Monday, July 1, 2013

system system... design .. design... ඉගෙන ඉගෙන ගන්නවාද ගන්නවාද?

මේ දවස් වල අපිට අලි අලි ප්‍රශ්න... මොකද අපිට මේ දවස් වල සිස්ටොම් කියලා මොකක්දෝ එකක් උගන්නනවා... ඇත්ත කියන්න එපායේ විලි ලැජ්ජයි කියන්න. පොඩි පොඩි අවස්ථාවලදී අහන ප්‍රශ්න වලට ලාවට කොර වෙනවා.. මොනවා කරන්නද ඉතින්... එහෙම කියලා ඉගෙන ගන්නේ නැතුව ඉන්ටැ...
ඉතින් මම හිතුවා අපි ඉගෙන ගන්න පාඩම් වලින් අපි ගත්ත දේවල් සාරංශයක් විදිහට දැම්මොත් හොදයි කියලා.. මොකද අපි වගේම හීනියට කොර වෙන අය තව ඉන්න හින්දා.. ඉතින් නමෝ විත්තයෙන්ම අපි වැඩ ටික පටන් ගමු මෙන්න මෙහෙම...
පද්ධති එහෙම නැත්නම් සිස්‍ටම් (System) කියලා දෙයක් අපි මේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන ශිල්පයේදී ඉගෙන ගන්නවා... ඉතින් මේකේ තියෙන පද්ධති ගැන දැන ගන්න කලින් අපි දැන ගමු සාමාන්‍යයෙන් පද්ධතියක් කියන්නේ ‍මොකක්ද කියලා..... ඉතින් පද්ධති කීවහම.. අපිට හුරු වචනයක් නේ.. ඒත් කවුරු හරි පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ඇහුවම.. කියා ගන්න වචන එන්නෙ නෑ.. (හිතේ තියෙනවා... එත් කියා ගන්න බෑ....)

මුලින්ම අපි බලමු පද්ධති කියන වචනය අපිට හුරු ඇයි කියලා... ඔයාලා පොඩි කාලේ විද්‍යාව ඉගෙන ගනිද්දි... පද්ධති ගැන ඉගෙන ගන්නවා... 
  1. අස්ථි පද්ධති
  2. ආහාර ජීර්ණ පද්ධතිය
  3. රුධිර සංසරණ පද්ධතිය
  4. ස්නායු පද්ධතිය
  5. ශ්වසන පද්ධතිය
  6. වසා පද්ධතිය
  7. බහිස්‍රාවීය පද්ධතිය
  8. ප්‍රජනන පද්ධතිය (මේ පද්ධතිය ගැන අපි කතා කරනවාට කැමති නෑ.. මොකද අපේ සංස්කෘතියත් එක්ක මේක.. චීයා කියලනේ කියන්නේ........... )
ඉතින් මේ ගැන වැඩි දුරටත් කතා කරමුකෝ. මම එක උදාහරණයක් ගන්නම්කෝ... ආහාර ජීර්ණ පද්ධතිය.... ඉතින් මේ පද්ධතිය ගැන කතා කරද්දී ඔයාලට තේරෙයි මොකක්ද මේ පද්ධතියක් කියලා හදුන්වන්න තියෙන්න ඕනේ ලක්ෂණ කියලා......

කන්න කීවහම අපේ අයියලා ලිමිට් නෑනේ..  ඉතින් කන අයගෙන් ඇහුවොත් එහෙම කන්නේ ඇයි කියලා කියන්නේ බඩගින්නටනේ කියලා.. හරි ඇත්ත. අපි හැමදේම කරන්නේ කන්ඩ තමා... බලන් ගියපුහම... අපි කන්ඩ ජීවත් වෙනවාද  නැත්නම් ජීවත්වෙන්න කනවද කියලා ත් සැකයි වෙලාවකට.. අපි කන්නේ බඩ ගැන්නට ද?.. හ්ම් ඔවු එක අතකින් ඒක ඇත්ත.. අපි කන්නේ අපේ ශරීරයට ශක්තිය ලබා ගන්න.. ඒ කියන්නේ පෝෂණය ලබා ගැනීම‍ට..  ඉතින් අපි කන ආහාර ජීර්ණය කර පෝෂණය ශරීරයට රැගෙන ඉවත ලෑමට තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය සැකසිලා තියෙන්නේ...

අපි කතා කරමුකෝ මේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන.. අපි කෑම මුඛයට දමා ගෙන හොදට හපනවා හපලා ගිලිනවා.. ඉතින් මේ කෑම යන්නේ ගලනාලය දිගේ එහෙම යන්නේ ඛේටයත් එක්ක හොදින් ඇඹරිලා. ඉතින් අපි මුඛය වැඩ කරන වාරයක් පාසා අක්මාව වෙත ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය පරිසරය හැදෙනවා... ඒ තමයි ජීර්ණයට උදව් වෙන්න ඉතින් අපි ගිලින ආහාර යන්නේ ආමාශයට එහිදී රසායනික සංයෝගයන් සමග සංකලනය වෙලා යන්නේ කුඩා බඩ  වැල .. මහා බඩ වැල... ඉන්පසු ගුදයෙන් ඉවත ලනවා.. මේ සෑම දෙයකටම විවිධ වු ක්‍රියාකාරකම් පැවරිලා තියෙනවා.. මේ විවිධ වූ ක්‍රියාවන් කිරීමට විවිධ වු ආයුරින් ස්ථාන තියෙනවා.. මේ හැම එකක්ම වාගේ හරියට තමන්ගේ වැඩ නිම කිරීමෙන් අවසාන ක්‍රියාව වන ආහාර ජීර්ණ ක්‍රියාව නිසි ලෙස සිදු වෙනවා.. බැරි වෙලාවත් මෙයින් එක් කොටසක් හෝ අඩාල උනොත් සෑම ක්‍රියාවක්ම නිසි ලෙස සිදු‍වන්නේ නෑ...

දැන් තේරෙන්න ඇති මොකක්ද මේ පද්ධතියක් කියන්නේ කියලා.. මේකේ ලක්ෂණ කිහිපයක් තියෙනවා... 
  1. කුමක් හෝ එක් අරමුණක් තිබීම
  2. විවිධ වූ කොටස් සමූහයක් තිබීම
  3. තනි තනිවමත් අන් අය සමගත් සාමුහික ක්‍රියාකාරිත්වයක් තිබීම. 
ඒ කියන්නේ අවසන් ලෙස මෙසේ පද්ධතියක් හදුන්වන්න පුළුවන් .. ඒ තමයි.. යම්කිසි එක් අරමුණක් වෙනුවෙන් සාමුහිකව හා අන්තර් ක්‍රියාවන් මගින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාකරන සම්පත් සමූහයක් යන්නයි..

ඉතින් මේ. පද්ධතියේ හරය.......මේ පද්ධතින් විවිධ අයුරින් බෙදනවා.. මම ඒක හෙමින් සැරේ දාන්නම්.. අදට නවතිනවා.. 
ඔක්කොටම ජය වේවා.. හොදේ... 
මම මධූ...........

No comments:

Post a Comment