Tuesday, September 25, 2012

ඔයාගේ RAM එක ගැන දන්නවාද ?

ඔයාගේ RAM කීයද?.............මගේ එක 512............. මගේ නම් 1Gb/2Gb

නිතර දෙවේලේ පරිගණකය භාවිතා කරද්දි ඇහෙන වාක්‍ය අතර ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් තමයි මේ..... එහෙම කීවට මේකේන් වෙන කාර්යය දන්නේ බොහෝම ටිකදෙනයි. අද ලිපිය වෙන් වන්නේ මෙන්න මේ RAM එක පිළිබදවයි...


ආයුබෝවන් යාළුවනේ.............දින කීපයකින් ලිපියක් දාන්න බැරි උණානේ. වැඩ ටිකක් වැඩි උණා....... මොනවා කරන්නද....... හරි අද ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයේ තවත් එක් වැදගත් අංගයක් පිළිබදව...  පසුගිය ලිපියෙන් අපි කතා කළේ Processor පිළිබදවනේ ...... මතක ඇතිනේ...... අද කතා කරන්න යන්නේ පරිගණක්යේ Memory එක පිළිබදවයි.

පරිගණක මතකය ප්‍රධාන කොටස් 3කට බෙදා දැක්වන්න පුළුවන්..

1. Random Access Memory
2. Read Only Memory
3. Cashe Memory

පරිගණකයේ මතකය ස්භාවය අනුව ආකාර 2කට වර්ග කළ හැකි...

1.  Volatile Memory
2.  Non-volatile Memory

මොනවාද මේ Volatile Memory කියන්නේ ..... අපේ භාෂාවෙන් කිවුවොත් නෂ්‍ය මතකය... මේ මතක ආකරයට අයත් උපාංග වල විශේෂ ලක්ෂණය වන්නේ මෙහි පවතින දත්ත හා තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි විමත් සමග මැකීයාමයි.......මෙයට අයත් වෙන මතක ආකාර අතර  Random Access Memory අයත් උපාංග සියල්ල මේ ගණයට ගැනේ.

එතකොට Non-volatile Memory එහෙම නැත්තන් නෂ්‍ය නොවන මතකය කියන්නේ .විදුලිය විසන්ධි වීමක් වුවත් මෙහි පවතින දත්ත මැකී නොයාමයි..ඉහතින් සදහන් කල Non-volatile Memory අයත් පරිගණක මතක උපාංග මේ ගණයට අයත්වේ..

දැන අපි දන්නවා පරිගණකයේ මතකයේ ගති ලක්ෂණ 2ක් තියෙනවා කියලා... දැන් අපි කතා කරමු ඉහත සදහන් කළ මතක වර්ග පිළිබද වැඩි විස්තර ....................

1. Random Access Memory (සසම්භාවී පිවිසුම් මතකය)

අපිට මෙහෙම වචනය කීවට එක පාරට ඔළුවට එන්නේ නෑ.....මේක අපි භාවිතා කරන්නේ RAM (රැම්) කියලානේ.... හරි දැන් මීටර් ඇති.....  අපි හැමවෙලේම PC එකක් ගැන කතා කරදිදී කතා කරනනේ ඉස්ඉස්සෙල්ලාම ඔයාගේ රැම් එක් කොච්චරද..... එතකොට බ්ලා බ්ලා බ්ලා........ නේ එහෙමනේ.
අද අපි සවිස්තරව කතා කරමු මොකක්ද මේ RAM (රැම්) කියන්නේ කියලා...  මෙය පරිගණකයේ ඉතාමත් වැදගත් කොටසක් වෙනවා..පරිගණකය Boot වීමේදී ඒ සදහා අවශ්‍ය කරන File මුලින්ම තැම්පත් වන්නේ මේ RAM එකටය. ඒ වගේම අපි පසුගිය ලිපියෙන් කතා කළ Processor එකට අවශ්‍ය දත්ත Processor එක ඉල්ලන තුරු තබා ගන්නේ මේ RAM එක තුළයි.ඒ වගේම Processor තුළ සකස් කළ දත්ත පිටතට Output Device හරහා එළියට ලබා දෙන තෙක් රදවා තබා ගන්නේද මේ RAM එක තුළයි.මෙය කලින් කතා කල මතක ආකාර 2 අතරින් වැටෙන්නේ Volatile Memory ඝණයටයි... ඒ කියන්නේ විදුලිය විසන්ධි වූ වහාම දත්ත මැකී යාමයි......

අපි භාවිතා කරන RAM ප්‍රධාන වශයෙන් වර්ග 2කට බෙදේ...

1. Dynamic Random Access Memory(DRAM)
2. Static RAM(SRAM)

DRAM වල ලක්ෂණ නම්... මේවායේ දත්ත ගබඩා වී පවතින්නේ ඉතා සුළුවේලාවකි.ගබඩා කරන දත්ත නිතර නිතර අළුත් වේ.මෙහි වේගය ටිකක් අඩුයි.මිළෙන්ද තරමක් අඩුයි...

SRAM වල ලක්ෂණ නම් විදුලි බලය පවතින තෙක් මෙහි ගබඩා කර ඇති දත්ත පවති.වේගය ඉතා වැඩි අතර මිළෙන්ද ඉතාමත් වැඩියි.මෙහි භාවිතා කරන විදුලියද තරමක් වැඩියි...

ඉතින් මේ RAM වර්ග භාවිතා කරන  ස්ථාන විවිධ වෙනවා. 

DRAM භාවිතා කරන්නේ පරිගණකයේ ප්‍රධාන memory (RAM) සදහායි.

SRAM භාවිතා කරනුයේ පරිගණකයේ Processor එකේ වේගය වැඩි කිරීමටයි..CACHE Memory වැඩි කිරීමටයි.අපි කලින් Processor පිළිබද කතා කළ ලිපිය කියවා බලන්න‍ මොකක්ද මේ CACHE Memory කියන්නේ කියලා ඔයාලාට අවබෝධයක් වේවි.

ඉතින් අපි භාවිතා කරන මේ DRAM තවත් කොටස් 2කට බෙදෙනවා.. ඒ තමයි

1. SDR – Single Data Rate
2. DDR – Double Data Rate

වෙළදපොළේ වර්තමානයේ භාවිතා වන්නේ මේ DDR වර්ගයේ RAM වර්ගයි.මෙහි අද වන විට

DDR
 
Clock Speed(MHz) - 100–200
Internal rate(MHz) – 100 – 200
Prefetch (min burst) – 2n
Transfer Rate(MT/s) – 200-400
Voltage – 2.5/2.6
DIMM pins – 184
MicroDIMM pins – 172

DDR 2,

Clock Speed(MHz) - 200–533
Internal rate(MHz) – 100 – 266
Prefetch (min burst) – 4n
Transfer Rate(MT/s) – 400-1066
Voltage – 1.8
DIMM pins – 240
MicroDIMM pins – 214


DDR3
Clock Speed(MHz) – 400-1066
Internal rate(MHz) – 100 – 266
Prefetch (min burst) – 8n
Transfer Rate(MT/s) – 800-2133
Voltage – 1.5
DIMM pins – 240 
MicroDIMM pins – 214


Motherboard එකට RAM 2ක් සවිකරන්නේ නම් එම RAM දෙකේම BUS Speed එක එක සමාන වෙන්න ඕනේ.මේ හැම විස්තරයක්ම සොයා ගන්න පුළුවන් ඒ RAM මත හොදින් නිරීක්ෂණය කලොත්...මේ පිළිබද අවධානයක් නොමැතිව RAM සවි කිරීමේන් පරිගණකය අසාමාන්‍ය ලෙස Slow වීම හා Stuck සිදුවේ.වර්තමාන වෙළද පොළේ ඇති RAM වල BUS Speed

PC 66 – SDR(66)
PC100-SDR(100)
PC 133- SDR(133)
PC2100- DDR(266)
PC 2400 – DDR(300)
PC 2700- DDR (333)
PC – 4000 – DDR(400)
PC – 4300 – DDR(533)

මේ සෑම Motherboard එකකම එයට සවි කර වැඩ කළ හැකි RAM ධාරිතාවය Chipset මත Programme කර පවති.මේවා Motherboard Manual එකෙහි සටහන් කර ඇත.

No comments:

Post a Comment