Monday, July 21, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (7 වන කොටස)

දැනගනිමු සමාජය පිළිබ`ද



පුද්ගලයා , පවුල සහ සමාජය


මිනිසා වනාහි ලොව සිටිනා බුද්ධිමත්ම සත්වයාය. ඔහුගේ චර්යාවන් විවිධය. අවස්ථානුකූලව මෙම සත්වයා වෙනස් වන අතර ඔහුගේ චර්යාව ස`දහා විවිධ වූ කරුණු බලපානු ලබයි. මෙම සත්වයා නිතර නිතර අනෙක් පුද්ගලයන් අතර සම්බන්ධතා දක්වන අතර ඔවුන් අතර නොයෙක් නොයෙක් අයුරින් අදහස් හුවමාරු කර ගනී. 

පුද්ගල සන්තානය තුල සමාජය නැමති සංකල්පය නිතතින්ම පවති. මක්නිසාදයත් කිසියම් පුද්ගලයකුට තනිව ජීවත්වීමට අපහසු බැවිනි. සමාජයේ මූලික තැනුම් ඒකකය පවුල වේ. මේ පවුල යන සංකල්පයහි මූලාරම්භය බිහිවූයේ කෙසේදැයි සොයා බැලීම තුලින් අපට පුද්ගලයා හා සමාජය අතර ඇති සම්බන්ධතාවය විමසා බැලීමට පහසු වන්නේය.

මිනිසා ලොව බිහිවූ කාලය හි ඔවුන් ගත කලේ නිවර්තන හෝ අර්ධ නිවර්තන වනාන්තරයෙහිය. මෙකල ඔවුන් වෘක්ෂයන්හී වාසය කලේය.ඒ මොවුන්ගේ ජීවිත බේරා ගැනීම ස`දහාය. ආහාරය ස`දහා ගන්නට ඇත්තේ ශාක මුල් හා ශාක ඵල ආදී දෑය.පැහැදිලිව කතා කිරීමට මෙකල හැකිවීම ඔවුන් අතර අදහස් හුවමාරු කිරීම ස`දහා යොදාගෙන ඇත.     මෙය ම්ලේච්ඡ අවධියෙහි පහත් අවධිය එනම් ප‍්‍රාථමික අවධිය ලෙස නම් කරයි.

මීළ`ගට පැමිණෙන අවධිය මධ්‍යම අවධියයි. එහි මාළු ආහාරය ස`දහා යොදා ගන්නා අතර ගින්දර භාවිතයටද යොදා ගන්නේ මේ අවධියේය. මෙම ආහාරය නිසා මිනිසා කාලගුණයේද දේශගුණයේද ආක‍්‍රමණයෙන් නිදහස් වීම සිදුවිය. ගං තෙරවල් හා වෙරළවල් ඔස්සේ පදිංචි වූ මොවුන් මිහිතලයේ බොහෝ කොටසක පැතිර යාම සිදුවිය. ගලින් ගල අතුල්ලා ගින්දර ඇවීලීමද පිෂ්ට ආහාර මුල් හා වැල් උණු අළු යට බහා හෝ ලිප් තුළ ලා ආහාරය ස`දහා සකසා ගැනීමට හැකි විය. අවි ස`දහා හෙල්ල හා පොලූ භාවිත වන අතර ඉදහිට දඩමස්ද ආහාරය ස`දහා ගෙන ඇත.බොහෝ දුරට ආහාර භාවිතයේදී ආහාර ලැබීම එකදිගට සිදු නොවීම හේතුවෙන් මෙකල මිනී මස් ද ආහාරයට ගෙන ඇත.

මීළ`ග අවධිය උසස් අවධීයයි. දුන්න හා ඊතලය නිපදවූ අතර දඩයම් කිරීම මෙයින් පහසු විය. මේ නිසා ආහාරය ස`දහා සැමවිටම දඩමස් එකතුවිය.ගම් වල වාසයත් ලී බ`දුන් හා මැටි බ`දුන් තැනීමටද ගස් පට්ටා වලින් ඇ`දුම් පැලදුම් නිර්මාණයද මෙකල සිදුවුනි.මෙකල ශිලා ආයුධ භාවිත කිරීමට පටන් ගැනිනි. ක`දන් හාරා ඔරු සාදා ගැනීමද දැව වලින් ගෙවල් ගොඩ නැගීමටද සිදුවිය. 

මීල`ගට අශිෂ්ටත්වය අවධියයි. කුඹල් කර්මාන්තය මෙකල ආරම්භ වූ අතර පට්ටා වලින් හෝ ලි වලින් තැනූ වට්ටි බ`දුන් වටා මැටි ගල්වා ලිපෙහි තබා මැටි බ`දුන් සකසා ගැනීම සිදුවිය. අශිෂ්ටත්වයේ විශේෂිත ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. සතුන් හීලෑ කිරීම හා බෝ කිරීමද ශාක වගා කිරීමද වේ. ඇමරිකාවේ සිටියේ හීලෑකල එකම සත්වයා ලාමා පමණි. බඩ ඉරි`ගු මෙකල වගාකල ධාන්‍ය අතර වේ. 

මීළග අවධියේදී වාරිමාර්ග අනුසාරයෙන් ආහාර යෝග්‍ය ශාක වගා කිරීමත් අව්වෙන් වේළු මැටි ගඩොලින් ගල්වලින්ද ගොඩනැගිලි සෑදීම සිදුකල අවධියයි. යුරෝපීයයන් ඇමරිකාව සොයා ගන්නා කාලයෙහි අශිෂ්ටත්වයේ පහත්ම අවධියේ සිටි රතු ඉන්දියානුවන් බඩ ඉරි`ගු , වට්ටක්කා, කොමඩු, හා අනෙකුත් එළවලූ වර්ග වගා කර ඇත. මොවුන් දැව උපයෝගි කර ගනිමින්  වැටවල් තම නිවාස වට කොට තැබිණි. වයඹ දිග ගෝත‍්‍ර මේ වන තුරුත් උසස් අවධියේ පසු වූ අතර ඔවුහු කෘෂිකර්මය හා ශාක වගාව නොදත්හ. වෙනත් ප‍්‍රදේශවල විසුවෝ අශිෂ්ටත්වයේ මධ්‍යම අවධියේ පසු වූහ. ඔවුන් අව්වේ වේළු මැටි ගඩොල් වලින් හා ගල්වලින් තැනූ බලකොටු වැනි ගෙවල වාසය කළහ. කෘතිම වාරි මාර්ග සහිත  වතුවල බඩ ඉරි`ගු ද ප‍්‍රදේශයට ගැලපෙන පරිදි, කාලගුණයට ගැලපෙන පරිදි ආහාරයට සුදුසු පරිදි ශාක වගා කලේය. මෙය ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය වු අතර සතුන් කීප වර්ගයක්ම හීලෑකර වගා කෙරිණ. යකඩ හැර වෙනත් ලෝහ වර්ග භාවිතා කිරීමට මොවුහු දැන සිට ඇත. මෙකල මස් හා කිරි ආහාර බහුල ලෙස ගැනීම සිදු කරඇත.

මීළග අවධියේදී යපස් උණු කිරීමත් සමග ආරම්භ වූ ශබ්ද මගින් අක්ෂර වින්‍යාසයක් බිහිවු අතර ඔවුන් අතර ලේඛන වාර්තාගත කිරීමත් සමග සභ්‍යත්වයට පා තබයි. 

හීලෑ සතුන් යොදා ගනිමින් යකඩ නගුලින් බිම් සකස් කොට අස්වැද්දුම් කර අතර මෙකල කෘෂිකර්මයෙහි දියුණු තත්වයක් පැවතින.

මෙලෙස මිනිසා සමාජ ස්ථාවර වූවක් නොව ගතික ප‍්‍රපංචයකි. බැලූ බැල්මට පෙනෙනුයේ සමාජය යනු පුද්ගලයින් එකතුවකි. නමුත් පුද්ගලයන් සමූහයක් එකතුවීමම සමාජයක් ලෙස හැදින්විය නොහැක. එකට සිටින මිනිසුන් අතර  එක්තරා ආකාරයේ ගොඩ නැගුණු සම්බන්ධයතාවයන්ගේ සංකලනයක් ලෙස සමාජය දැක්විය හැකිය. මෙම සමාජයට කාලාන්තරයක් පැවතීම ස`දහා කරුණු කිහිපයක් සපිරීම අවශ්‍ය වේ. 

පරිසරයට අනුව පැවැත්ම ඇති කර ගැනීම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම

ප‍්‍රජනන අවශ්‍යතාව යටතට  විවාහය හා පවුල යන සංකල්පත් අඹු දරුවන් ගේ ආරක්ෂාවත් වැදගත් තැනක් ගනී. 

සංස්කෘතික සාධක හා සිරිත් විරිත්  පරමිපරාවෙන් පරම්පරාවට හුරුපුරුදු කළ හැසිරීම් පද්ධතිය ද මෙයට යටත් වේ.

දේශපාලන ස්වාධිනත්වයද සමාජයේ පැවැත්මට බලපානු ලබන සාධකයකි. 

මෙලෙස සමාජය බිහිවූ බව විද්වත්හු පවසති. මේ සමාජයෙහි විවිධාකාර වු පුද්ගලයන් සිටිති. හොද මෙන්ම නොහොදද මෙම සමාජයේ බහුලව ගැබ්වී ඇත.

No comments:

Post a Comment