Monday, July 28, 2014

විවාහය..... (4 වන ලිපිය...)


අපි දැන් කතා කරගෙන ආවා අතීතයේ තිබ්බ විවාහ මොනවාද? එතකොට විවාහ ක්‍රම 8 ක් ගැන.. අයේ නෑන මස්සිනා විවාහ පිලිබද...ඉතින් අද අපි කතා කරමු..මම ජෝතිෂ්‍ය ගැන කතා කරන්නේ නෑ.. මොකද මම ඒ ගැන වැඩිය උනන්දුවක් නෑ,. අතීතයේ මේ ජෝතිෂ්‍ය කටයුතු විවාහයට පෙර දැඩි ලෙස ඉටුකර තිබෙනවා.. මෙයින් ඔවුන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අදහස් කරලා තියෙනවා...

කපු මහත්තයා කියන චරිතය අපිට අතීතයේ විවාහ ගැන කතා කරද්දී නැතිවම බැරි චරිතයක්.. ඒ චරිතයට තියෙන භූමිකාව තමයි.. දෙදෙනාගේ හදහන් ගැළපවීම.. කුලමළ ...සමාජ තත්ත්වය.... වගේ දේවල් හොයන එක.. ඒ විතරක් නෙවෙයි.. අතීතයේ මනමාලිය විසින් මනමාල පාර්ශවය වෙත දෑවැද්දක් ලබා දෙනවා.. ඒ ගැන තීරණයකට එළඹිමේදී මේ කපු මහත්තයාගේම කාර්යයක්... සමහර වෙලාවට මේ දෑවැද්ද කියන එක බලාපොරොත්තු වෙන්නේත් නෑ... ඒත් තම දියණිය වෙනුවෙන් කුමන අන්දමින් හෝ පරිත්‍යාගයක් කිරීමටම මනාලියගේ දෙමාව්පියන් ඉදිරිපත් වෙනවා..

පොරොන්දම් එහෙම බලලා ඊට පස්සේ ඒවා ගැලපෙනවා නම්.. මීලග අවස්ථාව තමයි ගෙවල් දොරවල් සහ වගතුග සොයන්න යෑම.. ඉස්සෙල්ලාම කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන තරුණයා යනවා තරූණියගේ ගෙදරට... මේකට කියන්නේ ‘මනාලියක් බලන්න යනවා‘ හෝ ‘කරකාරයක් බලන්න යනවා‘ කියලා. ඒ දවසේ මනාලිය ලස්සනට අන්දලා හැඩ වැඩ කොරලා බුලත් හෙප්පුවක් දීලා එවනවා මනමාලයා ළගට....මනමාලිය කරන්නේ ඒ බුලත් හෙප්පුව මනමාලයාට පිළිගන්වනවා... ඉතින් මනමාලයා මනමාලිය.. එකිනෙකා දකින්නේ ඒ වෙලාවේ තමයි.. ඒත් එදා ලැජ්ජාව නිසා එකිනෙකා දකින්නේ නෑ හරියට.... ඒත් ඥාතින් වැඩිහිටියන් ඇයගේ ශාරීරික ලක්ෂණ හා ඉරියව් ගැන සැලකිල්ලෙන් බලනවා...

මොනවාද ඉතින් ඔය බලන ඉරියව්.. අහන ප්‍රශ්නයක් නේ.. මම ටිකක් කියන්නම්..

ඝන තොල් ඇත්තීයක් කාමාතුර කාන්තාවක් ලෙස හදුන්වනවා.. ඉදිරි දත් අතර හිඩැසක් තියෙනවානම් ඇය පර හිමයන් සොයා යන බවත්, පයේ දෙවැනි ඇගිල්ල මහපටැගිල්ලට වඩා දිගින් වැඩි වූයේ නම් ඇය තම ස්වාමියා කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ..නිකට කෙළවරෙහි උපන් ලපයක් තිබේනම් ඇය චපල ගති ලක්ෂණ සහිත බවත් වගේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව කියවෙනවා.. තව ඇය ඒ අවස්ථාවේ පැමිණෙන විට ඇගේ ගමන, ඉරියව් නිරීක්ෂණය කරන වැඩිහිටියෝ තමන්ගේ අදහස් මනමාලයාට කියනවා..

ඉතින් බුලත් හෙප්පුවේ චාරිත්‍රයෙන් පසුව .. මනාල මහතා ඇතුළු පිරිස තේ මේසයට හෝ බත් මේසයට කැදවා ගෙන යාමයි.... සමහර ප්‍රදේශ වල තේ මේසයට කැදවාගෙන ගොස් පසුව චාරිත්‍රයද සිදු කරනවා... තේ පැනි සංග්‍රහයෙන් පසු ඒ විවාහයට සතුටු නම් මනාලියගේ පාර්ශවයට මනාලයාගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරවා.. ඒ වෙලාවේ තමයි දෙපිරිස අතර කතා බහ සිදුකොට විවාහය සිදු කරන හැටි කතා කරන්නේ...  

දැන් විවාහයට කැමැත්ත හම්බ උණානේ.. පස්සේ මොකද වෙන්නේ කියලා බලමු... අපි ඊළග ලිපියෙන්....

2 comments:

  1. හ්ම්...
    එහෙනං ඊළග ලිපියෙං බදිමු... :d
    ස්තූතියි මචෝ බෙදාගන්නවට
    ජයවේවා

    ReplyDelete
  2. මේ නිකමට අහන්නේ? උඹ බැඳලද නැත්නම් බඳීන්නද ලෑස්තිය??

    ReplyDelete