Tuesday, June 18, 2013

හිත හදා ගන්න බෑ...............

වැස්ස දවස් වලවත් කුඩයක් ගෙන්න බැරිද ඔයාට... ඇය මගෙන් එලෙස ඇසුවේ තරහකින් නොවන බව මම දනිමි...

වැස්සට කුඩයක් අරන් ආවොත් කොහොමද මම  ඔයත් එක්ක යන්නේ එකට.... මම සිනාමුසු මුහුණින් පිළිතුරක් දුන්නෙමි...

ඇය මට හෙමින් පාරක් ගැසීය.. එය ගැසුවේ‍ වෛරයෙන් නොව හුරතල් සිනාවක්ද සමගය... 

අපි කොහෙද අද.... යන්නේ.....  ඈ මගේ මූණට එඹී ඇසූ සැටි මට මතක් විය...

අපි අද යමු මාළිගාවට......  හිත ටිකක් සැහැල්ලු කර ගන්න...

මාත් ආසයි.. ඒත්.... මට බයයි.......... අදුරන කවුරු හරි ආවොත්...

ඇයි බයවෙන්නේ.. යමු.. එහෙම කිසිදෙයක් වෙන්නේ නෑ.... 

තද වරුසාවේ වුවද ‍අපි දෙදෙනා සෙමින්  එක කුඩය යට තුරුලුවී මාළිගාවේ දෙසට පා තැබුවෙමු....

මා දැන් සිටින ස්ථානය ඇයත් සමග එදා  ගත කළ ස්ථානයේය.. දළදා හාමුදුරුවන් පේන මානේ එදා අපි එකට හිදගෙන වන්දනා කලේ දහසක් බලාපොරොත්තු පොදි බැදගෙනය... 

මම ප්‍රාර්ථනා කළේ ඇයගේ සතුට සැමදා පවතිවා.. ඇ‍යට කිසි අනතුරක් නොවේවා.. කියන අහිංසක ඉල්ලීම පමණයි.....

ඒත් අද මම පැමිණියේ ඒ අහස උසට බැදි බලා පොරොත්තු සියල්ලම බිදී කඩා වැටුනු මගේ සිහින ලොව යළිත් ගොඩ නගා ගැනීමටය.... 

මගේ දුක කියාගන්න කිසිවෙක් නොමැති වූ නිසාත් මා මේ ලොව තනිවී ඇතැයි හැගීම නිසාත්.... මම අද දළදා හාමුදුරුවන්ට මගේ දුක කිමට මාළිගාවේ උඩු මහලට පැමිණියෙමි.. එදා අපි දෙදනා සිටි තැනට පැමිණ මම හිදගත්තේ හදවතේ කොනක ඇති වු සියුම් වේදනාවත් සමගය.. කෙසේ හෝ ගෙවුනු අවුරුදු දෙකක කාලය තුල මම ඇයට කිසිදු හිතේ දුකක් නොදීමත් මගේ මේ වේදනාව තිවෘර වීමට හේතුවක් වීම ඉවසා සිටීමට මට නොහැක..., ඇයට මගේ ආදරය නොවැටහීම නිසා මම වරදක් කලා යන හැගීම මම තව තවත් මානසිකව වද දෙන කාරුණක් විය. ඒ හැගීම නිතර මගේ ම‍නසේ  රකුසෙකු ලෙස මදෙස විලිස්සාගෙන සිටින බව හැගෙන්නේ .. සිතේ දුක රදවමිනි...

දළදා හාමුදුරුවන්ට මගේ දුක කියා පැය ගණනක් වුවද සිටීමට හැකිය.. නමුත් මට මෙහි කෑගසා හැඩිය නොහැක.. මගේ දෙනෙතට කදුළු පිරීම මෙහි සිටින අනෙක් වන්දනාකරුවන්ගේ අවධානය යොමු වීමට හේතුවක් විය.. කෙසේ වෙතත් මම මෙතන වැඩි වෙලා සිටිය නොහැකි තැන නැගිට පහල මහලයට ගියේ ඇයත් එක්ක සිටි තැන මගේ හදවත නැවත වරක් පෑරීමටත් අතීතය වෙත මගේ සිත නිරායාසයෙන් ගමන් කරන නිසාත්ය...

මම වෙනදා මෙන් පාරේ යෑමට පවා නොහැකි මට්ටමක පවති.. සැම තැනම ඇගේ මතකයන් පිරී පවති. පාරක් පාරක් ගානේ ඇයත් සමග අත්වැල් පටලා ඇවිද්ද සැටි මගේ මතකයට පැමිණිම නිසාය.. කෙසේ හෝ බස් රථයට පැමිණීමට බස් නැවතුම් පොළට එන අතර මග .. 


හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
මා සදා හඩනවා - මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

මම මදක් නතර වී ඒ ගීතයට  සවන් යොමු කළෙමි... මාගේ ජීවිත කථාව එහි ගැබ්වී ඇති බව මට හැගී ගියේ නිරායාසයෙනි...

ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ  - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා

මේ විකි හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමට හැකියාව ලැබිණි.. මම එතැන නිසොල්මන්ය.. හදවත මට වඩා වේගයෙන් අතීතය හා සම්බන්ධ වී ඇයත් සමග සිටි සුන්දර සිහින නැවත චිත්‍රපටයක්‍ මෙන් මවා පාන්නට විය...

හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

මම මේ දුක කෙසේ විද ගම්ද .. කෙසේ ..... ඇයගේ මතකය අත් හරිම්ද.. කෙනෙකු ඇත්නම් පවසන්න... මේ දුක කෙසේ විද ගන්නේ කෙසේද කියා...


හිත හදාගන්න බෑ....

No comments:

Post a Comment