Sunday, January 5, 2014

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....





සිංහල අපි හරිම වාසනාවන්තයි... මොකද අපිට අලුත් අවුරුදු දෙකක්ම තියනවානේ... මම එහෙම කීවට අමනාප වෙන්න එපා.. මම මෙහෙම කීවේ අපිටම ආවේනික වූ අපේ සංස්කෘතිය මගින් අපට හිමිකර දුන් අනර්ග දායාදයක් වූ සිංහල අලුත් අවුරුද්දත්.......... ඊට අමතරව අපි පෙරදිග ක්‍රමය එනම් ක්‍රි.ව ක්‍රමය තුල බෙදූ දින වකවානු තුල පැමිණෙන අලුත් අවුරුද්දත්  යන මේ දෙකම සමරන්න උරුමකාරයෝ වීම එක හින්දයි... මේ සමරන  හැම අලුත් අවුරුද්දකම මුලික හරය වන්නට ඔනේ තමන්ගේ සිතිවිලි අලුත් කරගෙන නවමු හැගීමකින් ඉදිරි අනාගතයට මුහුණ දීමට... තරහ මරහා අමතක කර... අලුතින් යමක් සිත තුලට ඇතුල් කරගෙන අලුත් ජීවිතයක් ගත කරන්න අදිටන් කර ගැනීමනේ.......


හොදයි මම නම් අවුරුද්දට සුබ පැතුම් එස් එම් එස් වලින් යාළුවන්ට යැව්වා... හි හි ඒ අය අහන්නේ ඔච්චර දිග එස් එම් එස් එකක් කියවන්න පුලුවන්ද කියලා... ඉතින් මම කල්පනා කරා ඒ එස් එම් එස් එක් නිම්තෙර පාඨක හැමෝටමත් ඒ අයුරින්ම පුදන්න...... සමහර අය අහනවා ඒකත් ඒ එස් එම් එස් එකේ තිබ්බද කියලා...

එහෙනම් ඕන් මේක කියවලා මුට පිස්සු කියලා කියන්නෙ එහෙම නෑ. හරිද....

අලුත් බලාපොරොත්තු පොදි බැදගෙන
අලුත් සිහින ඇතිරෑ 
අප යන මාර්ගයේ 
තවත් එක් නැවතුම් පොළක්
අසල අප හැමදෙනාම
රෑදී සිටින්නෙමු....
(මේ මොහොතේ සිතමු මෙලෙස)

රංගගෙන් විශ් එකක්

සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන


වියරු ගිණිදැල් නොවෙමු – වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු – දැවෙන කැළයට වසින


සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු - එකම ගගකට වැටෙන


නපුරු හීනය නොවෙමු - ළමුන් නිදි සුව බිදින
සොදුරු අඩහැරය වෙමු – දනන් නින්දෙන් මුදන


සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු  - එකම ගගකට වැටෙන

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..... සැමට.....

ඕන්න ඕකයි විශ් එක... හි හි... මේක සින්දුවක්නේ..... කියලා තව කෙනෙක් කියයි... ඔව් මේක සින්දුවක්
මේක මට හිතුනේ හැම කෙනාම බලන්නේ අවුරුද්දට සුබ උපන් දිනයක් කියන්නනේ.. ඉතින් මමත් ඒ විදිහටම අලුත් අවුරුද්දට සුබ පැතුවා...

අසාමාන්‍ය ලෙස....
මේක ගුණදාස කපුගේ ශූරින් විසින් ගායනා කරන්නට යෙදුන ගීතයක්.. මට හිතුනා මේ ගීතේ අර්ථය හොදයි අපේ සිත තුලට ඇතුලත් කර ගන්න කියලා... 

මේ අලුත් අවුරුද්දේ අලුත් වෙන්න... මේ පැරණි ගීතය කොහොමද උදව් වෙන්නේ කියලා හිතනවා ඇත.. ඒත් හිතන්න සොහොයුර සොහොයුරියනි... මේ ගීතයේ අර්ථය කිසි දවසක පැරණී වේද කියලා....

නෑනේ.. අපි මේ සින්දුව අහමු එතකොට තව ටිකක් සැරට අලුත් අවුරුද්දේ සිතට අලුත් සිතුවිල්ලක් දමාගත හැකි... 

එහෙනම් ආයුබෝවන් හැමෝටම .......