add

add

Wednesday, August 1, 2012

බලාපොරොත්තුව...................

දැඩි ඉඩෝරයට කර්කෂ වූ පෙදෙසම
දැනට දින කිහිපයකට පෙර
නිමාවෙන ලකුණු පහළ විය...
අහස වැහි වළාකුළු වලින්
සැරසී මහ වැස්සක් වැටෙන්නට සැරසෙන
බවට ඉගි බිගි පෑවේය....
මහද සතුටට පත්විය...
මම කන්නලව් කලෙමි
මම බලාපොරොත්තු ඇති කර ගත්තෙමි..
වැස්සෙන් පසූ කර්කෂ වූ පෙදෙස
අළුත් ජීවයකින් දළුලයි කියා


නමුත් මේ වැහිබර වලාකුළු
හදිසියේ නමුත් පැමිණි
දැඩි සුළගට වෙනතකට ඇදී ගියේය...
අදහාගන්නට බැරීවිය

වැහිබිදු කිහිපයක් වත් නොවැටී ඒ වැස්ස
ඇදී ගියේ කිසිම ගානක් නැතිවමය...

අයෙත් මාගේ බලාපොරොත්තු
සුන්වීය..
ඒ කිසිවක් නිසා නොව
වැස්ස ඇදීගියේ
මාගේ අහසක් උසට වූ
බලාපොරෝත්තු නම්
ඉනිමගත් පෙරළාගෙන නිසාවෙනි...

නමුත් මම ඒ වැස්සට වෛර නොකරමී
‍මෙම පෙදෙසට නැතත්
වෙනත් පාළුවූ කෙතක් සාරවත් කිරීමට ඒ වැස්සට
හැකි නිසාවෙනි..

නැවතත් වැස්සක් බලාපොරොත්තු වීම
විනා මට අන් කිසිවක් කිරීමට
නොහැකිය..........

                                    නිම්තෙර                                       
                                     රංගමධු

No comments:

Post a Comment