Wednesday, July 16, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (4වන කොටස)




අද අපි කතා කරන්න යන්නේ.... අවධි ගැන.. වෙන කවුරුත් නෙවෙයි... ෆ්‍රොයිඩ් කිව්ව විදිහට.. මෙතුමා ඉදිරිපත් කල සංකල්ප ඉතා වැදගත් ...මේ ලිපි වලින් කියවෙන දේවල් ටිකක්.. සැර වැඩී වගේ කියලා හිතෙනවා නම්... පොඩ්ඩක් සමාවෙන්න. .මොකද මම මේ නිර්වචනයන් ඉදිරිපත් කරන නිසා ඒක නිර්වචනයක්ම වෙන්න ඕනේ නේ... නේද ?.. සමහර විට මේ ලිපියේ කියවෙන දේවල් පිළිනොගන්න පුළුවන්.. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.. ඒ බව පොඩ්ඩක් සටහන් කරලා යනවා නම් මට පුළුවන් විදිහට මම ඒකට පිළිතුරක් දෙන්නම්...මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ...

ෆ්‍රොයිඞ්ට අනුව ළමා කාලයේදී ලබන අත්දැකීම් වැඩිහිටි වු පසු චර්යාවට බලපාන බව පවසයි.ළමා සංවර්ධන අවධි 5කට බෙදා දක්වයි.

1.    මුඛීය අවධිය
2.    ගුදීය අවධිය
3.    ලිංග රූප අවධිය
4.    නිලීන අවධිය
5.    ප‍්‍රජනන අවධිය


මුඛිය අවධිය
 
උපතේ සිට මාස 18 පමණ දක්වා මෙම අවධිය පවතී. මෙයින් සිදුවන්නේ සුඛ වේදනා මූලධර්මය ඔස්සේ සතුට හොයන අතර මුඛය මුල්කරගෙන මේ අවධියේදී  දරුවා සතුටු වේ. මෙයත් කොටස් දෙකකට බෙදේ. උරාබීමේ අවධිය මාස 6 සිට 8 දක්වාත් සැපීමේ අවධිය මාස 8 සිට මාස 18 දක්වා විහිදේ.කිරිබොන අතර මවට තුරුලූ වීමෙන් ලබන උණුසුම , ආදරය හා ස්පර්ශය මගින් මූලික මනෝ විද්‍යාත්මක අවශ්‍යතා රැුසක් සම්පූර්ණ කරගනී. 

මෙහිදී අවශ්‍ය ප‍්‍රමාණයට වඩා තෘප්තිය නෙැලැබීම මගින් සුපර් ඊගෝ නිසිලෙස වර්ධනය නොවේ සර්ව අසුභ වාදී ලෙස පෞරුෂත්වයසැදේ, අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ලැබීමත් මත සුපර් ඊගෝ වර්ධනය වීම සිදුවේ. මේ දේවල් පදනම් කර ගනිමින් පෞරුෂත්වයහැඩ ගැසීම සිදුවේ.
මෙකල දරුවාගේ අතට හසුවන සෑමදේම වාගේ ඔහුගේ මුඛය තුලට දමා හපයි. මෙයින් ඔහු සියල්ල පිළිබ`ද අවබෝධයක් ලබා ගනී.

මාගරට් මිඞ් නම් මානව විද්‍යාඥවරිය ආරාපේෂ් හා මුණ්ඩු ගුමාර් යන ග්‍රෝත‍්‍රිකයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී මේ අදහස් ස්ථිර කර ඇත.මෙම ආරපේෂ් ග්‍රෝත‍්‍රයෙහි කුඩා දරුවන්ට හිතුසේ කිරී බීමට අවස්ථාව ලබා දෙන අතර ඔහුට ඔහුගේ සිතැගි පරිදි කිරි බීම සිදුකරයි. ඔවුන් වැඩිහිටි වූ පසු ත්‍යාගශීලි, පි‍්‍රතිමත් අය වෙති. මුන්ඩු ගුමාර් ගොත‍්‍රික මවුවරු කිරි දීමේදී හිටගන කඩිනමින් කිරි පොවන අතර දරුවන්ට ආදරය සුරතල් නොකරති. එම දරුවෝ වැඩිහිටි වු විට හිතුවක්කාර වෙති.ආක‍්‍රමණශීලි වෙති.

මෙයින් ගම්‍ය වන්නේ පුද්ගලයාගේ පෞරුෂත්වයස`දහා මෙම අවධියේදී සිදුවන තෘප්තිකිරීම් බලපාන බවයි.

ගුදීය අවධිය
 
මෙම අවධියේදී ළදරුවන් තෘප්ති මත් වන්නේ මළපහ කිරීමේන් හා මුත‍්‍රා කිරීමෙන්ය. මෙය අවු 2 සිට 4 දක්වා කාලය දක්වා පවති. ෆ්‍රොයිඞ්ගේ මතය අනුව මෙය වැසිකිලි පුහුණුව ( Toilet Training ) ලබන අවධිය ලෙස හදුන්වා ඇත. මේ කාලය වන විට මුඛයේ සිට දරුවා තෘප්තිමත් කිරීමට ගුද මාර්ගය කරා විතැන් වේ. අපද්‍රව්‍ය  එකතුවීමෙන්  අධෝ මුඛ ප‍්‍රදේශයේහි යම් ආතතියක් ඇතිවේ. එම ආතතියට හේතු වූ ද්‍රව්‍ය ඉවත් කල පසු පුද්ගලයාට පහසුවක් ලැබේ.
අවු 2 පමණ වන විට ළමයා විසින්  මළපහ පිට කිරීමෙන් පිට නොකිරීමෙන් ර`දවා තැබීමෙන් තෘප්තිමත් කරයි. මෙකල දෙමාපියන් විසින් විවිධ වු බලපෑම් මත දරුවා මෙම අවධියේදී මළපහ කිරීම නිසි ලෙස සිදු නොකරයි. දරුවා අකාරුණික වේ. 
ෆ්‍රොයිඞ්ට අනුව මෙකල කාලයේ  ළමයා සන්තෘෂ්ටියක් ලබයි. එහෙත් වැඩිහිටියෝ මළපහ කිරීම ස`දහා නිශ්චිත ස්ථාන, වේලාව, ඉරියව් ආදීය ළමයාට මනාව හුරුපුරුදු කිරීමට පෙළඹීම මත දරුවා පසුකලක මුරණ්ඩුකම, යමක් නොකර සිටීම ක‍්‍රමවත් බවට විරෝධය යන පෞරුෂ ගැටළු මතුවන බවයි.

ලිංග රූපික අවධිය
 
මේ කාලය තුල ළමයා සතුට ආස්වාදය ලැබීම පිණිස තම ලිංගය කෙරෙහි අවධානය යොමු කරන අවධිය ලෙස ෆ්‍රොයිඞ් හ`දුන්වා දී ඇත. මෙහිදී පිරිමි ළමුන් ඊඩිපස් (Oedipus) සංකීර්ණයද ගැහැනු ළමුන් ඉලෙක්ට‍්‍රා (Electra) සංකීර්ණයද පසු කරන්නේ මේ කාලයේදීය. මේ කාලයේදී තම ලිංගේන්ද්‍රිය අතපත ගෑමෙන් ස්පර්ශ කිරීමෙන් ඒවා කි‍්‍රයාත්මක වන ආකාරය නිරීක්‍ෂණය කිරීමෙන් දරුවා කිසියම් වින්දනයක් ලබයි. මේ කාලයේදී තම ලිංගේන්ද්‍රය කෙරෙහි ආශාවක් දැක්වීම, එය ප‍්‍රදර්ශනය කිරීම මෙන්ම අන්‍යයන්ගේ ලිංග නිරීක්‍ෂණය කිරීමටද ආසාවක් දක්වයි.නමුත් මෙකල ඇති ලිංගික ආශාව ප‍්‍රජනනය හෝ සුරතාන්තය අරමුණු කොට ගත් එකක් නොවේ.ළමයා කි‍්‍රයාකරනු ලබනුයේ තම ලිංගේන්ද්‍රිය සමග මිස විරුද්ධ ලිංගේන්ද්‍රියන් නොවේ. 

මෙහිදී ස්ත‍්‍රි පුරුෂ ලිංග භේදය පිළිබ`ද අවබෝධයක් ලබා ගනී.මේ කාලයේ තමා පිළිබ`ද අවබෝධයක් ලබාගන්නා අතර පවුලේ සාමාජිකයන් පිළිබ`ද අවධානයක් යොමුකර ඔවුන් එකිනෙකා හ`දුනා ගනී.දෙමාපියන් පිළිබ`ද අවබෝධය ලබන ළමයා ඔවුන් පිලිබ`ද විවිධ වූ ආකල්ප ඇතිකර ගනී.පෙර කී ලෙස ඊඩිපස් ඉලෙක්ට‍්‍රා සංකීර්ණ ඇති වන්නේ මෙන්න මේ කියන්නා වූ දේ පදනම් කරගෙනය.පුද්ගලයා අතර ආදරය වෛරය ඇති වන්නේ මෙම කි‍්‍රයාව ඇසුරෙනි.

මේ කාලය නිසි පරිදි ගත නොකලහොත් ළමයා අනාගතයේ දී විරුද්ධ ලිංගික යහළු මිත‍්‍ර සබ`දතා ඇති කර ගැනීමේදී මෙන්ම විවාහ නොවීම හෝ විවාහ වීම කෙරේද බලපෑම් ඇති කරන බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙයි.
ඊඩිපස් සංකීර්ණයේදී සිදුවන්නේ තම පියා පුරුෂයකු බව නිසැකව හ`දුනා ගන්නා පිරිම ළමයා මවගේ ආදරය තමන් වෙත හරවා ගැනීමේදී පියා ඊට එරෙහි වනු බව සිතයි. එම නිසා තම මව කෙරෙහි සෙනෙහස මුසු ඇල්මක්ද පියා කෙරෙහි බිය හා ඊර්ෂියාව මුසු වෛරයක්ද ඇති කර ගනී. පිරිමි ළමයා එම සතුරා විනාශ කිරීමෙන් මවගේ ආදරය දිනා ගැනීමට හැකි බව කල්පනා කරන අතර බියක් ද ඔහු කෙරෙහි දක්වයි. ඔහු තුළ පියා විසින් දෙන ද`ඩුවම් ලෙස පුරුෂ ලිංගය කපා දමයි යන බිය ඇති කර ගනී.ෆ්‍රොයිඞ්ට අනුව මෙය අණ්ඩහරණය සංකීර්ණය ලෙස හදුන්වා දී ඇත.

ඉහත දැක්වූ පරිදි සිතීමත් මවගෙන්  ඒ ස`දහා අනුබලය නොලැබීමත්  හා තම කායික මානසික පරිනත වීමත් නිසා මෙම මාතෘ කාමුකත්වය කෙමෙන් මැකීයයි. මෙලෙස පියා කෙරෙහි සතුරු ආකල්පයක් දැරීම පිළිබ`ද තමන් වරදක් කලා යැයි සිතන දරුවා පසුව පියා පරමාදර්ශි චරිතයක් කොට ගෙන තමනුත් පියා මෙන් විය යුතුයැයි අදිටන් කර ගනී.
මෙයද පෞරුෂත්වය වර්ධනය කෙරෙහි බලපානු ලබයි.එනම් පියා මෙන් ගෞරවනීය  ලෙස හැසිරීමට නායකයකු ලෙස චින්තනය මෙහෙය වීමට එසේ මෙන් තම පියා මෙන් බාහිර තේජස ඇති කර ගැනීමට පිරිමි ළමයා පෙළඹෙයි. මෙම සංකීර්ණතාවය නිසිලෙස අවරෝධනය නොකිරීම තුලින් පෞර්ෂත්ව අක‍්‍රමිකතා වලට ගොදුරු විය හැකිය.මෙහිදි මව කෙරේ ඇතිවූ කාමාශක්ත ඇල්ම ඉවත් වී කෙමෙන් පියා කෙරෙහි බොහෝ ඇල්ම ඇති වුවහොත් මොහු සමලිංගික නැමියාවේ ලක්ෂණ පිහිටීමටද හැකිය. 

ඉලෙක්ට‍්‍රා සංකීර්ණය 

මෙහිදී පිරිමි ළමයා මෙන්ම ගැහැණු ළමයාද වැඩි වශයෙන් ආදරයෙන් බැදෙන්නේ තම මවටය. නමුත් ලිංග රූප අවධිය වනවිට තම ලිංගික නිරීක්‍ෂණය කර ගන්නා දැරිය පිරිමි ළමයින්ට මෙන් තමන්ට ඉදිරියට නෙරා ආ ලිංගේන්ද්‍රයක් නැති බව තේරුම් ගත් පසු ඉච්ඡුාබංගත්වයට පත්වේ. එයට හේතුව තම මව බව සිතා මව පිළිබ`ද කොපය මුසු වෛරයක්ද පියා කෙරේ ඊර්ෂියාව මිශ‍්‍ර ඇල්මක්ද පහළ කර ගනී.  මෙලෙසින් පියා කෙරෙහි ඇල්ම දිගින් දිගටම වැඩිකර ගනී.පියාට දාව දරුවකු ලැබීමෙන් අඩුව පිරිමසා ගැනීම දක්වා සිතිවිලි ඇති කර ගන්නා අතර මෙයට ඉලෙක්ට‍්‍රා සංකීර්ණය නමින් ෆ්‍රොයිඞ් හ`දුන්වා දෙනු ලබයි.

ඔබට ජය...!

1 comment: