Tuesday, July 24, 2012

මදක් සිතන්න

කොහොමද ඉතින්........ සුභ දවසක් වේවා කස්ටියටම...

ජීවිතයට වැදගත් වන කියමන් ටිකක් දාන්නම්.... ඊට කලින් කියන්න වෙනවා.. මේක උපුටා ගැනීම් කීපයක්....
මුහුණුපොතේ කජුවත්ත ක්‍රිකට් සමාජය පිටුවේ තිබුණ කියමන් ටිකක්.... මෙ කියමන් වල යථාර්තය හිතලා බලන්නකො..
කොච්චර අපේ ජීවිතය ගැන විවරණය කරනවාද කියා......


           සාර්ථකත්වය යනු සතුට සදහා වූ මාර්ගය නොවේ.
           සතුට යනු සාර්ථකත්වය සදහා වූ මාර්ගයයි...

           ඔබ ඔබ කරනා දෙයට ආදරය කරනවා නම්,
           එයින් සතුට වනවා නම් ඔබ සාර්ථක වනු ඇත.මේ කියමන කියලා තියෙන්නේ ඇල්බර්ට් ෂ්වයිටිසර් (1875-1965)

කවුරුත් දන්න චාර්ලි චැප්ලීන් කියපු කියමක්

මාගේ වේදනාව වෙනත් අයෙකුගේ සිනහවේ හේතුවිය හැක
නමුත් මාගේ සිනහව කිසිවිටක වෙනත් අයෙකුගේ වේදනාවේ හේතුව නොවිය යුතුය.

අබ්දුල් කලාම්
ඔබේ රැකියාවට ආදරය කරන්න
නමුත් ‍ඔබේ ආයතනයත් සමග පෙමින් බැදීමෙන් වළකින්න
මන්ද ඔබේ ආයතනය ඔබට පෙම් කිරීම නවත්වන දිනය ඔබ නොදන්නා බැවිනි

මාර්ක් ටිවේන්
කිසිවිටක මෝඩ පුද්ගලයන් සමග වාද විවාද නොකරන්න.ඔවුන් ප්‍රථමයෙන් ඔබව ඔවුන්ගේ මට්ටමට ඇද ගනු ඇති
අතර ඉන්පසු ඔවුන් අත්දැකීමෙන් ඔබව පරදවනු ඇත.

බෲස් ලී
පහසු ජීවිතයක් ප්‍රාර්ථනා නොකරන්න, කටුක ජීවිතයකට මුහුන දීමට අවශ්‍ය ශක්තිය ප්‍රාර්ථනා කරන්න.

විල් ස්මිත්
මාගේ පරාජයේදී ඔබ මා අසල නොසිටියා නම් මාගේ ජයග්‍රහනයේදී මා අසලට පැමීනීමට ඔබට අවසර නොමැත.

ඈන් ෆ්‍රැන්ක්
බලාපොරොත්තු ඇති තැන ජීවිතය පවතී,
එය අපට නැවුම් ධෛර්යයක් ලබා දෙන අතර අපව නැවතත් ශක්තිමත කරයි.

ඔබ තුල පහත දේවල් තුන දැකිය හැකි අයෙකු පමනක් විශ්වාස කරන්න...
ඔබේ සිනහව පිටුපස ඇති ශෝකය
ඔබේ කොපය පිටුපස ඇති ආදරය
ඔබේ නිශ්හබ්දතාවයට හේතුව

සි‍හියේ තබා ගන්න...
කෝපයෙන් සිටින විට තීරන ගන්න එපා
සතුටින් සිටින විට පොරොන්දු වෙන්න එපා.

ජීවිතයේ කුඩා දේවල් විදින්න,
මතු දිනක ආපසු හැරී බැලූ විට ඔබට වැටහේවි ජීවිතයේ විශාල දේවල් ඒවා බව,