ආයුබෝවන් හැමෝටම........ අද මම අධ්‍යාපනික ලිපියක් දාන්ඩ හිතුවා......... ඒ තමයි ගොඩාක් අය තමන්ගේ පරිගණකය Format කිරීමට විවිධ පුද්ගලයන්ට ලබාදී විශාල මුදලක් ඔවුන්ට ලබාදෙනවා..... හරි අද කියලා දෙන්ඩ යන්නේ කොහොමද හරියට Machine එක Format කරගන්නේ කියලා.........වැඩේට බහිමු...........
මුලින්ම මෙයට අවශ්‍ය කරන උපාංග කීපයක් තියෙනවා....
Windows XP Bootable CD
DVD
or CD ROM
Computer
Drivers
මුලින්ම කළ යුත්තේ Computer එකේ BIOS Settings වල First Boot Device එක ලෙස CD ROM/DVD ROM තේරිමයි.........මේ සදහා Computer එක On වීමේදී BIOS Settings වලට ඇතුල් වීමට හැකි වෙනවා.... ඒ සදහා Delete වැනි එකක් Press කරන්ඩ වෙයි...
එහි First Boot Device එක සාදා Windows XP Bootable CD දමා Save and Exit විධානය ලබාදෙන්න.. ඒ සදහා BIOS Settings දක්වා ඇති Key එක Press කරන්න..
උදාහරණ ලෙස පහත රූපයට අනුව F10 එක Press කරන්න.
දැන් පරිගණකය Restart වේවි.... නැවත On වීමේදී Press any Key to boot from CD._ Message එකක් දර්ශනය වේවි... එහිදී කල යුත්තේ Key Board එකේ කැමති Key එකක් Press කිරීමයි...
ඉන්පසු Windows Load වීම ආරම්භක තිරයට පැමිණේනවා.....පොඩ්ඩක් ඉන්ඩ වෙනවා මේක වෙනකන්..
මින්පසුව මෙන්න මේ තිරය පැමිණේවි
- Windows ඉස්තාපිත කිරීමට ENTER Button එකද
- Windows XP Repir කිරීමට R ද (ඒ කියන්නේ Windows xp එකේ File එකක් missing / Currup උනාම මෙන්න මේ දෙවනි ක්‍රමය කිරීම ප්‍රමාණවත්.....)
- මෙම Window ඉවත්වීමට F3 button එක press කරන්න
අපිට ඔනේ Windows XP Install කරන්නනේ Press කරන්න ඕනේ Key එක මොකක්ද.
...............හරි ඒක තමයි....... ඒ ENTER Button එක Press කරන්න.... මීළගට පැමිණෙන්නේ Aggriment එක....
මීළගට ඔබට පැමිණෙන තිරයෙහි සදහන් වන්නේ Windows XP Repair කිරීමට අවශ්‍ය ද යනුවෙන් සදහන් Screen එකකි . එහි Don’t Repair යන විධානය ලබා දිය යුතුය. ඒ සදහා ESC Button එක Click කරන්න
මීළගට පැමිණෙන තිරයෙහි ඇත්තේ Widows XP Setupඑක Install කරන්න අවශ්‍ය Partition එක තේරීම හා Hard Disk එක Partition කිරීමට හැකි Widow එකයි.....
හරි මම මෙතනදී කියලා දෙන්න යන්නේ තවත් දෙයක් ඒ තමයි කොහොමද Partition කඩාගන්නේ / තියන Partition Delete කරන්නේ කියලා. මේක ඊළග ලිපියෙන් ඒ ගැන කතා කරලා අනික් ටිකට යං........
No comments:
Post a Comment