Friday, July 25, 2014

කසාදෙට ලෑස්තිද? (3 වන ලිපිය)




කලින් ලිපියේ අපි කතා කරා ලංකාවේ අතීතයේ තිබ්බ විවාහ ක්‍රම පිළිබදව..බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් කියවලා එන්න... අපි කතාකරපු මේ විවාහයන් අතරින් සිංහල ජනයා විවාහ ක්‍රමය වූයේ කපු මහතෙක් ලවා  පවුලට පෙළපතට තරාතිරමට ගැලපෙනවාද කියලා බලලා සහකාරයෙක් හෝ සහකාරියක් හොයන්න කියනවා.. ඉතින් මේ මගුල් කපුමහතා තමයි ඉතිරි ටික කරන්නේ .. ගැලපෙන යැයි සිතන අයගේ ජන්ම පත්‍රය සමග විවාහ අපේක්ෂිත පුද්ගලයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා පොරොන්දම් ගැලපෙනවාද කියලා බලනවා.... දැන් කාලේ මේ මගුල් කපු මහත්වරු අඩුයි .. මේ වෙනුවට දැන් කොම්පැණි හැදිලා තියෙනවා.. අනික දැන්කාලේ සමාජ වෙබ් අඩවි... වලින් එහෙම හොයා ගන්නවානේ....

පොරොන්දම් 20ක් තියෙනවා...

 මේ එක එක පොාරොන්දමේ එක එක ගති ස්භාවයන් කියවෙනවා.. මම එච්චර ජ්‍යෝතිෂය පිළිබද හසල දැනුමක් තියෙන අයෙක් නොවේ...  ඒක හින්දා මම මේ ලිපිය උපුටාගත් එකක්.. මොකද හැමදේම කතා කරනවා කීවනේ....මම ලිපියක් කියෙව්වා ඒ ලිපිය ඔයාලාටත් කියවන්න දානවා.. පුළුවන් නම් මේ ලිපිය ලියපු කෙනාට උපකාරයක් කරන්න.. අදහසක් දාලා දිරිමත් කරන්න.. ඒක වටිනවා... ලින්ක් එක පහතිත් දාලා ඇති...



 ............ගෙදර අය බලන්න කලින් පොරොන්දම් බලන්න අසද?..........

01) නැකැත් පොරොන්දම
02) වෘක්‍ෂ පොරොන්දම
03) ගණ පොරොන්දම
04) ආයුෂ පොරොන්දම
05) මහේන්ද්‍ර පොරොන්දම
06) පක්‍ෂි පොරොන්දම
07) ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම
08) භූත පොරොන්දම
09) යෝනි පොරොන්දම
10) ගෝත‍්‍ර පොරොන්දම
11) රාශි පොරොන්දම
12)වර්ණ පොරොන්දම
13) රාශ්‍යාධිපති පොරොන්දම
14) ලිංග පොරොන්දම
15) වශ්‍ය පොරොන්දම
16) නාඩි පොරොන්දම
17) රජ්ජු පොරොන්දම
18) දින පොරොන්දම
19) වේධ පොරොන්දම
20) ග‍්‍රහ පොරොන්දම


 __මේ ගැන වැඩි විස්තර ඕනේ නම් අපේ බ්ලෝග් අවකාශයේ සිටින වයලීනෝ සහෝදරයා ලියු පෝස්ට් එකක් තියෙනවා.. එතනට ගිහින් බලන්න.. මෙන්න ලින්ක් එක... _______

ඔන්න පොරොන්දම් ගැන .. තවමත් ඒවගේ ටික ටික ඉතිරි වෙලා තියෙනවා.. දැන්නම් මේවා කොම්පියුටර් වලින් එහෙමත් හදලා දෙනවානේ ඕන්.. මම ඔය ගැන ඊට වඩා කියන්න යන්නේ නෑ....  

ඊයේ දිනයේ මම කසාදේ කසාදේ ලිපිය පළ කලාට පස්සේ මහේෂ් රත්නායක  සහෝදරයා
(h) කොමෙන්ට් එකක් දාලා තිබ්බා විවාහ වර්ග අටක් තියෙනවා නේද කියලා.. දැන් ඒ  ගැන තමයි මේ සදහන් කරන්නේ.. ස්තූතියි හැමදෙනාගෙම අදහස් වලට.. 

පැරණි පොත්පත් වල තියෙනවා විවාහ ක්‍රම 8ක්... 


1. බ්‍රහ්ම විවාහය

2 දේව විවාහය

3 සෘෂි විවාහය

4 ප්‍රජාපත්‍ය විවාහය

5. අසුර විවාහය

6. ගාන්ධර්ව විවාහය

7 රාක්ෂ්‍ය විවාහය

8 පෛශාච විවාහය වශයෙන් සඳහන් වේ.

මේ ගැන වැඩි විස්තර ඊළග ලිපියෙන් දැනගනිමු.. මොකද ලිපිය දිග්ගැස්සෙන්නත් හොදනෑනේ...

එහෙනම් ඊළග ලිපියට ආරම්භයක් තියලාම මෙසේ අවසන්කරනවා.. 


කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ නම්.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

5 comments:

  1. ඊයේ දිනයේ මම කසාදේ කසාදේ ලිපිය පළ කලාට පස්සේ ප්‍රියා සහෝදරයා කොමෙන්ට් එකක් දාලා තිබ්බා විවාහ වර්ග අටක් තියෙනවා නේද කියලා///
    උඹට ෂුවර්ද රංග උගෙ නම ප්‍රියා කියල.. :-d :-d :-d :-d

    ඉතුරු ටිකත් දාකො බලන්න...
    හැබැයි මෙහෙම ඔක්කම බලන්න ගියොත් මට බදින්න නං වෙන්නෙ නෑ
    :-d :-d :-d :-d :-d :-d :-d :-d

    ReplyDelete
  2. දැන් හරි සහෝදරයා.. වෙච්ච අඩුපාඩුවට සොරි වෙන්න ඕනේ.. ඔන්න දැන් හරි.. ඉක්මනට දානවා මොකද පරිසර තත්ත්වේ හරියට හැදෙන්න එපැයි.. ඔබට ජය....

    ReplyDelete
  3. ඒකත් ඇත්ත නේ.. කවදා වෙනකම් මේක අදින්නද.. එතකොට කසාද බැදලා මුණුපුරෝ මිණිපිරියෝ හම්බ වෙලා ඉදියි ..... =))

    ReplyDelete
  4. මමනං යාලු උනා බැන්දා
    කෙල්ලගේ ගෙදරින් ඔය ඔක්කොම බලල තිබුන

    ReplyDelete
  5. ඔක්කොමත් හරි බං, මට පෙන්නන්නම බැරි දේ තමයි මෙන්න මේක..

    ReplyDelete