Saturday, March 29, 2014

අවසන් බුද්ධ වචනය

මට කවියක් හම්බ වුනා.... මට හිතුනා මේ කවියටම මාත් කවි ටිකක් එකතු කරොත් හොදයි කියලා....


ඇයි ආනන්ද ඔබ ඔය හැටි         අඩන්නේ

හැඩුවට කවුද ලොව නොමැරී      සිටින්නේ

මරණය සමගමය මිනිසා             උපන්නේ

බුදු වුන දා ඉදන් මම මෙය           කියන්නේ

 ---------------------------------------------------------------------------------------------------------------------------

අප්පමාදෝ අමත පදන්
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තානමීයන්ති
යේ පමත්තා යතා මතා

සසරේ නිසරු බව ඔබ හොද හැටි        උගත්ත
තේරම ලොවේ පවතින සැම දේ       ඇත්ත
පැවසුවේ මම තුන් ලොව පවතින      සත්ත
ආනන්දයනි සිතන්න මේ දේ            මත්ත


ඇතිවන සැමදේම නැතිවී             යන්නේය
උපදින විටම මරනය පසු             එන්නේය
ඉක්මන් වෙන තරමට සුව            එන්නේය
සසරෙන් එතරට යා හැකි             වන්නේය.

දුක් කරදර පොදි බැදගෙන අපි       සැවොම
සසරේ සැරි සරන හේතුව              දන්නේද
එක හේතුවයි මා කිවුවේ               සැමදාම
තණ්හාවය එය මතකෙට           එන්නේද

මගේ පිරිනිවන දුක ගෙන        එන්නේනම්
ඔබ එය අවබෝධ කර ගත       හැක්කේනම්
ඔබ හට දුක දැන ගන්නට             පුළුවන්නම්
අවබෝධය කර ගන්න ආනන්ද       දැන්නම්

ආනන්දයනි ඔබ මතකේ           පවතින්නේ
ධර්මය හොදින් අවබෝධය       කරගන්නේ
කිව්වට වැඩක් නෑ එය සැම        විට දන්නේ
අවබෝධය තමයි මම  වැඩදායී        වන්නේ

                                                                                                                ගිමන් නිවන නම්තෙර

No comments:

Post a Comment