Monday, July 30, 2012

Windows XP වලින් Computer එක Format කරමු 2........... (Partition වෙන්කිරීම)

ඉහත ලිපියේ තිබුන විදිහට හරියට පියවරවල් අනුගමණය කරමින් පැමිණි පසු මෙසේ Partition වෙන්කිරීමට හැකිවන අයුරින් පැමිණියා.. අද එතැන් සිට ඉදිරියට යං..

මුළින්ම කරන්ඩ ඕනදේ තමයි විධාන ටික කියවන ඒක.... ඒ කියන්නේ Window එකේ පහළින්ම තියෙනවා අපට කරන්ඩ ඕනදේ...
මතක තියාගන්ඩ ඔනේ වැදගත් දෙයක් තියෙනවා මෙතනදී Delete කරන්න අවශ්‍ය Partition Select කරන්ඩ ඕනේ... ඒකෙදී සුදු පාටින් Highlight වෙලා තියෙන Partition එක තමයි තොරාගෙන ඇති එක... ඒකෙදි Delete වන්නෙත් මේ තෝරාගත්එකයි..
හරි වැඩේට බහිමු... මුලින්ම කරන්න ඕන Partition Select කරලා Key Board  එකේ Delete D අකුර Press කිරීමයි.එතකොට පහළින් පවතින Widow එක පැමිණේවි...

 එකෙදී අහන්නේ ඔයාට විශ්වාසද මේ Partition එක Delete කරන්න ඔනේද කියා... මෙම window එකෙන් බලන්න කියන්නේ ඔයා හරියටම Delete කරන්න යන්නේ හරි Partition එකද කියලා.... ඔයාට විශ්වාස නම් හරි Partition එක කියලා ඔයා කරන්න ඕනේ  Key Board  එකෙ Enter Press කරන්න එක...
මීළග Window එකේ දී Partition Delete කරන්ඩ අවස්ථාව ලබා දෙනවා මෙහිදී Key Board එකේ L  අකුර Press කරන්න.මෙකෙදී Partition එකේ තිබුණු සියළුම දත්තයන් මැකීයනවා කියලාත් තියනවා බලන්ඩකො උඩින් තියන රුපේ දිහා.......
 හරි ඊළගට එන Window  එක තමයි මේ තමයි... මේකෙදී කිසිම Partition එකක් Create වෙලා නෑ... දැන් අපි කරන්න ඕනේ Partition එක Create කරන එක... ඒ සදහා Key Board එකේ C අකුර Press කරන්න.
එවිට පහත දැක්වෙන Window එක එනවා.ඒකෙදී  MB වලින් අපගේ Partition අවශ්‍ය ඉඩ වෙන් කරන්න ඕනේ... මතක තියා ගන්න ඕනේ C එකට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය අඩුම තරමේ 15 GB /15360MB වත් තියන්ඩ......
ඉහත දක්වා ඇති පරිදි Partition එකට අවශ්‍ය  Capacity  එක MB වලින් ලබා දෙන්න.... මීළගට Create විධානය ලබා දිය යුතු වෙනවා.. ඒ සදහා Enter Press කරන්න.
හරි අපි Partition හදාගෙන ඉවරයි... මෙලෙස අනෙක් Partition ටිකත් Create කරන්න. මතක තියා ගන්න ඔනේ තවදෙයක්.. අප සාදන Partition එකේ අවසාන එකේ Unpartitioned space කියා තිබුණොත් ඒකෙන් Partition එකක් Create වෙන්නේ නැහැ.. එ හින්දා අවසාන එකත් අර ඉහත කරා වගේම කරන්න ඕනේ නැත්නම් ඒ ඉඩ ප්‍රයෝජනයට ගන්න බැරිවෙනවා.. 8MB තිබුණාට එක කිසිදෙයක් කරන්න ඕනේ නැහැ.
හරි අපි දැන් XP Install කරන්න යං....

No comments:

Post a Comment