Friday, July 27, 2012

අවසිහිය


හරි මේ ලිපිය ලියන්න හිතුවේ අපේ කොල්ලෝ කෙල්ලන්ට.......
අද කාලේ හැමෝම මල් කඩනවා නේ .......... ආ අමතක උනා කෙල්ලත් / කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවානේ....... මේක තමයි ජීවිතය... අළුත්ම ත්‍රේන්ඩ් එක....... අලේන් වෙලිලා නැ නැ ෆෝන් එකේ එල්ලිලා තමතමන්ගේ ලෝකවල............

මම මේ සිද්ධියක් කියන්න යන්නේ මට උන සිද්ධියක්.......................... මම මේ ලගදි දවසක බස් එකකට ගොඩ උනා.... කොහොම කොහොම හරි වාඩිවෙන්න තැනක් හම්බ උනා........... බස් එකේ පස්සහ සීට් එකේ........ මම ඉදගද්දි ෆෝන් එක අතට අරගෙන......... (ෆෝන් එක කාටවත් පෙන්ඩන්ඩ නෙවෙයි...... )...මෙහෙම බස් එක යද්දී එක හෝල්ට් එකකින් මහත්තයෙක් නැංගා බස් එකට...... මම ඉදගෙන හිටිය සීට් එකෙ එහා පැත්තේ ඉදගත්තා.... ඒ ඉදගත්තේ මගේ අතේ තියන ෆෝන් එක දිහා බලන්......
ටික දුරක් බස් එක යද්දි මේ මට එහාපැත්තේන් හිටපු මහත්තයා කියනවා ඇහෙනවා.... මම මේ හිටියට හොදට කන් දීගෙන ඉන්නේ අවට පරිසරයට..අනික මේක කිව්වේ ටිකක් හයියෙන්.
ලගදී දවසක එක කොල්ලෙක් ෆෝන් එකේ හැන්ඩ්ෆිරී එක කනේ ගහන් රේල් පාරේ ඇවිදගෙන ගිහින්... පස්සෙන් ආපු කොච්චියට හැප්පිලා තියනවා..... කොහොම හරි මූගේ අත තමයි අහුවෙලා තියෙන්නේ කොච්චියට අත කොටස් දෙකකට වෙන්වෙලා........ ඒ මහත්තයා කියනවා අත නැතුව ඉතින් ජීවත් වෙලා වැඩක් තියනවාද කියා.දැන් කාලේ මේ කෙහෙල් මල් ෆෝන කෙරුවාව හින්දා කීදෙනෙක් කොල්ලෝ නැතිවෙනවද........ මේක  මහ හෙනයක්........
ඇත්ත තමයි මට එවෙලේ විලි ලැජ්ජාවේ පන ගියා.... මොකද මම ෆෝන් එක අතේ තියාගෙන හිටිය නිසා ලග පාත හිටපු එවුන් කින්ඩියට වගේ හිනා උනා... මම දැක්කා ලගපාත හිටපු කොල්ලෝ කෙල්ලෝ කීප දෙනෙක්ම ෂේප් එකේ ෆෝන් එක හංග දාගත්තා.......... මොකද ඒ කියපු තාලෙට නිකම්ම ෆෝන් සාක්කුවලට දාගන්නවා නෙවෙයි දාගැනුනා.....
මේක ලියන්ඩ හිතුනේ  මහ පාරේ එහෙම යද්දී විශේෂයෙන් අනාරක්ෂිත තැන්වල කන්වල ඇබ ගහන් යන්ඩ එපා ....... හදිසියේ මොනවා හරි උනොත් එකේ පළවිපාක හොද එකක් නම් වෙන්නෙ නැහැ.....  අනික මේක කරන්ඩ කලින් ටිකක් හිතන්න ඔයාට මොනවා හරි උනොත් ඔයාගේ යහළුවාට/යෙහෙලියට මොනවා වෙයිද කියලා.........
සුභ දවසක් වේවා....................
නිම්තෙර
රංගමධු

No comments:

Post a Comment