Wednesday, March 26, 2014

සවුසිරියෙන් ඉතිරේවා..


මහනෙල් මල් පෙති විලසට
ඇගේ මුහුණේ දිදුලයි නෙත
සද මඩලක් පරදන ලෙස
ඈ පෙනේවි හද විල මැද

ලොව සරනා මද පවනේ
ගැටෙයි නිබද ඇගේ වරලේ
විහිදෙන මෘදු කෙහෙරැල්ලේ
සුවය ලදිමි මා සිතුසේ

චන්ඩ කිරණ හිරැ අඹරේ
කඩා හැලෙන රෑස් දහරේ
හෙළනු එපා හිරු රැස් කැන්
සියුමැලි ඇගේ වත කමලට

කිසිදින ඇය යනෙනා මග
හෙළනු එපා බාදක රැස
ඇය පතනා විසලට සැම
ඉටු වේවා නිබද සැවොම

සතුට සපිරි අනාගතේ
ඉසුරු නිබද පැතිරේවා
ඒ ඉසුරින් ඇගේ ලොවම
සවුසිරියෙන් ඉතිරේවා...


                              ගිමන් නිවන නිම්තෙර....

No comments:

Post a Comment