Thursday, July 24, 2014

කසාදේ ... කසාදේ....... (2 වන ලිපිය)

 
හරි ඔක්කොටෝම සුභ උදෑසනක් වේවා කියලා පතනවා...  :) මම මෙම ලිපි පෙළ ආරම්භ කරන්න හිතන් කලින් ලිපියක් දැම්මා.. මම හිතුවටත් වඩා ඒකට ප්‍රතිචාර තිබ්බා.. මොකද මෙච්චරම කසාදේ කියන වචනයට ආකර්ෂණයක් තියෙන්නේ කියලා හොයලා බලන්න ම වටිනවා.. එහෙනම්... අද ඉදන් ඕන් හැම දෙනාටම වැදගත් ලිපි පෙළක ආරම්භයක් වෙයි එහෙනම්....

ඒ ලිපියෙහි නම “කසාදේ නම් කසාය හරි තිත්ත බෙහෙතකී“ කියන ලිපියෙහි මාතෘකාව ටිකක් ඝෘණාත්මක උනත් එයට ආකර්ශනය වෙන ප්‍රමාණය වැඩී වගේ... x-) නෑ නෑ එහෙම නොවෙන්ඩත් පුළුවන්. [-( හිතන්න මෙහෙම මේ ලිපිය පෝස්ට් කරාට පස්සේ ඕන් එක එක සින්ඩි වලින් මේ පෝසට් එක පෙන්නවා.. 

** මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනේ.. ඔය හත්මාළුව.. මාතලන්ගේ සින්ඩි... වලට එහෙම**  හිතලා බලන්න දවසකට ලිපි 100, 200 ඒ සින්ඩි වලට එකතු වෙනවා... කවුරු හරි ඔතනට ගිහිල්ලා ඒකේ තියෙන ලිපි ටිකේ මාතෘකා ටික කියවනවා.. එතකොට ඒ ඒ පුද්ගලයා විවධ වූ තමුන්ගේ කැමත්තට අනුව එක එක මාතෘකා වලට යනවා... හිතලා බලන්න එහෙම නෙවේද කියලා.. අද මේ ආපු පෝස්ට් එකත් ඔයා තෝරගත්තේ ඔයාගේ කැමැත්ත අනුව... එක්කෝ ඔයා කසාද බදින්න ඉන්න කෙනෙක්.. එක්කෝ කසාද බැදපු කෙනෙක්..කොතන හරි කොනක ඔයා කසාදෙට කැමැත්තක් තියෙනවා....

හරි අපි පටන් ගමු...  ඉස්සෙල්ලාම අපි විවාහය කියන වචනය මොකක්ද කියලා බලමු.. ඒ වචනයේ අර්ථය මොකක්ද කියලා..  

                                    වි - විශ්වාසය
                                    වා- වාසනාව 
                                    හ - හෘද සාක්ෂිය
                                    ය - යහපත් ගමන

ඔබ මේ විවාහය කියන වචනයෙන් හරියටම අර්ථ දැක්වෙන දේ ගැන හිතලා බැලුවද.. මේ කියන කාරණාවන් හැම එකක්ම විවාහ ජීවිතයේ ශක්තිමත් කරනවා.. අපිට විශ්වාසය නැත්නම් .. ඒ පවුල් ජීවිතය අවුල් වෙනවා.. වාසනාව කියන දේත් එහෙමයි.. ඒ හැම එකකටම වඩා හෘද සාක්ෂිය අත්‍යවශ්‍ය වෙනවා..  බලන්න මේ වචනයෙන්ම ඒ දේ හදුන්වලා තියෙන විදිහ..

ඒ නිසා අපි  මේදේවල්  දැනගෙනම ඉදිරියට කතා කරමු... මුලින්ම කියන්න ඕනේ  විවාහය කියන දේ දෙවන උපත කියලා හදුන්වනවා.. මොකද මෙයින් පස්සේ ජීවිතයේ සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වෙන නිසා...හිතලා බලන්න ඇත්තද කියලා...

කිසියම් සමාජයක පැවැත්ම උදෙසා මෙම විවාහය කියන දේ බලපානවා...කියන එක. ඒ කියන්නේ පරපුරක් බිහි කිරීමට අපිට කාන්තා පුරුෂ  දෙදෙනෙක් එක්වීම තිබෙන්න ඕනේ..  

ඔබ එවිට කියයි ඉතින් ඒකට විවාහ වෙන්න ඕනේයෑ කියලා.ඒත්  අපේ  රටේ මේ විවාහ කියන්නේ මේ විතරක්ම නෙවේ.. ඊට වඩා ශක්තිමත් බැදීමක්.. අනාගත පරපුර පවත්වාගෙන යන එකයි (ඒ කියන්නේ දරුවන් සෑදීම) , ඔවුන් රැක බලා ගැනීම, පෝෂණ්‍ය කිරීම, හොද නරක කියා දීම.. හොදින් ඉගැන්වීම යහපත් ලෙස සමාජයේ ස්ථාවර ලෙස සිටීමට පුලුවන් පුරවැසියෙක් ලෙස බිහිකීරීම කියන මේ කාරණා සියල්ලම අයත් වෙනවා...

වෙන රටවල් වල තිබෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමයක්.. හැබැයි අපේ ආසියාතික රටවල බොහෝවිට මේ දේවල් තියෙනවා.. 

අපි අද කතා කරමු පළමුවෙන් ලංකාවේ අතීතයේ තිබූ විවාහ පිළිබද..මේ දේ ඔබ අසා නොතිබෙන්න පුළුවන්..

ඉස්සෙල්ලා කියන්න ඕනේ ලංකාවේ කලින් නම් මේ රෙජිස්ටර් කරනවා කියන එක තිබ්බේ නෑ.. ඒක වෙනුවට තිබ්බේ දෙන්නාගේ කැමැත්ත මත එකගෙයි අඹුසැමියන් විදිහට ඉන්න එක.. බ්‍රිතාන්‍ය ජාතීන් විසින් තමයි මේ මේ නීති විවාහය කියන එක ඇති කරන්නේ.. 

ලංකාවේ පෙර තිබ්බ විදිහට කිසිම බලහත්කාර බැදීමක් නොදමා.. දෙදෙනාගේ විශ්වාසය මත දිවි තිබෙන තුරා මේ විවාහය පවත්වාගෙන යෑමයි.. කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් විසින් මේ දේ පිළිනොගෙන නීති විවාහය කියන දේ හදුන්වා දුන්නා.. පහත රට ප්‍රදේශයේ පැවතුනේ නීති විවාහය මොකද පහත රට ප්‍රදේශය බොහෝකල් බ්‍රිතාන්‍ය ජාතීන්ට අයත් වෙලා තිබුණ නිසා .. ඒත් උඩරට ප්‍රදේශයේ නම් බොහෝ කාලයක් යනකම් තිබුණේ මේ අපි කලින් සදහන් කල විශ්වාසය මත ගොඩ නගාගත් විවාහයයි..


ලංකාවේ විවාහ ක්‍රම කිහිපයක් තිබ්බා.. මතකද පොඩිකාලේ සමාජ අධ්‍යයනය විෂය තුල තිබ්බා.. ඉතිහාස විෂයෙත් තිබ්බා.. ඒ පාඩම් කරද්දි අපි හරි ජොලියෙන් අහනවා.. ඒත් එක්කම දාර්ශනික ටෝක් දෙනවා..


මොනවාද ඒ විවාහ...
               1) දීග විවාහ
               2) බින්න විවාහ
              3) එකගෙයි කෑම
              4) අන්ත:පුර
              5) හුවමාරු විවාහ
              6) ඇවැස්ස විවාහ(නෑනා මස්සිනා විවාහ)

මතකද මේදේවල්.. කමක් නෑ අමතක නම් මතක් කර ගන්නකෝ...

දීග විවාහ කියන්නේ මනමාලයා විසින් මනමාලිය කැන්දාගෙන එන එක...  බින්න විවාහ කියන්නේ මනමාලියගේ ගෙදරට මනමාලයා ගොස් පදිංචි වීම.. මෙහෙම ඉදිද්දි නම් කියනවා කොළපතයි හුලු අත්තයි අතේ තියන එහෙට යන්න ඕනේ කියලා. මොකද ගෙදර භාර්යාව හෝ නැන්දම්මා පළයං කිව්ව දාට මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා.. මේදේ ගැන දැන්නම් මොඩ් කරලා ගන්න ඕනේ... ටෝච් එකයි කාර්පට් එකයි කියලා කියමුකෝ..    :d 

 එකගෙයි කෑම කියන්නේ සහෝදරයන් කීප දෙනෙක් එක් භාර්යාවක් කැන්දාගෙන ඒම... ඒ සහෝදරයෝ හැම දෙනාම මේ භාර්යාවත් සමග ලිංගිකව හැසිරෙන අතර ඔවුන් අතර කිසිම ඊර්ෂියාවක් නොතිබීමයි.. මේහිදී මොවුන්ට දාව උපදින දරුවන්ට හැම කෙනාම තමාගේ දරුවෙක් ලෙස සැලකීමයි.. මෙහිදී මෙය සිදුකරනට හේතුව ලෙස දකින්නේ දේපළ බෙදීම වැළැක්වීමයි.. මෙහිදී භාර්යාවට කිසිම සැමියෙක් ප්‍රතික්ෂේප කරන්න බැ.. එතකොට කොහොමද බොල මේ එක එකා එක වැරම...නෑ නෑ  b-(  මේකටත් ක්‍රමයක් තිබ්බා.. ඒ කියන්නේ භාර්යාවත් එක්ක සැමියෙක් ඉන්නා විට ඔහුගේ අමුඩ ලේන්සුව දොරේ එලිලනවා.. 
ඒක සංකේතයක්.. 

අන්ත:පුර කියන්නේ රජවරුන්විසින් භාර්යාවන් බොහෝ දෙනා තබා ගැනීමයි.. මෙයින් වංශවත් බව නිරූපණය වෙලා තියෙනවා.. ඒත් එක්කම  මේ දේ කරන්නේනම් හේතු කිහිපයක් තියෙනවා.. මේ හැම කෙනා එක්කම අඹුසැමි සබදතා පැවැත්වීම නිසාම නෙවෙයි. එක් දෙයක් නම් රාජ්‍යයට තර්ජනයක් ඇති නොවෙන්න.ඒ කියන්නේ තර්ජනාත්මක ප්‍රදේශයක සිටි කෙනෙක්ගේ දුවෙක් විවාහ කර ගැනීම නිසා එම තර්ජනය මග හැරෙනවා.. ඒ කියන්නේ රාජ්‍යත්වය ස්ථාවර කර ගැනීමට...


ගැමියන් අතර තිබ්බ හුවමාරු විවාහ ක්‍රමයෙන් වෙන්නේ තමාගේ සහෝදරියක් වෙනත් කෙනෙකුට පාවා දී ඒ පුද්ගලයාගේ සහෝදරියක් කසාද බැදීමයි.. මේ විවාහය හුවමාරුවක් නේ වෙන්නේ නේද...

අනෙක් එක තමයි කතා කරන්න ඕනේම .. නෑන මස්සිනා විවාහ... මේකනම් අපේ සාහිත්‍යයේත් සදහන් වෙලා තියෙන දෙයක්.. අහලා ඇතිනේ වර්තමානයෙත් ජනප්‍රිය විරිදුවක් තියෙනවා.. 



හැබැයි වර්තමානයේනම් මේ විවාහය පිළිගන්නේ නෑ, මොකද එක ලේ ඥාතී කම් විවාහ වලදී උපදින දරුවන්ට නිලීන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙන නිසා..  

හරි මතුවට කතා කරමු ඇති නේ. කියවන්නත් එපා වෙනවානේ.. ඊළග තව කතා කරමු.. 

කියවන කෙනෙක් වෙතොත් කාරුණික වී කොමෙන්ට් එකක් දමා හෝ ෆලෝ බටන් එකෙන් සාමාජිකයෙක් වෙලා පොඩ්ඩක් අදහසක් දාලා යන්නේ.. මට එතකොට මගේ අඩුපාඩු එහෙම හදාගන්න පුළුවන්නේ..

හැම දෙනෙක්ටම ජය වේවා..

4 comments:

  1. විවාහ වර්ග අටක් ද කොහෙද තියනව නේද...
    ඒ ගැනත් ලියන්න පුලුවන්ද...
    මට ඔක්කම නංමතක නෑ...

    ගාන්ධර්ව
    ප්‍රජාපත්‍ය
    ඊශ්වර
    බ්‍රහ්ම...
    රාක්ෂ....

    ඔය වගේ අටක් තියේ...
    ඊශ්වර කියන එකට හරිම නම ඒකද දන්නෙ නෑ.. ඒත් අනික් හතර නං මතකයි... ඉතුරු ව අමතකයි...

    හොද ලිපියක් වෙයි වගේ...
    ජයවේවා

    ReplyDelete
  2. ස්තූතියි අදහස් දැක්වීමට.. අනිවාර්යෙන්ම ඒ ගැන සදහන් කරන්නම්..

    ReplyDelete
  3. ඇත්තෙන්ම හොද ලිපියක් රංග. සෑහෙන්න වටිනවා. බලමු ඊළග ඒවත්.

    ReplyDelete
  4. ඉස්කෝලේ ඉතිහාස පාඩම මතක් වුනා අර කිවුවත් වගේම.. ලියාගෙන යමුකෝ ඊලග ඒවත්..

    ReplyDelete