Thursday, September 6, 2012

පරිගණක ඉතිහාසයෙන් බිදක්... (3)

ටැබියුලේටින් යන්ත්‍රය


1980 දී ඇමරිකානු ජන සංගණන නිළධාරියකු වූ හර්මන් හොලේරිත් නැමති ජන සංගණන නිළධාරියා විසින් නිපදවන්නට යෙදුන යන්ත්‍රය ටැබියුලේටින් යන්ත්‍රය මගින් විසින් එකළ අවුරුදු අටක කාලයක් වැයවෙන ජන සංගණන කටයුතු ඉතා ඉක්මනින් සිදු කර ගැනීමට හැකිවිය...මෙහි පැවතුනේ ජෝෂප් ජැකුවාඩ්ගේ සිදුරු පත් සංකල්පයයි..



මොහු විසින් අද වන විට ජනප්‍රිය පරිගණක නිෂ්පාදන ආයතනයක් වන IBM (International Business Machines) ආයතනය ආරම්භ වන්නේ මොහුගේ මූලිකත්වයෙනි.. මෙම යන්ත්‍රය දියුණු කර වාණිජ මට්ටමෙන් විකිණිම සදහා වෙනත් ආයතනයක් සමග එකතුවී මෙම සමාගම ආරම්භ කළේය......
පළමු පරිගණකය.......

චාර්ල්ස් බාබේජ්ගේ මරනින් අවුරුදු 70 වකට පසු ඔහුගේ සිහිනය මල්පළගන්නට විය..මොවුන් චාර්ල්ස් බාබේජ්ගේ සංකල්පය අනුව ඇමරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ව හොවාඩ් අයිකන් (Howard Aiken) විසින් තම ශිෂ්‍යන්ගේ සහය ඇතිව තවත් වැඩිදියුණු යන්ත්‍රයක් නිපදවිය..මෙම යන්තුය සතුව තත්පරයකදී සංඛ්‍යා එකතු කිරීමට අඩු කිරීමට ගුණ කිරීමට  හැකියාව පැවතුනි.මෙය ලොව ප්‍රථම පරිගණකය වූ අතර එය හැදින් වූයේ ASCC (Automatic Sequence Controlled Calculator) නම් විය...පසුව මෙය මාර්ක් I (Mark I)  නමින් හැදින්විය.


මෙම යන්ත්‍රයට දත්ත ඇතුළු කිරීමට යතුරු ලියනයක් සම්බන්ධ කර තිබූ අතර දත්ත ප්‍රතිදානය සදහා සිදුරුපත්  භාවිතා කරනු ලැබිය.බරින් ටොන් 5 පමණ වූ මෙම යන්ත්‍රයෙහි තුන්දහසකට අධික වු විද්‍යුත් යාන්ත්‍රික කොටස් (Electromechanical relays) අඩංගු විය.මෙය ලොව  ප්‍රථම පරිගණකයයි..

ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය

1937 සහ 1942 අතර කාලය තුළදි  බල්ගේරියානු ජාතිකයෙකු වූ මහාචාර්ය ජෝන් වින්සන්ට් අටානාසොව් ( John Vincent Atanasoff
විසින් ක්ලිෆර්ඩ් බෙරි (Clifford  Berry ) ගේ ද සහය ඇතිව පරිගණකයක් අර්ධ වශයෙන් නිර්මාණය කළේය. නමුත් මොවුන්ට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වීම නිසා ENIAC (Electronic Numerical Integrator And Computer) යන්ත්‍රය ලොව පුථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ලෙසින් සලකනු ලැබේ.

1942 ජෝන් න්‍යුමාන් විසින් නව සංකල්පයක් හදුන්වා දෙනු ලැබීය.. එනම් පරිගණක යන්ත්‍රයේ භෞතික  වෙනස්කම් සිදු නොකර එහි තැන්පත් කරනු ලබන වැඩසටහන් (Stored-program) ආශ්‍රයෙන් එක් පරිගණකයක් මගින් විවිධාකාරයේ වු වැඩ කටයුතු කර ගැනීමට හැකි වීම යන්නයි...මෙම අදහස අද පවතින පරිගණකවල භාවිතාවට ගන්නා සංකල්පයයි.. 1946 දි පමණ පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ විදයුත් ඉංජිනේරු අංශය වු මුර් පාසලේ දී ENIAC (Electronic Numerical Integrator And Computer) යන්ත්‍රය නිපදවිය.. 


මෙහි ඇත්තේ රික්තක නළ(Vacuum Tubes) 18 000 ක් පමණ යොදා ගෙන තිබුණි. මෙම යන්ත්‍රය මගින් තත්පරයකදී ගණිත කර්ම 5000 ක් පමණ ඉටුකර ගැනීමේ හැකියාව තිබිනි.මෙම යන්ත්‍රය සතුව තිබු දුර්වල කමක තිබිනි.එනම් නිතර නිතර රික්තක නළ අධික උෂ්ණත්වය නිසා දැවී යෑමයි.මේවා නිතර නිතර  මාරු කිරීමට සිදුවීමත්.අධික විදුලි පරිභෝජනය විමත්ය.
 

ඉන් වසර කීහිපයකට පසු එනම් වසර 1950 දී රෙමිංග්ටන් රැන්ඩ් (Remington Rand) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබු UNIVAC – I (Universal Automatic Calculator - I) මගින් තත්පරයක කාලයක් තුළදි ගණනය කිරීම් 10 000 ක් පමණ කිරීමේ හැකියාව පැවතිණ.....



මීළග ලිපියෙන් අපි පරිගණක පරම්පරා ගැන කතා කරමු

No comments:

Post a Comment