Thursday, July 3, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (2වන කොටස)


මනෝ විශ්ලේෂණ වාදීන්ගේ ඇසින්



ස්වීයත්වය පිළිබ`ද සාකච්ඡා කිරීමේදී න්‍යායන් ගෙන් තොරව අධ්‍යයනය කිරීමට නොහැක. ස්වීයත්වය සම`ග බැදී පවතින න්‍යායන් අතර සිග්මන් ෆ්‍රොයිඞ් නාමය කිසිදා අමතක කළ නොහැක. ඔහුගේ මනෝ විශ්ලේෂණ වාදය මගින් පෞරුෂත්වය පිළිබ`ද අනාවරණය කර ඇති කරුණු පිළිබ`ද විමසීම පෞරුෂත්වය පිළිබ`ද ක‍්‍රමවත් වූ අධ්‍යයනයට මහ`ගු පිටිවහලක් වන්නේය.

මනෝ විශ්ලේෂණ වාදයේදී මනසේ ව්‍යුහය සවිඥානික, උපවිඥානික හා අවිඥානික වශයෙන් තුන් ආකාරයට බෙදුවා සේම එහි කි‍්‍රයාකාරීත්වය අතින් කොටස් තුනකට බෙදා දැක්වීය. මෙම කොටස් වලින් පෞරුෂත්වය මෙහෙයවනු අතර මොහුගේ න්‍යායේ ගැඹුර හා සමස්ත පදනම මෙය මත රදා පවති.

  • Id   -     දළ සිත
  • Ego      -     පහන් සිත
  • Super Ego -    උත්තරාත්මය

මොහුට අනුව Id පුද්ගල පෞර්ෂයේහි ජීව විද්‍යාත්මක පදනම වේ.මින් පසුව ඇති වන්නේ Ego  පෞර්ෂයෙහි මනෝ විද්‍යාත්මක අංශය වශයෙන් හැදින්විය හැකිය. එසේම පරිණත හා මුහුකුරා ගිය අවස්ථාවන්හීදි හටගන්නේ Super Ego ය. නමුදු මෙය වෙන වෙනම පවතින තත්ත්ව ති‍්‍රත්වයක් නොව මෙහි සංකලනයක් මත පෞරුෂත්වය ගොඩනැගෙන බව ඇතැම් විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබේ.
  • ID
උපතේදී ම මනසේ පවතින් මුල් ස්වරූපය  මෙයයි. මෙහි ස්වාභාවය නම් අපරිණත, ආවේගාත්මක සහ අහේතුවාදී වන මනසේ ශක්තියයි. මෙහි ස්වාභාවය නම් තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගැනීමේ ආශාව පවතින අතර මෙය කි‍්‍රයාත්මක වන්නේ සුඛ මූලධර්ම ඔස්සේය.මෙහි සියළුම පේ‍්‍රරණ උපත ලබන ස්ථානය වේ. එනම් කුසගින්න , පිපාසය , ලිංගික පේ‍්‍රරණයයි.

මෙම පේ‍්‍රරණ කෙසේ හෝ ඉටු කිර ගැනීමට ඉඞ් පරිශ‍්‍රමය දරයි. මෙහිදී කුඩා දරුවා හදුන්වා දෙන්නේ ඉඞ් ගුලියක් ලෙසයි.එනම් කුඩා දරුවාට අවශ්‍ය දෑ කෙසේ හෝ ලබා ගැනීමට පෙළඹීම ඔහු උදාහරණ ලෙස පෙන්වා දෙයි. මෙහි ආත්මාර්ථකාමීත්වය හා ආත්ම කේන්ද්‍රිය ලෙස හැසිරෙනු දැකිය හැකිය.
මෙහි මානසික ශක්තිය නිෂ්පාදනය කරන බලවේගය ආශ ලෙස හදුන්වන අතර මෙමගින් මනස පණ ගන්වා කි‍්‍රයාකාරීව තබයි. ආශ යන්නෙහි සාමාන්‍ය අදහස කාම ලක්ෂණ කරා ඇදී යාම යන්නයි.  මෙහි ආශයන් දෙකක් පවතින බව ෆ්‍රොයිඞ් පෙන්වා දෙයි.

1.    ජීවන ආශය
2.   මරණ ආශය

මීළග ලිපියෙන් අප ඉතිරි වු කරුණු සාකච්ඡා කරමු......

No comments:

Post a Comment