මා හට ආසයි
ඇවිදින්න
ලොකු මිනිස්සු වගේ
ඉතින් මේ පොඩි
අත්පා තබා
මට හැකි
අයුරින් නැගිට්ටෙමි දැඩි සිතින්
කුඩා ළමයකු ලෙස
ශරීරය වාත්තු කරන්
තැබුවෙමි
පියවරක්
නොසීතු ලෙස මාහට
වාරුවක් ලැබිණි
නැගිට්ටෙමි
ඒ වාරුවෙන්
ඇවිද ගියෙමි
මම සතුටින්
ඔවුන්ගේ වාරුව
ඇතිව එහා මෙහා........
මා හට වාරුවක් උනේ
මා වැනිම නැගිටින්නට වෙරදරණ
මාගේ මිතුරන් ගෙනී
මම ඔවුනට ණය ගැතිය
මක්නිසාද යත්
මා හට ඇවිදින්නට
මට අවශ්‍ය මොහොතෙදීම
උපකාර කරන බැවිණි
වචන වලින් පැවසීමට තරම් මම සමත් නැත
ඒ කළ උපකාරය
සිතා ගත්තෙමි මා ලොකුමිනිසකු වී
උදවු කරන බව ඔවුනටද ම හට
වාරුව දුන්නා සේ.......
මෙය නොමැකෙන
ලෙස තැබුවේ
එබැවිනි.
රංගමධූ
No comments:
Post a Comment