Monday, June 30, 2014

අපි මෙහෙම හැසිරෙන්නේ ඇයි......? (1වන කොටස)

මා මුලින්ම කථා කිරීමට බලාපොරොත්තු වන්නේ පෞරුෂත්වය හෙවත් ස්වීයත්වය පිළිබද මනෝ විද්‍යාව තුළ කතා කළ ඇති ආකාරයයි. මෙම සංකල්පය ස`දහා නිර්වචන පනහකට අධික සංඛ්‍යාවක් තිබෙන බව  ඕර්පොට් පෙන්වා දෙන අතර එම සියල්ලම එකින් එකට විවිධය. මෙයින් ගම්‍ය වන්නේ මේ කියන්නාවූ සංකල්පයට කොතෙක් දුරට පරස්පර අයුරින් අදහස් පළවී ඇතිද යන්නයි.

    පෞරුෂත්වය පිළිබ`දව මනෝ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමේදී මූලික ප‍්‍රශ්න හතරක් මත සාකච්ඡාවට බදුන් කරයි.

1*    කිසියම් සමාන අවස්ථාවන්දි පුද්ගලයන් සමාන අයුරින් හැසීරීම
2*    කිසියම් සමාන අවස්ථාවන්හිදී පුද්ගලයන් අසමාන ලෙස  හැසිරීම
3*    තනි පුද්ගලයා විවිධ අවස්ථාවන්හීදී සමාන ලෙස හැසිරීම
4*    සෑම පුද්ගලයකුම විවිධ වු අවස්ථාවන්හිදී විශේෂ වු අන්දමට හැසිරීම

මෙහි පළමුව පවතින ගැටළුව පැහැදිලි කර ඇත්තේ චර්යාවාදීන් විසිනි. ජේ වොට්සන් විසින් ඉදිරිපත් කළ අදහස් මත මෙම ගුරුකුලය බිහිවිය. ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව පුද්ගල චර්යාවට බලපානුයේ පරිසරයේ ඇති උත්තේජයන් බවයි. ඔවුන්ගේ ඉලක්කය වූයේ දෙන ලද වාතාවරණයකදී දී තනි තනි පුද්ගලයන් හෝ සමූහිකව හො හැසිරෙන ආකාරය, අවබෝධ කර ගැන්ම හා අනාවැකි කීම හෝ පාලනය කිරීමය.

දෙවන ගැටළුව විග‍්‍රහ කිරීමට උදාහරණයක් ගනිමු. මංගල අවස්ථාවකදී විවිධ පුද්ගලයන් විවිධ වු චර්යාවන් දක්වයි. එහි පවතින්නේ පොදු අවස්ථාවක් වුවද ඇතිම් පුද්ගලයන් නටති.ගයති. වයති. ඇතැම්හු නරඹති. තවත් අය තවකෙකු සම`ග කතාකරති. මෙය සිදුවන්නේ කවර හෙයින්ද ? මෙයට හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ පරිසරයෙන් ලැබෙන උත්තේජය ඒකාකාරී වූ නමුදු එයට පුද්ගලයන් සමාන ලෙස ප‍්‍රතිචාරය දක්වන්නේ පුද්ගල විවිධත්වයයි.

තෙවන ගැටළුවට අනුව පුද්ගලයකු එක් පරිසරයක ජීවත් වී වෙනත් පරිසරයකට ගමන් කලද ඔහුගේ පෙනුම හෝ බුද්ධිය, ඔහුගේ මුහුණෙහි හැගීම් ප‍්‍රකාශ කරන ආකාරය සංඥාවන් දෙන ආකාරය වෙනස් නොවේ. නමුත් මෙහිදී 100 % ම පුද්ගලයාගේ චර්යාව සමානකම් නොවේ. උදාහරණයක් ලෙස පුද්ගලයෙක් තම නිවසේදී හැසිරෙන ආකාරයත ඔහු සමාජයට ගොස් හැසීරීම සමාන ආකාරයක්ද යන්න ඔබ සිතන්නේද ?.
අවසාන ගැටළුවේදී එක් එක් පුද්ගලයන් හට සුවිශේෂි වු  ගති ලක්ෂණ පිළිබ`ද සෙවීමට යොමුවේ.


මෙයින් පෞරුෂත්වය පිළිබ`ද දක්වා ඇති අදහස් කිහිපයක් ගෙන සළකා බලමු.

  1. පුද්ගලයෙකු ගේ ගතිලක්ෂණ පිළිබ`ද හැදෑරීමත්, ඒ ගතිලක්ෂණ අතර ඇති සම්බන්ධතාව හා පුද්ගලයා අනෙක් පුද්ගලයන් හා නොයෙක්  අවස්ථාවන්හී දී අන්තර්කි‍්‍රයා කිරීමේ දී හැඩ ගැසෙන ආකාරයත් පෞරුෂත්වය ලෙස හැදින්වේ ( ලොව්ලර් සහ රොහොඞ් )
  2. පෞරුෂත්වය යනු යම් මොහොතක දී සමාජීය හා ජීව විද්‍යාත්මක පීඩනයන් ගේ මූලික ප‍්‍රතිඵලයක් ලෙස පහසුවෙන් අවබෝධ කොට ගත නොහැකි, එහෙත් කාලයක් තුළ අඛණ්ඩව පුද්ගලයන්ගේ මානසික හැසිරීම් රටාවන්හි යම් අසමානතා මෙන්ම අසමානතා නිර්ණය කෙරෙන ස්ථිර වූත්, ආවේණික වූත්, ගුණාංග සහ ළැදියාවන් සමුහයකි.(සැල්වටෝර් මැඞ්ඩි)
  3.  පුද්ගලයන් අන්‍යයන් කෙරෙහි බලපාන්නේ කෙසේද, ඔවුන් තමන් අවබෝධ කර ගන්නේ හා දකින්නේ කෙසේද යන්න මෙන්ම පුද්ගලයන්ගේ මැනිය හැකි අභ්‍යන්තර හා බාහිර ගතිලක්ෂණවල හා අවස්ථානුකූල කි‍්‍රයාකාරකම්වල සංකලනයකි.(ෆ්‍රෙඞ් ලූතන්ස්)
සමස්ථානික වශයෙන් උක්ත දැක්වූ නිර්වචනයන්ගෙන් ගම්‍ය වන්නේ පෞර්ෂත්වත්වයෙහි බලපෑම එක්තරා හැසිරීම් රටාවන්ට ,එක්තරා තත්ත්වයන්ට හෝ එක්තරා පුද්ගලයන්ට පමණක් සීමා කිරීමක් සිදු නොකරන බවත්, එය සියලූම පුද්ගලයන්ගේ හැසිරීම අවබෝධ කර ගැනීමට හෝ විස්තර කිරීමට දරන ප‍්‍රයත්නයක් බවත්ය. තවද මානව හැසිරීමෙහි වැදගත්කමත් ඉස්මතුවේ.

මෙයින් 1937 දී ගෝඞ්න්  ඕල්පොට් ඉදිරිපත් කළ නිර්වචනය මගින් පෞරුෂත්වයපිළිබ`ද නූතන සංකල්පය පිළිබ`ද අදහස තේරුම් ගත හැකිය.

  •  ඒ ඒ පුද්ගලයාට සුවිශේෂි වු පරිසරයට අනුව (ඔහුගේ * චර්යාව හා චින්තනය නියත කරන පුද්ගලයා තුළ වු මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂත්වයනම්වේ.   (ජී.ඩබ්. ඕල්පෝට් )

    මෙම නිර්වචනයෙහි අන්තර්ගතය ගැන සවිස්තරාත්මකව විමසා පෞරුෂත්වය පිළිබද යම්තාක්දුරට අදහසක් ගැනීමට උත්සහ ගනිමු.

‘‘ඒ ඒ පුද්ගලයාට සුවිශේෂී වූ’’ මෙයින් ගම්‍ය වන්නේ පුද්ගලයකුගේ අභ්‍යන්තර චින්තනය ට අනුව චර්යාව විග‍්‍රහ කළ හැකි වීමය. පුද්ගලයන් දෙදෙනෙකු වුවද එකම උත්තේජයන්ට විවිධ ප‍්‍රතිචාර දැක්වීම මෙහිදි සිදුවේ.

‘‘මනෝ භෞතික පද්ධතින් ’’ මෙයින් කියවෙන්නේ පෞරුෂයට අයත් කොටස්ය. එනම් මනෝ භෞතික යනු සිත හා කය යන දෙකම අයත් බවයි. පද්ධතියක් යනු මෙය කිසියම් ක‍්‍රමයකට ක‍්‍රමවත්ව සැකසී ඇති බවයි. පෞරුෂයට අභ්‍යන්තර සාධකත් චර්යාවත් දෙකම අයත් බවය.

‘‘ ගතික’’  යනු වෙනස් වන සුළු බවයි. ස්ථාවර නොව බවයි. පෞර්ෂයේ ස්භාවය මින් කියවන අතර පෞරුෂත්වයහැඩ ගැසෙන, වැඩෙන , වෙනස් වන ආකාරය ද මින් හෙළිවේ. නව  මත සියල්ලම පෞරුෂත්වය පිළිබ`ද මෙම ගුණාංගය ඇතුලත්ය.

‘‘සංවිධානය’’ මෙම වචනය යෙදීමට හේතුව කිසියම් පිළිවෙලකට එක ආකාරයට ගොනු වී ඇති බව හැගවීමටය. එනම් යම් යම් ලක්ෂණ තනි තනිව වෙන වෙනම තිබීම නොව කිසියම් ක‍්‍රමයක් හෝ රටාවක් ඔස්සේ සංවිධානය වී ඇති බවයි.

සමස්ථය ගත් කල පෞරුෂත්වය යනු එක් එක් පුද්ගලයින්ට සුවිශේෂි වු අභ්‍යන්තර ලක්ෂණයන් අනුව යම්කිසි ක‍්‍රමවේදයකට ඔහුගේ සිත හා කය යන දෙකින් අභ්‍යන්තර සාධක පිළිබඹු වන වෙනස් වන සුළු වූද, සංවිධානාත්මක වූද, ලක්ෂණයකි.

මෙම ලිපිය සදහා 

මූලික මනෝ විද්‍යා ප‍්‍රවේශය - ගාමිණි හපුආරච්චි - සුසිත ප‍්‍රකාශන 2011 (පිටුව 86* )
සංවිධාන චර්යාව - ආචාර්ය යූ බී රාමනායක , ආචාර්ය පී එම් කේ ඒ චන්ද්‍රකුමාර, එම් ඩි එච් ඞී ගුණතිලක ජී පී කරුණානායක විජේසූර්ය ග‍්‍රන්ථ කේන්ද්‍රය  (පිටුව 80*)
සංවිධාන චර්යාව - ආචාර්ය යූ බී රාමනායක , ආචාර්ය පී එම් කේ ඒ චන්ද්‍රකුමාර, එම් ඩි එච් ඞී ගුණතිලක ජී පී කරුණානායක විජේසූර්ය ග‍්‍රන්ථ කේන්ද්‍රය  (පිටුව 81*)
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා - දයා රෝහන අතුකෝරාල හේළි නිමලා අතුකෝරාල - ශික්ෂා මන්දිර ප‍්‍රකාශනය 2009 (පිටුව185*)

පරීශීලනය කරන ලදී...............

රංග මධුශංඛ   

No comments:

Post a Comment