Tuesday, August 14, 2012

සමාජේයි අපියි...............


ආයුබෝවන් යාළුවනේ අද නිම්තෙර බ්ලොග් එකෙන් පොඩි කතාවක් කියන්ඩ හිතුවා.. මේ කතාව පොඩි උණාට එකේ තියෙන අර්ථය නම් ගොඩාක් ලොකු එකක්. හරි අපි කතාව කියවලාම බලමුකෝ මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා..
   එක කැළයක මහ විශාල ගහක් යට තිබුණා වලිකුකුළු කූඩුවක්..
මේ ඒ උකුසු පවුලේ උකුසු අම්මා බිත්තර රකින කාලයයි....මේ  දවස් වල වනානතරේට ආවා විශාල කුණාටුවක්..ඉතින් මේ කුණාටුවෙන් පස්සේ අර විශාල ගහ යටට අළුත් අමුත්තෙක් එකතු වුණා.. ඒ කවුද දන්නවාද? අර විශාල ගහ උඩ හිටපු උකුසු බිත්තරයක්...
  කාලයත් එක්ක මේ වළි කුකුළු බිත්තර පිපිරෙන ගත්තා..... අර උකුසු බිත්තරෙනුත් උකුසු පැටියත් ආවා... මේක අර වළි කුකුළු පවුලට සතුටු කාලයක්.. මොකද අපි උනත් පොඩි ළමයින් සමග නිතර කෙළි දෙළෙන්නේ ගත කරනවා වගේ මේ උකුසු පවුලත් දරු සුරතල් විදිනවා..ඉතින් මේ මේ වළි කුකුළු අම්මයි තාත්තටයිගේ සතුට කොපමණ ඇත්ද.....
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා.. දැන්‍ මේ පැටවු ටික තනියම කෑම සොයා ගෙන කන්නත් පුළුවන්.. ඒ තරම් කාලයක් ගෙවී ගිහින්.... මේ අතර අමුත්තෙක් ඉන්නවා .. කවුද කියන්න බලන්න... ආ.. හරි හරි අර අළුතෙන් එකතු වුණු උකුසු පැටියා.. මෙයත් හරි හරියට වළි කුකුළු අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ වගේ හැසිරෙනවා.. මොකද මේයා ඉපදුනු දා ඉදලා දැක්කේ වැඩිපුර ආශ්‍රය කළේ මේ වළිකුකුළු පවුලනේ.. අත්තෙන් අත්තට පනිමින්. කැළැවේ බිම පහුරු ගාමින් කෑම හොයන එක මෙයාගේ පුරුද්ද වුණා...
තවත් කාලය ගෙවී ගියා.... දැන් මේ පුංචි පැටවුන් නාඹර වළිකුකුළන්...

දවසක් වනාන්තරයේ කෑම හොයාගෙන එක්තරා එළිමහන් තැනකට සේන්දු උණා..මෙ විදිහට බිම පහුරු ගාමින් කෑම හොයන නාඹර උකුස්සාට අහසේ නිදහසේ ඉගිලෙන අපූරු කුරුල්ලෙන් දකින්ඩ හම්බවෙනවා... මෙයාට මේක ගොඩාක් හිතට ඇල්ලුවා... පුංචි තිතක් වගේ පේන මේ අපූරු කුරුල්ලා.. ටික වෙලාවක් අත් තටු ගහනවා.. අයේ සෑහෙන වෙලාවක් පාවෙනවා.. මේ නාඹර උකුස්සා මේක හරි අපූරු අත්දැකීමක් උණා... මේ උකුස්සා මේ ගැන තමාගේ ලොකු සහෝදරයාගෙන් අහනවා..
අයියේ.... අර ඈත ඉගිලෙන කුරුල්ලා මොකාද?
කොහේද.. ආ අර ඈත අහසේද.. ඒ මල්ලි උකුස්සෙක්නේ........ එයා අපිට වඩා ගොඩාක් හයිය හත්තිය තියෙනවා.. වේගවත්.. තියුණු ඇස් තියනවා.. බොහෝම තේජස් ඇති කුරුල්ලෙක්.....ඔයා ඒ කුරුල්ලා ගැන හිතන්න එපා.. නිකන් කාලය අපරාදේ .. මොනවා හරි කාලා ගෙදර යමු.........සහොදරයා උත්තර දෙනවා....
ඉතින් මේ උකුසු මල්ලිට ගොඩාක් දුකයි.. මෙයා අහස දෙහාම බලන් ඉන්නවා..
මේක දකින වළිකුකුළු අයියා.. හිත හදන්න කියනවා.... මෙන්න මෙහෙම........උකුස්සා කරන දේවල් අපිට කරන්ඩ බෑ මල්ලි... අපි වළි කුකුළෝ... 
ඉතින් මේ උකුස්සා තම සහෝදරයා කීව මේ වාක්‍ය හිතින් මුමුණමින් අර වළි කුකුළු රැනත් එක්ක ආපහු ගෙදරට එනවා.......

හරි කතාව ඉවරයි...........

ඉතින් මේ සිද්ධිය හරියට අපගේ ජීවිත කතාව වගේ.. බලන්ඩ නැද්ද කියලා.. අපි කරන කියන වැඩ හැම දෙයක්ම අනික් අය කියන නිසා නතර කරනවා... අපි ආස කරන ස්ථාන වලට යන්න. අපේ ඉලක්ක වලට යන්න..... මේ හින්දා අපිට බැරිවෙනවා........ඒත් අපිට ඒ ශක්තිය තියනවා .. හිතලා බලන්ඩ අපිත් මේ වළිකුකුළු සමාජේ ඉන්න උකුස්සෝ වගේ වේද කියලා...........

හරි එහෙනම් අදට මම ගියා.. කස්ටියටම ප්‍රාර්ථනා කරනනේ මේ වළිකුකුළන් අතරේ ඉන්න උකුස්සා වගේ නොවේවා කියලා... එහෙනම් ඔක්කොටම ජයවේවා..................................

No comments:

Post a Comment