Wednesday, August 15, 2012

Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නා ක්‍රම...........



ආයුබොවන්...... අදත් මම හිතුවා ආධුනිකයන් සදහා තවත් ලිපියක් දානඩ ඕනේ කියලා..... අද බලමු කොහොමද Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නේ කියලා...... මේකට ක්‍රම කිහිපයක් තියනවා......
එහෙනම් බලමුකෝ කොහොමද කියලා මේ වැඩේ කරන්නේ.......
1 ක්‍රමය

Start ______ Control panel_____ Display

2 ක්‍රමය
Desktop  එකෙහි Right click  කරලා Properties ලබාගැනීම මගින්..........

ඉහත ආකාර 2ටම පහත දැක්වෙන පරිද Dialog Box එක ලබාගන්ඩ පුළුවන්......
 ඊට පස්සේ ඒකේ තෝරගන්ඩ ඕනේ දෙවැනි tab එක......... ඒ කියන්නේ Desktop කියන එක.....
එතකොට ඒක පේන්නේ මෙන්න මේ විදිහට............ හරි ඒකේ Background කියන එකෙන් අපිට කැමති පින්තූරයක් දාගන්ඩ පුළුවන් උත්සහ කරලා බලන්ඩකො...............


හරි ඔයාට හිතුනොත් මීට අමතරව ඒ කියන්නේ අපිට කැමති පින්තූරයක් දා ගන්ඩ එහෙම නම් කරන්ඩ ඔනේ..... Browse කියන බොත්තම මගින් අපේ පින්තූරය තියෙන තැන තෝරලා ගන්ඩ හරි එහෙනම් ඒක Apply කරගන්න......

තවදෙයක් අපි දාන පින්තූරය අනුව ඒ පින්තූරය Desktop එකෙහි පෙන්වන ආකාරය වෙනස් වෙනවා.. සමහර වෙලාවට රූපය පොඩි උනාම තමයි මෙහෙම වෙන්නේ..... හරි ඒ පේන ආකාරය අපිට Position  මගින් වෙනස් කර ගන්න පුළුවන්.. හරි එහෙම රූපය පොඩි උනාම රූපය තියෙන්නේ. මැද්දේ.. ඒක වටේට එක පාටක් තියෙන්නේ... වටේට තියන පාට අපිට වෙනස් කර ගන්න පුළුවන්... ඒ සදහා color කියන නමට පහතින් තියන ඊතලය භාවිතා කරන්න.....කැමති පාටක් තෝරා දෙන්න.........

වෙනස් කමක් සිදු කළ පසු අනිවාර්යෙන්ම Apply විධානය ලබාදෙන්ඩ අමතක කරන්න එපා..

අමතර දෙයක්..........
අවසාන ලෙස අපිට Customize Desktop මගින් .


Icon ප්‍රධාන පෙන්වීමත් ඒ පෙන්වන icon වල පවතින රූප වෙනස් කිරිමත් සිදුකළ හැකිය.... උත්සහ කර බලන්න....... ඒ සදහා වෙනස් කිරීමට අවශ්‍ය  icon එක තෝර icon change icon මගින් කැමති icon එකක් ලබා දෙන්න...... ආපසු පෙර තිබූ icon ලාබා ගැනීමට Restore Defaut යන විධානය ලබා දෙන්න......


3 වන ක්‍රමය

ඊළග ක්‍රමය තමයි අපිට කැමති පින්තූරය තොරාගෙන ඒ පින්තූරය මත Right click  කරලා Set as Desktop Background යන විධානය මගිනුත් අපිට පුළුවන් මේ ආකාරයෙන් Desktop එකෙහි රූපය වෙනස් කර ගන්න.....

4 වන ක්‍රමය
තමයි අන්තර්ජාලයේ ඇති පින්තූරය මත Right click  කරලා Set as Desktop Background යන විධානය මගිනුත් අපිට පුළුවන් මේ ආකාරයෙන් Desktop එකෙහි රූපය වෙනස් කර ගන්න.....

හරි ඒහෙනම් අද අපි කතා කළේ Desktop එකෙහි රූපය වෙනස් කර ගන්නා ක්‍රම........හොදයි මීට අමතරව තව ක්‍රම දන්නවානම්.. කියන්ඩ මාත් ආසයි දැනගන්න...... එහෙනම් ඔක්කොටම ජයවේව......... තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමගන්නවා....... 


ජයවේවා...........!!!!

No comments:

Post a Comment