Wednesday, August 22, 2012

අපිට බැරිද Screensaver දා ගන්න.....


හොදයි යහළුවනේ අද ටිකක් දිග ලිපියක් දාන්න හිතුවා.. අද කියලා දෙන්න යන්නේ තවත් අළුත් දෙයක්. ඒ තමයි කොහොමද අපි Screensavers දාගන්නේ කියලා... මෙය පොඩි දෙයක් උනාට මේ ලිපිය කියවලා මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්න කියලා මම සුහද ආරාධනාවක් කරනවා....හරි එහෙනම් යමු ඒ වැඩේට ...

මුලින්ම අපි දැන ගන්න ‍ඕනේ Screensavers කියන්නේ මොකක්ද කියලා...... වැඩේට අත ගහන්න කලින් තව දෙයක් තියෙනවා කියලා දාන්න ඒ තමයි ඔබත් මෙය භාවිතාව මගින් පුරුදු වෙන්න ඕනේ..  නැත්නම් මේක කොහොම කියලා දුන්නත් ඉගෙන ගන්න බැරි වෙනවා.. අපි පීනන්න නම් වතුරට බහින්නම ඕනේනේ.. මේ ලිපියෙන් මම කියා දෙන්නේ මෙහෙම Screensaver දාගන්න මාර්ගය විතරයි.. මට හැම එකක් ගැනම විස්තර කරන්න අමාරුයි.. මොකද මේක ලිපියක් නිසා.. ඔබම උත්සහ කරලා බලන්න..  මේ පොඩි දේවල්.. ඒ උනාට මේවා නොදන්න අයත් ඉන්නවා.. මොකද මේවා ගැන අවධානය යොමු නොකරන නිසා.. කොහොමත් මේවා පරිගණක භාවිතා කරද්දී විනෝදයට වගේ.. නැත්තම් අපේ වචනෙන් කිවුවොත්  පොඩි Change එකකට වගේ නේ භාවිතා කරන්නේ... හරි අපි යමු... වැඩේට...
 

අපි පරිගණකයේ යම් වැඩක් නොකරන අවස්ථාවකදී පරිගණකයේ දර්ශන  තිරය පවතීනනේ එකම රූප ටිකක්..... එකම රුප ටික තිබීම නිසා මොනිටරයේ ටියුබයේ පවතින ‍‍‍ෆොස්පරස් අංශු පිළිස්සීමට ලක්වෙලා පසුකාලීනව තිරයේ වර්ණ පෙන්වීමෙදී ගැටළු පැන නගිනවා.... බලන්නකෝ පහත රූපය දිහා
මෙම ගැටළුව යම්තාක් දුරට නැති කරන්න තමයි යොදා ගන්නේ Screensavers කියන එක. මෙහි File format  එක තමයි .scr කියන එක..  මුල් කාලයේදී මේ ගැටළුව නැතිකර ගන්න තමයි Screensavers නිපදුවේ.. නමුත් පසුකාලයේදී මෙහි අරමුණු රාශියක් ඇතිව නිපදවන්නට වුණා.. ඒවා අතර පහත දැක්වෙන දෑ ප්‍රධාන අරමුණු බවට පත්වුණා....

  • පරිගණකය අලංකාරය කර ගැනීම පිණිස...
  •  දත්තවල ආරක්ෂාව සදහා(ක්‍රියාත්මක වීමෙන් පසු නැවත Welcome Screen එකට ඉබේ පැමීණිමට සෑදීම මගින්)
  • පරිගණකවල යම් විධිමත් බවක් ඇති කරලීම සදහා.. (යම් ආයතනයක නමක් වැටීම සැලැස්වීම)
  • වෙළද ප්‍රචාරණය සදහා  

හරි අපි බලමු කොහොමද Screensavers එකක් දාගන්නේ කියලා...මේ සදහාත් ක්‍රම කීපයක් පවතිනවා... පෙර ලිපියක කතා කළ අයුරින් Display properties කියන Dialog Box එක ලබා ගන්න........

ඒ සදහා  Start ______ Control panel_____ Display හෝ Desktop  එකෙහි Right click  කරලා Properties  යන ක්‍රම දෙකෙන් එකක් භාවිතා කරන්න පුළුවන්...

මේකනම් ඔයාලට හුරුපුරුදු ඇති මොකද... අපි මීට කලින් Desktop  එකෙහි රූප වෙනස් කරන්න ගත්තෙත් මේ ක්‍රම‍යටනේ........ හරි දැන් මේකේ තුන්වන ටැබ් එක.... ඒ කියන්නේ Screensaver කියන එක තෝර ගන්න... ඉන්පසු ඔබට පහත දැක්වෙන රූපය පරිදි Screensaver එක වෙනස් කර ගැනීමට  අදාල විධාන සහිත Dialog Box එක ලැ‍බේවී.
 දැන් මෙහි Screensaver කැමති Screensaver එකක් තෝර ගන්නකෝ...මුලින්ම මේකේ තියෙන්නේ none කියලා.. ඒ කියන්නේ මේකේ කලින් Screensaver තෝරා දී නැති බවයි.. ඔබ කලයුත්තේ විවිධ වූ ර‍ටාවන්ට ඔබට අවශ්‍ය Screensaver තෝරා ලබා දීමයි.. 

උදා හරණයක් ලෙස Screensaver එකට නමක් දමා ගන්න හැටි පෙන්වන්නම්කෝ...

ඔබ මුලින්ම කළ යුත්තේ ඉහත ආකාර දෙකට Display properties නැමති Dialog Box එක ලබා ගන්න.....

ඉන්පසු Screensaver එක යටතේ ඇති 3D Text තෝරන්න...

එහි පළමුවෙන්ම ඇත්තේ Microsoft Windows  යන වචනයයි... එය අපි වෙනස්කම් කරන්න අවශ්‍යයයි..... මතක තියා ගන්න ඕනේ පොඩිදෙයක්.. අපි මොකක් හරි දෙයක් වෙනස් කරද්දී ඒ කියන්නේ උදාහරණයක Phone එකක් ගන්න. එහි වෙනස්කම් කරද්දී තියෙන්නේ Display Settings,Phone Settings,Date and Time Settings. Bluetooth Settings,  මේ හරහා ‍විවිධවූ වෙනස්කම් කරගන්න පුළුවන්. ඔයාලට දැන් තේරෙනවා ඇති මෙම Screensaver   ටැබ් එක ඇතුලේ  තියෙන Settings  කියන Key එකෙන් වෙනස්කම් කරන්න පුළුවන් ඇති කියලා...
ඔයාලා හරි අපිට එතනින් පුළුවන් වෙනස්කම් කරන්න...

දැන් ඔයාලා මෙකේ Settings Key එක Click  කරන්න. එවිට පහත දැක්වෙන පරිදි Dialog Box එකක් ලැබෙනවා..

 මෙම Dialog Box එකේ Custom text යටතේ ඔයාලාගේ නමක් ලබා දෙන්න...
මිට පස්සේ මම ඉක්මනින් කියන්නම් මොනවාද අනේක් වෙනස්කම් කරගන්න පුළුවන් අවස්ථා කියලා...

Text

Time             -                 මෙහිදී Screensaver එකට වේලාව දර්ශනය වීමට සැලැස්විය හැකිය.
Custom Text -                 අපට අවශ්‍ය නමක් ලබා දීය හැකිය
Choose Font -                 දර්ශනය වන අකුරුවල හැඩය මෙමගින් වෙනස් කර හැකි
Resolution -                    අකුරු වල පැහැදිලි බව පාළනය කල හැක
Size -                              අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කළ හැක.

Motion

Rotation Type -              අකුරු වලට ලබා‍ දෙන චලන මෙමගින් වෙනස් කල හැක..
Rotation Speed -            මෙම චලන සිදුවන වේගය පාලණය කළ හැක

Surface Style

Solid Color                    මෙම අකුරු වලට වර්ණයක් ලබා දිය හැක.
Texture –                       bitmap(.bmp) ආකාරයේ රූප ලබා දිය හැකිය..
Reflection -                    මෙහිදී ඡායාවක් ලබදීමටද bitmap(.bmp) රූප යෙදීය හැකිය

මෙලෙසින් අප විසින් වෙනස් කම් කරන ලද 3D Text අපට Preview මගින් නිරීක්ෂණය කර ගත හැකි......මෙලෙස අපි කතා කළේ එක් වර්ගයක් දමා ගන්නා අයුරුයි..

ඉන්පසුව මෙහි ඇති Wait මගින් Screensaver  ආරම්භ විය යුතු  වේලාව හා On resume, password Protect ඉදිරියෙහි Tic එක දමා තිබීම මගින් Screensaver එක ආරම්භ වී නැවත ඉවත් වීමේදී Welcome Screen එක දර්ශනය වීම සිදුවේ..

ඔබට කැමති අයුරින් වෙනස්කම් කරන ලද Screensaver එක පරිගණකයේ ක්‍රියාත්මක වන්නට නම් එය Apply කරන්න.. මෙලෙස අනෙකුත් Screensaver Style ද ඔබ විසින් අත්හදා බලන්න...

කුඩා දරුවකු මෙන්
කුතුහලයද
විද්‍යාඥයකු මෙන්
නව සොයා ගැනිම්ද
ගුරුවරයකු මෙන්
එය තව කෙනෙකුට කියා දීමද
නිතර නිතර පුහුණුවීම්ද
ඔබගේ ජීවිතයේ ජය ගැනීම
උපකාරී වේ..
එය මට දිය හැකි උපදෙයි...

 සියල්ලන්ටම ජයවේවා..
තවත් ලිපියකින් හමු වෙමු.

නිම්තෙර
රංගමධු

2 comments: