Tuesday, October 30, 2012

මුදල් මාරුකරමුද ?:::::::::::::::::::::


ඔබට කවුරු හරි ඇවිත් කිව්වොත් අනේ මම කවදාවත් ඔයා මේ වගේ වැඩක් කරයි කියලා විස්වාස කරන්නේ නෑ කියලා... ඔයාට මොනවා හිතෙයිද ?
හ්ම්.......................
ඔබ හිතයි අනිවාර්යෙන්ම මම මොකක්ද කරලා තියෙන වරද කියලා.. ඒ එක්කම ඔබට හිතෙයි මේ මිනිහට පිස්සු කියලා.. සමහර වෙලාවට බයවෙයි...මොකක්ද මේ මනුෂ්‍යා කියන්නේ කියලා....ඔන්න මේ වගේ සිද්ධියක් මගේ යාළුවෙක්ට ළගදි සිද්ධ වුණා ... මිනිහා මොකක්දෝ හුටපටයකට පැටලිලා අනුනවයෙන් ජාමේ බේර ගත්තේ... ඔන් ඉතින් එහෙම කියද්දි ඔයාලා හිතෙනවා ඇති මෙක ලියන මමත් ඒ වගේ ඇති කියලා... මේන් වැන්දා මම ඕවට නෑ.
මම මේ කිව්වේ පොඩි සිද්ධීයක්... ඉතින් සමහර වෙලාවට පරිගණකය භාවිතා කරද්දි අපි හිතන විදිහට එහි පහසුකම් සපයා නෑ,. මම අදහස් කළේ මුදල් වර්ගය දිනය පෙන්වන විදිහ වගේ දේවල්..... ඉතින් අපි මේ අය අපට කැමති විදිහට හාදා ගන්න ඕනේ... නැත්නම් ඒ මිනිස්සු නිකන් වැඩකට ගන්න බැරි වෙනවානේ... ඉතින් අද කියලා දෙන්න යන්නේ මේ පරිගණකය භාවිතා කරද්දි කොහොමද මේ අපේ රටට ගැළපෙන විදිහට මුදල් වර්ග ඒහෙම වෙනස් කර ගන්නේ.....

අපි දැන් මේ XP මෙහෙයුම් පද්ධතියේ ගොඩාක් දේවල් කතා කරලා තියෙනවානේ. අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ අළුත් දෙයක් කියලා දෙන්න.. ඒ කියන්නේ පරිගණකය භාවිතා කරන  ආධුනිකයන්ට වැදගත් වන දෙයක්. අපි කතා කලානේ ඩෙස්ක්ටෝප් කියන්නේ මොකක්ද කියලා..

ආ ඔවු නේ ......

හරි ඉතින් අද ඒ ගැන කතා කරන්න නෙවෙයි අද හදන්නේ .. මේ මෙහෙයුම් පද්ධතියේ පාලක මැදිරිය සතු තවත්  එක් සුවිචයක් ගැන තමයි කියන්න යන්නෙ. පාලක මැදිරිය කියලා මම අදහස් කළේ Control Panel එක ගැන... හොදයි මේකේ යම් යම් දෙවල් අපි කතා කරලා තියෙනවා... අද අපි කතා කරන්න යන්නේ පරිගණකයේ භාෂාව හෝ මුදල් වර්ගය හෝ.. දිනය පෙන්වන ආකාරය ගැන හෝ.... අංක පෙන්වන එක වෙනස් කරන අයුරු ගැන කියලා දෙන්න...මේකට අපි භාවිතා කරන්නේ Regional and Languages කියන විධානය . 

හිතන්ඩකෝ ඔය අයට ඕනේ වෙනවා එක්සෙල් කිරීමෙදී මුදල් වර්ගය වෙනස් කරන්න.. සාමාන්‍යයෙන් පරිගණකයේ තියෙන්නේ $ ලකුණනේ ඉතින් අපි කොහොමද මෙය රු එහෙම නැත්නම් Rs බවට පත් කරන්නේ... ඒකට තමයි මේ ඉහත සදහන් කල විධානය තියෙන්නේ.. 

ප්‍රථමයෙන් ඔබ කළ යුත්තේ  Start ගොස් Control panel ගොස් ඉහත සදහන් කල විධානය ලබා ගැනීමයි..... 


මින්පසු  එහි ඇති Regional and Languages යන රූපය මත දෙවරක් ක්ලික් කිරීමයි......එවිට පහත දැක්වෙන සංවාද කොටුව ඔබට දිස් වෙනවා.. 
එහි ඇති Regional Option .ඔබට එහිදි දැක ගන්නට ලැබෙනවා... Customize යනුවෙන් සදහන් key එකක්..... එමගින් තමයි හැකිවන්නේ පරිගණකයේ උක්ත ටැබ් එකෙහි සදහන් දත්තයන් පෙන්වන ආකාරය වෙනස් කර ගැනීමට... ඔබ එය ක්ලික් කර පසු පහත දැක්වෙන පරිදි සංවාද කොටුවක් ලැබෙනවා...
මෙහි Tab 4 ක් දක්නට ලැබෙනවා.. 
  • Number - මෙමගින් ඔබට පරිගණකයේ අංක පෙන්වන ආකාරයත් 
  • Currency - මෙමගින් ඔබට පරිගණකයේ මුදල් පෙන්වන ආකාරයත් 
  • Time  - මෙමගින් ඔබට පරිගණකයේ වේලාව පෙන්වන ආකාරයත්
  • Date  - මෙමගින් ඔබට පරිගණකයේ දින පෙන්වන ආකාරයත්  වෙනස් කරගත හැකිය...  
මෙහිදි මම එක් දෙයක් උදාහරණයට ගෙන පහදන්නම්... උදාහරණයකට Currency හෙවත් අපේ භාෂාවට මුදල් ඒකකය සාදා ගැනීම පිළිබද ඉගෙන ගනිමු... ඔබ කළ යුත්තේ උක්ත සදහන් කළ පරිදි සංවාද  Customize  Regional Option  නැමති සංවාද කොටුව ලබා ‍ගෙන  එහි Currency යන ටැබ් එක ක්ලික් කිරීමයි.. මින්පසු ඔබ කළ යුත්තේ එහිදි ලැබෙන විධානයන්ගෙන් පළමු විධානය.. එනම් Currency Symbol යටතේ ඇති $ ලකුණ වෙනුවට Rs: ටයිප් කර  දීම පමණි...


එය ලබා දී එම විධානය පරිගණකයට තහවුරු කිරීමට  Apply විධානය ලබා දී.. Ok ලබා දීම පමණි.. පසුව පෙර කී සංවාද කොටුව නැති යනමුත් ඔබට නැවත පෙර කී Regional Option   සංවාද කොටුව ලැබේ.. එහි Currency යටතේ ඇත්තේ ඔබ ලබා දුන් සළකුණය... අන්න එලෙසින්ම අපට පරිගණකයේ වෙනස්කම් පහසුවෙන් සිදුකරගත හැකිය......
එහෙ‍නම් ඔබත් උත්සහ කර බලන්න .... ඔබට අපහසු වෙන්නේ නැතිවෙයි.. මුදල් මාරු කරගන්න.. 
::::::::::::::::::::::::::::::::::::: ජයශ්‍රී :::::::::::::::::::::::::::::::::::::::::::::::
රංගමධු

No comments:

Post a Comment