Saturday, August 25, 2012

ඔබේ ලෝකය වෙනස් කරන්න,ඔබේ වචන වෙනස් කර ගන්න.................


වචන කියන්නෙ බං දෙපැත්ත කැපෙන පිහියක් වගේ , පොඩ්ඩක් පරිස්සමින්....පාවිච්චි කරපන්... නැත්තං උඹට වෙන්නේ ඒ කෙල්ලත් නැති කරගන්න.... ළගදි දවසක මම බස් එකේ යද්දි සහෝදරයෝ දෙන්නෙක් කතා කර කර ඉන්න අතරේ ඇහුණ එක් වදගත් වාක්‍යයක් මගේ හිත ගත්තා.. ඉතින් මම කල්පනා කරලා බැලුවේ ඒ කතාවේ ඇත්ත නැත්ත....ඉතින් මම  හිතුවා වචන භාවිතය ගැන වැදගත්කම ගැන පොඩි ලිපියක් දාන්ඩ කියලා... මොකද මේක ගිමන් නිවන නිම්තෙරක්නේ.. හිතේ තියන විඩාව නිවා ගන්න මෙතනට ගොඩවෙන මගේ යාළුවන්ට ජීවිතය ජය ගන්න මොනවා හරි වැදගත් දෙයක් දෙන්න ඕනේ නිසා...

අපි අපේ හිතේ තියන අදහස් හැම් අදහසක්ම කියන්න විවිධ මාධ්‍ය භාවිතා කරනවා.. ඒ අතර වැදගත් මාධ්‍යයක් තමයි වචන කියන්නේ... හිතේ තියන වේදනා,දුක සතුට බය කාටහරි කියන්න භාවිතා කරන්නේ මේ වචනනේ... බලන්න අපි දවසකට වචන කොපමණ ප්‍රමාණයක් කියනවාද කියාල..රූපවාහිනිය,ගුවන් විදුලිය වැනි මාධ්‍ය ආයතන රදා පවතින්නේ මේ වචන භාවිතයේ චතුර බව නිසානේ...

වචන හොද වචන හා සමාජයේ කොන් උණ වචන ඒ කියන්නේ කුණුහරුප කියලා වර්ග දෙකකට අයත් වෙනවානේ....සමහර දෙයාකාර  වචන භාවිතය නිසා සමහර පුද්ගලයඅන් සමාජයේ ලොකු ලොකු තැන්වල ඉන්නවා... තවත් අය වචන හිරගෙවල්වල, පොලිසිවල, දුක් විදිනවා... බලන්න සමහර අය භාවිතා කරන වචනවල තියන නපුරුකම නිසා කීදෙනෙක් හිත් අමනාපකම් එක්ක ජීවත් වෙනවාද කියලා....  ඉතින් මේ දේ දැනෙන්න කියන්න ඔනේ හින්දි  මට හිතුණා පොඩි ඇඩ් කට්ටක් දානඩ කියලා....... ඔයාල හිතනවා ඇති මේක වැඩකට නැති ඇඩ් එකක් කියලා... නෑ එහෙනම් මම මේක දාන්නෙත් නෑ.... මට හම්බ උන හොදම පණිවිඩයක් දෙන වටිනා ඇඩ් එකක්... 

උදය වරුවක්.. මිනිසුන් දෙනෝදාහක් ගැවසෙන එක් නගරයක්... විවිධ වු මිනිසුන් ගැවසෙන මේ නගරය තුල අන්ධ හිගන්නෙක් ඉන්නවා “I AM BLIND. PLEASE HELP”  (මම අන්ධයි..උදවු කරන්න) කියන වාක්‍යය....ගැසූ බෝඩ් එකක් මේ හිගන්නාගේ පසෙකින් දකින්න ලැබෙනවා...ඉතින් මිනිස්සු ටික දෙනෙක් මේ හිගන්නාට සල්ලි ටිකක් දාලා යනවා.. වැඩිය කාගේවත් අවධානයක් යොමුවෙන්නේ නෑ මේ හිගන්නා දෙසට. මේ අතරේ මෙතනින් යනවා කාන්තාවක්.ඉතින් අර වාක්‍ය ලියලා තියන බෝඩ් එක මේ කාන්තාවගේ නෙත ගැටෙනවා ... ඉතින් මේ කාන්තාව ඒ බෝඩ් එක අරගෙන ඒ බෝඩ් එක පිටුපස ලියනවා මොකක්දෝ දෙයක්....මේ අතරේ හිගන්නා අර කාන්තාවගේ පා යුගල අතගාලා මේ කාන්තාව කුමක් කරන්නේද යන්න පැහැදිලි කර ගන්න උත්සහ ගන්නවා.. කිසි කතාවක් නොකර අර කාන්තාව ඒ වාක්‍ය ලියපු බෝඩ් එක හිගන්නා ගාවින් තියලා යනවා
ටික වේලාවක් යද්දි සල්ලි ගංගාවක් ගලනවා.. එතනින් යන හැම කෙනාම වාගේ යම් මුදල් ප්‍රමාණයක් මේ හිගන්නාට දීලා ගන්ට අමතක කරන්නේ නෑ... කොහොම හරි දවස අවසානයේ මේ  මනුස්සයාට සෑහෙන මුදල් කන්දරාවක් ලැබෙනවා... අර පෙර කී කාන්තාව නැවතත් මේ හිගන්නා අසලට එනවා.. කාන්තාවගේ සපත්තු අත ගාලා මේ හිගන්නා අදුන ගන්නවා ඒ කාන්තාව....

මේ හිගන්නා අහනවා මොනවාද මගේ වාක්‍යයට කළේ කියලා..
ඊට පෙරලා පිළිතුරු දෙන ඒ කාන්තාව කියන්නේ මම කියන්න උත්සහ කළේ ඔබේ අදහසමයි.. හැබැයි වෙනස් වචන වලින්...

මේ කාන්තාව යන්න යනවා.. අර හිගන්නා ස්තූතියි කරනවා.. මොනවා ලියන්න ඇද්ද ඒ කාන්තාව... ඒ කාන්තාව ලියන්නේ මේ කුඩා වාක්‍ය දෙක... IT’S BEAUTIFUL DAY… I CAN’T SEE IT…(මේක ලස්සන දවසක්... මට එය දකින්න බෑනේ.....)

ඔන්න ඔහොමයි ඒ ඇඩ් එක ඉවර වෙන්නේ... අන්තිමේදී මේ ඇඩ් එකේ සාරාංශය දානවා.. මම ඒ සාරාංශය තමයි මේ ලිපියටත් දැම්මේ... ඒ තමයි.....”CHANGE YOUR WORLD, CHANGE YOUR WORD”මේ පොඩි ඇඩ් එකක් උනාට මේකේ කියවෙන අර්ථය වැදගත්..අපි භාවිතා කරන වචන හොදනම් ඒ වචන වලට සමාජයේ ජීවත් වන හැමදෙනෙක්ම ආකර්ෂණය වෙනවා..උත්සහ කරලා  බලන්න ඔබත්... හොද වචන කතා කරන්න... සමාජයේ තියෙන ගැටළු ගොඩාක් අඩුවෙයි.මොකද සමාජයේ ගැටළු ගොඩාක් නිර්මාණය වෙන්නේ මේ වචන භාවිතය නිසා කියලයි මගේ විශ්වාසය...

ඉතින් මම කියන්න උත්සහ ගත්තේ වචන භාවිතා කරන විධිය ගැන...... ඔබ දෙවතාවක් නොව අනන්තවත් හිතා බලන්න ඔබේ වචන භාවිතය නිසා ඔබේ ලෝකයේ කොතරම් දෙවල් ලැබිලා තියෙනවද නොලැබිලා තියනවාද කියලා.. වැඩි දෙයක් අය කියන්නේ නෑ.... ඉතින් නිම්තෙරේ අහිංසක ඉල්ලීම තමයි...ඔබ අද ඉදන් හොද වචන පමණක් භාවිතා කරන්න කියන එක......එය ඔබගේ පෞර්ෂය විදහා දක්වනවා..... හරි කතාව ඉවරයි... මම ඉහත කිවුව ඇඩ් එක බලන්නකෝ....


නැවත ලිපියකින් හම්බවෙමු.......ඔක්කොටම ජයවේවා....................!
රංගමධු

No comments:

Post a Comment