Monday, July 14, 2014

මනුස්සකම යළි දුටුවෙමි......

සුන්දර සති අන්තයක් ගෙවුණා.. බෞද්ධයෝ වශයෙන් අපට පින්කම් රැසක් කර ගන්න පුළුවන් වුන සති අන්තයක්... ඉතින් කොහොමද.. මම මෙහෙම ඇහුවයි කියලා
ඔයාලා දෙන උත්තර මට ඇහෙන්නේ නෑනේ.. කමක් නෑ.. අපි සිංහල කම අගයන මනුස්සකම් සපිරි ජාතියක් නේ.. ඉතින් කතාවට මුල පුරණ කොට අනිවාර්යෙන් අහන දෙයක් නේ
...

ළිදට බාල්දියක් අරන් යනවා දැක දැක අහනවා.. කොහොද මේ යන්නේ නාන්නද.... ? කියලා...  නේද.. ඒ අපේ කම.. ඒක තමයි අපි අනෙක් රටවල මිනිස්සුන්ට  සම කරන්න බෑ කියන්නේ..
අපේ රටට පැමිණෙන අය අපේ රටේ හොද කියන්නේ.. මොකද පිටරට ගොඩක් පවතින්නේ.. OWN YOUR BUSINESS කියන දේනේ...ඉතින් අනෙක් කෙනා ගැන බලනවා අඩුයි...
අනෙකාගේ දුකේදි කරදරයකදී ඒ අය එකිනෙකාට පිහිට වෙන්නේ බොහෝම අඩුවෙන්... ඕනේ නම් 911 වගේ කෝල් කරලා.. ඒ දේ ගැන කියයි.. එච්චරයි..

හැබැයි අපේ රටේ එහෙම දුකක් කරදරයක් අපේ මිතුරකුට උණත් සතුරෙකුට උනත් සිදු වුනොත්.. ඒක මග හරින්න නම් අපේ මිනිස්සු උත්සහ ගන්නේ නෑ,. කොහොම හරි ඒ තරහ මරහා
අමතක කරලා .. උදව් කරන්නන තමයි මේ අය බලන්නේ.....

ඒ අපේ කම... අපේ කම ගැන කතා කරද්දි.. වර්තමානයේ නව ප්‍රවනතා රැසකට මුල් ආරම්භය දීලා තියෙනවා... ඒ අනුව මාධ්‍යය ක්ෂේත්‍රයේ නිර්මාණ රැසක් මේ අපේකම.. බිහි වෙලා තියෙනවා..

ඒ අතර .. ප්‍රචාරක කලාව මේ වෙනකොට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා... මම මෙහෙම ලිපියක් දාන්න හේතුව තමයි අපේ අය තාමත් මනුස්ස කමට ගුණ දහමට නිසි තැනක් දෙනවා කියන එක...ළගදි දවසක... ඔප්පු උණා...

මේ ළගදි පැවැත්වුණා හැමෝම දන්නවා ඇති දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය.. ඕකෙදී මම දකින විදිහට එම්.ජී ධනුෂ්ක.. සොයුරා  ඩ්‍රීම් ස්ටාර් වුණ  හේතු 2ක් දකිනවා .....ඒ අතර ඔහුගේ තිබුණ . දක්ෂතාවයත්.. ඊට පරයා නැගෙන මනුස්ස කම ත්
.. ඔහුගේ මේ ජයග්‍රහණයට පාදක වුණා ...  ... මොකද දන්නවාද අපේ මිනිස්සු තාමත් මනුස්සකම අගය කරන පිරිසක් නිසා..

කාරණාව පැහැදිලි ඇති .. ඉතින් මම අද මේ ලිපිය දාන්න හේතුවත් .. මේ ලිපියෙන් ඔයාලාට කියලා දෙන්න යන දේත් යම්තාක් දුරකට පැහැදිලි ඇති කියලා මම හිතනවා... මම අද මේ ලිපිය දාන්නේ මනුස්ස කම වෙනුවෙන්..

ඒ එක නිහතමානි චරිතයක් වෙනුවෙන්.. ගිමන් නිවන නිම්තෙර පිටුව අද දින වෙන් කරනවා.. ඒ තමයි එම් ජී ධනුෂ්ක සොයුරා වෙනුවෙන්....






ඔහු විසින් ගායනා කරන ලද සින්දු කිහිපයක් දාන්නම්... අහන්න... දක්ෂතාවයත් මනුස්ස කමත් කැටි වුණු අවස්ථාවන්......













සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ අදහස්...


ඔච්චරයි.. තවත් ලිපියකින් හමුවෙන්නම්.. ඔබට ජය.....

No comments:

Post a Comment