Sunday, May 12, 2013

අපිට හමුවන ආදරය.......


කාන්තා හා පිරිමි කොච්චර ආදරය කරනවාද කියලා මම ඔයාලගෙන් ඇහුවොත් මොනවාද කියන්න තියෙන්නේ... අම්මෝ කොච්චර දේවල් තියෙනවාද නේ.... සමහරක් ගත් කටටම කියන්නේ අම්මෝ මමනම් ඒකිට ‍බොක්කෙම්ම ලව් එහෙම නැත්නම් මම එයාට ගොඩාක් ආදරෙයි.. එයා නැතුව මම ජීවත් වෙන්නේ නෑ......... එහෙමනේ

ඉතින් අපි හිතන් ඉන්න විදිහට ගත්තොත් ඒක ඇත්ත.. එක අතකින් ඒක බොරුවක්......( මූ මොනවා කියනවාද මේ .... ඇත්තක්ලු බොරුවක්ලු...... )
ඇත්තටම මම ප්‍රශ්නයක් අහන්නම්... අපි තාම එකිනෙකාව අදුනගෙනද ඉන්නේ...................අපි බොහෝ දුරට අනෙකාව හරියාකාරව අදුනගෙන නෑ....ඒ තියා අපි හරියට ප්‍රේමය මොකක්ද කියලාවත් දැනගෙන නෑ............ ඉතින් අපි කොහොමද අනෙකාව අදුන ගන්නේ....... ඇයි මම එහෙම කීවේ
චන්දන ලියන ආරච්චි කියන්නේ මේකනේ....
ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

අපි මේ ලිපි මාලාවෙන් කතා කරමු .... හරියටම මොකක්ද මේ ප්‍රේමය කියන්නේ කියලා...පිරිමි ළමයි ආස මොනවාද කියලා... ගැනු ළමයි ආස මොනවාද කියලා... අපි කොහොමද එකිනෙකා තේරුම් ගන්නේ කියලා... දීර්ඝව කතාකරන ලිපි මාලාවක්.. මේකට හැම දෙනාගේම සහය ‍ලබා දෙන්න ඕනේ.. මොකද මට වඩා අත්දැකීම් තියෙන් අය බොහෝ ඉන්නවානේ......( අපේ අයියලානේ මිනිස්සු...)

ඕ න් ඉතින් මේ ලිපිය බලලා හොදට ‍ඉගෙන ගන්න කොහොමද ලව් හිලව් කරනේ කියලා..... මටත් ඉගෙන් ගන්න පුළුවන් මගේ අඩුපාඩුත් ඇති‍නොවැ.. .....

සමහර අය හිත‍නවා දැක්ක ගමන් (කෙල්ලගේ රූපය ලස්සනට නැත්නම් කොල්ලගේ රූපය ලස්සනට) ෂා මේයා මගේ මාව පතාගෙන අව කෙනා කියලා.. තාගෙන නෙවේ අන්තිමේදි ඔතාගෙන යන්ඩ වෙන වෙලාවලුත් තියෙනවා..)ඉතින් දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් කට්ට කාලා. කට්ට කාලා පස්සෙන් ගිහින් දාගන්නවා... ඉතින් පෙම් සුව විදිනවා..... එ‍්කේ ඇති වරදක් නෑ... වැඩේ කියන්නේ මාසයක්වත් යන්න කලින් දෙන්නා ඇටෑක්.. කෙල්ලට කොල්ලා රුස්සන්නේ නෑ..... කොල්ලට කෙල්ල රුස්සන්නේ නෑ.. මේවා ගැන අපි කතා කරමු... පල්ලෙහා කොමෙන්ට් දාලා ඔයාලට හිතෙන දේවල් දාලා යන්න.. මොකද මේක මම තනියෙන් ඇදන් යන්න කොහොමවත් හිතන්නේ නෑ,. අනිවා අනික් අයට විවේචනය කරන්න. අගය කරන්න.. අවස්ථාව තියෙනවා.. හිතෙන දේවල් හිතේ හිරකරන් ඉන්නේ නැතිව.. කතා කරලා යන්න... මොකද සමහර විට මේක බොහෝ දෙනා බලන්න පුළුවන්‍ නිසා.. ආදරයක් මෙතනින්ම හොයාගන්ඩ බැරිවෙන්නේ නෑ,......... එහෙනම්  අද ඉදන් ඉදිරි ලිපි වලින් අපි කතා කරමු.. කොහොමද මේ ආදරය කරන්නේ... (‍යකඩො මූ ලව් කරන හැටි උගන්නන්න යනවාද  .......  විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... )

එහෙනම් අදහස් දාන්ඩ.. මම ලිපිය හදලා හෙට අනිද්දාම දාන්නම්.......


No comments:

Post a Comment