Saturday, August 11, 2012

මාළුවන් නොවේද අප



මට මේ සමාජයේ ඇති දේ පේන කොට පුංචි දුකක් දැනෙනවා..‍ මොකද කොන්දක් කෙළින් තියාන වැඩක් කරන්න ගියාම කොහොම හරි කොහෙන් හරි කොන්ද කඩලා දානවා..බොහොම අමාරුවෙන් ඉනිමගක් හදන් උඩට යන්ඩ හදන මිනිහගේ ඉනිමගට පයන් ගහනවා..මේවා දැක්කහම පුංචි දුකක් නොවේ ලොකු දුකක් දැනෙනවා..
ඇයි මේ සමාජ‍ය මෙච්චරම කුහක............. මේක දැක්කම පද පෙලක් මතක් උනා.. ඒක මේ බ්ලොග් එකේ එල්ලන්ඩ හිතුවා... ‍බලන්ඩ ඔයාලටත් දැනෙනවාද මේ වගේ සිතුවිලි..ගෙත්තම් කරන්න කොමෙන්ට් ලෙස .. මම ආසයි ඒ වගේ වටිනා සිතුවිලි වලට....

 කියන කියන දේ
කරන
කරන කරන දේ
කියන
බොරු දේ
රස කර
හොද දේ යටකර
ඇද බාන
තම වාසියට
හිස නමන
කුහක කම
වෛරය‍
ඊර්ෂියාව
පොදි බැදගෙන
පහළටම ගලන
මහා ගංගාවක
කුණු ගද ගහන
දරුණු රළට හසූවූ


මාළුවන් නොවේද අප...
කිසිවක් නොවන ගානට
මෙහි සතුටින් එහා මෙහා පීනන..............

                              නිම්තෙර
                           රංගමධු 

No comments:

Post a Comment