
මට කථා කරන්න,
මම ඔයාව හිනස්සනවයා කියලා පොරොන්දු වෙන්නෙ නැහැ
ඒත් මට පුළුවන් ඔයත් එක්කම අඩන්න
ඔයාට දවසක හැමදෙයකින්ම ඈතට
දිව යන්න ඕන වුනොත්
මට කථා කරන්න
මම ඔයාව නවත්ව ගන්වයි කියලා
පොරොන්දු වෙන්නේ නැහැ
ඒත් මට පුළුවන් ඔයත් එක්ක දිවයන්න.........
ඔයාට දවසක කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදී
ඉන්න ඕන වුනොත්
මට කථා කරන්න
මම පොරොන්දු වෙනවා
බොහෝම නිශ්ශබ්දව ඔයාගේ ළගටම වෙලා ඉන්නවයි කියලා
ඒත් දවසක

මගෙන් කිසිම පිළිතුරක් නැති වුනොත්
පුළුවන් තරම් ඉක්මනට මාව සොයන් එන්න
සමහරවිට මට ඔයාව ඕන වෙලා තියේවි..............