ලිපිය හෙට දාන්නම් කියලා කීවට ඒක ලියා ගන්න කාලයක් නැති උනා ...


හරි වැඩේට බහිමු.. කොතනින්ද අපි පටන් ගන්නේ......

හොද තැනක් වෙන්ඩ එපායේ නමෝ විත්තේන්ම...
මම මෙහෙම පටන් ගන්නම්... මම පටන් ගන්න හිතුවේ අපි ආදරය කියන්නේ මොකක්ද කියන තැනින්....

ඉතින් අපි අනෙකාට ආදරය කරනවානේ....... (ඇත්තටම ආදරය කරන්නේ කාටද කියන එක නෙවෙයි මෙතනදි වැදගත්..) අපි පොඩි කාලේ ඇහුවාම අම්මාට තාත්තාට කොච්චර ආදරේද කියලා අත දික්කරන්ඩ පුළුවන් උපරිම දික්කරලා කියනවා මම මෙච්චර ආදරෙයි කියලා..
අපි යෞවනයෙක්ගෙන් හෝ යෞවනියකගෙන් ඇහුවොත් ඔයා ආදරය කරන ඒක්කෙනාට කොච්චර ආදරේද කියලා... එයා කියයි මගේ මුළු ජීවිතය වුණත් එයාට දෙනවා කියලා....ඒයා මගේ පණ කියලා.....
(ඇත්තටම නම් ඒහෙම කරයි කියලා හිතෙනවාද ? ) කමක් නෑ ... අපි කතා කරමුකෝ.... පස්සේ කාලෙක අපේ දරුවන්ට ආදරය කරනවා.. මැරීගෙන සල්ලි හොයලා කන්ඩ අදින්ට හොයලා දීලා උස් මහත් කරලා... ඔවුන්ගේ අනාගතය ගැන දුක් වෙනවා.. එතනත් තියෙන්නේ ඒ ආදරය මයි... මේ ආදරය යන වචනය හැම කාලෙකදීම යෙදෙනවා.. ඉතින් මේ ආදරය කියන වචනයෙන් කියවෙන අදහස එකම මනුෂ්‍ය හැගිමක් නිරූපනය වනවා කියලා හිතෙනවා.. නේ.....


මම පොඩි ඇඩ් එකක් දාන්නම්.. ඒක බලලා ආයේ මේ ලිපිය කියවන්ඩකෝ... ඒක ඉන්ෂුරන්ස් ඇඩ් එකක් උනත් ලස්සන අදහසක් දෙනවා.. වාණිජ පරමාර්ථයකින් උනත් මේක හැදුවට අදහස බොක්කටම වදිනවා....
බැලුවද... දැන් තේරෙනවා ඇති ආදරය කියන්නේ මොකක්ද කියලා.....මට මේ ලිපි 100ක් ලිව්වත් ලියාගන්ඩ බැරි තරම් දෙයක් මේ ඇඩ් එකෙන් නිරෑපනය වෙනවා... හරි කොහොම හරි ආදරය කියන්නේ.. විශේෂයෙන් අනෙකාට පේන්න ... බෝඩ් ලෑලි උස්සන් . මම ඔයාට ආදරෙයි කියලා කියන දෙයක් නොවෙයි කියලා ඔයාලට හැගී යනවා ඇති.. ඉතින් මෙහෙම කියමුකෝ.. අපි ආදරය කරන කවුරු වුණත් මේ වගේ ආරක්ෂාවක්.... බලාපොරොත්තු වෙනවා.. ආදරය තුල තියනවා මේ හැම දේම..
ආ - ආරක්ෂාව
ද - දයාව
ර - රස්නය
ය - යහපත
මම මේ අකුරු හතරට දෙන අර්ථයයි..

ඉතින් අද මම මේ ලිපියෙන් කිවුවේ ආදරය කියන වචන හතරේ අරුත... ඊළග ලිපි වලින් අපි බලමු ආදරය ගැන තවත් වැදගත් කරුණු කිහිපයක්..........
එහෙනම් ආයුබෝවන් යාළුවනේ....

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ .........
ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු...
මට ඔයා...
ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...
මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ...................
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ .........
ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු...
මට ඔයා...
ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...
මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ....
ආදරේ...................
ela... digatama liyamu...
ReplyDeletethanks kollo.............
ReplyDelete