Monday, July 28, 2014

විවාහය..... (4 වන ලිපිය...)


අපි දැන් කතා කරගෙන ආවා අතීතයේ තිබ්බ විවාහ මොනවාද? එතකොට විවාහ ක්‍රම 8 ක් ගැන.. අයේ නෑන මස්සිනා විවාහ පිලිබද...ඉතින් අද අපි කතා කරමු..මම ජෝතිෂ්‍ය ගැන කතා කරන්නේ නෑ.. මොකද මම ඒ ගැන වැඩිය උනන්දුවක් නෑ,. අතීතයේ මේ ජෝතිෂ්‍ය කටයුතු විවාහයට පෙර දැඩි ලෙස ඉටුකර තිබෙනවා.. මෙයින් ඔවුන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අදහස් කරලා තියෙනවා...

කපු මහත්තයා කියන චරිතය අපිට අතීතයේ විවාහ ගැන කතා කරද්දී නැතිවම බැරි චරිතයක්.. ඒ චරිතයට තියෙන භූමිකාව තමයි.. දෙදෙනාගේ හදහන් ගැළපවීම.. කුලමළ ...සමාජ තත්ත්වය.... වගේ දේවල් හොයන එක.. ඒ විතරක් නෙවෙයි.. අතීතයේ මනමාලිය විසින් මනමාල පාර්ශවය වෙත දෑවැද්දක් ලබා දෙනවා.. ඒ ගැන තීරණයකට එළඹිමේදී මේ කපු මහත්තයාගේම කාර්යයක්... සමහර වෙලාවට මේ දෑවැද්ද කියන එක බලාපොරොත්තු වෙන්නේත් නෑ... ඒත් තම දියණිය වෙනුවෙන් කුමන අන්දමින් හෝ පරිත්‍යාගයක් කිරීමටම මනාලියගේ දෙමාව්පියන් ඉදිරිපත් වෙනවා..

පොරොන්දම් එහෙම බලලා ඊට පස්සේ ඒවා ගැලපෙනවා නම්.. මීලග අවස්ථාව තමයි ගෙවල් දොරවල් සහ වගතුග සොයන්න යෑම.. ඉස්සෙල්ලාම කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන තරුණයා යනවා තරූණියගේ ගෙදරට... මේකට කියන්නේ ‘මනාලියක් බලන්න යනවා‘ හෝ ‘කරකාරයක් බලන්න යනවා‘ කියලා. ඒ දවසේ මනාලිය ලස්සනට අන්දලා හැඩ වැඩ කොරලා බුලත් හෙප්පුවක් දීලා එවනවා මනමාලයා ළගට....මනමාලිය කරන්නේ ඒ බුලත් හෙප්පුව මනමාලයාට පිළිගන්වනවා... ඉතින් මනමාලයා මනමාලිය.. එකිනෙකා දකින්නේ ඒ වෙලාවේ තමයි.. ඒත් එදා ලැජ්ජාව නිසා එකිනෙකා දකින්නේ නෑ හරියට.... ඒත් ඥාතින් වැඩිහිටියන් ඇයගේ ශාරීරික ලක්ෂණ හා ඉරියව් ගැන සැලකිල්ලෙන් බලනවා...

මොනවාද ඉතින් ඔය බලන ඉරියව්.. අහන ප්‍රශ්නයක් නේ.. මම ටිකක් කියන්නම්..

ඝන තොල් ඇත්තීයක් කාමාතුර කාන්තාවක් ලෙස හදුන්වනවා.. ඉදිරි දත් අතර හිඩැසක් තියෙනවානම් ඇය පර හිමයන් සොයා යන බවත්, පයේ දෙවැනි ඇගිල්ල මහපටැගිල්ලට වඩා දිගින් වැඩි වූයේ නම් ඇය තම ස්වාමියා කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ..නිකට කෙළවරෙහි උපන් ලපයක් තිබේනම් ඇය චපල ගති ලක්ෂණ සහිත බවත් වගේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව කියවෙනවා.. තව ඇය ඒ අවස්ථාවේ පැමිණෙන විට ඇගේ ගමන, ඉරියව් නිරීක්ෂණය කරන වැඩිහිටියෝ තමන්ගේ අදහස් මනමාලයාට කියනවා..

ඉතින් බුලත් හෙප්පුවේ චාරිත්‍රයෙන් පසුව .. මනාල මහතා ඇතුළු පිරිස තේ මේසයට හෝ බත් මේසයට කැදවා ගෙන යාමයි.... සමහර ප්‍රදේශ වල තේ මේසයට කැදවාගෙන ගොස් පසුව චාරිත්‍රයද සිදු කරනවා... තේ පැනි සංග්‍රහයෙන් පසු ඒ විවාහයට සතුටු නම් මනාලියගේ පාර්ශවයට මනාලයාගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරවා.. ඒ වෙලාවේ තමයි දෙපිරිස අතර කතා බහ සිදුකොට විවාහය සිදු කරන හැටි කතා කරන්නේ...  

දැන් විවාහයට කැමැත්ත හම්බ උණානේ.. පස්සේ මොකද වෙන්නේ කියලා බලමු... අපි ඊළග ලිපියෙන්....

Saturday, July 26, 2014

මගුලක් කතා කරනවානම්........ ලෑස්තිද? (කසාදේ කසාදේ... 2වන ලිපිය)





පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වෙනවා.
ඊයේ ලිපිය නතර කලේ මෙතනින්නේ.. මොකක්ද මේ විවාහ ක්‍රම 8... ඉස්සෙල්ලා කියන්න ඕනේ මේක “පැරණි පොත් පත්“ වචනාර්ථයෙන්ම මේක පරණයි.. ඕන් එහෙනම් අද කතා කරමු.. 

මේ විවාහ වලින් පළමුවෙනි විවාහ ක්‍රම 3 අද වෙන්නේ නෑ... බ්‍රහ්මණයන්, යෝගීන්, තාපසයන්, පූජකයන් අය පාවා දීමෙන් කරන විවාහ නිසා... 

හතරවන  විවාහ ක්‍රමය තමයි දෙමාපියන් හෝ වැඩිහිටි අයෙක්ගේ අනුමැතියක් ඇතිව  කුල සිරිත් ඉටු කරලා සිදුකරන විවාහ... මේවාට කියන්නේ විවාහය ප්‍රජාපත්‍ය කියලා  කියන්නේ...

අසුර විවාහ කියන්නේ ණය එහෙම තිබිලා... ගනුදෙනු පොරොන්දු  මත විවාහයක් කරනවානම්... 

එතකොට ජම්පිං ගොයින්.. ඒ කියන්නේ දෙමාපියන්ට හොරෙන් සිදු කරන විවාහවලට කියන්නේ ගාන්ධර්ව විවාහ කියලා.. (ඔන්න දැන් ඉදන් පැනලා යං කියන්නේ නැතිව... අපි ගාන්ධර්ව විවාහයක් කරමු කියලා යොජනා කරන්න පුළුවන්... සමහරු පොල්තෙල් ඔළුවේ ගාන්නේ නැති වුණාට නෙරළු තෙල් ගානවානේ... නේද?  =)) )

එතකොට ඔය හින්දි ෆිල්ම් වල  ටැමිල් ෆිල්ම් වල වගේ කොල්ලාට කෙල්ලට එක එක තර්ජන, ගර්ජන, කෝලහල එක්ක පැහැරගෙන ගිහින් සිදු කරන විවාහ තමයි රාක්ෂ්‍ය විවාහ කියන්නේ...

එතකොට නූල් පන්නලා, වශී කොරලා , ඔය අනම් මනම් මන්ත්‍ර ශාස්ත්‍ර කොරලා සිදු කරන විවාහ වලට තමයි පෛශාච විවාහ කියන්නේ...  (ඔන්න මහේෂ් සහෝදරයාට ඕනේයි කිව්ව දේ..)

නෑනා මස්සිනා විවාහ වලට අතීතයේ තහංචි දැම්මේ නෑ.. මොකද ඒක සම්මතයක්.. සහෝදර සහෝදරියන්ගේ දරුවන් සමග මේ විවාහ සිදු කරලා තියෙනවා. අපේ කවි සාහිත්‍යයෙත් මේ නෑන මස්සිනාගේ ආදරය පිළිබද රසවත් වගේම දුක්බර මතකයන් රාශියක් තිබිලා තියෙනවා.. කසාදයට ඔබ සූදානම්ද කියන ලිපි පෙළේ දෙවන ලිපියෙන් කතා කරන්නේ අපේ අතීතයේ තිබ්බ නෑනා මස්සිනා විවාහය පිළිබදව...

ඔන්න මම පටන් ගන්නේ අයිති වාසිකම් වලින්.. කවියෙන්ම නෑනට තියෙන අයිති වාසිකම් කීවේ මෙහෙමයි..

“වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
 මල් පැණි අයිති වට ගුමු දෙන බඹරුන්ටයි
 මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
 නෑනා අයිති කාටද මස්සිනාටයි “ 

හිතන්න නෑනා කෙනෙක් නැත්තම මොකද කරන්නේ .... අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නේ... එහෙම මස්සිනා කෙනෙක් කියන කවියක්...

සාගතේ මොටද මිනිහෙක්‌ සතය නැති
මාවතේ මොටද තමනට ඉඩක්‌ නැති
රාමතේ මොටද මහ පෙරළුමක්‌ නැති
ජීවිතේ මොටද නෑනා කෙනෙක්‌ නැතී...

ඉතින් මෙහෙම දෙයක් නැති උණාම ඉතින් නැන්දලාගෙන් එහෙම හොයනවා දූවරු ඉන්නවාද කියලා... එහෙම හොයන්නෙත් අමුතු විදිහට.. ලස්සන නැන්දා කෙනෙක් ගාවට ගිහින් අනේ නැන්දේ ඔයා ඔච්චර ලස්සන නම් ඔයාගේ දුව කොච්චර ලස්සන වෙන්න ඕනේද කියලා අහනවා... මෙන්න මේ විදිහට


ගින්දේ සඳුන් පිනිදිය ගිණි සිළු විලස

 සන්දේ කොවුල් සවනට රකු හඬසෙ 
විස බැන්දේ මමන මද යුදයට හැම දවස
නැන්දේ ඉතිං කොහොමද මට කල දවස

ඉතින් නැන්දා මෙහෙම උත්තර දෙනවා.. මම කිව්වේ පුවක් ගහෙත් දෙබලක් කියලා.. නැන්දට දූවරු නෑ,

අමයුත් රස වදන දී සිඹ සිඹ මූණ  
රම පුත් යුද දිනති විසි සියො සහ යාන  
මම ලත් දුවක්‌ නැත දෙන්නට එසමාන  
මම වත් එමි ඉඳින් දුක නැතුවම බෑන..."

ඉතින් මොනවා කරන්නද..  
 
හරි දැන් නෑනා කෙනෙක් ඉන්නවා කියන්නකේ.. හැබැයි ගෙදරින් මාමා නැන්දා කැමති නෑ.. ඉතින් මෙහෙම අයිතිවාසිකම් කියනකොට ඒ අයිති වාසිකම බුක්ති විදින්න බැරි උනොත් මොකද කරන්නේ.. ඒ කියන්නේ නෑන හම්බ උනේ නැත්තම්... 

මස්සිනා කියන කවියක් තමයි මේ.. නෑනා දෙන්න කැමති නෑ.. 

“කුටු කුටු ගාන උගුරේ ගෙඩි හැදීයන්
වට පිට බලන ඇස් දෙක පොල හැදීයන්
වමතට බදින කොන්ඩේ ගිනි වැදීයන්
මට දුව නොදෙන නැන්දගේ ළය පැළියන්..“

දැන් ඉතින් මෙහෙම ඉන්නත් බෑරිනම් මස්සිනා මෙහෙම ප්ලෑන් කරනවා..


"අප්පත් මහප්පත් මඟුලට හරස්‌ වෙතේ
 
රෑ තනි රැයක්‌ තනි යහනේ නින්ද නැතේ  
මගෙ නෑනා මා සමඟම දීග යතේ
 කාටත් නොකියාම අපි යමු පහළකෙතේ..."

ඔහොම තමයි ඉතින් අයිති වාසිකම් නොලැබුණාම.. ඒත් සමහර අය කරන්නේ ඔහොම ඉන්න කොට නෑනට සීන්.. කරන අය කරන්නේ

ඉරට පුලුවන්ද ගිරවුන් අල්ලන්ට
සඳට පුලුවන්ද සාවුන් අල්ලන්ට
මලට පුලුවන්ද බඹරුන් අල්ලන්ට
නෑනට පුලුවන්ද මට තනියට ඉන්ට

.ඉතින් කොහොමෙන් කොහොම හරි නෑනා මස්සිනා සෙට් වෙනවා.. එතකොට නෑනලා සමහර වෙලාවට එක එක ගැටළු වලින් බේරෙන්නත් මස්සිනා උකස් කරනවා..

ඉස්සර අම්බලම් හදන්නේ සැතපුම් 22 න් 22කට.. එතකොට ගොඩාක් දුර කතර ගෙවාගෙන තමයි යන්න වෙන්නේ.. ජන කවි සාහිත්‍යයේ  ලස්සන සිදුවීමක් තියෙනවා. (මේක අපිට කීවේ අපේ සිංහල උගන්නපු ගුරුතුමා.... ආර්. රාජපක්ෂ ගුරුතුමා.. එතුමව මතක් කරනවා මේ වෙලාවේ...)

ඉතින් අම්බලමේ ඉන්නවා තරුණයෙක්... තරුණියක් මේ අම්බලම ලගින් යනවා.. ටිකක් ඇහැට කනට පේන තරුණියක්.. තරුණයා මෙහෙම කියනවා.. පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉග... නෑ නෑ දැන් කාලේ කොල්ලෝ ටිකාාාක සංවරයි.. ... 

“ අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කින්ද නගෝ
සැමියෙකු නැති මගක තනියම කින්ද නගෝ
අම්බලමේ මදක් නැවතීයන්ද නගෝ....“

ඉතින් මේ කෙල්ල හා අයියා කීවේ නෑ මේ කෙල්ල බෑ කිව්වෙත් නෑ... මොකක්ද කිව්වේ... ආඩම්බරයි බැලුවම නම් ..  හොර..   නෑ නෑ.. ඒ කාලේ කෙල්ලෝ දැන් කාලේ කෙල්ලන්ට වඩාාා ගොඩාාාාක් සංවරයි... 

අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා
වසාගෙන දෙතන බිලිදුගේ කිරි හන්දා 
බාල මස්සිනා පස්සෙන් එන එන්දා
යන්නම් අයියන්ඩි ගම රට මගේ දුර හන්දා...

ඉතින් මෙතන බාල මස්සිනා කියලානේ කියලා තියෙන්නේ.. ? හරි අපි ලොකු අයියා.. පොඩි අයියා.. කියලා කියනවානම් ඇයි වැඩිමහල් මස්සිනා බාල මස්සිනා කියලා කීවම වරදක් නෑ කියලා මට හිතුණා..

හැබැයි සමහරක්වෙලාවට මාමාවරූ දූලා දෙන්නේ බලෙන්ම පෙරැත්ත කරලා.. එහෙම වුණ මස්සිනා කෙනෙක් කියනවා මෙහෙම කවියක්...


අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට  
බින්න මඟුලකට බහදී මෙමා හට  
අප්පා ලෙසට වුණි අඹුවක්‌ එදා සිට
උපන් රටට යැමට දැන් හිතෙයි මට"


කසාද බැන්දයි කියන්නකෝ.. ඉතින් මොකද කරන්නේ... බින්න විවාහයක් වුනොත් මෙහෙම දෙයක් වෙනවා.. මම කලින් ලිපියේ කිව්වේ.. මේ බින්න විවාහයේදී ගෙනි යන්න ඕනේ දෙවල්  තියෙන්නේ මේ කවියේ..

තක්‌ක තරිකිට බින්න දොං දොං  
පැළේ යට හැරමිටිය දොං දොං  
බොලේ කෝ තල අත්ත දොං දොං
  මලේ දිය හුළු අත්ත දොං දොං"

මොනවාද බොල ගෙනියන්න ඕනේ... බලමු.. හැරමිටිය.. ඒ මොකටද.. මොකද දන්නවාද. නැන්දම්මා.. හෝ භාර්යාව පලයං කිව්වොත් රෑ වෙලා  හැරමිටිය ඕනේ වෙනවා සතා සීපාවාගෙන් ආරක්ෂා වෙන්න... එතකොට තල් අත්ත මොකටද මොකටද දන්නවාද වැස්සක් ආවොත් එහෙම..  අයේ හුළු අත්ත.. මොකද රෑ කළුවරේ යන්න එපායේ.. ඒකයි... ඉතින් 

නැන්දම්මට මේ බෑණා පොඩ්ඩ වෙනස් වෙන විදිහ බලන්න...

අලුත් පිට බෑනා ගෙදර එන විට
මලුත් පුදා දුව කැන්දා දෙති ළඟට
කලුත් ගොසින් බෑණා ගෙදර එන විට
බලුත් නොවටීය බෑණා නැන්දාට...”


අද ඕන්න පළ කලේ ඉස්සර නෑනා මස්සිනා විවාහ පිළිබදව අයෙත් ලිපියකින් හමුවෙමු.. එහෙනම් ජය වේවා..

Friday, July 25, 2014

නොමිලේ දෙන එමපීත්‍රී සොෆ්ට්වෙයා එකකින් මේ වගේ පට්ට වැඩ පුළුවන්ද?


ඔයාලාට අද මම ගෙනාවා එම්පීත්‍රී ප්ලේයර් එකක්.. මේ ගැන දන්නේ නැතිව ඇති.. පට්ට භාණ්ඩේ.. එහෙම කීවයි කියලා ඔයාලා එක පාරටම මේ ගැන ගන්න ඕනේ නෑනේ නේද.. ඒත් මම කියන්නම් සාමාන්‍යයෙන් මේකේන කරන්න පුළුවන් වැඩ ටිකක්.. 

ඔයාලාට පුළුවන් එම්පිත්‍රී ප්ලේ කරන්න... 


ඔයාලාට පුළුවන් සාමාන්‍යයෙන් සින්දුවක වොයිස් එක අඩු කරලා මියුසික් ප්ලේ කරන්න..

ඔයාලාට පුළුවන් කැමති කලර් එකක් දාගන්න

ඔයාලාට පුළුවන් ඩෙස්ක්ටොප් එකේ කොනක මේ ප්ලේයර් එක හයිඩ් කරන්න

ඔයාලාට පුළුවන් ලයිබ්රී එකක් හදන්න

ඔයාලාට පුළුවන් එම්පීත්‍රී ෆයිල් එකක ලිවුවේ කව්ද, කියන්නේ කවුද, පින්තූරයක්.. වගේ ඒවා ඇඩ් කරන්න..

තව.. එක එක මියුසික් නාද රටා.. ජෑස් සොෆ්ට් රොක් වගේ ඒවා... ප්ලේ කරන්න.. එහෙනම් මම ඇති නේ කියෙව්වා.. ඔයාලාම පොඩ්ඩක් අතපත ගාලා හොයා ගන්න ..

ආයෙත් කියන්නේ පට්ට භාණ්ඩේ .. පොඩි ෆයිල් එකක්..*** යන්න කලින් කියන්නේ ඈම්ප් 2 එක යි ඈම් 3 එකයි ඩවුන්ලෝඩ් කරලා ඉස්සෙල්ලා ඈම්ප් 2 එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඈම්ප් 3 එක දාන්න .. එතකොට 2 එක තමයි අප්ග්‍රේඩ් වෙන්නේ.. 

පහලින් ඇති ස්කින් කිමති එකක් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරන්න.. එතනින් එහාට කියන්න ඕනේ නෑනේ... හැබැයි ඈම් 3 එක ඉන්ස්ටෝල් කොරලා ඉන්න ඕනේ හොදද?නිකන් ස්කින් ඇප්ලයි වෙන්නේ නෑ,...

මෙතනින් ඩව්න්ලෝඩ් කර ගන්න..

අදහසක් එකතු කරලා.. ෆලෝ එකක් එහෙම දෙන්න නැත්තම් මේ වගේ ඒවා මිස්වෙයි... හොදද

ජය වේවා... !

කසාදෙට ලෑස්තිද? (3 වන ලිපිය)




කලින් ලිපියේ අපි කතා කරා ලංකාවේ අතීතයේ තිබ්බ විවාහ ක්‍රම පිළිබදව..බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්න... අපි කතාකරපු මේ විවාහයන් අතරින් සිංහල ජනයා විවාහ ක්‍රමය වූයේ කපු මහතෙක් ලවා  පවුලට පෙළපතට තරාතිරමට ගැලපෙනවාද කියලා බලලා සහකාරයෙක් හෝ සහකාරියක් හොයන්න කියනවා.. ඉතින් මේ මගුල් කපුමහතා තමයි ඉතිරි ටික කරන්නේ .. ගැලපෙන යැයි සිතන අයගේ ජන්ම පත්‍රය සමග විවාහ අපේක්ෂිත පුද්ගලයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා පොරොන්දම් ගැලපෙනවාද කියලා බලනවා.... දැන් කාලේ මේ මගුල් කපු මහත්වරු අඩුයි .. මේ වෙනුවට දැන් කොම්පැණි හැදිලා තියෙනවා.. අනික දැන්කාලේ සමාජ වෙබ් අඩවි... වලින් එහෙම හොයා ගන්නවානේ....

පොරොන්දම් 20ක් තියෙනවා...

 මේ එක එක පොාරොන්දමේ එක එක ගති ස්භාවයන් කියවෙනවා.. මම එච්චර ජ්‍යෝතිෂය පිළිබද හසල දැනුමක් තියෙන අයෙක් නොවේ...  ඒක හින්දා මම මේ ලිපිය උපුටාගත් එකක්.. මොකද හැමදේම කතා කරනවා කීවනේ....මම ලිපියක් කියෙව්වා ඒ ලිපිය ඔයාලාටත් කියවන්න දානවා.. පුළුවන් නම් මේ ලිපිය ලියපු කෙනාට උපකාරයක් කරන්න.. අදහසක් දාලා දිරිමත් කරන්න.. ඒක වටිනවා... ලින්ක් එක පහතිත් දාලා ඇති...



 ............ගෙදර අය බලන්න කලින් පොරොන්දම් බලන්න අසද?..........

01) නැකැත් පොරොන්දම
02) වෘක්‍ෂ පොරොන්දම
03) ගණ පොරොන්දම
04) ආයුෂ පොරොන්දම
05) මහේන්ද්‍ර පොරොන්දම
06) පක්‍ෂි පොරොන්දම
07) ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම
08) භූත පොරොන්දම
09) යෝනි පොරොන්දම
10) ගෝත‍්‍ර පොරොන්දම
11) රාශි පොරොන්දම
12)වර්ණ පොරොන්දම
13) රාශ්‍යාධිපති පොරොන්දම
14) ලිංග පොරොන්දම
15) වශ්‍ය පොරොන්දම
16) නාඩි පොරොන්දම
17) රජ්ජු පොරොන්දම
18) දින පොරොන්දම
19) වේධ පොරොන්දම
20) ග‍්‍රහ පොරොන්දම


 __මේ ගැන වැඩි විස්තර ඕනේ නම් අපේ බ්ලෝග් අවකාශයේ සිටින වයලීනෝ සහෝදරයා ලියු පෝස්ට් එකක් තියෙනවා.. එතනට ගිහින් බලන්න.. මෙන්න ලින්ක් එක... _______

ඔන්න පොරොන්දම් ගැන .. තවමත් ඒවගේ ටික ටික ඉතිරි වෙලා තියෙනවා.. දැන්නම් මේවා කොම්පියුටර් වලින් එහෙමත් හදලා දෙනවානේ ඕන්.. මම ඔය ගැන ඊට වඩා කියන්න යන්නේ නෑ....  

ඊයේ දිනයේ මම කසාදේ කසාදේ ලිපිය පළ කලාට පස්සේ මහේෂ් රත්නායක  සහෝදරයා
(h) කොමෙන්ට් එකක් දාලා තිබ්බා විවාහ වර්ග අටක් තියෙනවා නේද කියලා.. දැන් ඒ  ගැන තමයි මේ සදහන් කරන්නේ.. ස්තූතියි හැමදෙනාගෙම අදහස් වලට.. 

පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වේ.

මේ ගැන වැඩි විස්තර ඊළග ලිපියෙන් දැනගනිමු.. මොකද ලිපිය දිග්ගැස්සෙන්නත් හොදනෑනේ...

එහෙනම් ඊළග ලිපියට ආරම්භයක් තියලාම මෙසේ අවසන්කරනවා.. 


කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ නම්.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

Thursday, July 24, 2014

කසාදේ ... කසාදේ....... (2 වන ලිපිය)

 
හරි ඔක්කොටෝම සුභ උදෑසනක් වේවා කියලා පතනවා...  :) මම මෙම ලිපි පෙළ ආරම්භ කරන්න හිතන් කලින් ලිපියක් දැම්මා.. මම හිතුවටත් වඩා ඒකට ප්‍රතිචාර තිබ්බා.. මොකද මෙච්චරම කසාදේ කියන වචනයට ආකර්ෂණයක් තියෙන්නේ කියලා හොයලා බලන්න ම වටිනවා.. එහෙනම්... අද ඉදන් ඕන් හැම දෙනාටම වැදගත් ලිපි පෙළක ආරම්භයක් වෙයි එහෙනම්....

ඒ ලිපියෙහි නම “කසාදේ නම් කසාය හරි තිත්ත බෙහෙතකී“ කියන ලිපියෙහි මාතෘකාව ටිකක් ඝෘණාත්මක උනත් එයට ආකර්ශනය වෙන ප්‍රමාණය වැඩී වගේ... x-) නෑ නෑ එහෙම නොවෙන්ඩත් පුළුවන්. [-( හිතන්න මෙහෙම මේ ලිපිය පෝස්ට් කරාට පස්සේ ඕන් එක එක සින්ඩි වලින් මේ පෝසට් එක පෙන්නවා.. 

** මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ.. ඔය හත්මාළුව.. මාතලන්ගේ සින්ඩි... වලට එහෙම**  හිතලා බලන්න දවසකට ලිපි 100, 200 ඒ සින්ඩි වලට එකතු වෙනවා... කවුරු හරි ඔතනට ගිහිල්ලා ඒකේ තියෙන ලිපි ටිකේ මාතෘකා ටික කියවනවා.. එතකොට ඒ ඒ පුද්ගලයා විවධ වූ තමුන්ගේ කැමත්තට අනුව එක එක මාතෘකා වලට යනවා... හිතලා බලන්න එහෙම නෙවේද කියලා.. අද මේ ආපු පෝස්ට් එකත් ඔයා තෝරගත්තේ ඔයාගේ කැමැත්ත අනුව... එක්කෝ ඔයා කසාද බදින්න ඉන්න කෙනෙක්.. එක්කෝ කසාද බැදපු කෙනෙක්..කොතන හරි කොනක ඔයා කසාදෙට කැමැත්තක් තියෙනවා....

හරි අපි පටන් ගමු...  ඉස්සෙල්ලාම අපි විවාහය කියන වචනය මොකක්ද කියලා බලමු.. ඒ වචනයේ අර්ථය මොකක්ද කියලා..  

                                    වි - විශ්වාසය
                                    වා- වාසනාව 
                                    හ - හෘද සාක්ෂිය
                                    ය - යහපත් ගමන

ඔබ මේ විවාහය කියන වචනයෙන් හරියටම අර්ථ දැක්වෙන දේ ගැන හිතලා බැලුවද.. මේ කියන කාරණාවන් හැම එකක්ම විවාහ ජීවිතයේ ශක්තිමත් කරනවා.. අපිට විශ්වාසය නැත්නම් .. ඒ පවුල් ජීවිතය අවුල් වෙනවා.. වාසනාව කියන දේත් එහෙමයි.. ඒ හැම එකකටම වඩා හෘද සාක්ෂිය අත්‍යවශ්‍ය වෙනවා..  බලන්න මේ වචනයෙන්ම ඒ දේ හදුන්වලා තියෙන විදිහ..

ඒ නිසා අපි  මේදේවල්  දැනගෙනම ඉදිරියට කතා කරමු... මුලින්ම කියන්න ඕනේ  විවාහය කියන දේ දෙවන උපත කියලා හදුන්වනවා.. මොකද මෙයින් පස්සේ ජීවිතයේ සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වෙන නිසා...හිතලා බලන්න ඇත්තද කියලා...

කිසියම් සමාජයක පැවැත්ම උදෙසා මෙම විවාහය කියන දේ බලපානවා...කියන එක. ඒ කියන්නේ පරපුරක් බිහි කිරීමට අපිට කාන්තා පුරුෂ  දෙදෙනෙක් එක්වීම තිබෙන්න ඕනේ..  

ඔබ එවිට කියයි ඉතින් ඒකට විවාහ වෙන්න ඕනේයෑ කියලා.ඒත්  අපේ  රටේ මේ විවාහ කියන්නේ මේ විතරක්ම නෙවේ.. ඊට වඩා ශක්තිමත් බැදීමක්.. අනාගත පරපුර පවත්වාගෙන යන එකයි (ඒ කියන්නේ දරුවන් සෑදීම) , ඔවුන් රැක බලා ගැනීම, පෝෂණ්‍ය කිරීම, හොද නරක කියා දීම.. හොදින් ඉගැන්වීම යහපත් ලෙස සමාජයේ ස්ථාවර ලෙස සිටීමට පුලුවන් පුරවැසියෙක් ලෙස බිහිකීරීම කියන මේ කාරණා සියල්ලම අයත් වෙනවා...

වෙන රටවල් වල තිබෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමයක්.. හැබැයි අපේ ආසියාතික රටවල බොහෝවිට මේ දේවල් තියෙනවා.. 

අපි අද කතා කරමු පළමුවෙන් ලංකාවේ අතීතයේ තිබූ විවාහ පිළිබද..මේ දේ ඔබ අසා නොතිබෙන්න පුළුවන්..

ඉස්සෙල්ලා කියන්න ඕනේ ලංකාවේ කලින් නම් මේ රෙජිස්ටර් කරනවා කියන එක තිබ්බේ නෑ.. ඒක වෙනුවට තිබ්බේ දෙන්නාගේ කැමැත්ත මත එකගෙයි අඹුසැමියන් විදිහට ඉන්න එක.. බ්‍රිතාන්‍ය ජාතීන් විසින් තමයි මේ මේ නීති විවාහය කියන එක ඇති කරන්නේ.. 

ලංකාවේ පෙර තිබ්බ විදිහට කිසිම බලහත්කාර බැදීමක් නොදමා.. දෙදෙනාගේ විශ්වාසය මත දිවි තිබෙන තුරා මේ විවාහය පවත්වාගෙන යෑමයි.. කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් විසින් මේ දේ පිළිනොගෙන නීති විවාහය කියන දේ හදුන්වා දුන්නා.. පහත රට ප්‍රදේශයේ පැවතුනේ නීති විවාහය මොකද පහත රට ප්‍රදේශය බොහෝකල් බ්‍රිතාන්‍ය ජාතීන්ට අයත් වෙලා තිබුණ නිසා .. ඒත් උඩරට ප්‍රදේශයේ නම් බොහෝ කාලයක් යනකම් තිබුණේ මේ අපි කලින් සදහන් කල විශ්වාසය මත ගොඩ නගාගත් විවාහයයි..


ලංකාවේ විවාහ ක්‍රම කිහිපයක් තිබ්බා.. මතකද පොඩිකාලේ සමාජ අධ්‍යයනය විෂය තුල තිබ්බා.. ඉතිහාස විෂයෙත් තිබ්බා.. ඒ පාඩම් කරද්දි අපි හරි ජොලියෙන් අහනවා.. ඒත් එක්කම දාර්ශනික ටෝක් දෙනවා..


මොනවාද ඒ විවාහ...
               1) දීග විවාහ
               2) බින්න විවාහ
              3) එකගෙයි කෑම
              4) අන්ත:පුර
              5) හුවමාරු විවාහ
              6) ඇවැස්ස විවාහ(නෑනා මස්සිනා විවාහ)

මතකද මේදේවල්.. කමක් නෑ අමතක නම් මතක් කර ගන්නකෝ...

දීග විවාහ කියන්නේ මනමාලයා විසින් මනමාලිය කැන්දාගෙන එන එක...  බින්න විවාහ කියන්නේ මනමාලියගේ ගෙදරට මනමාලයා ගොස් පදිංචි වීම.. මෙහෙම ඉදිද්දි නම් කියනවා කොළපතයි හුලු අත්තයි අතේ තියන එහෙට යන්න ඕනේ කියලා. මොකද ගෙදර භාර්යාව හෝ නැන්දම්මා පළයං කිව්ව දාට මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා.. මේදේ ගැන දැන්නම් මොඩ් කරලා ගන්න ඕනේ... ටෝච් එකයි කාර්පට් එකයි කියලා කියමුකෝ..    :d 

 එකගෙයි කෑම කියන්නේ සහෝදරයන් කීප දෙනෙක් එක් භාර්යාවක් කැන්දාගෙන ඒම... ඒ සහෝදරයෝ හැම දෙනාම මේ භාර්යාවත් සමග ලිංගිකව හැසිරෙන අතර ඔවුන් අතර කිසිම ඊර්ෂියාවක් නොතිබීමයි.. මේහිදී මොවුන්ට දාව උපදින දරුවන්ට හැම කෙනාම තමාගේ දරුවෙක් ලෙස සැලකීමයි.. මෙහිදී මෙය සිදුකරනට හේතුව ලෙස දකින්නේ දේපළ බෙදීම වැළැක්වීමයි.. මෙහිදී භාර්යාවට කිසිම සැමියෙක් ප්‍රතික්ෂේප කරන්න බැ.. එතකොට කොහොමද බොල මේ එක එකා එක වැරම...නෑ නෑ  b-(  මේකටත් ක්‍රමයක් තිබ්බා.. ඒ කියන්නේ භාර්යාවත් එක්ක සැමියෙක් ඉන්නා විට ඔහුගේ අමුඩ ලේන්සුව දොරේ එලිලනවා.. 
ඒක සංකේතයක්.. 

අන්ත:පුර කියන්නේ රජවරුන්විසින් භාර්යාවන් බොහෝ දෙනා තබා ගැනීමයි.. මෙයින් වංශවත් බව නිරූපණය වෙලා තියෙනවා.. ඒත් එක්කම  මේ දේ කරන්නේනම් හේතු කිහිපයක් තියෙනවා.. මේ හැම කෙනා එක්කම අඹුසැමි සබදතා පැවැත්වීම නිසාම නෙවෙයි. එක් දෙයක් නම් රාජ්‍යයට තර්ජනයක් ඇති නොවෙන්න.ඒ කියන්නේ තර්ජනාත්මක ප්‍රදේශයක සිටි කෙනෙක්ගේ දුවෙක් විවාහ කර ගැනීම නිසා එම තර්ජනය මග හැරෙනවා.. ඒ කියන්නේ රාජ්‍යත්වය ස්ථාවර කර ගැනීමට...


ගැමියන් අතර තිබ්බ හුවමාරු විවාහ ක්‍රමයෙන් වෙන්නේ තමාගේ සහෝදරියක් වෙනත් කෙනෙකුට පාවා දී ඒ පුද්ගලයාගේ සහෝදරියක් කසාද බැදීමයි.. මේ විවාහය හුවමාරුවක් නේ වෙන්නේ නේද...

අනෙක් එක තමයි කතා කරන්න ඕනේම .. නෑන මස්සිනා විවාහ... මේකනම් අපේ සාහිත්‍යයේත් සදහන් වෙලා තියෙන දෙයක්.. අහලා ඇතිනේ වර්තමානයෙත් ජනප්‍රිය විරිදුවක් තියෙනවා.. 



හැබැයි වර්තමානයේනම් මේ විවාහය පිළිගන්නේ නෑ, මොකද එක ලේ ඥාතී කම් විවාහ වලදී උපදින දරුවන්ට නිලීන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙන නිසා..  

හරි මතුවට කතා කරමු ඇති නේ. කියවන්නත් එපා වෙනවානේ.. ඊළග තව කතා කරමු.. 

කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

Wednesday, July 23, 2014

ඇක්සිඩන්ට් එකක්..... ඇක්සිඩන්ට් එකක්...



අනේ අනේ
මෙහෙම දෙයක්
බීලා අපු බස්කාරයා
තඩි ලොරියක
පතබෑවිලා

හැටක්ම බස්එකේ අයලු
තුන්දෙනාම ලොරියේ අයලු
පස් දෙනෙක්ට මරු පෙනිලාලු
විසි දෙනෙක්ම ගැහැණු අයලු
පොඩි එවුන්ම දහ අටකුලු

හතර වටේ හිටිය උන්ගේ
දහ දෙනෙක්ම.. එකතුවෙලා
හරි හරියට වැඩ කරලා
ආපු ගියපු වාහන වල
මගී ටිකම අරන් ගිහින්...


***** මෙන්න දැන් ලැබුණු ප්‍රවෘතියක්.. අද පස්වරු 3 00 ට පමණ සිදුවූ දරුණු අණතුරකින්******

මැගී අක්කේ සුමණා අක්කේ
උඹලා දෙන්නා දන්නවාද
ඇක්සිඩොන් එකක්ලු
මහරගම ටිකක් එහා

අනේ ලතා කී දෙනෙක්ද
මැරිලා ඇත්තේ
ගොඩක් එහෙම මැරිලා නැද්ද
කීයක් දැන් හොස්පිටල්ද

සෑහෙන අය අමාරුවෙන්
කාගේ උණත් වැරදි එකා
අල්ලා දෙක තුන ඇනලා
මැරූවා නම් ඔය දේ නෑ,.................

අනේ අනිච්චං.....!

** නිමිත්ත... සියවස් දෙකක පවතින් මිනිසුනගේ චිත්ත චෛතසික විපර්යාසය 

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? ..... අවසාන (9) කොටස....

පිඩනය ඔස්සේ ගොඩනැගෙන ස්වීයත්වය



මෙම ලිපි පෙල සම්පූර්ණයෙන්ම කියවූ කල ඔබ සියළු දෙනාට නියමාකාරයෙන් සමාජය ගැන අප ජීවත් වන පරිසරය ගැන අප ගැන යම් අවබෝධයක් ලැබුනාට සැක නැත.. මෙම අවසාන ලිපියෙන් අප දැන ගනිමු කුමක්ද මේ පීඩනය හමුවේ.. එක් එක් පුද්ගල වයස් ඛාණ්ඩ යටතේ ස්වීයත්වය හෙවත් පෞරුෂත්වය  ගොඩ නැගෙන්නේ කියා.. අපි  තවත් දවසක අළුත් ලිපි පෙළකින් එක් වෙමු .. දිගටම රැදී ඉන්න.. අද ලිපියෙන් අර අප කළින් කතා කළ හැම ලිපියකටම සම්බන්ධ ලින්ක් එකක් දානවා.. ගිමන් නිවන නිම්තෙරත් එක්ක රෑදී ඉන්න ඔබට දැනුමින් විනෝදයෙන් දැනුවත් කිරීම තමයි අරමුණ.. එහෙනම් මෙන්න කලින් කියවපු නැති අය.. කියවන්න ලිපි..



මා පෙර පෙර පරිච්ඡ්‍ෙදයේ ස`දහන් කලේ සමාජ පීඩනය ගොඩ නැගෙන අන්දමයි. මෙම පරිච්ඡ්‍ෙදය ඔස්සේ සාකච්ඡා කිරීමට යන්නේ මේ උක්ත දැක්වූ සමාජ පීඩනයට පුද්ගලයන් දක්වන ස්වීයත්වයන් විමසා බැලීමටය.පහසුව ස`දහා මෙය කාණ්ඩයන්ට බෙදා ගැනීමට අදහස් කලෙමි.


ළමුන්


නීතියෙන් ළමුන් ලෙස පිළිගන්නේ අවුරුදු 18ට වඩා වයසින් අඩු පිරිමි හෝ ගැහැනුන්ය. මෙහිදී ළමුන්ගේ ප‍්‍රධාන කාර්යය වන්නේ අධ්‍යාපනය ලැබීමය. මෙහිදී පාසලක් ගත් කල විවිධාකාරයේ ස්වීයත්ව හිමි ළමුන් සිටි.

බහුතරයක් ළමුන් හැසිරීමේදී නිතරම ප‍්‍රශ්න මගින් තම දැනුම වර්ධනය කර ගැනීමට උත්සහ දරයි. එනම් 1 සිට 4 දක්වා මෙම ප‍්‍රවනතාව දැකගත හැකිය.නමුත් ඇතැම් ළමුන් මෙම චර්යාව සිදු නොකරයි.

ඇතැම් ළමුයි ප‍්‍රවේගකාරි චරිතයන් හිමි අය වෙති. මොවුන් නිතරම සිදුකරනුයේ අනෙක් ළමයිනට හිරිහැර කිරීමටත් අසභ්‍ය වචන භාවිතයත් , ගුරුවරුන් දෙන අවවාද නොපිලිගැනීමත්. පන්තියේ කිරීමට දෙන වැඩ නොකිරීමත් පාඩම ඉගැන්වෙන අතර තුර විවිධාකාර වල වැඩ නිරත වීමත්ය. මෙයට බොහෝ දුරට සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා බැලිය යුතුය. මෙම ළමයින් ඉපදුනේ මේ ආකාරයට නොවේ. මොවුන් බලාපොරොත්තු වු පරිදි ආදරය කරුණාව නොලැබීමත්. පවුල් පරිසරයත් සමාජයෙන් මෙම දරුවා කොන් වීමත් නිසා මෙම දරුවන් තව තවත් ප‍්‍රචන්ඩකාරීවේ. ෆොයිඞ්ගේ න්‍යායට අනුව මොවුන්ගේ අවධි 5 සම්පූර්ණ වීමේදී යම් ගැටළුවක් මතුවී ඇති බවට සැක නැත.

මා දන්නා කුඩා දරුවකුගේද මෙවැනි චරිත ලක්ෂණද පවති. ඔහුගේ පවුල් පරිසරය ගත් කල මව කුඩා කල සිට නොමැත. පියා ද පිටරටට ගොස් ඇත. තම අත්තම්මා සම`ග සිටින මෙම කුඩා දරුවා ප‍්‍රචන්ඩකාරි ලෙස හැසිරෙයි. අප සැමවිටම හොදින් කතා කිරීමේදී ප‍්‍රකෝපකාරි ස්භාවය අඩුවන අතර ටික වේලාවකට පසු නැවතත් පුරුදු පරිදි පසුවේ. මොහුගේ මෙම ස්වීයත්ව ලක්ෂණයට මා දකිනා ආකාරයට හේතු දෙකක් ඉදිරපත් කළ හැක. එක් හේතුවක් ලෙස මොහු කුඩා කල දෙමාපියන්ගේ ආදරය අනුකම්පාව නොලැබීම නිසා ප‍්‍රචන්ඩකාරී ලෙස හැසීරීමත් එක්කෝ අන් අයගේ අවධානය මොහුවෙත ඇදගැනීම ස`දහාද මෙලෙස හැසිරීමට පෙලඹීමට හේතවුක් ලෙස දැක්විය හැක. මොහුට ලැබෙන සමාජ පීඩනය නම් අන් ළමුන්ට දෙමාපියන්ගේ රැුකවරණය තිබීමත් මොහුට එම ආදරය අඩුපාඩු නිසා ඇතිවන මානසික පීඩනයත් නිසා මෙලෙස හැසිරීමට හේතු ලෙස දැක්විය හැකිය.

ළමුන් සමහර අය ප‍්‍රචන්ඩකාරීවන්නේ කුඩා කල සිට ඔහු පවුලේ දෙමාපියන්ගේ ප‍්‍රචන්ඩ වුවද සිදුවේ. නමුුත් තවත් දේ ඇත. වර්තමානයේ පවතින කුඩා ළමුන් ස`දහා ප‍්‍රචාරය වන කාටුන් මගින් චරිත මනසෙහි දෝන්කාර දේ. මෙම නිසාද ළමුන් එකිනෙකා ප‍්‍රචන්ඩ කාරී වේ.

ළමුන් අතර විවධ වු ස්වියත්වයන් පවති. ඒ අතර  නිශ්ශබ්ද චරිත මොවුන් ලැජ්ජාවෙන් ඇඹරෙමින් කිසිදු උත්තරයක් නොදී සිටීමට උත්සහ දරයි. අනෙක් ළමුන් අතරේද මේවැනි අය කොන් වී සිටි. මොවුන්ගේ සිත් තුල නිතැතින්ම සිතිවිලි දෝරේ ගලයි. සෑම විටම කල්පනාවක පෙලෙමින් සිටි. මෙයට හේතුවන්නට ඇත්තේ මොවුන් යම් මානසික පීඩනයක් මත සිටිනා බවයි.  පවුල් පරිසරය තුල දෙමාපියන්ගේ අනිසි බලපෑම් මත හෝ සමාජය දෙස ඔහු හෝ ඇය දරනා අදහස නිසා මෙලෙස වන්නට ඇත. කෙසේ නමුත් අප දැනගත යුතු කරුණක් නම් මෙවැනි දරුවන්ගේ ස්වීයත්වය ගොඩනැගී ඇත්තේ බාහිරින් කුඩා කල ලැබුනු අත්දැකීම් මත බවයි.

තවත් ළමුන් ශාරීරිකව දුර්වලතාවයන්ද මෙයට බලපානු ලබයි. සමහර ළමුන්ට අකුරු හ`දුනාගැනීමට පවා අපහසුය. මොවුන්ට ලියන්නට කියවන්නට අපහසුය. මොවුන් නිතැතින්ම උත්සහ දරන්නේ බාහිර දෑ ස`දහා යොමු වීමටය. අනෙක් ළමුන් මෙවැනි ළමුන්ට විහිළු තහළුවට හසුකර ගනී. මොවුන් මානසිකව පහතට ඇද දමති. සමාජයට මෙවැනි ළමුන්ට සළකන්නේ පහත් මට්ටමකිනි. එනම් තමාගේ විනෝදය ස`දහා විවිධාකාර වු විහිළු තහළු මගිනි. මොවුන් මානසිකව ඇද වැටේ. මෙය මානසික වර්ධනය දුර්වල අයටය.

සමහර ළමුන් බාහිර පෙනුම යම් යම් විකෘතියනට හසුවී සිටි. ඔවුන්ට නිතැතින්ම සමාජයෙන් හොද මෙන්ම නරකද සිදුවේ. එනම් මොවුන් ගැන විවිධාකාර නම්වනම් පවසා මොවුන් අපහසුතාවයට පත් කරයි. තවද මොවුන්ට මානසිකව ඇදවැටීමට විවිදාකාර වු කි‍්‍රයාදාමයන්ට යොමුකර ගනිති. මෙම නිසා මොවුන් සියළු දෙන හැසිරෙන්නේ සමාජයට බියෙනි.

තවද වැඩිහිටියන් ඇසුරු කරන කුඩා දරුවන් පවසන වදන්ද ඔවන්ගේ හැසිරීමද සමවයස් ළමුන් මෙන් නොව. මොවුන්ගේ වදන් මගින් අනෙක් ළමුන්ද මෙවැනි දෑ වලට පෙළඹේ. දැනට මත්ද්‍රව්‍ය යන්ට පෙළඹිමත් සිදුවේ. පාසල් වල පවතින තූල් වැනි මත් වෙන දෑ ළමුන් අතර බෙදා ගැනීමට මෙවැනි ළමුන් පෙළඹේ. මත්වන පෙති , මත් ද්‍රව්‍ය යනට පෙළඹුණු දරුවන් තම වටා රොක්වන යහළුවන්ද මෙයට පොළඹවා ගනිති. මොවුන්ටද සමාජයේ පීඩනයන්ට යොමු වීමටද සිදුවේ එනම් මොවුන් සමාජයෙන් කොන්වීමත් සම`ග මොවුන් තව තවත් මෙවැනි කි‍්‍රයාවන්ට පෙළඹේ. එක් පාරක් පොලිස් කූඩුවට ගිය ළමයාගේ බිය හා සැකය නැතිවි යන්නේය. නැවතත් මොවුන් පෙළඹෙන්නේ පෙරපරිදිම කි‍්‍රයාත්මක වීමටය.

තවත් ළමුන් කුඩා කළ ලිංගිකව ආකර්ෂණය වේ. මෙම නිසාද ළමයා මානසිකව අපහසුතාවයනට පත්වේ. වර්තමානයේ ගැහැණු පිරිමි භේදයක් නොමැතිව ලිංගිකව ආකර්ෂණයන්ට පත්වේ. මෙය සිදුවන්නේ ළමුන් කුඩා කල සිට දන්නා අදුනන අය අතිනි. එනම් නෑදෑයන් හිත මිතුරන් අතරිනි. මෙයින් ළමයා මානසිකව ඇද වැටේ. මොවුන් සමාජ ඇසුරට බිය වෙති. වර්තමානයේ මෙවැනි සිද්ධියක් සිදු උවහොත් නීතියේ උපකාරය ඇතත් එහිදී මෙම ළමයාගෙන් නිතර නිතර ප‍්‍රශ්න කිරීමත් මෙම සිද්ධිය රටේ ප‍්‍රසිද්ධ වීමත් මොවුන්ට සමාජයෙන් දකින ඇස නිසා මානසික ඇද වැටෙති.

තවද මෙලෙස ආකර්ෂණය වීම නිසා මානසික පීඩනයන් ඇතිවේ. මෙලෙසින් දරුවා හීන උන්මාදයක් ඇතිවේ. ළමයා සමාජයෙන් කොන්වීමද සිදුවේ. මෙම දරුවාට දෙමාපියන්ගෙන් ද යහළු යෙහෙළියන්ගෙන්ද පාසලෙන්ද කොන්වීම මානසික ඇ`දවැටීමක්  සිදුවේ. මෙයින් ළමයා සමාජයට බියවීමද සිදුවේ. සමාජයෙන් ඈත්වීමද සිදුවේ. මෙයින් ළමයාගේ ස්වීයත්වයද දැඩි ලෙස බලපෑම් ඇතිවේ.

 තවද වත්මන් ළමුන් පෙර සිටි ළමුන් මෙන් නොව බුද්ධිමත් බවින් වැඩි පිරිසක් බව වැඩහීයයි.මෙයට හො`දම උදාහරණ ලෙස  දක්ෂ ගායකයන්, වාදකයන්,  රංගන ශිල්පීන් ,චිත‍්‍ර ශිල්පීන් , නර්තන අංශයෙන්, පරිගණක අංශයෙන් නිවේදන කථික භාෂාව හැසිරවිම යන මේ හැම අතින්ම ඉදිරියට පැමිණ ඇත. මෙයට ජනමාධ්‍යය ආගමනය සිදුවි ඇත. මෙම නිසා කුඩා කල සිටම ජනප‍්‍රිය වීම නිසා එක් අතකින් සමහර ළමුන් අධ්‍යාපනයද අඩාල කර ගනි. නමුත් මොවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ඉදිරියට යෑම හැකියාව ලැබී ඇත.

තවද විභාගයට බියත් සමාජයෙව් විභාග අසමත් වූවන් දක්නා කෝනයත් සමාජ පීඩනයෙහි එක් අංගයකි. විභාගයෙන් අසමත් ළමයා සලකන්නේ මෝඩයකු ලෙසය. සෑම තැනකදීම එනම් රැුකියාවකදී පවා විභාගය බලපායි.කෙසේ හෝ මෙයද ප‍්‍රබල සමාජ පීඩනයක් වී ඇත. සමස්ථානික ලෙස ගත් කල සමාජයෙහි කොතරම් දක්ෂ වුවද අධ්‍යාපන සහතිකය මත සිට පුද්ගලයන්ට ගරු කිරීමට පෙළඹෙයි.
යෞවනයන් හා යෞවනියන්

මෙකල සිදුවන මානසික හා කායික වෙනස් වීම් නිසාත් හෝමෝන කි‍්‍රයාකාරීත්වයත් නිසා මොවුන් යම්තාක් දුරට ප‍්‍රවේගකාරී ලක්ෂණ මතුවේ. මෙකල විරුද්ධ ලිංගික ආකර්ෂණය නිසා දෙමාපියන්ගෙන් හා සමාජයේ වැඩිහිටි පුද්ගලයන්ගේ දැඩි පීඩනයක් හා වාරණයන්ට හසුවේ. මෙම නිසා මොවුන් මානසික අතින් මෙන්ම කායික අතින්ද පීඩනය පිටකර ගනී. අසම්මත පේ‍්‍රමයන් මත එල්බ සිය දිවි නසා ගැනීමටත් පෙළඹේ.

මෙම කාලයේ ආදර සම්බන්ධතා වලට පෙළඹීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැකි හේතූන් කිහිපයක් ඇත.

1.    හෝමොන කි‍්‍රයාකාරීත්වය නිසා විරුද්ධ ලිංගික ආකර්ෂණය

2.    නිවාසින් (දෙමාපියන්ගෙන් , සහෝදර සහෝදරයින්ගෙන් ) නොලැඹෙන ආදරය පෙම්වතකුගෙල් ලබා 
       ගැනීම

3.    සමාජයෙන් ලැබෙන පීඩනය (සමවයස් යහළුවන්ගේ පෙළඹවීම මත)

4.    ටෙලිනාට්‍යයන්ගෙන් හා චිත‍්‍රපට ගීත යන්ගෙන් පෙන්වන සුන්දර ලොවක් ලෙස ආදර සම්බන්ධතා 
       හැදින්වීම

5.    සමාජයෙහි සෑමතැනම දක්නට ලැබෙන සිද්ධියක් ලෙස  දැකීම

6.    ආර්ථික දුෂ්කරතා නිසා පෙම්වතකුගෙන් හෝ පෙම්වතියකගෙන් මුදල් ස`දහා

මෙවැනි කරුණු නිසා තරුණයන් මෙන්ම කුඩා දරුවන්ද මෙයට පෙළඹෙන්නේ උක්ත කරුණු නිසා බව මාගේ මතයයි..

තවද මෙකල පවතින දුර්මතයන් හා සමාජයෙන් මොවුන්ගේ මනසෙහි ඇතිකරන සිතිවිලි විවිධය. මා දන්නා පරිදි බහුතරයකගේ අදහස නම් කෙසේ හෝ මොවුන් ආදර සම්බන්ධතා ආරම්භ කර තම සහකාරිය පිට යෑම වැලැක්වීමට දරුණ ලෙස නීති රීති දමති. ඇතැම් අය තම සහකාරීයගේ කන්‍යාභාවයද නැති කරති. මොවුන් සිතන්නේ එලෙස සිදුකලහොත් පිට යෑම වැළැක්වෙන බවයි. කොතෙකුත් උත්සහ දැරුවද මොවුන්ගේ අදහස් වෙනස් කිරීමට අපහසුය. මක්නිසාද යත් මොවුන්ගේ යහළුවන් සම`ග සිටිමේදී සමවයස් ඇසුරෙන් ලැබෙන අදහස් බහුලව පිළිගන්නා බැවිනි.

තවද සමහර පුද්ගලයන් පෙම්වතියන් දෙතුන්දෙනා ඇසුරු කරති.එයට හේතුව මොවුගේ මනසට සමාජයෙන් වැටි අත්තේ පෙම්වතියන් දෙදෙනෙක් ඇසුරු කිරීම ජයග‍්‍රාහී පුද්ගලයන් ලෙසය. (පොරක් යන සංකල්පය) සමාජයේ යථා ස්වරූපය මෙයයි. මෙලෙසින් සිතන පෙම්වතුන් අසරණ ගැහැණු ළමුන්ගේ ජීවත විනාශ කර දමති.

තවමත් අප සිටින්නේ පැරණි සංස්කෘතිය බදාගෙන බැවින් කන්‍යාභාවය පිලිබ`ද විශ්වාසය තබති. මෙම නිසා මෙවැනි පෙම්වතියන් කවදා හෝ වෙනත් විවාහා වීමකට යෑමේදී මානසික ආතතියටත් සමාජයට මුහුණ දීමටත් නොහැකි වීම නිසා විවිධ වු ප‍්‍රයෝගයන් ඇති කර ගනිති. එයින් සමහරක් නම් තමාට යකුන් වැහීම. මානසික රෝගයන් ඇති බව පෙන්වීම වැනි දෑ වලට යොමු වෙති.

තවත් ගැහැනු ළමුන් එලෙසින්ම පිරිමි ළමුන් දැලේ දා ගැනීමට උත්සහ දරති. මොවුන්ද පෙර කී පරිදි පෙම්වතා පොළඹවා ගනු ලැබෙති. මෙයට කෙසේ හෝ මෙහි කොතැන හෝ වැරැුද්දක් ඇත. එනම් මොවුන්ට සමාජයේන ලැබුණු පෙළඹවීමක් හෝ අත්දැකීමක් උපයෝගී වන්නට ඇත. මෙය ඔවුන්ගේ ස්වීයත්වයට ප‍්‍රබල ලෙස බලපා ඇත.

මෙයට සිදුකළ යුත්තේ කුමක්ද? අප එම ගැහැණු ළමයාට බැන වැදීම සාධාරනද? මෙයට පෙම්වතුන්ට බැන වැදිය හැකිද? සිතා බැලීමට ඇති හා පිළියම් ලබා දීමට ඇති ගැටළුවකි.

තවද සමහර යෞවනයන් විවාහයට බියවෙති. මෙයට හේතුව විරැුකියාව සමාජයෙන් ලැබුණු වැරදි ආදර්ශයන් නිසාය. තවද නිසි වයසෙන් විවාහ වීමට නොහැකි වීමද සමාජ පීඩනයට හසුවේ.

තවත් තරුණයන් විවිධ වු දේශපාලනික අදහස් නිසා පෞරුෂය වෙනස් කර ගනිති.

මැදිවියෙහි පසුවන්නන්.


මේ කාලය සමාජයෙන් ලැබෙන්නට අවශ්‍ය ගෞරවයයි. මොවුන් බොහෝ දෙනා  බලාපොරොත්තු වන්නේ අන් අයගේ අවධානය සමාජයේන් ලැබෙන ගෞරවයයි.

මොවුන්ට සමහර අවස්ථාවන්හීදි තමා කරනා රැකියාවද බලපායි. නගරයේ කුණු එක් කිරීම සිදුකරන්නාට සමාජයෙන් ලැබෙන්නේ පහත් ස්ථානයකි. නමුත් ඔහු සමාජ පීඩනය නිසා එම රැුකියාව නොකිරීමෙන් නගරයම අපිරිසිදු වේ.

මෙම පුද්ගලයන්ගේ පීඩනයන්ට රැුකියාවද බලපායි. ගුරුවරයකුට දක්වන සැලකිල්ලත් ඔහුගේ පෞරුෂයත් සමාජයේ පිළිගත් න්‍යායක් අනුව තිබිය යුතුය. නැතහොත් සමාජයෙන් කොන්කිරීම සිදුවේ. තම රැකියාවට සාපේක්ෂව මිල මුදල් වලට සාපේක්ෂණ සමාජය විසින් විවිධ පෞරුෂයන්ට මිනිසුන් පොළවයි.

ගණිකා වෘත්තියට පෙළඹීමත් විවිධ වු මත්ද්‍රව්‍යනට විකිනීමත් පෙළඹ වීමත් නිසා මස් මාංශ විකිණිමත් පුද්ගල චර්යාව හා පෞරුෂය වෙනස් ලෙසකට හසු කර ගනිති. මොවුන් කිසිදු දෙයකට බය නොමැති ලැජ්ජවක් නොමැති සමාජ වචනයෙන්ම කියතොත් තෙන්පරාදු වු අය වෙති.

රැකිවයාවද එක් අතකින් පෞරුෂය ස`දහා බලපානු ලබයි.

මහල්ලන් 



මොවුන්ට ගැටළුව නම් මොවුන්ගේ පෞරුෂත්වයට හේතුවු කරුණු අතර මරණයට බිය වීමත් සමාජයෙන් මරණය පිලිබ`ද ඇති කර ඇති සංකල්පත් ආගමික පරිසරය තුල මරණින් මතු ජීවිතය පිලිබ`දවත් ඇති කර ඇති දෘෂ්ටීන් නිසා මොවුන් විවිධ වු  මානසික දුර්වලතාවයන්ට පෙළඹේ.

ලිංගික වශයෙන්ද දුබල වීම නිසාත් සමාජයෙන් පීඩනයන්ට හසුවෙති. තනිකම පාළුව නිසාත් මොවුන් විවිධ වු මානසික දුබලතාවයන්ට මෙන්ම කායික දුබලතාවයන්ට හසුවෙති.

මේ කාලය බහුතරයක් යොදා ගන්නේ පෙර කී වැරදි දෑ මැකීමට පින්දහම් වලට යොමුවීමය. මෙයට ප‍්‍රබල හේතුව වන්නේ ආගමික පෙළඹවීමත් (වේද ග‍්‍රන්ථ වලට අනුව), නැතිනම් තමා කර කී දෑ මතු භවයෙහි ප‍්‍රතිසන්දි වන බව (බුදු දහම) , හෘද සාක්ෂියෙන් ගැලවීම වැනි කරුණු නිසාය.

තතු එසේ හෙයින් මොවුන් සිල් රැුකීමටත් ශාන්ත ගති ඇත්තවුන් ලෙස පෙන්වීමටත් උත්සහ දරති. බොහෝ මහළු මිනිසුන් ශාන්ත ගති ඇත්තවුන් ලෙස සමාජ ගත වේ. නැතිනම් මොවුන් සමාජය විසින් විවිධ වු පීඩනයන්ට හසු කරති.

දරුවන්ගෙන් ඈත් වීමත් තම බිරි`දගේ හෝ සැමියාගේ වියෝවත් නිසා මොවුන් තනිකම නිසාත් මානසික දුබලතාවයන්ට හසුවෙති.

වැඩිහිටි නිවාසයන්ට ගෙන ගොස් දැමීමත් නිසා මොවුන් මානසිකව දුබල වේ. සමාජයේ තම දූ දරුවන්ගේ උදව්වෙන් ජීවත් වන්නවුන් සේ තමාට නොමැතිකම නිසාද දුක් වෙති.



 සැමට ජය වේවා.....

*අළුත් ලිපිය ගැන කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
අපි කතා කරමු .. මේ දේ ගැන ඉදිරි ලිපි වලින්.... හෙට සිට.... 

Tuesday, July 22, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (8 වන කොටස)

හමුවන සමාජ පීඩන 


සමාජයේ කුඩාම තැනුම් ඒකකය පවුල වේ. මෙහිදී පවුල මත පදනම් වන පිඩනය පසුව සමාජ ගත වේ. සමාජ පීඩන ගත් කල සංකීර්ණ වු ප‍්‍රශ්න දාමයකි. සමාජ පීඩනය මත පුද්ගල චර්යාවද විවිධ අයුරු වේ. මේ කරුණු මත සමාජයේ විවිධ වු ස්වියත්වයන් පිහිටි ඇදහිය නොහැකි විස්වාශ කල නොහැකි පුද්ගලයන් අපට හමුවේ. මා මෙම පරිච්ඡ්‍ෙදයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සමාජ පීඩන කෙසේද ඇති වන්නේ..යන්නයි.

සමාජ පීඩනය ආරම්භය කොතැනද කියා කිව නොහැකිය මන්දයත් සමාජ පීඩනය මතු නොවන තැනක් නැත.දරුවකු පිළිසි`ද ගත් මොහොතේ සිට ඔහුගේ මරණය දක්වා නොයේක් අයුරින් පීඩනයන්ට හසුවේ.

දරුවකු කුස තුල පිලිසි`ද ගත් පසු මවට හා පියාට නැත්නම් පවුලට මුලින්ම සතුටක් දැනෙන බව සැබෑය. අඩු වයසින් පිළිසි`ද ගැනීම් නිසා එම යුවල උත්සහ දරනුයේ මෙම ගැඹ කෙසේ හෝ විනාශ කිරීමටය. මක්නිසාද යත් සමාජය සම්මත වු නිත්‍යානුකූල විවාහය මත සිදු නොවීම නිසාය. 

පාසල් පේ‍්‍රමය හෝ වේවා අනෙකුත් පේ‍්‍රමයකදී හෝ වේවා නිත්‍යානුකූල විවාහ සිදුනොවී ඇතිවන ලිංගික එක්වීම් වලට යෑම සාමාන්‍ය දෙයකි. මක්නිසාදයත් වත්මන් සමාජය පෙළඹවීම් වලට අඩිතාලම සකසා ඇත. රාගය ඇවිස්සන සුළු ඇ`දුම් පැළ`දුම් , සුව`ද විලවුන් වර්ග, මිනිසුන් පොළඹවන සුළු හැසිරීම් රටාවන් වත්මන් සමාජයෙහි මුල් බැසගෙන ඇත. තවද ජනමාධ්‍යයන්හීදී පෙන්වන සුන්දර වූ ආදර අන්දර කෙලවර වන්නේ සුඛාන්තය මත පදනම්වය. මෙම නිසා මේවා නරඹන කුඩා දරු දැරියන්ගේ මනසෙහි තැන්පත් වන්නේ ආදර අන්දර ඉතා සුන්දර විචිත‍්‍ර සෑම අතින්ම සම්පූර්ණවු දෙයක් ලෙසය. මෙය සමාජ පීඩනයක් ලෙස මා හදුන්වන්නේ මිනිසුන්ගේ මනසෙහි මෙවැනි දෑ තැන්පත් වීම සිදුවී පුද්ගල වයසට නොගැලපෙන ලෙස අනවශ්‍ය ගැටළු මතුවීමට ඉඩකඩ ඇති බැවිනි.

 තව බාහිර ඔපේට පෙම්වතුන් පෙම්වතියන් එකිනෙකා වෙලෙමින් පෙම් රැගුම් මැද සමාජයෙහි හැසීරීමේදී තනිකමින් සිටින පුද්ගලයා නිතරම සොයන්නේ මේ දකිනා පෙම්වතුන් කෙතරම් සුන්දර ජීවිතයකට උරුමකම් කියනවාද යන්නයි. මෙයින් යථාර්තය යටපත්වේ. තනිකමින් පෙලෙන පුද්ගලයා කෙසේ හෝ තමාට සහකාරියක් හෝ සහකාරයක් සොයා ගැනීමට පෙළඹේ. මෙයට වැරැුද්දක් කිව නොහැකිය. මක්නිසාද යත් සමාජයෙහි පිළිගන්නේ මේ කියන්නාවූ පුද්ගලයන්ය. 

පාසල් කාලයේ ඇතිවන හැගීම් , හා ප‍්‍රබල ලෙස තම යහළුවන් යෙහෙළියන් පවසන දෑ සම`ග උත්සහ දරන්නේ තමා කෙසේ හෝ පෙම්වතෙක් පෙම්වතියක් සොයා ගත යුතු බවයි. නැතිනම් යහළුවන් අතරේ එනම් පාසල තුල හා  පිටත සමාජයෙහි කොන්වේය පීඩනයෙන් පෙළඹීමද සිදුවේ. 

මෙවැනි දෑ තුළින් නව යොවුන් විය (අවු 12 - 18* තුල ආදර අන්දරයන්ට අත්පොත් තබති. පසුව හැගීම් මත ඔවුන් විවිධ වු වැරදි කි‍්‍රයාවන්ට පෙළඹීම සිදුවේ. මෙය නිසා විවිධ වු ගැටළු පසුකලක ඇතිවේ. මෙයින් අයුතු හැසිරීම් පසු කලක විවාහයටද බාධාවක් වීමටද ඉඩ ඇත.

තවද දරුවන් ඉපදීමත් ඔවුන්ගේ චර්යාවත් දෙමාපියනට පීඩනයක් ඇති කළ හැක. මුරණ්ඩු ගති ඇති ළමුන් සිටින දෙමාපියන්ට සමාජයෙන් පීඩාවක් එල්ලවේ. එනම් තම ළමයා කරන කියන දෑ පිළිබ`ද නිතැතින්ම පසුතැවිලි වේ.මෙම නිසාද ඔවුන්ගේ ස්වීයත්වය පිළිබ`දවද සොයා බැලිය යුතුය.

මා පෙර පැවසුවේ දෙමාපියන්ගේ දෘෂ්ටියෙනි නමුත් දරුවන්ගේ දෘෂ්ටියෙන් ගත් කල ඔහු හෝ ඇයට සැබෑ සමාජ පීඩන පවති. එනම් වැඩිහිටියන්ගේන් සිදුවන් අපචාර සිද්ධින්ය. මෙය සමාජයේ ළමුන් 100කින් 70 කට පමණ කායික හෝ මානසික වශයෙන් සිදුවන්නකි.කායිකව සිදුවන අපචාර මත මෙම දරුවා පසු කාලීනව විවිධ වු ලිංගික දුබලතා ඇති විය හැක. සමලිංගික ආකර්ශනයට පෙළඹීමටද ඉඩකඩ ඇත. මෙය සමාජයේ අත්විදි සත්‍යයකි. මෙයින් ළමයා සමාජයෙන් කොන් වීමටත් සමාජයට බිය වීමටත් ඉඩ ප‍්‍රස්ථාවද ඇත.

තවද නිවසෙහි ඇති පීඩනය, එනම් දෙමාපියන්ගේ ආරවුල්, කේන්දර බැලීම් මත පවසන ඇතැම් කරුණු , ආගම, ඥාති සම්බන්ධතා නිසාද දරුවාට දැඩි ලෙස පීඩනයට පත් වේ. තවද තමා අධ්‍යාපනය ලැබීමේදී යම් විෂයකට අදක්ෂ නම් ඒ විෂය ස`දහා යෑමට සිදුවන අමතර පන්ති නිසාද ළමයා පීඩනයට පත්වේ. 

තම අධ්‍යාපන විෂය ධාරාව වැඩි වශයෙන් ළමුන් තෝරා ගන්නේ සමාජයෙන් එල්ලවන පීඩනය මතය. එනම් සමාජයෙහි කලා විෂයන් තෝරාගන්නා ළමුන් මන්ද බුද්ධික දැනුම් තේරුම් නැති පිස්සු නටන පිරිසක් බව හංවඩු ගසා ඇති හේතුවෙනි. සමාන්‍ය පෙළට දෙවන වරද පෙනී සිටින සිසුන් තෝරා ගන්නා විෂයන් ඔහු තුල කිසිම ආශාවක් නොමැති පවුලේ බල කිරීම මත තෝරා ගැනීමත් ඉගෙන ගැනීමටත් සිදුවේ.

නව යොවුන් අයට ඇතිවන සමාජ ගැටළු නම් මත් ද්‍රව්‍යයන්ට බොහෝ දුරට පෙළඹේ. මෙයට හේතුව මොවුන් අත්හදා බැලීම් වලට යොමු වීමයි. මොවුන් යහළුවන් සම`ග අළුත් අළුත් දෑ පිළිිිිිබ`ද අත්හදා බැලීම් සිදුකිරීම මගින් ඒවාට පෙළඹවීමට බොහෝ විට උත්සහ දරයි.පාසල් වල දී සිදුවු සිද්ධින් ගත් කල මේ කාලයේ මනසෙහි පවතින මතයන් නම් බොන මිනිසුන් පොරක්ය. යන සංකල්පයයි. මත් විම මොවුන් සිතන්නේ පෞර්ෂත්වයේ ලක්ෂණයක් ලෙසය. 

තවද මොවුන් රංචු ගැසීම සිදු කරයි. මින් සිදුවන්නේ කලහ කර ගැනීමට පෙළඹීමයි. සම වයස් ඛාණ්ඩයන් මෙලෙස එක් එක් ඛාණ්ඩයනට බෙදී සමාජයේ විවිධ වු පැතිකඩයන්ට පෙළඹවීමයි. එනම් සමාජශීලි පොදු වැඩ ස`දහා උපකාර කරන පිරිස, අනෙක් පිරිස නම් සමාජයෙහි මත්ද්‍රව්‍යයන් භාවිතා කර රස්තියාදු ගසන එනම් කාලය නිකරුනේ නාස්ති කරමින් බෝක්කු මත, වෙළ`දසැල් අසල ජීවත් වන පිරිසයි. මෙකල සමාජයෙහි මොවුන්ට දක්වන පීඩනයන් විවිධය. එම නිසා මොවුන්ගේද ස්වීයත්වය පිළිබ`දවත් විමසා බැලිය යුතුමය.

මින්පසු එළඹෙන්නේ මොවුන් රැකියාව සිදුකිරීමට හා විවාහය සිදුවන වයසය.රැුකියාවද මොවුන්ගේ ස්වීයත්වය පිළිබ`ද තීරණය කරයි. මොවුන් කරන රැුකියාවත් මොවුන්ගේ හැසිරීමත් , චර්යාවත් , මානසික කි‍්‍රයාවලීත් යන සියල්ල ඒ හා සමානව විවිධ වේ. මේ පිළිබ`දවත් සාකච්ඡුා කිරීමට අපට සිදුවේ. 

තවද විවාහය සිදුවීමේදීද ගැටළු මතු වේ. මොවුන් බලාපොරොත්තු වන තරමේ විවාහයක් සිදු නොවුනහොත් මොවුන්ගේ ස්වීයත්වයටද විවිධ බලපෑම් ඇතිවේ.

මැදිවියෙහි එල්ලවන විවිධ ගැටළු එනම් තම සහකුරු සහකාරිය වියොව නිසා දැනෙන තනිකමත් තනිකම පාළුවත් නැතහොත් තම දරු දැරියන්ගේ නිසි වයසට පැමිණිම නිසා විවාහය සිදු වීම නිසා තමා ඈත් කර යෑමත් ස්වීයත්වය ස`දහා බලපෑම් ඇති කරයි.

මින්පසු වයසට යෑමත් නිසා මොවුන්ගේ ස්වීයත්වය වෙනස් වේ සමාජයෙහි මහළු මිනිසුන් ට දක්වන පීඩනයත් තම දරු දැරියන්ගේ සැලකිල්ලට බ`දුන් නොවීම නිසා සමාජයෙන් බලන ඇසත්. මොවුන් සමාජයට පවසන දෑ නිසාත් සමාජයෙහි මොවුන් කියනා දේ නිසාත් මොවුන්ගේ ස්වීයත්වයට බලපෑම් ඇති කරයි.

මෙසේ වයස් ඛාණ්ඩයන් හීදි දක්වන ස්වීයත්වය සමස්ථය වශයෙන් සංස්කෘතික බලපෑම නිසාද සමාජයෙන් පීඩනය එල්ල වියහැක. සමාජ පිළිගැනීම් මත පුද්ගල නිදහස් ඇහීරීමත් ස්වීයත්වයට බලපෑම් ඇති කරයි. මක්නිසාද යත් තවමත් අප ශී‍්‍ර ලංකා සමාජය තුල විවිධ වු බලපෑම් පුද්ගලයාට එල්ල කරන බැවිනි. සංස්කෘතික සාදක සමාජයේ පැවැත්මට අවශ්‍ය වුවත් ඇතැම් දෑ වෙනස් විය යුතුව ඇත. මෙයින්ද පුද්ගල ස්වීයත්වයට යම් බලපෑමක් කරයි.

විවිධ වු ආගමික වපසරිය තුලද පුද්ගල ස්වීයත්වය සීමා වේ. ආගම්වාදියා නිතැතින්ම තම ආගම වෙනුවෙන් තම දිවිය වුවද පූජා කිරීමට ඉදිරිපත් වේ.මෙහිදීද ස්වීයත්වය පිළිබ`ද ස`දහන් කළ යුතුව ඇත.

තවද යුධමය වාතාවරණය මතද  පුද්ගල ස්වීයත්වය වෙනස් තත්වයන් පවතී. යුධ භටයාගේ මානසිකතයත් ඔහුට ලැබෙන පීඩනයත් ඔහු සමාජයෙහි හැසිරීමේදී ස්වීයත්වය පිළිබ`දවද කතා නොකරම බැරිය.

සැමටම ජය වේවා.....

Monday, July 21, 2014

කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

කසාදය කියන්නේ මොකක්ද.... කියන එකට විවිධ වූ පිළිතුරු ලබා දීමට පුළුවන්...  මම ටිකක් කියන්නද? ඔබේ උත්තරෙත් මේ අතර තියෙනවාද කියලා බලන්න...

කසාදය කියන්නේ අමු අඹයක් වගේ ... කන්නේ නැති මිනිහාගේ කටට කෙළ උණනවා.. උනත් ..කන මිනිහාතමයි ඒකේ ඇඹුල දන්නේ...

කසාදය කියන්නේ වගකීම් ගොඩක්...

කසාදයද... කසාදය කියන්නේ  වටිනා දෙයක්...

මේලෙස හෝ මේ ආසන්නයේ යන උත්තර තිබෙන්නට පුලුවන....

කෙසේ නමුත් කසාදය කියන්නේ මිනිසුන් පරිණාමය වීමේදී සංස්කෘතික වශයෙන් ගොඩනගාගත් සාධකයක්... අපි පසු ලිපි වලින් මේ කසාදය හෙවත් විවාහය පිළිබද විස්තරව කතා කරමු... මේ ලිපිය ආරම්භක ලිපිය ලෙස යොදන ලිපියක්....

මේ අපේ ගීතයට වටිනා නිර්මාණ රැසක් කල ප්‍රේම කීර්තිද අල්විස් රචකයා දැකපු විදිහ.. හොදයිද කියලා බලන්න... 

මේකෙදී යාළුවෙක් කසාද බදිනවා.. ඉතින් අනික් යාළුවෝ විසින් අර මනමාලයාට(තමාගේ යහළුවාට) විවාහය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නේ මේ විදිහට...


එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...

ගයනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්. එම්. ජයරත්න

“මංගල තෑග්ග“ චිත්‍රපටයේ ගීතයක්

 ඔය සින්දුවට වර්තමානයේ යාළුවෝ ටිකක් මෙහෙම නැටුවාලු...


අපි ඊළග ලිපියෙන් කතා කරමු.. විවාහය ගැන.. අදට ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා..... !

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (7 වන කොටස)

දැනගනිමු සමාජය පිළිබ`ද



පුද්ගලයා , පවුල සහ සමාජය


මිනිසා වනාහි ලොව සිටිනා බුද්ධිමත්ම සත්වයාය. ඔහුගේ චර්යාවන් විවිධය. අවස්ථානුකූලව මෙම සත්වයා වෙනස් වන අතර ඔහුගේ චර්යාව ස`දහා විවිධ වූ කරුණු බලපානු ලබයි. මෙම සත්වයා නිතර නිතර අනෙක් පුද්ගලයන් අතර සම්බන්ධතා දක්වන අතර ඔවුන් අතර නොයෙක් නොයෙක් අයුරින් අදහස් හුවමාරු කර ගනී. 

පුද්ගල සන්තානය තුල සමාජය නැමති සංකල්පය නිතතින්ම පවති. මක්නිසාදයත් කිසියම් පුද්ගලයකුට තනිව ජීවත්වීමට අපහසු බැවිනි. සමාජයේ මූලික තැනුම් ඒකකය පවුල වේ. මේ පවුල යන සංකල්පයහි මූලාරම්භය බිහිවූයේ කෙසේදැයි සොයා බැලීම තුලින් අපට පුද්ගලයා හා සමාජය අතර ඇති සම්බන්ධතාවය විමසා බැලීමට පහසු වන්නේය.

මිනිසා ලොව බිහිවූ කාලය හි ඔවුන් ගත කලේ නිවර්තන හෝ අර්ධ නිවර්තන වනාන්තරයෙහිය. මෙකල ඔවුන් වෘක්ෂයන්හී වාසය කලේය.ඒ මොවුන්ගේ ජීවිත බේරා ගැනීම ස`දහාය. ආහාරය ස`දහා ගන්නට ඇත්තේ ශාක මුල් හා ශාක ඵල ආදී දෑය.පැහැදිලිව කතා කිරීමට මෙකල හැකිවීම ඔවුන් අතර අදහස් හුවමාරු කිරීම ස`දහා යොදාගෙන ඇත.     මෙය ම්ලේච්ඡ අවධියෙහි පහත් අවධිය එනම් ප‍්‍රාථමික අවධිය ලෙස නම් කරයි.

මීළ`ගට පැමිණෙන අවධිය මධ්‍යම අවධියයි. එහි මාළු ආහාරය ස`දහා යොදා ගන්නා අතර ගින්දර භාවිතයටද යොදා ගන්නේ මේ අවධියේය. මෙම ආහාරය නිසා මිනිසා කාලගුණයේද දේශගුණයේද ආක‍්‍රමණයෙන් නිදහස් වීම සිදුවිය. ගං තෙරවල් හා වෙරළවල් ඔස්සේ පදිංචි වූ මොවුන් මිහිතලයේ බොහෝ කොටසක පැතිර යාම සිදුවිය. ගලින් ගල අතුල්ලා ගින්දර ඇවීලීමද පිෂ්ට ආහාර මුල් හා වැල් උණු අළු යට බහා හෝ ලිප් තුළ ලා ආහාරය ස`දහා සකසා ගැනීමට හැකි විය. අවි ස`දහා හෙල්ල හා පොලූ භාවිත වන අතර ඉදහිට දඩමස්ද ආහාරය ස`දහා ගෙන ඇත.බොහෝ දුරට ආහාර භාවිතයේදී ආහාර ලැබීම එකදිගට සිදු නොවීම හේතුවෙන් මෙකල මිනී මස් ද ආහාරයට ගෙන ඇත.

මීළ`ග අවධිය උසස් අවධීයයි. දුන්න හා ඊතලය නිපදවූ අතර දඩයම් කිරීම මෙයින් පහසු විය. මේ නිසා ආහාරය ස`දහා සැමවිටම දඩමස් එකතුවිය.ගම් වල වාසයත් ලී බ`දුන් හා මැටි බ`දුන් තැනීමටද ගස් පට්ටා වලින් ඇ`දුම් පැලදුම් නිර්මාණයද මෙකල සිදුවුනි.මෙකල ශිලා ආයුධ භාවිත කිරීමට පටන් ගැනිනි. ක`දන් හාරා ඔරු සාදා ගැනීමද දැව වලින් ගෙවල් ගොඩ නැගීමටද සිදුවිය. 

මීල`ගට අශිෂ්ටත්වය අවධියයි. කුඹල් කර්මාන්තය මෙකල ආරම්භ වූ අතර පට්ටා වලින් හෝ ලි වලින් තැනූ වට්ටි බ`දුන් වටා මැටි ගල්වා ලිපෙහි තබා මැටි බ`දුන් සකසා ගැනීම සිදුවිය. අශිෂ්ටත්වයේ විශේෂිත ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. සතුන් හීලෑ කිරීම හා බෝ කිරීමද ශාක වගා කිරීමද වේ. ඇමරිකාවේ සිටියේ හීලෑකල එකම සත්වයා ලාමා පමණි. බඩ ඉරි`ගු මෙකල වගාකල ධාන්‍ය අතර වේ. 

මීළග අවධියේදී වාරිමාර්ග අනුසාරයෙන් ආහාර යෝග්‍ය ශාක වගා කිරීමත් අව්වෙන් වේළු මැටි ගඩොලින් ගල්වලින්ද ගොඩනැගිලි සෑදීම සිදුකල අවධියයි. යුරෝපීයයන් ඇමරිකාව සොයා ගන්නා කාලයෙහි අශිෂ්ටත්වයේ පහත්ම අවධියේ සිටි රතු ඉන්දියානුවන් බඩ ඉරි`ගු , වට්ටක්කා, කොමඩු, හා අනෙකුත් එළවලූ වර්ග වගා කර ඇත. මොවුන් දැව උපයෝගි කර ගනිමින්  වැටවල් තම නිවාස වට කොට තැබිණි. වයඹ දිග ගෝත‍්‍ර මේ වන තුරුත් උසස් අවධියේ පසු වූ අතර ඔවුහු කෘෂිකර්මය හා ශාක වගාව නොදත්හ. වෙනත් ප‍්‍රදේශවල විසුවෝ අශිෂ්ටත්වයේ මධ්‍යම අවධියේ පසු වූහ. ඔවුන් අව්වේ වේළු මැටි ගඩොල් වලින් හා ගල්වලින් තැනූ බලකොටු වැනි ගෙවල වාසය කළහ. කෘතිම වාරි මාර්ග සහිත  වතුවල බඩ ඉරි`ගු ද ප‍්‍රදේශයට ගැලපෙන පරිදි, කාලගුණයට ගැලපෙන පරිදි ආහාරයට සුදුසු පරිදි ශාක වගා කලේය. මෙය ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය වු අතර සතුන් කීප වර්ගයක්ම හීලෑකර වගා කෙරිණ. යකඩ හැර වෙනත් ලෝහ වර්ග භාවිතා කිරීමට මොවුහු දැන සිට ඇත. මෙකල මස් හා කිරි ආහාර බහුල ලෙස ගැනීම සිදු කරඇත.

මීළග අවධියේදී යපස් උණු කිරීමත් සමග ආරම්භ වූ ශබ්ද මගින් අක්ෂර වින්‍යාසයක් බිහිවු අතර ඔවුන් අතර ලේඛන වාර්තාගත කිරීමත් සමග සභ්‍යත්වයට පා තබයි. 

හීලෑ සතුන් යොදා ගනිමින් යකඩ නගුලින් බිම් සකස් කොට අස්වැද්දුම් කර අතර මෙකල කෘෂිකර්මයෙහි දියුණු තත්වයක් පැවතින.

මෙලෙස මිනිසා සමාජ ස්ථාවර වූවක් නොව ගතික ප‍්‍රපංචයකි. බැලූ බැල්මට පෙනෙනුයේ සමාජය යනු පුද්ගලයින් එකතුවකි. නමුත් පුද්ගලයන් සමූහයක් එකතුවීමම සමාජයක් ලෙස හැදින්විය නොහැක. එකට සිටින මිනිසුන් අතර  එක්තරා ආකාරයේ ගොඩ නැගුණු සම්බන්ධයතාවයන්ගේ සංකලනයක් ලෙස සමාජය දැක්විය හැකිය. මෙම සමාජයට කාලාන්තරයක් පැවතීම ස`දහා කරුණු කිහිපයක් සපිරීම අවශ්‍ය වේ. 

පරිසරයට අනුව පැවැත්ම ඇති කර ගැනීම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම

ප‍්‍රජනන අවශ්‍යතාව යටතට  විවාහය හා පවුල යන සංකල්පත් අඹු දරුවන් ගේ ආරක්ෂාවත් වැදගත් තැනක් ගනී. 

සංස්කෘතික සාධක හා සිරිත් විරිත්  පරමිපරාවෙන් පරම්පරාවට හුරුපුරුදු කළ හැසිරීම් පද්ධතිය ද මෙයට යටත් වේ.

දේශපාලන ස්වාධිනත්වයද සමාජයේ පැවැත්මට බලපානු ලබන සාධකයකි. 

මෙලෙස සමාජය බිහිවූ බව විද්වත්හු පවසති. මේ සමාජයෙහි විවිධාකාර වු පුද්ගලයන් සිටිති. හොද මෙන්ම නොහොදද මෙම සමාජයේ බහුලව ගැබ්වී ඇත.

Saturday, July 19, 2014

පිය සෙනෙහසට කව් ගී ලිය වූණා මදිද....?

මට මේ ලගදි දවසක ෆේස් බුකියේ දකින්න ලැබුණා ලස්සන කියමනක්... මෙක හරිම නිර්මාණාත්මකයි... ඒක කලේ කවුද කියලානම් දන්නේ නෑ... ඒක දන්න කෙනෙක් ඉන්නවානම් කොමෙන්ට් එකක් දාන්න.. මොකද අනුන්ගේ අදහස් මගේ වගේ දාන එක හරි නෑනේ.. (ඕන් මම කිව්වා මේක මගේ අදහසක් නෙවේ කියලා )  හැබැයි පට්ට....







ඉතින් මේ ගැන කියවෙද්දි ඇත්ත වගේ නේ.. අපේ තාත්තලා අපිට ආදරය කරනකොට ඒක පෙන්නන්නේ ඉතාමත් අඩුවෙන්.. ඒක ගීත සාහිත්‍ය යෙත් අඩුවෙන් තියෙන්නේ.. ඒත් මම මේ ගීත ටිකක් දානවා.. මොකද අපිට දෙමාපියන්ගේ වටිනාකම දැනෙන නිසා..


අද මේ පෝසට් එක දිග හැරෙන්නේ ආදරණීය තාත්තාවරුන් වෙනුවෙන්...

මට තියෙන දුක මේ සින්දු ඇහෙනවාත් අඩුයි...දැන් ඇහෙන ටකරන් සින්දු එක්ක මේවා අහලකින් වත් තියන්න බෑ...



කරදිය ගැඹරේ......



කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදළු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...//

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ


අම්මා සදකි




අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ
මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

පද රචනය -  මාලනී ජයරත්න
සංගීතය     - රෝහණ වීරසිංහ
ගායනය     -    ටී ඇම් ජයරත්න

කැරකෙන රෝදේ







මගේ දුවේ




මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

සේපාලිකා මල් බිමට බැහලා
ඇවිදින්න යන වෙලාවයි....

නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දරද
මගේ දූත්  තනියම හිනාවෙයි...

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

ඝණ කළුවරට අප පෙම් කලොත්
ඉර – හද තරුවලට ණයගැතියි

ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි.

මගේ දුවේ ඔබ අවදිවෙන්නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එලියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි.

කරුණාරත්න දිවුල්ගනේ.

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ.





රත්තරං දුවේ අපේ රත්තරං දුවේ...
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරැළු කූඩුවෙන්
සංතෝසයක් නෑ සිතේ... //

සංතෝසයක් නෑ සිතේ.... //
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්..
සංතෝසයක් නෑ සිතේ.....

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්නනේ
ඉගිලිලා ගොසින් තනපු කූඩුවක් අරන්
නැවත එන්න පියඹලා දුවේ..... //

නැවත එන්න පියඹලා දුවේ....//
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරං
නැවත එන්න පියඹලා දුවේ...
අදට එන්න පියඹලා දුවේ..
ඇවිත් යන්න එන්න සුදු දුවේ......

ගායනය - රෝහණ වීරසිංහ සමග නන්දා මාලිනී
පද රචනය - ඩොක්ටර් කාලෝ ෆොන්සේකා..

දුවේ නුඹ මගේ ප්‍රාණයයි....



දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //


‍දූ මා වගේ නේද නෑ අම්මා වාගේ





ගායනය - ක්ලැරන්ස්...

හින්දි සින්දුවක්.. ලස්සනම සින්දුවක් පිය සෙනෙහස ගැන..




Movie/album: Ek Phool Do Mali (1969)
Singers: Prabodh Chandra Dey (Manna Dey)
Song Lyricists: Prem Dhawan
Director: Devendra Goel
Music Label: Saregama
Starring: Sanjay Khan, Balraj Sahni, Sadhana Shivdasani
Release on: 7th May, 1969

මේ සින්දුවේ විස්තර ගත්තේ   මෙතනින්...

ජය වේවා.....