Tuesday, September 18, 2012

අපි නොදන්න Processor (02)

කලින් ලිපයේදී අපි කතා කළා මේ Processor පිළිබදව.. අද අපි කතා කරන්න යන්නේ මේ Processor පරිගණකයට සවි කිරීම කෙසේ සිදු කළ යුතුද.. මෙයට අවශ්‍ය උපාංග මොනවාද කියලා.. බලමු අද ලිපියෙන් ඒ ගැන...

දැන් අපි දන්නවා Processor වර්ග මොනවාද කියලා.. ඒකේ විස්තරත් අපි යම්තාක් දුරට දන්නවා.දැන් යම් තරමක දැනුමක් Processor පිළිබදව තිබෙනවා. හරි අපි දැන් බලන්නේ මේ Processor පරිගණකයට සවි කරන්නේ කෙසේද කියලා...

ඊට පෙර පෙර ලිපයේ සදහන් කළ පරිද අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවානේ.ඒ අතර

  • Processor යේ (Clock Speed) හා Chech Memory පිළිබදව..
  • මේ Processor එක පරිගණකයේ මව් පුවරුවට සවිකර හැකිද යනවග. හා මව්පුවරුවට මෙම Processor එක ගැළපෙනවාද කියා.. මෙහි සමාන (Clock Speed) හා Chech Memory තිබිය යුතුයි.
මේ කරුණු කාරණා සම්පූර්ණ කරණ  Processor එකක් අපි මිළදී ගත යුතුයි...


  • තවදෙයක් කියන්න ඔනේ. මේ Processor එකක් අධික ලෙස රත්වෙනවා.ඉතින් මේ Processor එකට ගැළපෙන පංකාවක් ලබා ගත යුතුයි.සමහර අවස්ථාවන් වලිදී මේ පංකා නොමිලේ ලබා දෙනවා. එසේ පංකාවක් සම්භ නොවුනොත් ඔබට සිදුවෙනවා සිසිලන පංකාවක් වෙනනම මිළදී ගන්න...
හරි දැන් අපි යං මව් පුවරුවට Processor එක සවි කරන්නට.. දැන් ඔබ ගැළපෙන Processor එකක් මිළදී ගෙන ඇති ... මේ කෙදී Processor එක මීළදී ගනිද්දී කුඩා පොතක් හිමිවෙනවා.එහි ඉතා පැහැදිලිව Processor පරිගණකයට සවිකරන අයුරු දැක්වෙනවා. 

ප්‍රථමයෙන් කිරීමට අවශ්‍ය වන්නේ මව්පුවරුවෙහි Processor එක දමන ස්ථානයේ ඇති ලීවරය ඔසවා ගැනීමයි.


දැන් Processor එක නිවැරදි පැත්ත බලා සවි කරන්න.



පසුව Processor  එකෙහි Notch(කට්ට) නිසියා කාරව සවිවූයේදැයි සොයා බලන්න... දැන් කිරීමට අවශ්‍ය වන්නේ හෙමින් සීරුවේ ලීවරය නැවත පහත් කිරිමයි. දැන් මව් පුවරුවට හොදින් Processor එක සම්බන්ධ වී ඇත.

මින් පසුව කළ යුත්තේ සිසිලන පංකාව සවි කිරීමයි. මීට පෙර කල යුතු යමක් ඇත.එනම් Thermal past නම් ආලේපය තැවරීමයි.මෙයින් සිදුවන්නේ සිසිලන පංකාව හා Processor අතර සංවෘත ක්‍රියාවන් සිදු වීමයි.මෙය වෙළදපොලෙහි මීලදි ගත හැකිය.





මින්පසු සිසිලන පංකාව නිසියා කාරව සවි කළ යුතුය. 


මෙයි නිසායාකාරව සවි නොවීම හේතුවෙන් Processor එක අක්‍රිය තත්වයට පත්විය හැක.. මෙය නියමිත ලෙස සවි කිරීමෙන් අනතුරුව සිසිලන පංකාවේ විදුලිය සපයන වයරය අමතක නොකර සවි කළ යුතුය.. මෙය වැදගත්. බොහෝ දෙනා පෙර කී සියල්ලම සිදු කරන මුත් මේ වයරය සවි කිරීමට අතපසු වේ.මේ නිසා විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවේ... 



දැන් අපි නිවැරදි ලෙස Processor එක මවු පුවරුවට සවි කර ගත්තා..

මේ පිළිබද තවත් විස්තර පහත වීඩියෝ මගින් අධ්‍යයනය කරන්න.




එහෙනම් ඔක්කෝටම සුභ දවසක් වේවා........ නැවත ලිපියෙකින් හමු වෙමු..

No comments:

Post a Comment