Tuesday, July 15, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (3වන කොටස)

EGO

මනස තුළ සංවර්ධනය වන දෙවන කොටස මෙයයි. සැලසුම් කිරීම , හේතු සෙවීම, ගැටලූ විස`දීම සහ ඉඞ් පාලනය කිරීමට මෙම ඊගෝට හැකියාව ඇත.ඊගෝ ගේ ප‍්‍රධාන කාර්යය වන්නේ ඉඞ්ගේ චර්යාව බාහිර පරිසරයට අනුව එළි දැක්වීමයි. ඉඞ් නියෝජනය වන්නේ විඥානය සහ උප විඥානයයි. යථාර්ථ මූලධර්ම ඔස්සේ කටයුතු කරන ඊගෝ මනුෂ්‍යයා ජීවත්වන යථාර්ථ ලොව පවතින නීති රීති චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදි කොන්දේසි බෝහෝමයක් ඉඞ්ගේ සුඛ විහරණ මූලධර්මයට ඉ`දුරා පටහැනි වේ. ඊගෝ ගේ ස්භාවය වන්නේ ආත්මය, අහංභාවය  පහන් සිත හෙවත් උඩුසිත යන නමින් හදුන්වයි. මෙය ඇති වන්නේ අවුරුදු 6-7 අවධියේදී බව තාර්කානුකූලව දැක්වේ. එනම් තමන් කරන දේවල ප‍්‍රතිඵල දැනෙන අවධියේදීය.

ඊගෝ, ඉඞ්ගේ සුඛ මූලධර්මයන්ට විරුද්ධ නොවේ. ඊගෝ උත්සහ දරන්නේ බාහිර ලොව කොන්දේසිවලට අනුකූලව  ඊට යටත් ව තෘප්තිවීමටය. ස්ප‍්‍රින්ට්හෝල්ට අනුව ඉඞ් හා සුපර් ඊගෝ නිරන්තරව එකිනෙකට විරුද්ධව ගැටෙද්දී, පෞරුෂයේ තුන්වන අංශය ලෙස කි‍්‍රයාත්මක වී ඊගෝ විසිනු සාධාරණය ඉටුකරනු ලබයි.ඊගෝ විසින් ඉඞ්  පාලනය කිරීම අහ්වයකු හසුරුවන මිනිසකුට උපමා කර ඇත.මෙහිදී ඉඞ් අශ්වයා වන අතර ඊගෝ මිනිසා වේ.

ඉඞ්ගේ පේ‍්‍රරණ වලට සුපර් ඊගෝ විරුද්ධ නොවන්නේ නම් විඥානයට ගොස් කෙලින්ම තෘප්තිමත් විය හැකිය. නමුත් ඉඞ් බොහෝ පේ‍්‍රරණවලට සුපර් ඊගෝ විරුද්ධ වන බැවින් ඒ දෙක අතර ගැටුමක් හටගනී. එයින් පුද්ගලයාට මානසික ආබාධ හටගනී.ඇතැම් විට ස්නායුගත ව්‍යාකූලතා පවා හට ගැනීමට හැකිය.එවැනි වු තත්වයන් ඇති වන්නේ ඊගෝ දුර්වල වූ විටය. ඉහත ගැටූමේදී ඊගෝ ගේ මැදිහත්වීම ශක්තිමත් වූවා නම් මෙවැනි ගැටළු පැන නොනගී. ඊගෝ දුර්වල වී පරාජය වුවහොත් පුද්ගලයා පරාජයට පත්වේ. මෙම පීඩාවන් වැලැක්වීම ස`දහා ඊගෝ විසින් සංරක්‍ෂණ ප‍්‍රයෝග වලින් සන්නද්ධ වී සිටි.

සංරක්‍ෂණ ප‍්‍රයෝග

එදිනෙදා ජීවිතයේදී මුහුණපාන කරදර තර්ජන හදිසි අනතුරු හා ඉච්ඡුාභංගත්වය ආදිය නිසා පුද්ගලයා තුළ ඇති වන මානසික ආතතිය කාංසාව ලෙස හදුන්වයි. ෆ්‍රොයිඞ්ට අනුව කාංසාව හ`දුන්වන්නේ බාහිර අනතුරකට දක්වන යථාර්ථවාදී ප‍්‍රතිචාරයක් වශයෙනි. මෙවැනි කාංසාකාරී තත්වයන් මග හැරීමට හෝ මිදීමට පුද්ගලයා විසින් අනුගමනය කරන කි‍්‍රයාමාර්ග සංරක්‍ෂණ ප‍්‍රයෝග නමින් හදුන්වයි.

1.    අවරෝධය
2.    ප‍්‍රක්ෂේපනය
3.    විස්ථාපනය
4.    ප‍්‍රතික්ෂේප කිරීම
5.    ප‍්‍රතිකි‍්‍රයා සාධනය
6.    යුක්ති ප‍්‍රතිපාදනය යථාර්ථකරණය
7.    උත්කර්ෂණය
8.    ප‍්‍රතිවර්තනය

Super Ego

මෙය මනසේ සංවර්ධනයට උපකාරීවන තුන්වන කොටසයි. මෙයින් නියෝජනය වන්නේ පුද්ගලයාගේ සදාචාරයයි.දරුවා සිරිත්, විරිත්, අගයන් ඉගෙනීමට පටන් ගැනීමත් සමග සුපර් ඊගෝ සංවර්ධනය වේ.හෘද සාක්ෂිය සහ ඊගෝ පරමත්වය යනුවෙන් සුපර් ඊගෝ කි‍්‍රයා කරනුයේ සදාචාර මූලධර්ම අනුවයි. සුපර් ඊගෝ යන මානසිකත්වය පිලිබ`ද පුද්ගලයාට පහල වන්නේ හො`ද නරක පිළිබ`ද අධ්‍යයනය කර කාලයේදීය. එනම් වයස අවු 3-5 දක්වා කාලයේදීය.පරිසරයත් සම`ග ගැටී ඔහු තම චර්යාව සාදා ගන්නේ මේ කාලයේදීය. මේ කාලය තුළ දෙමාපියන් විසින් හො`ද නරක කියා දීම, වැරදි වලිට ද`ඩුවම් දීම හා එම කි‍්‍රයා පාලනය කිරීම තුලින් සුපර් ඊගෝ පොෂණය කළ හැකිය.

මෙහිදී ප‍්‍රධාන වශයෙන් තුන් ආකාරයට පෞරුෂත්වය ෆ්‍රොයිඞ් විසින් විග‍්‍රහ කරයි.


අපි මීළග ලිපියෙන් කතා කරමු ෆ්‍රොයිඩ්ට අනුව අවධි 5ක ගැන කතා කරලා තියෙනවා ඒ ගැන අපි කතා කරමු....

එහෙනම් හැමෝටම ජය වේවා... 

No comments:

Post a Comment