Thursday, July 17, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (5වන කොටස)

සමාජ ඉගෙනුම න්‍යාය

සමාජ ඉගෙනුම් න්‍යායෙහි  න්‍යාය වන්නේ පුද්ගලයා සමාජයෙන් චර්යාව හැඩ ගස්වා ගන්නා බවයි. එනම් ඔහුගේ චර්යාව බිහිවී ඇත්තේ  සමාජයෙහි පවතින් යම් යම් ආදර්ශයන්ට අනුවය. ඇය හා ඔහු සමාජයෙන් ආදර්ශයනට තමන් ග‍්‍රහනය කර ගන්නාවූ කරුණු ඔස්සේ චර්යාව හැඩ ගස්වා ගන්නා බවයි.

මේ පහළින් දාලා තියෙන පින්තූරය දිහා බැලුවොත් ඔයාලාට දැන ගන්න පුළුවන් මේ න්‍යාය සරලව....


මෙයට අනුව ගත් කල සමාජයේ පවතින්නාවු යම් ආදර්ශයක් පිලිබ`ද මූලික අවධාරණය කරන අතර එය අවධානයෙන් යුක්තව ගවේෂණය කරයි. මින්පසුව එළඹෙන්නේ එම ගවේෂණය කරන්නා වු පුද්ගල චර්යාව තම ශාරීරික හැකියාව මත අනුකරණය කිරීමට පෙළඹීමයි. පරිසරය කෙරෙහි පුද්ගලයාත් අන්‍යෝන්‍යව බලපාන බව ඔවුන්ගේ මතයයි. 

මෙයට අනුව  සමස්ථයක් වශයෙන් සමාජයෙහි වෙසෙන පුද්ගලයින් තම චර්යාව, පෞරුෂත්වයහැඩ ගස්වා ගෙන ඇත්තේ  සමාජයෙන් ලබන අත්දැකීම්, ආදර්ශයන්ගෙන් බවයි. ඇතැම් හැසිරිම් රටා, ඒ ඒ අවස්ථාවලට හැසිරිය යුතු ආකාරය , ආදිය රූපවාහිනිය හෝ චිත‍්‍රපට දර්ශන වලින් පවා පුදගලයින් ඉගෙන ගෙන ඒ අනුව හැසිරෙන බව පැහැදිලිය.


වර්තමානයේ පවතින සමාජ පීඩනය යටතේ මා ඉදිරියේදී සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වෙමි.


අද ලිපියේ කරුණු සුළු වෙන් ලීවට මේකෙන් කියවෙන අදහස ටිකක් සංකීර්ණයි....


ඔබට ජය... !

No comments:

Post a Comment