“රන්දික ඔයා දන්නවාද.... මම ඔයා හම්බෙන්ඩ කලින් දැනන් හිටියා ඔයා කවදා හරි
මට මුණ ගැහෙනවා කියලා....”
දින ගණනක් නිදිවරා ඇස්දෙක පියවීගෙන එද්දී නැගුණු ඒ ආදරනීය වචන පෙළට මට ඇහැරිණ.මම කල්පනා කළේ ඒ වචන ටික
ගැන... සමුදුනි මේක කියන්න ඇත්තේ හිතේ දුකට වෙන්ඩ ඇති...
දොස්තරලා කියන විදිහට සමුදුනීගේ ජීවිතය ගැන විශ්වාසය තියන්ඩ පුළුවන් 30% විතර කියලා..... එහෙම වෙන්ඩ පුළුවන්ද... දොස්තරවරු කියපු දේ මාගේ හදවතට දැනුනේ උල් පිහියකින් අනිනවා වගේ.මම කෑගසා ඇඩුවා.....සමුදුනීට මොකුත් වෙන්නෙ නැහැ.. මම මගේ හිතට කියා ගත්තා... මම දැන් ඇයව කසාද බැදලා අවුරුදු 10 වෙනවා..... ඇය දැන් සිටින තත්වය... හ්ම්.............. දොස්තර මහත්තුරු කිව්වේ මොළයේ පිළිකාවක් කියලා.... ඇය දැන් ඉන්න තත්වේ හැටියට ඇය වෙනුවෙන් කරන්ඩ පුළුවන් එකම දෙයයි.... ඒ ඈව හොදින් බලා ගන්න එකයි.....ඇයගේ හිත හදන එකයි......කියලා.. ඒ මදීවට ඇය ඉස්සරහ දුක හංගගන්න කියලා.. මට ඒක කිරීමට බෑ.. ඒ ඇය විදින වේදනාව දැකලා.. මා ඇය අසලට යන විට ඇසට කදුළු එනවා..
දොස්තරලා කියන විදිහට සමුදුනීගේ ජීවිතය ගැන විශ්වාසය තියන්ඩ පුළුවන් 30% විතර කියලා..... එහෙම වෙන්ඩ පුළුවන්ද... දොස්තරවරු කියපු දේ මාගේ හදවතට දැනුනේ උල් පිහියකින් අනිනවා වගේ.මම කෑගසා ඇඩුවා.....සමුදුනීට මොකුත් වෙන්නෙ නැහැ.. මම මගේ හිතට කියා ගත්තා... මම දැන් ඇයව කසාද බැදලා අවුරුදු 10 වෙනවා..... ඇය දැන් සිටින තත්වය... හ්ම්.............. දොස්තර මහත්තුරු කිව්වේ මොළයේ පිළිකාවක් කියලා.... ඇය දැන් ඉන්න තත්වේ හැටියට ඇය වෙනුවෙන් කරන්ඩ පුළුවන් එකම දෙයයි.... ඒ ඈව හොදින් බලා ගන්න එකයි.....ඇයගේ හිත හදන එකයි......කියලා.. ඒ මදීවට ඇය ඉස්සරහ දුක හංගගන්න කියලා.. මට ඒක කිරීමට බෑ.. ඒ ඇය විදින වේදනාව දැකලා.. මා ඇය අසලට යන විට ඇසට කදුළු එනවා..
ඈට ගෙනියන්න ඇදුම් ටිකක්
ලෑස්ති කර ගන්න ඕනේ......අවුල් වූ මනසින්
මම ඈගේ ඇදුම් බෑගය විවර කළෙමි....... ලස්සන කවරයක් දමා කුඩා පොතක් එහි විය... හ්ම්
මේ ඈ උසස් පෙළ පන්ති යන කාලයේ නිතර දෙවේලේ ළග තබාගත් පොත ....
එහි වූ පිටු අතර මාගේ නෙත
ඇදී ගියේ මටත් නොදෑනීමය.... එහි වු රූපයක් වෙත නෙත නැවතිණ.. මට සිතෙන හැටියට මෙය පිරිමි රුව විය යුතුය....ඊට පහළින් වූ ලස්සන අත් අකුරෙන් ලියා ඇති ඡේදයට මගේ ඇස
ගියේය....
1999/06/10
නිවසේදී....
අද පන්තියට ගිහින් ආවේ..
මහන්සියි ටිකක් විතර ඔළුවත් බරයි වගේ....අද මට සතුටුම දවසක්.. මම අද එයාව
දැක්කා... එයා ඇදගෙන හිටිය ඇදුම එයාට ලස්සනට තිබ්බා... මම නිතර දෙවේලේ එයා දිහා
බලන්න බැරි උණත් මගේ දෑස් ඉස්සරහා නිතර දෙවේලේ එහාමෙහා ඇවිදිනවා.. මට විහිළු
කරනවා... ඒ වෙලාවේ මට හිනා ගියා..ඒක සර් දැකලා පන්තියටම ඇහෙන්න අද සමුදුනී මොකද මේ
මනමේ වැද්දාවත් දැක්කද....කිව්වා.. පන්තියම හිනා උනා... ඒත් මම දැක්කා අර ඇස්
දෙකේම දුක පිරිලා තියෙනවා..මගේ දෑස රුදිලා තිබ්බ දිහා බලපු සර් “රන්දික මේ කුමරිය
වැද්දාගෙන් සමාව ඉල්ලනවා.. වැද්දා මොනවාද ඒ වෙලාවේ කිවුවේ...”.ඒ වෙලාවේ එයා නැගිටලා කවිය
කියන්න ගත්තා. හරි ලස්සනයි.. ලස්සනට සින්දු කියන්න පුළුවන් එයාට....මගේ දුක හෙමින්
නැති උණා.... මමත් රන්දිකට අත්වැල් ගායනය ඇල්ලුවා..
යස ඉසුරු නැත නැත......
රන්දික මා දිහාට හැරිලා හිනා උණා...හවස පන්ත
ඇරිලා එද්දී රන්දික මට කතා කලා....ඇත්තටම මට අද ගොඩාක් සතුටුයි... අපි ගොඩාක් විස්තර කතා කරා......රන්දික වික්‍රමසිංහ...
ලස්සන නමක් එයාට තියෙන්නේ... මට දැනුනා අද උණ
සිද්ධියට එයා මා ගැන දුක්වෙනවා කියලා...
දෙවියනේ.............. මට ඒ දවස ගැන මතකයි.. ඒ දවසේ තමයි මම ඇයව දැක්කේ....... ඒ දිනය මට අද වගේ මතකය.... මොකද මම ඇයට ඉස්සෙල්ලාම කතා කළේත් ඒ දවසෙ නිසා....මට ඊයේ කියූ ඒ කතාව ඇත්තක් කියලා තේරුණා .. මගේ දෑසින් හදිසියේම මතුවූ කදුළු බින්දු ඇසින් ගිළිහි පොතේ පිටු අතරට වැටුණ.. මම ඉක්මනින්ම එයා පිසදා පොතේ ඉතිරි පිටු අතර තිබූ ඒ සියුමැලි අදහස් තේරුම් ගැනීමට උත්සහ කළෙමි....එහි වූ සිද්ධීන් හැමදෙයක්ම මගේ සිතෙහි චිත්‍රපටයක් සේ මැවී ගියේය... මම ඇයව තේරුම් ගත්තා මදී වගේ කියන මේපසුතැවිල්ලත් එක්කම මම තීරණයකට එළඹුණෙමි.. මම කෙසේ හෝ ඇයව බේරගන්නවා....ඈට මාව අතහැර යන්නට ඉඩ දෙන්නේ නෑ බව දැඩී ලෙස සිතා ඇදුම් ටික පිළිවෙළකට නැව්වේය. මම ඇයගේ ඇදුම් බෑගයක දමා ඉක්මනින් පාරට බැස්සේ ඇයගේ ශල්‍යකර්මයට තව ඇත්තේ පැයක් වැනි කුඩා කාලයක් නිසාවෙනි.....
නුවරට දිවෙන බසයට නැගගත් මා
එහි වූ ආසනයෙහි හිද ගත්තේය....
මා ඉදගන්නා විට එහි වූ ශබ්ද
විකාශන යන්ත්‍රයෙහි තිබු ඝෝෂාකාරී කර්කෂ සින්දුව අවසන් විය. ලොකුදෙයක් මේ ප්‍රශ්න
නැතිවට... මට ම කියා ගත්තේය.. අළුත්ම සින්දුවක් වාදනය විය...ඒ සින්දුවේ වාදනය
සියුම් සංගීතයක් නිසා ඒ සින්දුවට මගේ අවධානය ගියේය...
ගගක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්..
මලක් සේ ඔබපෙති සලයිනම්
පවන් රළ වී ඔබව සිපගන්නම්
පලා පැහැයෙන් දිදුල කදුවලියේ
අතුල පිනි මතුවේ....//
සදක් සේ මා ඔබට දැල්වෙන්නම්
ඔබේ කදුලැලි පෙමින් පිසලන්නම්..........
මෙහි වූ පදවැල් අපගේ
ජීවිතයේ හා කොච්චර ගැලපෙනවාද....
දැන් මට
ඇත්තේ එකම අරමුණයි ඒ සමුදුනී බේරා ගන්න එකයි... බසය ඉදිරියට අදෙද්දීත් මට සිහියට නැගෙන්නෙන්
සමුදුනීගේ බේරාගන්න ඕනේ යව අහිංසක බලාපොරොත්තුවයි......
දැස රවටන මිරිගු දිය තලයේ
වැතිර උණු කදුලේ
අරුත වී මා ඔබේ ළග ඉන්නම්..
මිරිගු දිය මැඩ කෙත් බිමක් වෙන්නම්.....
අහලා බලන්න ඒ හැගීම ඔබටත් දැනෙනවාද කියලා
නිම්තෙර
රංගමධූ
No comments:
Post a Comment