Tuesday, October 9, 2012

ගුරුවරයා........................

ලොව රදා පවතින සාධක අතර අධ්‍යාපනය නැමති සාධකයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලොව ඉදිරියට ගමන් කරන්නේ කිසියම් පැරණි දැනුමක් උකහා ගෙන එයින්  නවමුකරණයක් බිහිවීම තුලිනි.. ලෝක ගුරු දිනය නිමා වී දැනට දවස් 2ක් ගෙවී ගියත් මේ ලිපිය ලියන්නට සිතුනේ.. රැල්ලක් ලෙස ඔක්තොබර් 06 දිනට ලිපි රැසක් දැමා සෙසු දිනයන් හීදි ගුරුවරයා පිළිබදව කිසිදු කතාවක් නොකරන බැවිනි...... 


ගුරුවරුන් වනාහි තම දැනුම ගුරුමුෂ්ඨියකින් තොරව ශිෂ්‍යයන්ට ලබා දෙන පිරිසකි... ඔවුන් කරන සේවය කිසි දිනක මිළකළ නොහැකිය.. වර්තමානයේ ගුරුවරුන්ට වැටුප් ලබා දුන් නමුදු ඔවුන් කරන සේවය ඒ වැටුපට මායිම් කර කටයුතු කරන පිරිසක් නොවන බව පැහැදිලිය.. 

ආදි කාලයේ සිට එනම් ක්‍රි පූ ගණන් වලට ගුරුවරයාගේ භූමිකාව දිවයයි. ඇරිස්ටෝටල්... වැනි දාර්ශනිකයෝද.. බුදුරජාණණ් වහන්සේ.. ක්‍රිස්තුස් වහන්සේ.. අල්ලා දෙවිදුන් වැනි ශාස්තෘවරයානන් වහන්සේලාද ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්සේ සැලකිය හැකිය. මක්නිසාද යත් ඔවුන්ගේ මුළු ජීවිතයම තමන් දන්නා තමන් ‍අවබෝධ කරගත් සත්‍යයයන් සෑමදේම අන් අයට කියා දී අන් අය නිවැරදි මාර්ගයන් වෙත හැරවීම ගත් උත්සහය නිසා වෙනි.

වේවැල් කෝටු නාරන් සියඹලා       අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු
මේපල් ඉපල් මගේ දෑතට නොපා    යුතු 
පමා නොවී එමි අකුරට මෙයින්       මතු

දැනට අවුරුදු 60 75 ජීවත් වූ අයගෙන් ඉහළ පෙළේ පුටුවල සිටිනන්ගෙන් පොදු පිළිතුර වන්නේ අද මම මේ තැන ඉන්නේ අපේ ගුරුවරු අපට ලබා දුන් දැනුම නිසාය.. අප හොද මාර්ගයේ ගන්නට අපට ගැසූ නිසායි යන්නය. පොදුවේ ගත්කල පාසල් කාලයේ ඔබලාට හොදින් සැළකු ගුරුවරුනට වඩා ඔබට නිතර බැන වැදුනු වැරැද්දක් දුටු තැන එය හදා ගන්නට යැයි බල කෙරූ.. පොඩි වරදකට පවා දඩුවමක් කර එය වැරුද්ද සෑදූ අපේ වහරින් පවසනවානම්  සෑර සර්/සැර මැඩම්  යැයී ඇමතු ගුරුවරුන්ට පාසල් ජීවිතයේදී වෛර බැන්දත් යම් දිනක වැඩිපුරම ආදරය ගෞරවය පාන්නේ .. ඔබ අද සිටින තත්වයට ඔවුන් කළ මෙහෙය කැපකිරීම  බොහෝ දුරට ඉවහල් වූ නිසාවෙනි....

නාගරික පාසල් වල සිටින ගුරුවරුන් නිතර දෙවේලේ කතා බහකරන මුත් ගම්බද පාසල්වල් එසේ නොමැතිනම් දුෂ්කර පාසල් වල සේවය කරන ගුරුවරුන් කරන සේවය ඇගයීමකට ලක්වනවා අඩුය... බහුතරයක් ඒ ගුරුවරුන් තම පවුලද සමග එම දුෂ්කර පලාත් වලට ගොස් නේවාසිකාගාර වල රැදී සිට තම දිවය මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ දිවයද මෙයට කැප කරන්නේ ඔවුන් ලබන වැටුප ගැනවත් සලකා නොවන බව ඔබ පිළිගන්නේද.. ජාති ආගම් කුළ මළ බේද පසෙකලා ගමේ බණ්ඩාගේ පුතා වුවත් නගරයේ පෙරේරාගේ පුතා දක්වා තම දූ දරුවන් සේ සලකා දැනුම ලබා දෙන්නේය..

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප්කිරි පෙව්  මූසිලයන් උඩු මහලේ
අපේ ගුරුතුමා යයිතාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතු
වේවල වටා ඉකිබිද දඩුවමක් පැතු

රන්මසු පටපිළී අබරන උරන වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා


සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන මෙම ගීතයෙන් කියවෙනුයේද දහසක් ගුරුවරුන්ගේ හද ගැස්මයි.. ‍ඔවුන් ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගියත් කිසි දිනක තම මෙහෙය නිම කරන්නේ නැත.. උක්ත ගීතයට පාදක වී ඇත්තේද මෙවන් ගුරුවරුන් පිළිබද සිද්ධි සමුදායකි. මෙම ගීතය වාදනය වන වාරයක් පාසා හදෙහි කොතැනකෝ ගුරුවරයකුගේ ඡායාවක් නිසැකවම මැවී යයි. ඔවුන් කරනා මෙහෙය යම්තාක් දුරට අගය කිරීමට මෙම ගීය පොහොසත් වී තිබේ මෙහි වූ පද සෑම එකක්ම වාගේ ඉතා මිහිරි ලෙස ගලපා තිබීම නිසා .සෑම ගුරු උපහාර උළෙලකදීම වාදනය වන ගායනය කරන ගී අතර මෙම ගීයට ප්‍රමූඛත්වයක් හිමිවන්නේ මේ හේතුවේ..........

වර්තමානයේ ගුරුවරුන් හා සිසුන් අතර පවතින දුරස්ථ භාවය නිසාදෝ වර්තමානයේ ගුරු සිසු සබදතාවන් වියැකී යමින් පවති.. ගුරුවරයා යම් හෙයකින් සිසුවකුට ගැසුවහොත් පසුව සිසුවා විසින් පෙරළා ගුරුවරයාට පහර එල්ල කිරීමට පවා පෙළඹෙන්නේ මෙන්න මේ කියන්නාවූ කාරනාව නිසාය..

ගුරුවරයාගේ භූමිකාව ඉතා සංකීර්ණය... එනම් ඔවුන් කතා කරන භාෂාවේ සිට ඔවුන් හැසිරෙන ආකාරය දක්වා සෑම‍ දේම යම් කෙනෙකුට ආදර්ශයක් වන අයුරින් සකස් කර ගැනීමට සිදුවේ.. මෙයින් ඔවුන‍්ගේ නිදහස විලාසිතා කීරීම පවා නවතා ලීමට සිදුවේ.

ඔවුන් කිසි විටකත් කිසිදු ලාබ ප්‍රයෝජනයන් බලාපොරොත්තු නොවති.. ඔවුන්ට ඇත්තේ අහිංසක සතුටකි. එනම් තමා උගන්වන හෝ ඉගැන් වූ යම් සිසුවෙක් සමාජයේ ඉදිරි‍‍පෙළෙහි සිටීමයි..

 මා හට අයන්නේ පටන් මේතාක් ඉගැන්වූ ඉදිරියට උගන්වන සෑම ගුරුමව්පියන් හට මෙසේ උපහාර පුද කරමි..

දහසකුත් කම් කටළු
මැද උවත් දිවි පුරා
මා වෙනුවෙන් 
ඔවුන්ගේ දරුවකු මෙන්
තමා දන්නා සිප් සතර
අඩු නොකොට කියාදී
හය හතර නොතේරෙන මා හට
ගමන් කරන්නට මාර්ගය කියාදී
දැඩි සෙනෙහසක් පා
මව්පිය මෙන් නිති රැකවරණය සැළසු
ආදරණිය ගුරු මෑණීයනි ආදරණීය ගුරු පියාණනි
ඔබට මෙසේ උපහාරය පුද කරන්නෙමි....
චිරං ජයතු

රංග මධුශංඛ....

4 comments: