයුම් පද්ධතිය දමා ගන්නේ කියාලා.......ඔබට අවශ්‍ය වන Windows 7 හා DVD එක DVD ඩ්‍රයිව් එක යන අංග දෙක සම්පූර්ණ කරගන්න... දැන් අපි යන්නේ පරිගණකයට Windows 7 දාගැනීමටයි.. 

Friday, August 3, 2012

සදක් සේ මා ඔබට දැල්වෙන්නම්.......


රන්දික ඔයා දන්නවාද.... මම ඔයා හම්බෙන්ඩ කලින් දැනන් හිටියා ඔයා කවදා හරි මට මුණ ගැහෙනවා කියලා....
දින ගණනක් නිදිවරා ඇස්දෙක පියවීගෙන එද්දී නැගුණු ඒ ආදරනීය වචන පෙළට මට ඇහැරිණ.මම කල්පනා කළේ ඒ වචන ටික ගැන... සමුදුනි මේක කියන්න ඇත්තේ හිතේ දුකට වෙන්ඩ ඇති...

Thursday, August 2, 2012

Windows XP වලින් Computer එක Format කරමු (අවසාන කොටස)...........

පෙර ලිපි වලට
Network Settings Install වීම ඇරඹෙනවා....මෙහිදී දෙවතාවක් කරන්න.එවිට Default Settings ලබාගන්න පුළුවන්

Windows XP වලින් Computer එක Format කරමු 3...........

Partition Create කරන හැටි දැන් දන්නවානේ .......... දැන් කරන්න ඕනේ OS XP Files තියාගන්න ඕන Partition එක තෝරන එක.... හරි අපි සාමාන්‍යයෙන් OS එක දාන්නේ C එකටනේ. C තෝරලා Enter press කරන්න.

Wednesday, August 1, 2012

බලාපොරොත්තුව...................

දැඩි ඉඩෝරයට කර්කෂ වූ පෙදෙසම
දැනට දින කිහිපයකට පෙර
නිමාවෙන ලකුණු පහළ විය...
අහස වැහි වළාකුළු වලින්
සැරසී මහ වැස්සක් වැටෙන්නට සැරසෙන
බවට ඉගි බිගි පෑවේය....
මහද සතුටට පත්විය...
මම කන්නලව් කලෙමි
මම බලාපොරොත්තු ඇති කර ගත්තෙමි..
වැස්සෙන් පසූ කර්කෂ වූ පෙදෙස
අළුත් ජීවයකින් දළුලයි කියා