Tuesday, September 4, 2012

Access ඉගෙන ගන්න අමාරුද? (2)

පෙර ලිපියේ සදහන් කළ පරිදි අප දැන් දන්නවා මොකක්ද  දත්ත කියන්නේ මොකක්ද තොරතුරු කියන්නේ හා කුමක් සදහාද  Access මෘදුකාංගය භාවිතා කරන්නේ කියා. හරි එසේ නම් ඒ Access මෘදුකාංගය භාවිතයට ඉගෙන ගැනීමට  පෙර එය ඉගෙන ගැනීමට පදනම සකසා ගත යුතුය.... 

අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ DBMS හෙවත් Database Manage System  පිළිබදවයි.................

මුලින්ම බලමු මොකක්ද Database එකක් කියනනේ කියලා.......


Database එකක් යනු එකිනෙකට බැදුණු දත්ත සමූහයක එකතුවකි.එනම් ‍තොරතුරු පද්ධතියකට අප පවසන අනුවර්ථ නාමය Database හෙවත් දත්ත පදනමක් කියාය....

Database Manage System ලෙස අප හදුන්වන්නේ මෙවැනි දත්ත පදනම් පාළණය කිරීම සදහා සකසා ඇති පරිගණක වැඩසටහන් පද්ධතියකටය...මෙහිදී දත්තයන් සැකසීම ,ගබඩාකිරීම,විවිධ වූ ගණනය කිරීම් කිරීම වැනි කාර්යයන් සිදුකීරීමට  පරිගණක වැඩසටහන හරහා පහසුකම් සලසා දී ඇත.මෙය හරහා තොරතුරු පද්ධතියකට හෝ පද්ධති කීපයකට ඇතුල්වීමට හැකිවන පරිදි පහසුකම් සළසා දීම හා නඩත්තු කිරීමට පහසුකම් සළසා දීමද සිදු කරයි.තවද තොරතුරු පද්ධතියක් හෝ තොරතුරු පද්ධති කීපයක් අතර අන්තර් ක්‍රියා සිදුකරනු ලබයි.

මෙම අන්තර් ක්‍රියා ප්‍රධාන ඛාණ්ඩ 3 කින් විග්‍රහා කිරීමට හැකියාව පවති.
  • Database maintenance (දත්ත පදනම් නඩත්තුව)
  • Information retrieval (දත්ත සමුද්ධානය)
  • Database Administrator(දත්ත පදනම් පරිපාළක)
 අපි මීට පෙර කතා කරමු DBMS යොදා ගැනීමේ වාසි කියා......

1. අනවශ්‍ය දත්ත පාළණය කිරීමට හැකියාව ලැබීම.(Controlling data redundancy)
මෙමගින් දත්තයන් පවතින table 2ක් අතර හෝ වැඩි සංඛ්‍යාවක් අතර හටගන්නා එකම දත්තයන් ඇති Field නැවත නැවත යෙදීම පාළණය කළ හැකි අතර  එම දත්ත ගබඩා සෑදීමට යන කාලයත දත්ත ගබඩාවේ දාරිතාවයද මෙමගින් යම්තාක් දුරට අවම කර ගත හැකිය.......

2. අසංවිධිත ක්‍රියාවන් සීමා කිරීම Restricting
දත්ත ගබඩාව භාවිතා කිරීම විවිධ පුද්ගලයන් අතින සිදුවන අතර එහි රහසිගත බව ආරක්ෂා කිරීම සදහා විවිධ පුද්ගලයන් සදහා විවිධ වූ සීමාවන් පැනවීම සිදුකළ හැකිය.මෙයද DBMS ප්‍රබල වාසියකි.

3. ස්වයංක්‍රිව දත්ත ගබඩා කිරීමට පහසුකම් සපයයි.Auto Saving
දත්ත ගබඩාවට ඇතුලත් කරන දත්තයන් ස්වයංක්‍රියව ගබඩා කර ගැනීම තවත් එක් වාසියකි.මෙමගින් ස්ථීර ලෙසම දත්ත ගබඩාවෙහි තැන්පත් වීම සිදුවේ.මෙයද එක් වාසියකි

4. විවිධ අතුරු මුහුණත් තනා දීම.Providing multiple user Interface
දත්ත ගබඩාව භාවිතා විවිධ වූ පුද්ගලයන්ට විවිධ අවශ්‍යතාවයන් පවති.ඒ එක් එක් අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිද අතුරු මුහුණත් සකසා දීම මෙම DBMS මගින් සිදුකරනු ලබයි.මෙයද තවත් එක් වාසියකි.

5. දත්ත අතර ඇති සංකීර්ණ සම්බන්ධතා දැක්වීම
දත්ත අතර ඇති සංකීර්ණ සම්බන්ධතා දැක්වීමට මෙමගින් ලැබේ.

6. controlling integrity
මෙම ක්‍රමය භාවිතා කොට දත්ත ඇතුලත් කිරීමෙදී සිදුවන ගැටළු අවම කර ගත් හැකිය.එනම් දත්ත ඇතුලත් කිරීමේදී සිදුවන වැරදි අවම කිරීමට මෙමගින් හැකිය...

7.Providing backup and recovery උපස්ථ හා ආපසු ලබා ගැනීමට පහසුකම් සැපයීම.

Database System එක යම් හෙයකින් අක්‍රිය වුවහොත් හෝ එහි ඇති Data විනාශ වූ විට ඒ නැතිවූ දත්ත නැවත ලබා ගැනීමේ පහසුව සළසා දෙයි.මෙමගින් දත්තවල ආරක්ෂාව තහවුරුවීම සිදුවේ.

මීළග ලිපියෙන් අපි දත්ත ආකෘති පිළිබද කතා කරමු.

No comments:

Post a Comment