add

add

Monday, July 14, 2014

නොහැරමි ඔබව මගේ සිතින්.....

මට නොහැක හැර යන්න
ඔබේ  දෙනෙත් යුග
සිහිවේ යළිදු
පෙර කලෙක
සිටි විලස..
මොහොතින් මොහොත
මොහොතින් මොහොත
අළුත් වෙවී...
නැවුම් වෙවී....

සසර එක ලෙස පැමිණ
යළිදු අප හමු වුණද
අපිට ඇත බාධකයන්
යළිත් වෙන්වෙන ලෙසට


 යළිදු අප එක්වුණද..

යා යුතුය හැර දමා..
ලොවෙහි පවතිනා.. දුක
නිවන මගක් සොයා

මා ඔබව හැර යන්නේ
ඔබටත් ලොවටත්
ඇති ආදරය නිසා බැව්
වැටහේවි මතු දිනක....

එවිට සියල්ලෝම සනසත හැකී
මා සිතු ලෙස............


No comments:

Post a Comment