Saturday, June 15, 2013

ආදරය තුළ ආරක්ෂාව....


හරි ලිපි ලියන්ඩ ගියපුවාහම පිස්සු හැදෙනවා.... මොකද  මේක ලියන්නේ සෑහෙන වැඩ රාජකාරි බහුල කාලයක.. මොකද විභාග කියන්නේ අපිට එකපාරට එක වෙලාවට එන දෙයක්නේ.. කාලයක් වේලි වේලි තියලා ..... විභාග තිබ්බාම අපි අසරණ වෙනවා.. එතකොට තමයි අපිට තරු පේන්නේ...

‍හරි මොක වුණත් ඉඩක් ලැබුණු වෙලාවට අනිවාර්යෙන්ම ලිපියක් දානවා කියන ඉලක්කය උඩ ඉන්නවා.. ‍ඉතින් මේකටත් වේලාවක් වෙන් කර ගත්තා.....

හරි අපි කලින් ලිපියෙන් කතා කරා මොකක්ද මේ ආදරය කියන්නේ කියලා.. ඔයාලට අමුත්තක් දැනෙන්න ඇති මම ‍වර්ග කළ හැටියට ... මොකක්ද ඒ... වර්ග කිරීම... මෙලෝ රහක් නෑ කියලා කියන අයත් හිටින්ඩ ඇති. කොහොම වෙතත් මම මේ විදිහට වර්ග කළේ යම් කිසි හේතුවක් ඇතුව.....


ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රස්නය
ය -   යහපත 

මම මේකේ අළුත් දෙයක් එක්කරා.. මම දැකපු බොහෝ ලිපි වල තිබ්බේ ආදරය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා


ආ -    ආරක්ෂාව
ද -     දයාව
ර  -   රාගය
ය -   යහපත

මම ඒකට එකග වෙන්නේ නෑ.. මොකද අපි අම්මට ... තාත්තට.... සහෝදර සහෝදරියන්ට ආදරය කරනවා.. එ‍්කෙදි අපි රාගික හැගීමක් ගන්නේ නෑ.. මේ වර්ග කිරීම මම කියන විදිහට ගැලපෙන්නේ නෑ,..

මම දාපු විදිහට මම විග්‍රහ කරන්නම්...

ආරක්ෂාව....

ආරක්ෂාව කියන එක අපි හැමොටම තියෙන අවශ්‍යතාවයක්.. ඒකනේ අපි තාප්ප ගහගෙන.. සිකියුරිටි කැමරා හයිකරගෙන අපි ජීවත් වෙන්නේ.... 

ඉතින් මේ  සදහා අපි ආරක්ෂක භටයෝ ... යොදා ගන්නවා.. අපි ඒ අයට ගැලපෙන පඩියක්.....දෙනවානේ.. ඉතින් අපි ඒ අයට ආදරෙයි කියනවාද......?

නෑ අපි ආරක්ෂාව දෙන හැම කෙනෙකුටම ආදරෙයි කියන්නේ නෑ.. ඒක ආදරය නෙවෙයි.. එතකොට ආදරය කියන්නේ මොකකද? මගේ දැක්ම අනුව ආදරය  තුල  ආරක්ෂාව කියන්නේ අනෙකාගෙන් කිසිවක් බලාපොරොත්තු‍ නොවී තමන්ගේ ජීවිතයේ ආත්ම තෘප්තිය මත සිදුකරන කැප කිරීමක් ... 

මේක එක එක්කෙනාගේ දැක්ම අනුව වෙනස් වෙනවා..... සමහරු කියන්නේ මම එයාව මගේ ඇස් දෙක වගේම ආරක්ෂා කරනවා කියලා. හැබැයි සමහර අයනම් ඒ ගැන තැකීමක් කරන්නේ නම් නෑ,. මට හම්බෙලා තියෙනවා නොයෙක් වර්ගයේ පෙම්වතුන්. මොකද මම ඉගෙන ගන්න විෂයත් එක්ක මට සමාජය පිළිබද අවධානයෙන් සිටිය යුතුවෙන නිසා...

හිතන්න ආරක්ෂාව කියලා ඒ අය කරන්නේ පෙම්වතිය පස්සෙන්ම යනවා.. ඒ කියන්නේ ආරක්ෂාව මත ඇයට නොයේක් අයුරින් තහන්චි දානවා.. මේහෙම කරන්න .. මෙහෙම කරන්න.. මම කීව නේ එහෙම කරන්න එපා කියලා.. මම කිවනේ ඔයාට ‍ෆේස්බුක් යන්න එපා කියලා.. මම කීවනේ ෆෝන් ඔෆ් කරන්න එපා කියලා.. ඇයි ෆෝන් ඔෆ් කරේ.. ඇයි ෆෝන් ඔන් කරගෙන ඉන්නේ. දැන් මොකද කරන්නේ.. ඔයා කාගෙත් එක්කද ඉන්නේ.. ඔයා යන්න එපා මට නොකිය කොහෙවත්.. බ්ලා බ්ලා බ්ලා

මේක ආදරයද....

ඇත්තටම මේක ආදරය කියලා නම් මම කියන්නේ නෑ,. පෙම්වතා පෙම්වතිය ගැන හොයන්න ‍ඕනේ නමුත් ඉහත කීව අයුරින් කීවොත් ඒ ක ආදරය නම් වෙන්නේ නෑ .. ඒකට හේතු ගොඩාක් තියෙනවා කියන 

  • රාගික ආකර්ශනය..
  • සැකය
  • සමාජයේ මිත්‍යා විශ්වාස
  • ‍පරිසරයෙන් ඔහුට හෝ ඇයට අසන්නට ලැබෙන දේ

මේ වගේ ගොඩාක් දේවල් මේ ඉහත සදහන් කර වාරණයන්ට හේතු වෙනවා.. එහෙනම් අපි මොකක්ද කරන්නේ...

අපි කරන්න ඕනේ ආදරය ගැන කරන අයට නොදැනෙන්න අපි ඇය ගැන හෝ ඔහු ගැන සොයා බැලීම නොවේද... ඒකෙදි සමහර අය තමන්ගේ යාළුවෝ තෝල්කයෝ කර ගන්නවා.. මේක එක අතකට බොහෝම බරපතල දෙයක් ......... මොකද මේකෙදි පෙම්වතිය හෝ පෙම්වතාගේ නිදහස බාදා වෙනවා.. එවිට ඔහු බලන්නේ ඔබට හොරෙන් යම් යම් දේ කිරීම.. අනික මේකෙද යහළුවා යෙහෙළිය හැමදේම කියන්නෙත් නෑනේ. ඕකට ලුණු ඇඹුල් දාලා.... සෝස් එහෙම දාලා.. කොත්තුවක් තමා දෙන්නේ.. තමන්ගේ අදහසුත් එක්ක. ඉතින් මේකෙදි වෙන්නේ තම පෙම්වතා හෝ පෙම්වතිය කෙරෙහි අනිසි සැකයක් උපදවා ගන්නවා.. මොකද පෙම්වතා හෝ පෙම්වතිය තමන් දන්නා හදුනන තම කෙනෙක් එක්ක කතා කරන එක .. යන්නේ මහා ගිනි ජාලාවක් වෙලා..

මේකෙදි මැදිහත් සිතින් එම එන ආරංචි අසා.. තමාට එන ආරංචිය කෙලින්ම තම පෙම්වතා හෝ පෙම්වතියගෙන් නිවී සිටින වෙලාවට අහලා දැන ගන්න... එතකොට එයා ඇත්ත විස්තරය කියයි.. මතක තියාගන්න නිවුනු වෙලාවක... තරහ ගිය වෙලාවක ඇහුවොත් ඉතින් එදාම ගාල ගෝට්ටියක් වෙලා තමයි නවතින්නේ...ඉතින් මේක සාර්ථකයි.. මොකද මේකෙදි හැම කෙනාගෙම හිතත් නිවෙනවා.. ගැටළුත් අඩුවෙනවා.. 

තව දෙයක් හැම පෙම්වතාම පෙම්වතියම ඇත්ත කියන්නෙත් නෑ.. මේකෙදි ඔබ ඉවසීම තුල ඇත්ත ‍නැත්ත සෙවිය යුතු‍වෙනවා.. මම කියන්නෙ නම් තමාම එය සොයා බැලීම වටිනවා.. මොකද තමා දකින දෙය අනෙක් අය කියනවාට වඩා සිය දහස් ගුණයකින් වටින නිසා...

තව ගොඩාක් දේවල් ඉතින් ආරක්ෂාව යටතේ කතා කරමු.. අදට මේ පොඩි දැනමුතුකම අනුගමනය කරලා බලන්නකෝ.. ඉතින්... එතකොට ඔය හිත් රිදීම් අවම වේවි.. 

අදට ආයුබෝවන්....

No comments:

Post a Comment